Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරක් මස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර උබට පනුවො මැරෙනව කියල වස් වැසුවයි කියල කියපු එකාගෙන් අහගනින් ඒක..

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිබඳව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවසේ පිදෙන දානයට අදාළවය.සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිඝන්ඨනාඝ පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය. දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයෙක් බවට පත් විය. සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පසුදා තම නිවසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේය. ආරාධනා කරමින් දානයට සූදානම් වූයේය. දානය සඳහා මස් ව්‍යංජනක් ද පිදීමට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළඳ පොළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ.

‘අථ කෝ සීහෝ සේනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති.’

මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කලේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිලදී ගෙන එන ලෙසය. තම ප්‍රධාන දායකයකු බුද්ධ ශ්‍රාවකයකු වීම නිසා ඊර්ෂ්‍යා කල නිඝන්ඨයන් වෛශාලියේ වීථියක් වීථියක් පාසා රැස් වී බොරු චෝදනාවක් නගමින් සීහ සේනාපති තරබාරු සතෙකු ශ්‍රමණ ගෞතමයන් උදෙසා මරා තම නිවසෙහි වළඳවන බවය.

‘අජ්ජ සීහෙන සෙනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගොතමස්ස බත්තං ඛතං, තං සමණෝ ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති.’

මේ අනුව නිඝන්ඨයන් චෝදනා කළේ බුද්ධ ශ්‍රාවකයන් මස් මාලු කෑම ගැන නොව, දැන දැන තමන් උදෙසා මරන ලද සතෙකුගේ මස් කෑම පිළිබඳවය. එහෙත් සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පිළිගැන්වූයේ උදෙසා මැරූ මසක් නොව, පවත්ත මංසයකි. එනම් ඉදිරියෙදී විස්තර වන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයයී. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු

තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)

තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)

තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)

බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසුව හවස් වරුවෙහි භික්ෂූන් රැස් කරවමින් භික්ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයම පමනක් වැලඳිය යුතු යයි විනය නීතියක් පැනවූහ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාලු පිළිබඳව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතුය. එබඳු මසක් මාලුවක් පිළිගත්තේ නම් එම භික්ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේය.

‘න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ’ බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති.’

චීන ත්‍රිපිටකයේ නිකාය ග්රන්ථ හඳුන්වනු ලබන්නේ ‘ආගම’ ග්රන්ථ යනුවෙනි. චීන මජ්ඣිම නිකායෙහි හෙවත් මජ්ඣිම ආගමෙහි සීහ සේනාපති හා බුදුරදුන් ගේ හමුව විස්තර වී තිබුනත් සීහ විසින් පසු දින පිළිගන්වන ලද දානය ගැන කිසිවක් සඳහන් නොවේ.එසේම මජ්ඣිම ආගමෙහි ජීවක සූත්‍රයෙහි බුදුරදුන් විසින් භික්ෂූන් සඳහා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කිරීමේ කාරණයද ඉවත් කොට ඇත.

මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසූහ. තවදුරටත් බුදුරදුන් ඒ පිළිබඳව විස්තර කරමින් ජීවකයෙනි, යමෙක් තථාගතයන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේ සඳහා මස් පිණිස යැයි කියා සතෙකු ගෙනෙන්නැයි අණ කරන්නාටත්, එසේ සත්වයකු ගෙන එන්නාටත්, එම සතා මරවයි කියන්නාටත්, සතා මරන්නාටත්, මරා මෙය තථාගතයන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මරන ලද්දේ යැයි පවසන තැනැත්තාටත් බොහෝ අකුසල් රැස් වන්නේයි පැහැදිලි කළහ. මෙම දීර්ඝ විස්තරයෙන් ජීවක රටෙහි පැතිරී ඇති කට කතාව අසත්‍යක් බව අවබෝධ කරගත් අතර, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේත්, භික්ෂු සංඝයාත් තමන්ට කැප වූම නිවැරදි වූම ආහාර වළඳති යි ප්‍රශංසා කළහ.

‘කප්පියං වත භන්තේ භික්ඛු ආහාරං ආහාරෙන්ති අනවජ්ජං වත භංතෙ භික්ඛු අහාරං අහාරෙන්ති.’

මෙහිලා සීහ සේනාපති හා ජීවක යන දෙදෙනාම නිඝන්ඨනාථ පුත්තගේ දායකන් වූ අතර ඔවුන් දෙදෙනාම මස් මාලු වැළඳීම පිළිබඳව බුදුන් වහන්සේට හා භික්ෂූන්ට චෝදනා නොකළහ. ඔවුන් චෝදනා කළේ තමන් උදෙසා මරන ලද සතෙකුගේ මස් මාංශ අනුභවය පිළිබඳ වය. උද්දිස්සකත මාංසය වැළදීම ප්‍රාණඝාත අකුසලයට හසු වන බවත්, පවත්ත මංසය හෙවත් මරා විකිණීම පිණිස ඇති මසක් යමෙක් මිලට ගෙන කෑවත්, එය දානය සඳහා පිදීමත් පවක් නො වන බව ඔවුහු දැන සිටියහ. මේ අනුව ජෛනයන් පවා තමන්ට ලැබුණු පවත්ත මාංසය වළඳන්නට ඇති බවත්, සිතිය හැකි අතර මස් මාංශ කෑමෙන් ජෛනයෝ වැළකී සිටි බවත් කිසිදු තැනක සඳහන් නොවේ.

ජීවක සූත්‍රයෙහි එන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය බුදුරදුන් භික්ෂූන්ට කැපයි අනුමත කල සිද්ධිය චීන මජ්ඣිම ආගමෙහි නො දැක්වුවත්, සංස්කෘත භාෂාවෙන් රචිත මූල සර්වාස්ති වාදීන්ගේ විනයෙහි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කර ඇත්තේ ” භික්ඛවෙ ත්‍රිණි කල්පිකාහි මංසාති පරිභෝක්තව්යානි වදාමි තානි අදෘෂ්ටම් අසෘතම් අපරි විතර්කම්” මහායානිකයන් හැර සෙසු හීනයාන නිකායිකයෝ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව මෙයින් පැහැදිලි වේ.

බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයෝ තමන් උදෙසා මැරූ සත්වයන්ගේ මස් වළඳති, යන චෝදනාව ජීවක විසින් රටෙන් නැගෙන බව පැවසූයේ සීහ සේනාපතිගේ නිවසේ සිදුවු සිද්ධීයෙන් පසුව නිග්ණ්ඨයන් විසින් කළ සාවද්‍ය ප්‍රචාරය නිසා ය. මෙහිලා බුදුන් වහන්සේ ජීවකට කරුණු පහදා දෙමින් භික්ෂුවක් සතර දිසාවේත්, උඩයට දිසාවේත්, සියලු සත්වයන්ට මෛත්‍රිය වඩද් දී අවෛර අව්‍යපාද සිතුවිලිවඩද් දි, එබඳු කෙනෙක් ප්‍රාණඝාත අකුසලයට කෙසේ අනුබල දෙත් දැ යි පහැදිලි කළහ. එබඳු මෛත්‍රී සහගතව අවෛරී ව, අව්‍යාපද සිතුවිල්ලෙන් යුත් හික්ෂුවකට යම් ගෘහපති පුත්‍රයෙක් පිණ්ඩපාතය වළඳවන විට මේ ගෘහපති පුත්‍රයා ප්‍රණීත ආහාරයෙන් මා සන්තර්පනය කෙරේවා යි, නො සිතත් නම් ඒ පිණ්ඩපාතය කෙරෙහි ගිජු නො වී රස තෘෂ්ණාවෙන් නො වළඳන, උපේක්ෂාවෙන් වළඳන භික්ෂුවක් කෙසේ නම් තමන් උදෙසා මැරූ සතෙකුගේ මස් මාංස අනුභව කෙරෙත් දැයි පැහැදිලි කරමින් “යමෙකු එබඳු ආශාවන් ප්රභීන කළ තථාගතයන් උදෙසා හෝ ශ්‍රාවකයකු උදෙසා සත්වයකු ගෙන ඒමට විධානය කිරීමෙන්, ගෙන ඒමෙන්, මැරීමට විධානය කිරීමෙන්, මැරීමෙන්, තථාගතයන් උදෙසා මැරූ සත්වයකුගේ මස් වැළඳිය යි” යන චෝදනාවක් කිරීමෙන් බොහෝ පව් රැස්කර ගන්නේ යයි පැහැදිලි කළහ!

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ එකල දායක දායිකාවන්ට ද සැකයක් නො තිබුණු බව අංගුත්තර නිකායේ මනාපදායි සූත්‍රයෙන් ද මනා ව පැහැදිලි වේ. මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ. යනුවෙන් බුදුරදුන්ගෙන් ඇසූ ධර්මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ප්‍රියකරන ආහාර වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනවිත් පූජා කළේ ය. “මේ ආහාර අතර ඩෙබර ඵල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි. මෙහි දී උග්ගට තමන් අතිශය ප්‍රිය කරන අඟල් සතරක් පමණ දිග බැටළු ලොම් සහ කළු එළු ලොම් මිශ්‍ර කොට සැකසූ ඇතිරිලි හා ඉතා වටිනා උඩුවියන් සහිත යහනක් බුදුරදුන්ට පූජා කිරීමට අවශ්‍ය විය. එය භික්ෂුන්ට කැප නො වන බව දැන ගන්නට ලැබිණි. ඒ නිසා ඔබ වහන්සේට ඉතාමත් වටිනා සඳුන් ලීයෙන් තැනූ පාදුකාවක් ගෙන ආවෙමි යි, පවසා ” භාග්‍යවතුන් වහන්ස එය පිළිගන්නා සේක්වා යි” බුදුරඳුන්ට පිළිගැනිවීය. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වහන්සේ එම ආහාර හා ගරු භාණ්ඩය පිළිගත්තාහ. මෙයින් මනා ව පැහැදිලි වන්නේ සුබෝපභෝගී උච්ඡාසයන මහාසයනයන් පිළිගැනීම භික්ෂූන්ට අකැප වූ බවත් මස් මාළු පිළිගැනීම අකැප නොවන බවත් දායක පක්ෂය මනාව දැන සිටි බවයි.

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය භික්ෂුවකට කැප යයි එක අතකින් පිළිගැන තිබූ අතර, තවත් අතකින් මුල දී මස් වර්ග හතක් ද පසූව එයට මස් වර්ග තුනක් ද එක් වී මස්වර්ග දහයක් භික්ෂූන්ට අකැප කොට විනට නීතියක් පැනවූ බව පෙනේ. මහාවග්ගයේ භෙසජ්ජක්ඛන්ධකයෙහි භික්ෂූන් විසින් නො වැළඳිය යුතු, භික්ෂූන්ට අකැප වශයෙන් සැලකූ, මස් වර්ගයන් වූයේ මනුස්ස මස්, සජී මස්, සිංහ මස්, ව්‍යඝ්‍ර මස්, දිවි මස්, වලස් මස් හා කරබානා වලස් මස් යනුවෙනි. වනයෙහි වෙසෙන භික්ෂූන් මේ මස් වැළඳීමෙන් ඉව දැනුණ වන සතුන්ගෙන් වන වද හිංසා පීඩාවන නිසා මෙකී මස් නොවැළඳිය යුතු බවට විනය නීති පැණවුණි.

ඇත් මස් හා අශ්ව මස් භික්ෂූන්ට තහනම් වූයේ රජතුමාගේ සේනාවට අයත් නිසා බවද කියැවේ. තවද සුනඛ මස් නො වැළඳිය යුතු යයි පැනවූයේ පහත් යයි සම්මත කුලවල ජනතාව සුනඛ මස් ආහාරයට ගත් නිසාත්, ශිෂ්ට සමාජය සුනඛ මස් කන අය බෙහෙවින් පිළිකුල් කළ නිසාත් ය. මෙසේ අකැප මස් වර්ග දහයක් විනය පිටකයෙහි සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ සෙසු මස් මාංස ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිගැනිවීමේ දී භික්ෂූන් විසින් වැළදූ බව යි. මෙම තහනම් කළ මස් වර්ග අතර කාර්මික පරිසරයක ගවයාගෙන් ලද ඉමහත් ප්‍රයෝජනය නිසත්, ගවයා දේවත්වයෙන් හින්දුන් විසින් සැලකූ නිසාත්, පසු කාලයේ දී ගවමස් ආහාරයට ගැනීම මහත් අපරාධයක් ලෙස භාරතීය සමාජය විසින් පිළිගන්නා ලදැ යි පැහැදිලි වේ.

