හයිපර්සොනික්_ප්‍රහාරක_යානය

uditha224

Well-known member
  • හයිපර්සොනික්_ප්‍රහාරක_යානය

    පැයට කිලෝමීටර් 6000ක වේගයක්


    1.jpg

    අධිවේගී හයිපර්සොනික් ප්‍රහාරක යානයක් නිපදවීමේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සිහිනය සැබෑවීමේ පෙරමග ලකුණු පෙන්වමින් X-51A වේව්-රයිඩර් ලෙස නම්කොට ඇති නියමුරහිත පර්යේෂණ ගුවන් යානය නොබෝදා පැසිෆික් සාගරයට ඉහලින් සිදුකරණ ලද පරීක්ෂණ පියාසැරියකදී ශබ්දයේ වේගය මෙන් 5ගුණයක් එනම් පැයට කිලෝමීටර් 6000ක සුපිරි වේගයක් ලඟාකර ගත්තා.
    :shocked:

    ඔහායෝ ප්‍රාන්තයේ ව්‍රයිට් පැටර්සන් ගුවන් හමුදා මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන ගුවන් හමුදා පර්යේෂණාගාරය මගින් නිර්මාණය කල X-51A යානය බලගැන්වුනේ ජෙට් එන්ජින් තාක්ශණයේ නවතම නිර්මාණයක් වන ස්ක්‍රැම් ජෙට් වර්ගයේ එන්ජිමකින්. ජෙට් එන්ජින් තාක්ශණයේ ලොව අංක එකේ සමාගමක් වන Prat & Whitney Rocketdyne සමාගම මගින් නිර්මිත මෙම ස්ක්‍රැම් ජෙට් වර්ගයේ එන්ජිමකට ශබ්දයේ වේගය මෙන් පස්ගුණයේ සිට දසගුණය දක්වා, එනම් පැයට කිලෝමීටර් 12,000 පමණ වේගයක් ලබාගත හැකියි. :shocked::shocked:X-51A යානයේ පරීක්ශණ පියාසැරි 3ක් මීට පෙර පවත්වා ඇති අතර ඉන් පලමු පියාසැරිය හැරෙන්නට අනෙක් දෙකම අසාර්ථක වුනේ ස්ක්‍රැම් ජෙට් එන්ජිම නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන්.

    2.jpg


    බෝයිං ගුවන්යානා සමාගමේ "Phantom Works - ෆැන්ටම් වර්ක්ස්" නම්වූ පර්යේෂණ මට්ටමේ රහසිගත යුධ ගුවන්යානා (experimental black-budget aircraft) නිර්මාණ බියුරෝව මගින් නිර්මාණය කොට ඇති X-51A යානය දැනට අඩි 14ක් දිගැති කුඩා යානාවක් වුවත්, පරීක්ෂණ පියාසැරිය මුලුමනින්ම සාර්ථක වූ නිසා, ස්ක්‍රැම් ජෙට් තාක්ශණය ප්‍රායෝගිකව ප්‍රහාරක යානා සඳහා යොදාගත හැකි බව තහවුරු වුනු බව "ෆැන්ටම් වර්ක්ස්" පර්යේෂණ බියුරෝවේ අධ්‍යක්ශක ඩැරල් ඩේවිස් පවසා තිබෙනවා. මෙම පරීක්ශණ පියාසැරියේදී X-51A යානය විනාඩි තුනක් වැනි කෙටි කාළයක් තුල කිලෝමීටර් 370ක් වැනි අතිවිශාල දුරක් ගමන්කිරීම දැවැන්ත තාක්ශණික ජයග්‍රහණයක් බවත්, එමගින් අමරිකානු යුධ ගුවන්යානා තාක්ශණයේ නව පිම්මක් ඇති කරන බවත් ඔහු සඳහන් කරනවා.



    පැයට කිලෝමීටර් 6000ක වේගයෙන් ගිය X-51A පියාසැරියේ තොරතුරු :cool:

    ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් යනු සුපර්-සොනික් රැම් ජෙට් යන්නේ කෙටි යෙදුමයි. රැම් ජෙට් එන්ජිමක් ක්‍රියාත්මක කිරීමට නම් ගුවන් යානයක් ගමනේ යෙදිය යුතු වනවා. එනම් රැම් ජෙට් එන්ජිමකට ගුවන් යානයක් ධාවන පථයේ සිට ගුවන් ගත කරවීමේ හැකියාවක් නෑ. ඒ අනුව සාමාන්‍ය ටර්බෝ ජෙට් එන්ජිමක් ආධාරයෙන් ගුවන් ගත වන යානයක වේගය ගුවනේදී වැඩිකරගැනීම සඳහායි රැම් ජෙට් එන්ජින් භාවිතා වන්නේ. ස්ක්‍රැම්-ජෙට් හෙවත් සුපර්සොනික් රැම් ජෙට් එන්ජිමක් පණගැන්වීම සඳහා එය සවිකල යානය ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කලයුතු වනවා. :nerd:


    X-51 කුඩා නියමු රහිතා යානයක් බැවින් මෙම පියාසැරිය සඳහා එය B-52 බෝම්බ ප්‍රහාරක යානාවක් තටුවක රඳවා ඉහල අහසට ගෙන යනු ලැබුවා. අඩි 50,000ක් ඉහලින් යානය B-52 යානයෙන් මුදවා හැරි අතර තත්පර කිහිපයක් නිදහසේ පහලට වැටුනු යානයට සම්බන්ධ කර ඇති රොකට් බූස්ටරය දැල්වීම සිදුවූයේ යානය B-52 මව් යානයත් අතර විශාල පරතරයක් ඇතිවුනු පසුවයි.

    රොකට් බූස්ටරය මගින් තත්පර 26ක් තුල X-51 යානය මක් 4ක වේගයකට ගෙන යනු ලැබූ අතර යානයේ ස්ක්‍රැම් ජෙට් එන්ජිම පණගැන්වූයේ රොකට් බූස්ටරය යානයෙන් වෙන්වුනු පසුවයි. ස්ක්‍රැම් ජෙට් එන්ජිම යානයේ වේගය හයිපර්සොනික් වේගය, එනම් මක් 5කට ඉහල වේගයකට ගෙන ගිය අතර විනාඩි 6කට පසු යානයේ ඉන්ධන අවසන්වී ගියා. මෙම විනාඩි 6ක කාළය තුල යානය ස්ක්‍රැම් ජෙට් එන්ජිමේ බලයෙන් කිලෝ මීටර් 370 දුරක් ගමන්කොට තිබුණා.
    :shocked:

    මෙතරම් අධිවේගී යානා නිපදවන්නට එක්සත් ජනපදය උත්සහ කරන්නේ ඇයි? :confused::confused:

    පෙන්ටගනයේ මධ්‍යකාලීන එනම්, ඉදිරි අවුරුදු 5-8 තුලදී සපුරාගන්නට උත්සහ දරන ඉලක්කයක් වනුයේ "prompt global strike capability" හෙවත් ඉතා කෙටිකාළයක් තුල ලොව ඕනෑම ස්ථානයකට දැවන්ත ප්‍රහාරයක් එල්ලකිරීමේ හැකියාවයි. දැනට වුවද අමෙරිකාවට ලොව ඕනෑම ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කල හැකි නමුත්, ඒ සඳහා යම් කාළයක් ගතවනවා. :yes: උදාහරණයක් ලෙස 1998දී ඔසාමා බින් ලාඩන් සිටින ස්ථානය පිලිබඳව ඉතා නිවැරදි ඔත්තුවක් සී.අයි.ඒ ඔත්තුසේවයට ලැබුණද එම තොරතුර ඔස්සේ බින් ලාඩන් සැඟවී සිටින ස්ථානයට කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ලකරන්නට විනාඩි 80ක කාළයක් ගතවුනා. :baffled: එම කාළය තුලදී ප්‍රහාරය පිලිබඳව තොරතුරක් පකිස්ථානු ඔත්තුසේවයේ බින් ලාඩන් හිතවාදීන් හරහා ඔහුට ලැබුණු අතර ඔහු වහාම එම ස්ථානයෙන් පලා ගියා. :rolleyes: මිසයිල ප්‍රහාරය වදින විට ඔසාමා සිටියේ එම ස්ථානයෙන් සැතපුම් ගණනාවක් ඈතින්.

    පෙන්ටගනයට හා අමෙරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවට අනුව මෙවැනි ප්‍රහාරයක් සාර්ථක කරගන්නට නම් තොරතුර ලැබී විනාඩි 15කට අඩු කාළයකදී ප්‍රහාරය එල්ල කල යුතුයි. එමෙන්ම විදෙස් ඔත්තුසේවාවන් හරහා සතුරාට ප්‍රහාරය පිලිබඳව තොරතුරු ලැබීම වලක්වන්නට නම් ප්‍රහාරය එල්ල කරන ගුවන් යානය හෝ කොමාන්ඩෝ බළකාය අමෙරිකා එක්සත් ජනපදය තුල පිහිටුවා ඇති ගුවන් හමුදා කඳවුරකින් පිටත්විය යුතුයි. විදෙස් රටවල තිබෙන අමෙරිකානු කඳවුරු දෙසට විදෙස් ඔත්තුසේවාවන් නිරන්තරව ඇසගසාගෙන තොරතුරු සොයමින් සිටීම මෙයට හේතුවයි. :oo:

    අමෙරිකාවෙන් පිටත්වන ගුවන් යානයක් විනාඩි 15වැනි කෙටිකාළයක් තුලදී ලොව ඕනෑම ස්ථානයකට ප්‍රහාරයක් එල්ලකිරීමට නම් එම යානය මක් 10ක එනම් පැයට කිලෝමීටර් 12,000ක පමණ වේගයෙන් පියාසරකල යුතුයි. :baffled:

    X-51A ව්‍යාපෘතිය හා එවැනි අනෙක් අධිවේගී ගුවන්යානා ව්‍යාපෘති මගින් සපුරාගන්නට අදහස් කරන්නේ මේ ඉලක්කයයි. එනම් අමෙරිකාවෙන් පිටත්වී විනාඩි 15ක් ඇතුලත ලොව ඕනෑම ස්ථානයකට බෝම්බ දමන්නට හෝ කොමාණ්ඩෝ බලඇණියක් ගොඩබස්වීමේ හැකියාව පෙන්ටගනය වෙත ලබාගැනීමයි.


    --------------------
    ස්තූතිය :- ටෙරන්ස් ආරච්චි
    --------------------

    එහෙනම් ඉතින් හැමදාම කියනවා වගේ බම්ප් එකක් දාලා සන්තෝසමක් දීලා ගියා කියලා තරහ වෙන්නේ නෑ.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හොද ලිපියක්... සන්තෝසමක් දෙන්න නම් බැරිලු. ඒ ලගදි දීලා තියන නිසා.
     

    uditha224

    Well-known member
  • Mun kawadha hari lokema winasa karala... unuth vinasa wenawa..



    හොද ලිපියක්... සන්තෝසමක් දෙන්න නම් බැරිලු. ඒ ලගදි දීලා තියන නිසා.


    good post. rep+

    එල එල rep+


    වෙස්මූණ;14949814 said:
    BuMp iiii..........

    ela... rep+





    :cool::cool::cool: තෑන්ක් යු...