හමුදා බුද්ධි අංශ රහස් කොටි ඩයස්පෝරාව අත
හමුදා බුද්ධි අංශ රහස් කොටි ඩයස්පෝරාව අතට
මෙතෙක් අනාවරණය නොවී තිබූ හමුදා බුද්ධි අංශ ක්රියාකාරීන් රැසකගේ නම් දැන් විදෙස් ගත කොටි ඩයස්පෝරාව අතට පත්වී ඇතැයි හමුදා ආරංචි මාර්ග දක්වයි.
මෙම හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ වගතුග විදේශගත කිරීමට රාජ්ය නොවන සංවිධාන කීපයක්ද සම්බන්ධ යෑයි ද වාර්තා වී තිබේ. ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර සිට ක්රියාත්මක වන යුරෝපා කොටි ගුවන්විදුලියද එකී නම් අනාවරණය කර ඇත.
මෙය බුද්ධි අංශ කටයුතුවලට බාධාවක්. ඇතැම් පාර්ශව මේ රහස්ය තොරතුරු හෙළි කර තිබෙනවා යෑයි බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.
මේ අතර ශ්රී ලංකා හමුදාවට සහය වූ ටොසී නමැති කොටි බුද්ධි සේවාවේ දෙවැනියකු ගැනද රහස් තොරතුරු කොටි ඩයස්පෝරාව අතට පත්වි තිබේ.
– දිවයින