හයිබ්‍රිඩ් කාර් ඉන්ධන ඉතිරි කරන්නේ මෙහෙම

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හයිබ්‍රිඩ් කාර් ඉන්ධන ඉතිරි කරන්නේ මෙහෙම

    everything.gif


    මේ දවස්වල ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වාහනය තමයි හයිබ්‍රිඩ් කාර්. ඉන්ධන පිරිමැස්ම වැඩි නිසා හයිබ්‍රිඩ් කාර් එය භාවිතා කරන අයගෙ මුදල් පසුම්බියට ලොකු සහනයක්.

    සාමාන්‍ය මෝටර් රථයක් ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 10-15 අතර ප්‍රමාණයක් ධාවනය කල හැකි වුවත් හයිබ්‍රිඩ් මෝටර් රථයකට ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 30-35 ක් පමණ ප්‍රමාණයේ දුරක් ධාවනය කරන්න පුලුවන්.


    හයිබ්‍රිඩ් කාර් වලින් මේ ආකාරයට වැඩි දුර ප්‍රමාණයක් ධාවනය කරන්නේ කොහොමද?

    සාමාන්‍ය මෝටර් රථයක් ධාවනය වීමේ දී ඉන් භාවිතා වන ඉන්ධන වලින් විශාල ප්‍රමාණයක ශක්තිය අපතේ යාම සිදුවනවා. වාහන වල තිරිංග තද කර නැවැත්වීමේ දී සහ ට්‍රැපික් එකේ අඩු ගියර වල සෙමෙන් ධාවනය කිරීමේ දී තමයි විශාල ශක්ති ප්‍රමාණයක් අපතේ යන්නේ.

    හයිබ්‍රිඩ් කාර්වල මෙලෙස අපතේ යන ශක්තිය විදුලිය බවට හරවා මෝටර් රථයේ නම් කර ඇති විශේෂ බැටරියක ගබඩා කිරීම සිදුවෙනවා. බැටරිය හොද මට්ටමකට ආරෝපණය වූ පසු එම විදුලිය මෝටර් රථයේ ඉන්ධන වැඩි ප්‍රමාණයක් නාස්ති වන පැයට කිලෝමීටර 25 ට අඩු වේගයෙන් මෝටර් රථය ධාවනය කිරීම සදහා යොදා ගන්නවා. මේ සදහා වෙනම සවිකල විශේෂ විදුලි මෝටරයක් මෝටර් රථයේ ප්‍රධාන එන්ජිමට අමතරව සවිකර තිබෙනවා.

    මේ අයුරින් මෝටර් රථයක් පණගන්වා හොද වේගයක් ලබා ගන්නා තෙක් සහ විශේෂයෙන්ම ට්‍රැපික් එකේ වාහනය සෙමින් සෙමින් ධාවනය කරන විට හයිබ්‍රිඩ් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ විදුලියෙන්. ඉන්ධන භාවිතා වන්නේ වැඩි වේගයකින් ධාවනය වන විට පමණයි. වේගය වැඩි අවස්ථා වලදී ඉන්ධන දහනය ඉතාමත් කාර්යක්ෂම නිසා එවිට විදුලිය අවශ්‍ය වන්නේ නැහැ.

    ඉන්ධන දහනයෙන් එන්ජිම ක්‍රියාත්මක අතරතුරේ දී තිරිංග තද කිරීම වැනි ක්‍රියා නිසා අපතේ යන ශක්තිය මෝටර් රථයේ ඇති කුඩා ජෙනරේටරයක් හරහා බැටරියේ ගබඩා කර නැවත සූදානම් කර ගන්නවා. මේ ආකාරයෙන් ඉන්ධන නාස්ති කරන අඩු ගියර වලින් මෝටර් රථය ධාවනය කිරීමට ඉන්ධන භාවිතා නොකිරීම නිසා මෝටර් රථයේ ඉන්ධන භාවිතය 50% කින් පමණ ඉතිරි වෙනවා.

    Plug in Hybrid කියලා හැදින්වෙන්නේත් සාමාන්‍ය හයිබ්‍රිඩ් කාර්ම තමයි. නමුත් මෙම වාහන වල බැටරිය නිවසේ විදුලියෙන් ද චාජ් කර ගන්න පුලුවන්. ඒ නිසා වාහන වල ඉන්ධන භාවිතය තවත් අඩු වෙනවා. Plug in Hybrid කාර් හැබැයි සාමාන්‍ය හයිබ්‍රිඩ් කාර් වලට වඩා ටිකක් මිළෙන් වැඩියි.

    උපුටා ගැනීම : "යාත්‍රා" විශ්මිත පුවත් සාර සංග්‍රහය

    රෙප් දුන්නට කමක් නෑ ;)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වාහනේ ඉතිරිය කෙසේ වෙතත් අපේ හයිබ්‍රිඩ් උන් උන් නම් දකුණු පැත්තේ ලයින් එකෙත් කොට කොට යනවා
    :sorry::sorry::sorry: