හරක්_මස් 1

Abdul_Latheef

Member
Dec 10, 2017
33
2
0
මම ඉස්කෝලේ යන කාලේ හවසට බඩගිනි වෙලා අඩන කොට අම්මාට දුක හිතෙනවා. පොළොවේ පස් කන්න අඩන, මේ දැනුත් ජිල්බෝල ගහපු එකා ඒ ඩිංගට බඩගිනි වෙලා කියල කෑගහන කොට දෙන්න මෙලෝ දෙයක් ගේ ආතක පාතක නැති අම්මා ඇඹරෙනවා. මම ඉතිං ඒක දැනගෙනම ඇඩිල්ල නවත්නන්නේ නෑ. මොකද කොහෙන් හරි තියෙන පුස්කාච්චි සල්ලි කොලයක් මොන වෙලේ හරි මගේ ඇස් දෙක ඉස්සරහ ලෙල දෙන විත්තිය හැමදාම වගේ මම දන්න හින්දා. “ඉදා මේක අරං කඩෙන් බනිස් ගෙඩි දෙකක් ගෙනැත් එකක් කාලා අනිත් එක මල්ලිල දෙන්නට තියපං. ආ..“ ඔන්න ඔය වචන සැට් එක ඇහෙන කං මම ඉතිං මොන ලෙසකින්වත් මගේ බෑගිරිය නවත්තන්නේ නැහැ. ඊට පස්සේ රූං කුරුල්ලා වගේ බයිසිකල් කටුවේ නැගිලා ඉස්පාසුවක් නැතිව මම දුවනව ටවුමට.


බයිසිකල් කටුවේ වේගය පාලනය කරගන්නත් බැරි තරමට මම යන්නේ හැටට හැටේ. ඒ කාලේ කාඩ කමටම, ටයි බොත්තමට පල්ලෙහා බොත්තමත් ඇරගෙන තමා ඕන තැනක යන්නේ. ඉතිං අර වේගෙත් එක්ක පපුව පිරෙන්න හුළං වදිනවා. එහෙම හුළං වැදුනම මගේ කමිසේ උඩ සාක්කුවේ ඉන්න අර ලෙලදීපු කාසි කොලේ බ්ර් බ්ර් ගානවා හුළං පාරට නිකං දැගලිල්ල හැදිල වගේ. කෝකටත් නිතරම හුළගට බ්ර් බ්ර් ගාන කාසි කොලේ දිහා මගේ ඇස් දෙක දුවනවා. ඇයි කියන්නේ ඕක හුළගට ගහගෙන ගියොත් ආයේ අල්ලන්නයැ.


ස්ටෑන්ඩ් එකක් නැති බයිසිකල් කටුව සිමෙන්ති ගැට්ටකට පැටල් එක තියල හේත්තු කරල මම දුවනවා තම්බිගේ කඩේට. හවස් ජාමේට එතන ගජරාමේට සෙනග පිරිලා. එක එක ජාතියේ වෛවාරණ මිනිස්සු පුටු වල වාඩි වෙලා, මේස ගාව හිටගෙන, ආප්ප බාස් එක්ක කදේ දාගෙන, මුදලාලාගේ කූඩුව ගාව පරණ පත්තර ගොඩ උඩින් වාඩි වෙලා, කළු ගැහැච්ච තේ කූඩුව ගාව ඉදගෙන රොටි කනවා, තේ බොනවා, රෝස් පාං එකක් ප්ලේන්ටියක් එක්ක කනවා, ඒ අතරේ කතා කරනවා. සමහරු මහබූත කුනුහරුප කියනවා. තේ හදන වපර බාස්ට තෝ මහ හිගන්නෙක් කියල බනිනවා. ඒකට හේතුව නං තම්බි මුදලාලිගේ උපදෙසට අර යකා කෝප්පේ පිරෙන්නම ප්ලේන්ටිය නොදාන එක තමා. ඒ අල්ල පනල්ලේ මුළු ඇගේම දුං බැදිල, ඒ උඩින් දාඩිය පොල්ල දාලා, ඒකට උඩින් ආයෙත් දුං බැදිල කළු ගැහිල කුනු පොල් ගෙඩියක් වගේ පේන කුස්සි බාස්ගේ ගෝලයා එළියේ ඉදල එක එක සයිස් එකට කපාපු මහ දර කෑලි ටිකක් කිහිල්ලේ ගහගෙන කඩේ මැදින්ම කුස්සියට යනවා. “හේයි හේයි“ මිනිහගේ හෝන් එක. ඒ සද්දේ ඇහෙන කොට හැමෝම මුණු හරවල බලල හෝන්කාරයට යන්න ඉඩ දෙන්නේ ඇනුනොත් හෙම අර දර කෝටුවක් උණ ගන්න විත්තිය දන්න හින්දමයි. ඒ දර ටිකත් අරං කුස්සියට රිංගන හෝන්කාරයා ආයෙත් එළියට බහින්නේ පැය බාගෙකට පස්සේ විතර තමා.


මම තම්බි මුදලාලිගