හමුදා_කදවුරට

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
රණවිරුවන්ට හමුදා කදවු‍රේදීම පොල් ගහයි " හමුදා කදවුරටම බලෙන් පැන මිය ගිය ත්‍රස්තයන්ට පහන් පත්තු කරලා දෙමළ ජාතික සන්ධානය උතුරේදී රණවිරුවන් හා ඇවිලෙයි .!

Untitled-1.jpg


කිලිනොච්චිය ප්‍රදේශයේදී හමුදා සෙබලුන් සහ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට බලහත්කාරයෙන් ඇතුළත් වීමට යාම නිසාය.

යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසර ඉල්ලීමේදී එහි සිටි හමුදා නිලධාරින් කියා ඇත්තේ ඉහළ නිලධාරීන්ගේ අවසරය නැති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටයි.

පසුව එම ස්ථානයට ගිය කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභාවේ ටී.කුරුකුලරාජා හා එස්.පසුපතිපිල්ලේ යන මන්ත්‍රීවරු ඊට විරුද්ධත්වය පළකොට ඇත.

මහවිරු සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට ඔවුන් ප්‍රකාශ ක‍ර තිබෙන අතර මන්ත්‍රීවරුන් යුද හමුදා නිලධාරීන්ට දෝෂාරෝපණය කොට තිබෙන බවද සදහන්.

එම ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රිධරන් පැමිණ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවත් පවසා තිබේ. පසුව මෙම පිරිස හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා පොල් ගසා පිටව ගොස් තිබෙන බව සදහන්.


http://nethgossip.lk/article/28274
 
Last edited:

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රටක පාලකයක් නපුංසකයන් වන්නේද
    ඒ රටේ උපදේශකයන් සිගාලයන් වේද
    රටේ ජනයා නිවටුන් වේද
    රටට යන කල කිමැ


     
    Last edited: