උන් 110 වෙන කන් බලනවා, ඊට වඩා නන් තමා අල්ලන්නෙ, 100ට 105ට යන එවුන් පාස් කරන්න ගියාමත් ඕක වෙනව. අවම වේගයක් නෑ, එකයි අවුල ඉතින්.
60ට යන බට්ට ලොරිය පාස් කරන්න 70 යන මාලු ලොරියට විනාඩි 2ක් විතර යයි, මාලු ලොරිය පිටිපස්සෙන් එන එවුන්ට ඉතින් ඒක වෙන කන් බලන් ඉන්න වෙනව. එක්කො දුර තියා ස්පීඩ් එක අඩු කර ගන්න ඕනෙ, නැත්නන් කලින්ම ලොරිය පාස් කරගන්න ඔනෙ.
සමහර වෙලාවට 100ට යන ගමන්, 95ට යන වාහනයක් පාස් කරන්න හදනව, එතකොට වෙලා යනව, ඉන්න බැරි එවුන් පස්සෙන් ඇවිත් ලියිට්, හොන් ගහනවා පිස්සො වගෙ, තෙරුම් ගන්නෙ නෑ 100 පනින්නෙ නැතුව පාස් කරන්න වෙලා යනව කියල.
මට නන් මල කරදරෙ තියෙන්නෙ අන්න ඒ වගෙ එවුන්ගෙන්, නැතුව 60-70 ට යන එවුන්ගෙන් නෙවෙයි. මන් නන් මලාට කලබල වෙලා පිකප් කරලා 100 පන්නලා පස්සෙන් එන එකාට ඉඩ දෙන්නෙ නෑ. වැඩිය දගලන්න ආවොත් 98 ට විතර යනව තව අරුට මල පනින්න

. එකෙක් ඔවර්ටේක් කරන කන් ඉන්න බැරි නන් කරන්න දෙයක් නෑ. හැම එකාම යන්නෙ සල්ලි ගෙවලනෙ.