හරක් මස් සහ අරක්ගු

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රාත්‍රී කාලයේදී ලොරියක් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරියෙකු විසින් නවත්වනු ලැබීය. මොනවද ලොරිය අස්සේ තියෙන්නේ ? පොලිස් නිලධාරියා ඇසීය. " අරක්ගු තමා තීනවා මාතියා" රියැදුරු කීවේය.

    අරක්කු ලොරියක් ඇල්ලීම නිසා සතුටට පත් පොලිස් නිලධාරියා " අයිසේ අරක්කු කේස් එකක් අර පඳුර අස්සේ බාල යනවා කියා ලොරියට යන්නට දුන්නේය. ලොරිය මඳ දුරක් ගොස් පොලිස් නිලධාරියා කියූ ලෙසට ලී කේස් එකක් පඳුර අස්සේ තැබීය. ලොරිය ගිය පසු පොලිස් නිලධාරියා පඳුර අසලට ගියේය. අරක්කු කේස් එක වෙනුවට තිබ්බේ ගොම පිරවූ ලී කේස් එකකි. උරණ වූ රාලහාමි මෝටර් සයිකලයෙන් ලොරිය ලුහුබැඳ ගොස් ලොරිය නවත්වා ගත්තේය.

    E74626E2-C701-48EB-915E-08F978982A06.jpeg



    " යකෝ උඹ කිව්වේ අරක්කු ගෙනියනවා කියලා නේද ? පොලිස් නිලධාරියා ඇසීය
    ඔව් ෂෑර් අරග්ගු තමා ගෙනියනවා රියැදුරා කීවේය.

    පොලිස් නිලධාරියා ලොරිය පරික්‍ෂා කලේය. ලොරිය පුරවා ගොම කේස් පුරවා තිබුනේය.

    " මේ ගොමනේ යකෝ " පොලිස් නිලධාරියා ගුගුලේය.

    ඔව් ෂෑර් අරක්ගු තමයි. රියැදුරා කීවේය.


    http://transyl2014.blogspot.com/2020/09/blog-post_9.html
     

    Attachments

    • C568025B-5C76-489F-96AC-F108496BB937.jpeg
      C568025B-5C76-489F-96AC-F108496BB937.jpeg
      146.3 KB · Views: 57