මහින්දගේ හමුදා තටු කැපුවාට මෛත්‍රීට හමුදාවේ ප්‍රසාදය: මරාරක්ෂකයන් කෝටිපතියන් වූ හැටිත් සොයන්න
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මැදමූලන මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්කර සිටි 500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් ඉවත් කර ඒ වෙනුවට පොලිස් නිලධාරීන් (එස්ටීඑෆ්) 130 බල ඇණියක් යෙදැවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගන්නා ලද තීන්දුව කෙරෙහි යුද හමුදාවේ බහුතරයකගේ ප්‍රසාදය හිමිවී තිබෙන බව වාර්තා වේ.
ජනාධිපති වරයා ආරක්ෂක ඇමැතිවරයා ලෙසත් ආණ්ඩුවේත් තීරණය වී ඇත්තේ රටක හමුදාව සිටින්නේ රට ආරක්ෂා කිරීමට මිස දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට නොවන බැවින් මින් මතු කිසිදු දේශපාලනඥයෙකුට හමුදා ආරක්ෂාව ලබා නොදී පොලිස් ආරක්ෂාව පමණක් ලබා දීමටයි. සත්‍ය වශයෙන්ම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේ සියළු විශේෂ පුහුණුවීම් පවතින්නේද පොලිස් නිලධාරීන් වෙනුවෙන් මිස හමුදා නිලධාරීන් වෙනුවෙන් නොවේ. මහින්ද රාජපක්ෂට 130 ට වඩා තවත් අතිරේක පිරිසක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයේ තක්සේරු වාර්තාවක් තිබිය යුතු බවද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
මේ තීරණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ උසස් හමුදා නිලධාරීන් පවසා සිටියේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි හමුදාවේ සුළු නිලතල දරන්නන් රාජපක්ෂ ඌෂ්ණය ගෙන හමුදාපතිවරයාටද අණ දෙන තැනට පත්ව සිටි බවයි. මොවුන් වසර 9 ක් පමණ දීර්ඝ කාලයක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටිමින් නොයෙක් වරප්‍රසාද ලබා කෝටිපතියන් වී සිටින බවද අති බහුතරයක් ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කරන බවද සමහරුන් සංචාරක හෝටල් වල හිමිකරුවන් වී ඇතැයිද පවසන හමුදාවේ පිරිස් හමුදා නිලධාරියෙකුගේ වැටුපෙන් මේවා කළ නොහැකි බැවින් වහාම මොවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයිද ආරක්ෂක ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලා සිටිති.
මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි හමුදා පිරිස් රාජපක්ෂ ඌෂ්ණය සහ ආවරණය මත රටේ විවිධ ඝාතන, මංකොල්ලා කෑම්, කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ ආදී බල අපරාධ රාශියක් සිදුකර දඬුවම් නොලබා සිටින බවද ඒ සම්බන්ධයෙන්ද වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයිද ඉහත කී හමුදා උසස් නිලධාරීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.