අද අපි කතා කරන්නේ නකල් රක්ෂිතයේ සැගවී තිබෙන තවත් සුන්දර දියඇල්ලක් ගැන.ඒ නමින් ජෝඩු ඇල්ලයි.
මේ ඇල්ල හරියට ආදර කතාවක් වගේ.සමාන්තරව කිට්ටුවෙන් දෙදෙනාට දෙන්නා පෙනෙන ඉසව්වක ඉදන් පහළට ගලා හැලෙන ජෝඩු ඇල්ල හැමදාම ආදරේ කරන නමුත් එකට එකතු වෙන්න බැරි පෙම් යුවලක් වගේ.වෙන වෙනමයි ඇද හැදෙන්නේ.
උසින් මීටර් 45 ක් වන ජෝඩු දිය ඇල්ලට එම නම වැටී ඇත්තේ එක සමාන දිය ඇලි දෙකක් එකම අයුරින් එකම ස්ථානයේ කඩා හැලීම හේතුවෙන්.
ඹඹරැල්ල බස්නැවතුම ලගින් කොන්ක්රීට් මාර්ගයක් දිගේ ටික දුරක් ගිහින් හමුවන ගම්මානයක් හරහා යන්න ඕන.
ඊට පස්සේ කැලයක් මැදින් අමාරු අඩි පාරක් දිගේ ගිහින් මේ කියන ජොඩුඇල්ල ලගට යන්න පුලුවන්..
කූඩැල්ලන් ගෙන් නම් අඩුවක් නෑ.
ඔයාලත් මෙහි ගියාට කමක් නෑ හැබැයි පරිසරය විනාශ නොකර පරිස්සමින් එන්න..
නකල්ස් වන පියස ගැන කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා තවත් සැගවුනු දියඇලි කිහිපයක්ම තියෙනවා...
දුම්බර එහෙම නැත්නම් නකල්ස් කියන්නෙ ඇත්තටම ලංකාවෙ මිල කරන්න බැරි බැරි සම්පතක්.
ඉතාම මැත කාලෙකදි මෙම ප්රදේශය ලෝක උරුමයක් විදියට නම් කෙරුනෙ අපේ මේ සම්පතේ වටිනාකම ලෝකයම හඳුන ගත්ත නිසාවෙන්..
මෙය රැක ගැනීම අපි හැමෝගෙම යුතුකමක්.
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here