Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
හරක්_මස් 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස්කෝලේ යන කාලේ හවසට බඩගිනි වෙලා අඩන කොට අම්මාට දුක හිතෙනවා. පොළොවේ පස් කන්න අඩන, මේ දැනුත් ජිල්බෝල ගහපු එකා ඒ ඩිංගට බඩගිනි වෙලා කියල කෑගහන කොට දෙන්න මෙලෝ දෙයක් ගේ ආතක පාතක නැති අම්මා ඇඹරෙනවා. මම ඉතිං ඒක දැනගෙනම ඇඩිල්ල නවත්නන්නේ නෑ. මොකද කොහෙන් හරි තියෙන පුස්කාච්චි සල්ලි කොලයක් මොන වෙලේ හරි මගේ ඇස් දෙක ඉස්සරහ ලෙල දෙන විත්තිය හැමදාම වගේ මම දන්න හින්දා. “ඉදා මේක අරං කඩෙන් බනිස් ගෙඩි දෙකක් ගෙනැත් එකක් කාලා අනිත් එක මල්ලිල දෙන්නට තියපං. ආ..“ ඔන්න ඔය වචන සැට් එක ඇහෙන කං මම ඉතිං මොන ලෙසකින්වත් මගේ බෑගිරිය නවත්තන්නේ නැහැ. ඊට පස්සේ රූං කුරුල්ලා වගේ බයිසිකල් කටුවේ නැගිලා ඉස්පාසුවක් නැතිව මම දුවනව ටවුමට.

බයිසිකල් කටුවේ වේගය පාලනය කරගන්නත් බැරි තරමට මම යන්නේ හැටට හැටේ. ඒ කාලේ කාඩ කමටම, ටයි බොත්තමට පල්ලෙහා බොත්තමත් ඇරගෙන තමා ඕන තැනක යන්නේ. ඉතිං අර වේගෙත් එක්ක පපුව පිරෙන්න හුළං වදිනවා. එහෙම හුළං වැදුනම මගේ කමිසේ උඩ සාක්කුවේ ඉන්න අර ලෙලදීපු කාසි කොලේ බ්ර් බ්ර් ගානවා හුළං පාරට නිකං දැගලිල්ල හැදිල වගේ. කෝකටත් නිතරම හුළගට බ්ර් බ්ර් ගාන කාසි කොලේ දිහා මගේ ඇස් දෙක දුවනවා. ඇයි කියන්නේ ඕක හුළගට ගහගෙන ගියොත් ආයේ අල්ලන්නයැ.

ස්ටෑන්ඩ් එකක් නැති බයිසිකල් කටුව සිමෙන්ති ගැට්ටකට පැටල් එක තියල හේත්තු කරල මම දුවනවා තම්බිගේ කඩේට. හවස් ජාමේට එතන ගජරාමේට සෙනග පිරිලා. එක එක ජාතියේ වෛවාරණ මිනිස්සු පුටු වල වාඩි වෙලා, මේස ගාව හිටගෙන, ආප්ප බාස් එක්ක කදේ දාගෙන, මුදලාලාගේ කූඩුව ගාව පරණ පත්තර ගොඩ උඩින් වාඩි වෙලා, කළු ගැහැච්ච තේ කූඩුව ගාව ඉදගෙන රොටි කනවා, තේ බොනවා, රෝස් පාං එකක් ප්ලේන්ටියක් එක්ක කනවා, ඒ අතරේ කතා කරනවා. සමහරු මහබූත කුනුහරුප කියනවා. තේ හදන වපර බාස්ට තෝ මහ හිගන්නෙක් කියල බනිනවා. ඒකට හේතුව නං තම්බි මුදලාලිගේ උපදෙසට අර යකා කෝප්පේ පිරෙන්නම ප්ලේන්ටිය නොදාන එක තමා. ඒ අල්ල පනල්ලේ මුළු ඇගේම දුං බැදිල, ඒ උඩින් දාඩිය පොල්ල දාලා, ඒකට උඩින් ආයෙත් දුං බැදිල කළු ගැහිල කුනු පොල් ගෙඩියක් වගේ පේන කුස්සි බාස්ගේ ගෝලයා එළියේ ඉදල එක එක සයිස් එකට කපාපු මහ දර කෑලි ටිකක් කිහිල්ලේ ගහගෙන කඩේ මැදින්ම කුස්සියට යනවා. “හේයි හේයි“ මිනිහගේ හෝන් එක. ඒ සද්දේ ඇහෙන කොට හැමෝම මුණු හරවල බලල හෝන්කාරයට යන්න ඉඩ දෙන්නේ ඇනුනොත් හෙම අර දර කෝටුවක් උණ ගන්න විත්තිය දන්න හින්දමයි. ඒ දර ටිකත් අරං කුස්සියට රිංගන හෝන්කාරයා ආයෙත් එළියට බහින්නේ පැය බාගෙකට පස්සේ විතර තමා.

මම තම්බි මුදලාලිගෙන් බනිස් ඉල්ලුවම අද බනිස් නෑ දරුවෝ කියල කියාපි. දැං මොකෝ කරන්නේ කියල කල්පනා කරන්න හදන කොටම මුදලාලි අඩව් ඇල්ලුවා.

“ඔන්න දැං දාපු රොටි තියෙනවා උණු උණූවෙම ඒවා ගන්න“

“කීයද එකක්??“

“එකක් දහයයි“

“හා එහෙනං දෙකක් දෙන්න“ කියල කට වහගන්න කොටම තම්බි මුදලාලි සිංහලෙන්ම කියනවා “මස් රොටි දෙකක් පාර්සල්“ කියලා. තව චුට්ට වෙලාවක් යද්දි හම්පඩ වෙච්ච් රේස් පත්තර වලින් හදාපු කඩදාසි බෑග් එක පුරවලා මගේ පාර්සලේ එනවා. ඒකත් අරන් සුරුස් ගාලා මම ගෙදර ගිහිල්ල එක රොටියක් කන්න ගන්නවා. කන්න ගන්න කොටම මොකවත් නෑ පිටි රොටි විතරයි. හැබැයි තව ඩිංගක් කන කොට එළවලු මික්සරේ හැපෙනවා. අන්න එතකොට රොටිත් එක්ක ඒ රස එකතු උනාම ගතියක් එනවා. තව ඩිංගක් කන කොට ගොරක කෑල්ලක් වගේ එකක් හැපුනා. හැබැයි ඇඹුල් රස නැහැ. තව පාරක් හපල බැලුවා. යකඩෝ මාළු කෑල්ලක් වැටිලද අහම්බෙන්වත්. ඒත් මාළු නං කැඩෙන්න එපායැ හපන කොට. මේක හැපිල වෙන් වෙන්නේ නැහැ. මොකක් උනත් තුන් හතර පාර හැපුවම.. සහ්. මාර රහයිනේ.. මේ මස් කෑල්ලක්. ආ ඔව්නේ මස් රොටි කියල නේ දුන්නේ. හැබෑට එතකොට මුං මස් රොටි කිව්වම ඒවට මස් දානවා. මස් මස්.. හත්දෙයියනේ මම මේ තම්බි මස්ද කෑවේ එතකොට. ඔව් ඔන්න මතක් උනා ඇත්ත නේන්නං හරක් මස් කෑල්ලක්. ඒකත් නරකම නැහැ පට්ට රසයිනේ කියල මම රස කර කර කෑවා. රොටියේ අන්තිම හරියෙදි ආයෙත් පොඩි මස් කෑල්ලක්. ඒකත් කාලා ඉවර උනාම, දිව්‍ය බෝජනයක් කෑවා වගේ සනීපයි.

කරුමේ කියන්නේ අපේ ගෙදර තිබ්බ පහත් බෞද්ධ (???) මානසිකත්වය හින්දා හරක් මස් කෑල්ලක් උපන්තේකට අම්මා ගෙට ගේන්න දෙන්නෙත් නෑ කන්න දෙන්නෙත් නෑ. ඉතිං අපිත් හරක් මස් වර්ජනේ. හැබැයි රහක් නොදැන නිකම්ම වර්ජනේ. හරියට අර විස්සවිජ්ජාල කොල්ලෝ වගේ...උන් දන්නේ නායකයෝ කියන ඕන එහෙකට දියව් දියව් කියල කෑමොර දෙන්න විතර නේ. හැක් හැක්. මේක රහ වැටුනට අම්මට කියත හැකිය මම හරක් මස් කාපු විත්තියක්. ඉතිරි රොටිය තියන්නත් බෑ. ඇයි අනිත් යක්ස පැටව් දෙන්න මේක කාලා හරක් මස් කියල වැඩේ පත්තු කරොත් හෙම මගේ පස්ස පැත්තට තමා පත්තු වෙන්නේ කියල හිතුන නිසා හිමින් සීරුවේ කාමරේට ගිහින්න අනිත් රාජබෝජනේටත් කොටල දැම්මා. ඒකත් කෑවට පස්සේ නිවන් ගියා වගේ කට සැරට දනවත් එක්ක. ඒකෙන් ආපු ගතිය සෑහෙන වෙලාවක් තිබ්බා. මම නිකං අර රැටටුයිල් එකේ මී චෙෆ්පා වගේ මුළු හදින්ම ඒ රහ වින්දා. ඒක හිතට වදින්න වදින්න මට ආවේ එකම සිතුවිල්ලයි. “තව කාපං තව කාපං හරක් මස්“ කියලා..

ඔන්න ඕක තමා මම හරක් මස් කන්න අත්පොත් තිබ්බ කතන්දරේ. ඒකෙන් පස්සේ මම කවදාවත් ඔය හරක් මස් නොකන වර්ජනේට සහාය දැක්කුවේ නැහැ. ෂේප් නියායෙන් සතියට එකක් හරි මස් රොටි ගිල ගිල හිටියා. මේ මස් රොටි හැමදාම ගෙදරට ගෙනැල්ල කන්න බැරි නිසා මම තීරණය කලා තම්බි මුදලාලිගේ ගෝරනාඩු කඩේම පුටුවකින් වාඩි වෙලා හිමින් සීරුවේ රොටිය ගිලල එන්න. එහෙම තීරණයක් අරන් මම කඩේ වාඩි වෙලා මස් රොටියක් කාපු දවසෙම මට සිද්ද උනා මහ නස්පැත්තියක්.

ආ ඒක පසුවට....

[QUOTE="Abdul_Latheef, post: 22595249, member: 565453"] [SIZE=3]මම ඉස්කෝලේ යන කාලේ හවසට බඩගිනි වෙලා අඩන කොට අම්මාට දුක හිතෙනවා. පොළොවේ පස් කන්න අඩන, මේ දැනුත් ජිල්බෝල ගහපු එකා ඒ ඩිංගට බඩගිනි වෙලා කියල කෑගහන කොට දෙන්න මෙලෝ දෙයක් ගේ ආතක පාතක නැති අම්මා ඇඹරෙනවා. මම ඉතිං ඒක දැනගෙනම ඇඩිල්ල නවත්නන්නේ නෑ. මොකද කොහෙන් හරි තියෙන පුස්කාච්චි සල්ලි කොලයක් මොන වෙලේ හරි මගේ ඇස් දෙක ඉස්සරහ ලෙල දෙන විත්තිය හැමදාම වගේ මම දන්න හින්දා. “ඉදා මේක අරං කඩෙන් බනිස් ගෙඩි දෙකක් ගෙනැත් එකක් කාලා අනිත් එක මල්ලිල දෙන්නට තියපං. ආ..“ ඔන්න ඔය වචන සැට් එක ඇහෙන කං මම ඉතිං මොන ලෙසකින්වත් මගේ බෑගිරිය නවත්තන්නේ නැහැ. ඊට පස්සේ රූං කුරුල්ලා වගේ බයිසිකල් කටුවේ නැගිලා ඉස්පාසුවක් නැතිව මම දුවනව ටවුමට. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බයිසිකල් කටුවේ වේගය පාලනය කරගන්නත් බැරි තරමට මම යන්නේ හැටට හැටේ. ඒ කාලේ කාඩ කමටම, ටයි බොත්තමට පල්ලෙහා බොත්තමත් ඇරගෙන තමා ඕන තැනක යන්නේ. ඉතිං අර වේගෙත් එක්ක පපුව පිරෙන්න හුළං වදිනවා. එහෙම හුළං වැදුනම මගේ කමිසේ උඩ සාක්කුවේ ඉන්න අර ලෙලදීපු කාසි කොලේ බ්ර් බ්ර් ගානවා හුළං පාරට නිකං දැගලිල්ල හැදිල වගේ. කෝකටත් නිතරම හුළගට බ්ර් බ්ර් ගාන කාසි කොලේ දිහා මගේ ඇස් දෙක දුවනවා. ඇයි කියන්නේ ඕක හුළගට ගහගෙන ගියොත් ආයේ අල්ලන්නයැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ස්ටෑන්ඩ් එකක් නැති බයිසිකල් කටුව සිමෙන්ති ගැට්ටකට පැටල් එක තියල හේත්තු කරල මම දුවනවා තම්බිගේ කඩේට. හවස් ජාමේට එතන ගජරාමේට සෙනග පිරිලා. එක එක ජාතියේ වෛවාරණ මිනිස්සු පුටු වල වාඩි වෙලා, මේස ගාව හිටගෙන, ආප්ප බාස් එක්ක කදේ දාගෙන, මුදලාලාගේ කූඩුව ගාව පරණ පත්තර ගොඩ උඩින් වාඩි වෙලා, කළු ගැහැච්ච තේ කූඩුව ගාව ඉදගෙන රොටි කනවා, තේ බොනවා, රෝස් පාං එකක් ප්ලේන්ටියක් එක්ක කනවා, ඒ අතරේ කතා කරනවා. සමහරු මහබූත කුනුහරුප කියනවා. තේ හදන වපර බාස්ට තෝ මහ හිගන්නෙක් කියල බනිනවා. ඒකට හේතුව නං තම්බි මුදලාලිගේ උපදෙසට අර යකා කෝප්පේ පිරෙන්නම ප්ලේන්ටිය නොදාන එක තමා. ඒ අල්ල පනල්ලේ මුළු ඇගේම දුං බැදිල, ඒ උඩින් දාඩිය පොල්ල දාලා, ඒකට උඩින් ආයෙත් දුං බැදිල කළු ගැහිල කුනු පොල් ගෙඩියක් වගේ පේන කුස්සි බාස්ගේ ගෝලයා එළියේ ඉදල එක එක සයිස් එකට කපාපු මහ දර කෑලි ටිකක් කිහිල්ලේ ගහගෙන කඩේ මැදින්ම කුස්සියට යනවා. “හේයි හේයි“ මිනිහගේ හෝන් එක. ඒ සද්දේ ඇහෙන කොට හැමෝම මුණු හරවල බලල හෝන්කාරයට යන්න ඉඩ දෙන්නේ ඇනුනොත් හෙම අර දර කෝටුවක් උණ ගන්න විත්තිය දන්න හින්දමයි. ඒ දර ටිකත් අරං කුස්සියට රිංගන හෝන්කාරයා ආයෙත් එළියට බහින්නේ පැය බාගෙකට පස්සේ විතර තමා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම තම්බි මුදලාලිගෙන් බනිස් ඉල්ලුවම අද බනිස් නෑ දරුවෝ කියල කියාපි. දැං මොකෝ කරන්නේ කියල කල්පනා කරන්න හදන කොටම මුදලාලි අඩව් ඇල්ලුවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“ඔන්න දැං දාපු රොටි තියෙනවා උණු උණූවෙම ඒවා ගන්න“[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“කීයද එකක්??“[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“එකක් දහයයි“[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“හා එහෙනං දෙකක් දෙන්න“ කියල කට වහගන්න කොටම තම්බි මුදලාලි සිංහලෙන්ම කියනවා “මස් රොටි දෙකක් පාර්සල්“ කියලා. තව චුට්ට වෙලාවක් යද්දි හම්පඩ වෙච්ච් රේස් පත්තර වලින් හදාපු කඩදාසි බෑග් එක පුරවලා මගේ පාර්සලේ එනවා. ඒකත් අරන් සුරුස් ගාලා මම ගෙදර ගිහිල්ල එක රොටියක් කන්න ගන්නවා. කන්න ගන්න කොටම මොකවත් නෑ පිටි රොටි විතරයි. හැබැයි තව ඩිංගක් කන කොට එළවලු මික්සරේ හැපෙනවා. අන්න එතකොට රොටිත් එක්ක ඒ රස එකතු උනාම ගතියක් එනවා. තව ඩිංගක් කන කොට ගොරක කෑල්ලක් වගේ එකක් හැපුනා. හැබැයි ඇඹුල් රස නැහැ. තව පාරක් හපල බැලුවා. යකඩෝ මාළු කෑල්ලක් වැටිලද අහම්බෙන්වත්. ඒත් මාළු නං කැඩෙන්න එපායැ හපන කොට. මේක හැපිල වෙන් වෙන්නේ නැහැ. මොකක් උනත් තුන් හතර පාර හැපුවම.. සහ්. මාර රහයිනේ.. මේ මස් කෑල්ලක්. ආ ඔව්නේ මස් රොටි කියල නේ දුන්නේ. හැබෑට එතකොට මුං මස් රොටි කිව්වම ඒවට මස් දානවා. මස් මස්.. හත්දෙයියනේ මම මේ තම්බි මස්ද කෑවේ එතකොට. ඔව් ඔන්න මතක් උනා ඇත්ත නේන්නං හරක් මස් කෑල්ලක්. ඒකත් නරකම නැහැ පට්ට රසයිනේ කියල මම රස කර කර කෑවා. රොටියේ අන්තිම හරියෙදි ආයෙත් පොඩි මස් කෑල්ලක්. ඒකත් කාලා ඉවර උනාම, දිව්‍ය බෝජනයක් කෑවා වගේ සනීපයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කරුමේ කියන්නේ අපේ ගෙදර තිබ්බ පහත් බෞද්ධ (???) මානසිකත්වය හින්දා හරක් මස් කෑල්ලක් උපන්තේකට අම්මා ගෙට ගේන්න දෙන්නෙත් නෑ කන්න දෙන්නෙත් නෑ. ඉතිං අපිත් හරක් මස් වර්ජනේ. හැබැයි රහක් නොදැන නිකම්ම වර්ජනේ. හරියට අර විස්සවිජ්ජාල කොල්ලෝ වගේ...උන් දන්නේ නායකයෝ කියන ඕන එහෙකට දියව් දියව් කියල කෑමොර දෙන්න විතර නේ. හැක් හැක්. මේක රහ වැටුනට අම්මට කියත හැකිය මම හරක් මස් කාපු විත්තියක්. ඉතිරි රොටිය තියන්නත් බෑ. ඇයි අනිත් යක්ස පැටව් දෙන්න මේක කාලා හරක් මස් කියල වැඩේ පත්තු කරොත් හෙම මගේ පස්ස පැත්තට තමා පත්තු වෙන්නේ කියල හිතුන නිසා හිමින් සීරුවේ කාමරේට ගිහින්න අනිත් රාජබෝජනේටත් කොටල දැම්මා. ඒකත් කෑවට පස්සේ නිවන් ගියා වගේ කට සැරට දනවත් එක්ක. ඒකෙන් ආපු ගතිය සෑහෙන වෙලාවක් තිබ්බා. මම නිකං අර රැටටුයිල් එකේ මී චෙෆ්පා වගේ මුළු හදින්ම ඒ රහ වින්දා. ඒක හිතට වදින්න වදින්න මට ආවේ එකම සිතුවිල්ලයි. “තව කාපං තව කාපං හරක් මස්“ කියලා.. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔන්න ඕක තමා මම හරක් මස් කන්න අත්පොත් තිබ්බ කතන්දරේ. ඒකෙන් පස්සේ මම කවදාවත් ඔය හරක් මස් නොකන වර්ජනේට සහාය දැක්කුවේ නැහැ. ෂේප් නියායෙන් සතියට එකක් හරි මස් රොටි ගිල ගිල හිටියා. මේ මස් රොටි හැමදාම ගෙදරට ගෙනැල්ල කන්න බැරි නිසා මම තීරණය කලා තම්බි මුදලාලිගේ ගෝරනාඩු කඩේම පුටුවකින් වාඩි වෙලා හිමින් සීරුවේ රොටිය ගිලල එන්න. එහෙම තීරණයක් අරන් මම කඩේ වාඩි වෙලා මස් රොටියක් කාපු දවසෙම මට සිද්ද උනා මහ නස්පැත්තියක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ආ ඒක පසුවට....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom