හරක් කටා අත්අඩංගුවට ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_42e5c3f816.gif

    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
    පාතාල ලෝකයේ නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සහ තවත් පාතාල නායකයකු බව කියන සලිදු මල්ශිත ඇතුළු පාතාල ක්‍රියාකාරකයන් පස්දෙනකු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව එරට වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
    මෙම පස් දෙනා සමඟ හරක්කටාගේ අනියම් බිරිඳ බවට පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් සහ ඇගේ පියා ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
    අත්අඩංගුවට පත්වූ පත්වූ මැලේසියානු ජාතික කාන්තාව ලඟ මිලියන 38ක මුදල් තොගයක් ද තිබී එරට පොලීසිය බාරයට ගෙන ඇති බව එම වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
    මොවුන්පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට පැමිණ හෝටලයක නවාතැන් ගෙන සිට පසුව වාහන දෙකකින් ගමන් කරමින් සිටියදී පොලීසියට කොටු වී ඇතැයිද එම නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    මෙම පාතාලයන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියහි අසත්‍යතාවය ගැන තහවුරු කර ගැනීමට මෙරට බුද්ධි අංශ සහ පාතාල මර්ධන කටයුතු මර්දන කටයුතුවල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම්තොරතුරු සොයා බලා ගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.