මෙසේ මස් වර්ග දහයක් අකැප මස් වර්ග සලකා විනය ශික්ෂාපද පනවා නතර වූයේ නැත. එබඳු අකැප මසක් වැළඳීමෙන් භික්ෂුවක් පිට පැවරෙන වරද පිළිබඳ ව භික්ෂූන්ට මෙනෙහි කරවන ලදී. තමන්ට පිළිගන්වන ලද ඕනෑ ම මසක් භික්ෂූන්ට පිළිගැනීමට මේ නිසා අවසරයක් නොලැබුණි. ඒ පිළිබඳ මස් පිළිගන්වන අවස්ථාවේ දී භික්ෂුවක් ඒ මස කවර සත්වයකුගේදැ යි සැක හැර දැන ගතයුතු ව ඇත. “උදාහරණයක් ලෙස ඌරු මස් හා වලස් මස් පෙනුමෙන් සමාන ස්වරූප දරයි. ඒ නිසා එබඳු අවස්ථාවක දී එය විමසා දත යුතු ය. නො දැන වැළඳීම වරදින් නිදහස් වීමට කරුණක් නො වේ. මෙහි දී පැහැදිලි වන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳීමට දුන් අවසරය නිදහසේ මස් මාළු වැළඳීමට දුන් අවසරයක් නො වනබව යි. ඒ පිළිබඳ විනය සීමාවන් ඉක්මවා නො යන ලෙස පාලනයක් ඇති කළේ සමාජයෙන් එල්ලවන චෝදනාවලින් භික්ෂුව නිදහස් කර ගැනීමටය.

චීනයේ මහායාන භික්ෂූන් මස් මාංසවලින් වැළකී සිටිය ද එහි හීනයාන භික්ෂූන්ට මස් මාංස වැළඳීම අනුමත විය.

ඔවුහු ත්‍රිකෝටි පාරිශුද්ධ හෝ වෙනත් සත්කු විසින් දඩයම් කොට කා ඉතිරි වූ සතෙකුගේ මාංශයන් යයි, යුවං චුවංගේ වාර්තාවහි දැක්වේ. චීනයට අනුව ස්වාභාවික ව නිවසක මැරුණු සතෙකුගේ මස් ආහාරයට ගැනීම අනුමත කොට ඇති අතර පාලි නිකාය ග්‍රන්ථවල ද එබඳු මස් අනුමත කර තිබුණි.පාරාජිකා පාලියෙහි ව්‍යාඝ්‍රයෙකු විසින් අනුභවකොට ඉතුරු කළ මසක් වැළඳු අවස්ථාවක දී දිවියකු විසින්, ව්‍යාඝ්‍රයෙකු විසින් හා වලසකු විසින ද කා අතහැර දැමූ මස් පිස වැළඳූ අවස්ථාවන් කිහිපයක් ම දක්නට ලැබේ. මේ පිළිබඳ ව බුදුරුදුන්ගෙන් විමසන ලදු ව සතුන් විසින් කා දමා ඉතී කළ මස් වැළඳීමෙන් ආපත්තියට පත් නො වන බව සඳහන් කොට ඇත. තවත් විශේෂ අවස්ථාවක් පාරාජිකා පාලියෙහි දැක්වේ. වරක් උත්පලවන්නා තෙරණිය අන්ධ වනයෙහි වාසය කරන සමයෙහි චොර ගාමිණී නම් වැද්දකුගෙන් ලැබුණු ව්යාඝයෙකු විසින් අනුභවකොට අතහැර දැමූ අළුත් මුව මසක් වේළුවනාරාමයෙහි වාසය කරන බුදුරදුන්ට පිදීම පිණිස ගෙන යන ලද බව ද සඳහන්වේ. මෙසේ සතුන් විසින් අනුභවකොට ඉතිරිකොර දමා ගිය මස් ද පැහැදිලිව ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසයට අයත් යයි පිළිගැනේ. ඉහත කී අලි මස්, අශ්ව මස් ආදිය අකැප මස් ලෙස හඳුවා තිබුණත් දුර්භික්ෂයක දී මිය ගිය එබඳු සතෙකුගේ මස් මාංස වැළඳීම අකැප නොවූ බව යුවං චුවං ගේ වර්තාවන්හි සඳහන් වේ.

[QUOTE="sachith19920726, post: 19207882, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]අර උබට පනුවො මැරෙනව කියල වස් වැසුවයි කියල කියපු එකාගෙන් අහගනින් ඒක.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිබඳව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවසේ පිදෙන දානයට අදාළවය.සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිඝන්ඨනාඝ පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය. දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයෙක් බවට පත් විය. සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පසුදා තම නිවසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේය. ආරාධනා කරමින් දානයට සූදානම් වූයේය. දානය සඳහා මස් ව්‍යංජනක් ද පිදීමට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළඳ පොළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][B]‘අථ කෝ සීහෝ සේනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති.’[/B] මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කලේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිලදී ගෙන එන ලෙසය. තම ප්‍රධාන දායකයකු බුද්ධ ශ්‍රාවකයකු වීම නිසා ඊර්ෂ්‍යා කල නිඝන්ඨයන් වෛශාලියේ වීථියක් වීථියක් පාසා රැස් වී බොරු චෝදනාවක් නගමින් සීහ සේනාපති තරබාරු සතෙකු ශ්‍රමණ ගෞතමයන් උදෙසා මරා තම නිවසෙහි වළඳවන බවය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][B]‘අජ්ජ සීහෙන සෙනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගොතමස්ස බත්තං ඛතං, තං සමණෝ ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති.’[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen] මේ අනුව නිඝන්ඨයන් චෝදනා කළේ බුද්ධ ශ්‍රාවකයන් මස් මාලු කෑම ගැන නොව, දැන දැන තමන් උදෙසා මරන ලද සතෙකුගේ මස් කෑම පිළිබඳවය. එහෙත් සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පිළිගැන්වූයේ උදෙසා මැරූ මසක් නොව, පවත්ත මංසයකි. එනම් ඉදිරියෙදී විස්තර වන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයයී. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=3][COLOR=DarkGreen] තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkGreen] තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkGreen] තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)[/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen]බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසුව හවස් වරුවෙහි භික්ෂූන් රැස් කරවමින් භික්ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයම පමනක් වැලඳිය යුතු යයි විනය නීතියක් පැනවූහ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාලු පිළිබඳව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතුය. එබඳු මසක් මාලුවක් පිළිගත්තේ නම් එම භික්ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B] ‘න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ’ බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති.’[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen] චීන ත්‍රිපිටකයේ නිකාය ග්රන්ථ හඳුන්වනු ලබන්නේ ‘ආගම’ ග්රන්ථ යනුවෙනි. චීන මජ්ඣිම නිකායෙහි හෙවත් මජ්ඣිම ආගමෙහි සීහ සේනාපති හා බුදුරදුන් ගේ හමුව විස්තර වී තිබුනත් සීහ විසින් පසු දින පිළිගන්වන ලද දානය ගැන කිසිවක් සඳහන් නොවේ.එසේම මජ්ඣිම ආගමෙහි ජීවක සූත්‍රයෙහි බුදුරදුන් විසින් භික්ෂූන් සඳහා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කිරීමේ කාරණයද ඉවත් කොට ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen] මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසූහ. තවදුරටත් බුදුරදුන් ඒ පිළිබඳව විස්තර කරමින් ජීවකයෙනි, යමෙක් තථාගතයන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේ සඳහා මස් පිණිස යැයි කියා සතෙකු ගෙනෙන්නැයි අණ කරන්නාටත්, එසේ සත්වයකු ගෙන එන්නාටත්, එම සතා මරවයි කියන්නාටත්, සතා මරන්නාටත්, මරා මෙය තථාගතයන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මරන ලද්දේ යැයි පවසන තැනැත්තාටත් බොහෝ අකුසල් රැස් වන්නේයි පැහැදිලි කළහ. මෙම දීර්ඝ විස්තරයෙන් ජීවක රටෙහි පැතිරී ඇති කට කතාව අසත්‍යක් බව අවබෝධ කරගත් අතර, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේත්, භික්ෂු සංඝයාත් තමන්ට කැප වූම නිවැරදි වූම ආහාර වළඳති යි ප්‍රශංසා කළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][B]‘කප්පියං වත භන්තේ භික්ඛු ආහාරං ආහාරෙන්ති අනවජ්ජං වත භංතෙ භික්ඛු අහාරං අහාරෙන්ති.’[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen] මෙහිලා සීහ සේනාපති හා ජීවක යන දෙදෙනාම නිඝන්ඨනාථ පුත්තගේ දායකන් වූ අතර ඔවුන් දෙදෙනාම මස් මාලු වැළඳීම පිළිබඳව බුදුන් වහන්සේට හා භික්ෂූන්ට චෝදනා නොකළහ. ඔවුන් චෝදනා කළේ තමන් උදෙසා මරන ලද සතෙකුගේ මස් මාංශ අනුභවය පිළිබඳ වය. උද්දිස්සකත මාංසය වැළදීම ප්‍රාණඝාත අකුසලයට හසු වන බවත්, පවත්ත මංසය හෙවත් මරා විකිණීම පිණිස ඇති මසක් යමෙක් මිලට ගෙන කෑවත්, එය දානය සඳහා පිදීමත් පවක් නො වන බව ඔවුහු දැන සිටියහ. මේ අනුව ජෛනයන් පවා තමන්ට ලැබුණු පවත්ත මාංසය වළඳන්නට ඇති බවත්, සිතිය හැකි අතර මස් මාංශ කෑමෙන් ජෛනයෝ වැළකී සිටි බවත් කිසිදු තැනක සඳහන් නොවේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen]ජීවක සූත්‍රයෙහි එන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය බුදුරදුන් භික්ෂූන්ට කැපයි අනුමත කල සිද්ධිය චීන මජ්ඣිම ආගමෙහි නො දැක්වුවත්, සංස්කෘත භාෂාවෙන් රචිත මූල සර්වාස්ති වාදීන්ගේ විනයෙහි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කර ඇත්තේ ” භික්ඛවෙ ත්‍රිණි කල්පිකාහි මංසාති පරිභෝක්තව්යානි වදාමි තානි අදෘෂ්ටම් අසෘතම් අපරි විතර්කම්” මහායානිකයන් හැර සෙසු හීනයාන නිකායිකයෝ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව මෙයින් පැහැදිලි වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen]බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයෝ තමන් උදෙසා මැරූ සත්වයන්ගේ මස් වළඳති, යන චෝදනාව ජීවක විසින් රටෙන් නැගෙන බව පැවසූයේ සීහ සේනාපතිගේ නිවසේ සිදුවු සිද්ධීයෙන් පසුව නිග්ණ්ඨයන් විසින් කළ සාවද්‍ය ප්‍රචාරය නිසා ය. මෙහිලා බුදුන් වහන්සේ ජීවකට කරුණු පහදා දෙමින් භික්ෂුවක් සතර දිසාවේත්, උඩයට දිසාවේත්, සියලු සත්වයන්ට මෛත්‍රිය වඩද් දී අවෛර අව්‍යපාද සිතුවිලිවඩද් දි, එබඳු කෙනෙක් ප්‍රාණඝාත අකුසලයට කෙසේ අනුබල දෙත් දැ යි පහැදිලි කළහ. එබඳු මෛත්‍රී සහගතව අවෛරී ව, අව්‍යාපද සිතුවිල්ලෙන් යුත් හික්ෂුවකට යම් ගෘහපති පුත්‍රයෙක් පිණ්ඩපාතය වළඳවන විට මේ ගෘහපති පුත්‍රයා ප්‍රණීත ආහාරයෙන් මා සන්තර්පනය කෙරේවා යි, නො සිතත් නම් ඒ පිණ්ඩපාතය කෙරෙහි ගිජු නො වී රස තෘෂ්ණාවෙන් නො වළඳන, උපේක්ෂාවෙන් වළඳන භික්ෂුවක් කෙසේ නම් තමන් උදෙසා මැරූ සතෙකුගේ මස් මාංස අනුභව කෙරෙත් දැයි පැහැදිලි කරමින් “යමෙකු එබඳු ආශාවන් ප්රභීන කළ තථාගතයන් උදෙසා හෝ ශ්‍රාවකයකු උදෙසා සත්වයකු ගෙන ඒමට විධානය කිරීමෙන්, ගෙන ඒමෙන්, මැරීමට විධානය කිරීමෙන්, මැරීමෙන්, තථාගතයන් උදෙසා මැරූ සත්වයකුගේ මස් වැළඳිය යි” යන චෝදනාවක් කිරීමෙන් බොහෝ පව් රැස්කර ගන්නේ යයි පැහැදිලි කළහ![/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=3][COLOR=DarkGreen]ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ එකල දායක දායිකාවන්ට ද සැකයක් නො තිබුණු බව අංගුත්තර නිකායේ මනාපදායි සූත්‍රයෙන් ද මනා ව පැහැදිලි වේ. මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ. යනුවෙන් බුදුරදුන්ගෙන් ඇසූ ධර්මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ප්‍රියකරන ආහාර වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනවිත් පූජා කළේ ය. “මේ ආහාර අතර ඩෙබර ඵල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි. මෙහි දී උග්ගට තමන් අතිශය ප්‍රිය කරන අඟල් සතරක් පමණ දිග බැටළු ලොම් සහ කළු එළු ලොම් මිශ්‍ර කොට සැකසූ ඇතිරිලි හා ඉතා වටිනා උඩුවියන් සහිත යහනක් බුදුරදුන්ට පූජා කිරීමට අවශ්‍ය විය. එය භික්ෂුන්ට කැප නො වන බව දැන ගන්නට ලැබිණි. ඒ නිසා ඔබ වහන්සේට ඉතාමත් වටිනා සඳුන් ලීයෙන් තැනූ පාදුකාවක් ගෙන ආවෙමි යි, පවසා ” භාග්‍යවතුන් වහන්ස එය පිළිගන්නා සේක්වා යි” බුදුරඳුන්ට පිළිගැනිවීය. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වහන්සේ එම ආහාර හා ගරු භාණ්ඩය පිළිගත්තාහ. මෙයින් මනා ව පැහැදිලි වන්නේ සුබෝපභෝගී උච්ඡාසයන මහාසයනයන් පිළිගැනීම භික්ෂූන්ට අකැප වූ බවත් මස් මාළු පිළිගැනීම අකැප නොවන බවත් දායක පක්ෂය මනාව දැන සිටි බවයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=DarkGreen]ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය භික්ෂුවකට කැප යයි එක අතකින් පිළිගැන තිබූ අතර, තවත් අතකින් මුල දී මස් වර්ග හතක් ද පසූව එයට මස් වර්ග තුනක් ද එක් වී මස්වර්ග දහයක් භික්ෂූන්ට අකැප කොට විනට නීතියක් පැනවූ බව පෙනේ. මහාවග්ගයේ භෙසජ්ජක්ඛන්ධකයෙහි භික්ෂූන් විසින් නො වැළඳිය යුතු, භික්ෂූන්ට අකැප වශයෙන් සැලකූ, මස් වර්ගයන් වූයේ මනුස්ස මස්, සජී මස්, සිංහ මස්, ව්‍යඝ්‍ර මස්, දිවි මස්, වලස් මස් හා කරබානා වලස් මස් යනුවෙනි. වනයෙහි වෙසෙන භික්ෂූන් මේ මස් වැළඳීමෙන් ඉව දැනුණ වන සතුන්ගෙන් වන වද හිංසා පීඩාවන නිසා මෙකී මස් නොවැළඳිය යුතු බවට විනය නීති පැණවුණි. [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen]ඇත් මස් හා අශ්ව මස් භික්ෂූන්ට තහනම් වූයේ රජතුමාගේ සේනාවට අයත් නිසා බවද කියැවේ. තවද සුනඛ මස් නො වැළඳිය යුතු යයි පැනවූයේ පහත් යයි සම්මත කුලවල ජනතාව සුනඛ මස් ආහාරයට ගත් නිසාත්, ශිෂ්ට සමාජය සුනඛ මස් කන අය බෙහෙවින් පිළිකුල් කළ නිසාත් ය. මෙසේ අකැප මස් වර්ග දහයක් විනය පිටකයෙහි සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ සෙසු මස් මාංස ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිගැනිවීමේ දී භික්ෂූන් විසින් වැළදූ බව යි. මෙම තහනම් කළ මස් වර්ග අතර කාර්මික පරිසරයක ගවයාගෙන් ලද ඉමහත් ප්‍රයෝජනය නිසත්, ගවයා දේවත්වයෙන් හින්දුන් විසින් සැලකූ නිසාත්, පසු කාලයේ දී ගවමස් ආහාරයට ගැනීම මහත් අපරාධයක් ලෙස භාරතීය සමාජය විසින් පිළිගන්නා ලදැ යි පැහැදිලි වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=DarkGreen]මෙසේ මස් වර්ග දහයක් අකැප මස් වර්ග සලකා විනය ශික්ෂාපද පනවා නතර වූයේ නැත. එබඳු අකැප මසක් වැළඳීමෙන් භික්ෂුවක් පිට පැවරෙන වරද පිළිබඳ ව භික්ෂූන්ට මෙනෙහි කරවන ලදී. තමන්ට පිළිගන්වන ලද ඕනෑ ම මසක් භික්ෂූන්ට පිළිගැනීමට මේ නිසා අවසරයක් නොලැබුණි. ඒ පිළිබඳ මස් පිළිගන්වන අවස්ථාවේ දී භික්ෂුවක් ඒ මස කවර සත්වයකුගේදැ යි සැක හැර දැන ගතයුතු ව ඇත. “උදාහරණයක් ලෙස ඌරු මස් හා වලස් මස් පෙනුමෙන් සමාන ස්වරූප දරයි. ඒ නිසා එබඳු අවස්ථාවක දී එය විමසා දත යුතු ය. නො දැන වැළඳීම වරදින් නිදහස් වීමට කරුණක් නො වේ. මෙහි දී පැහැදිලි වන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳීමට දුන් අවසරය නිදහසේ මස් මාළු වැළඳීමට දුන් අවසරයක් නො වනබව යි. ඒ පිළිබඳ විනය සීමාවන් ඉක්මවා නො යන ලෙස පාලනයක් ඇති කළේ සමාජයෙන් එල්ලවන චෝදනාවලින් භික්ෂුව නිදහස් කර ගැනීමටය.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][SIZE=3][COLOR=DarkGreen][B] චීනයේ මහායාන භික්ෂූන් මස් මාංසවලින් වැළකී සිටිය ද එහි හීනයාන භික්ෂූන්ට මස් මාංස වැළඳීම අනුමත විය. [/B] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඔවුහු ත්‍රිකෝටි පාරිශුද්ධ හෝ වෙනත් සත්කු විසින් දඩයම් කොට කා ඉතිරි වූ සතෙකුගේ මාංශයන් යයි, යුවං චුවංගේ වාර්තාවහි දැක්වේ. චීනයට අනුව ස්වාභාවික ව නිවසක මැරුණු සතෙකුගේ මස් ආහාරයට ගැනීම අනුමත කොට ඇති අතර පාලි නිකාය ග්‍රන්ථවල ද එබඳු මස් අනුමත කර තිබුණි.පාරාජිකා පාලියෙහි ව්‍යාඝ්‍රයෙකු විසින් අනුභවකොට ඉතුරු කළ මසක් වැළඳු අවස්ථාවක දී දිවියකු විසින්, ව්‍යාඝ්‍රයෙකු විසින් හා වලසකු විසින ද කා අතහැර දැමූ මස් පිස වැළඳූ අවස්ථාවන් කිහිපයක් ම දක්නට ලැබේ. මේ පිළිබඳ ව බුදුරුදුන්ගෙන් විමසන ලදු ව සතුන් විසින් කා දමා ඉතී කළ මස් වැළඳීමෙන් ආපත්තියට පත් නො වන බව සඳහන් කොට ඇත. තවත් විශේෂ අවස්ථාවක් පාරාජිකා පාලියෙහි දැක්වේ. වරක් උත්පලවන්නා තෙරණිය අන්ධ වනයෙහි වාසය කරන සමයෙහි චොර ගාමිණී නම් වැද්දකුගෙන් ලැබුණු ව්යාඝයෙකු විසින් අනුභවකොට අතහැර දැමූ අළුත් මුව මසක් වේළුවනාරාමයෙහි වාසය කරන බුදුරදුන්ට පිදීම පිණිස ගෙන යන ලද බව ද සඳහන්වේ. මෙසේ සතුන් විසින් අනුභවකොට ඉතිරිකොර දමා ගිය මස් ද පැහැදිලිව ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසයට අයත් යයි පිළිගැනේ. ඉහත කී අලි මස්, අශ්ව මස් ආදිය අකැප මස් ලෙස හඳුවා තිබුණත් දුර්භික්ෂයක දී මිය ගිය එබඳු සතෙකුගේ මස් මාංස වැළඳීම අකැප නොවූ බව යුවං චුවං ගේ වර්තාවන්හි සඳහන් වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom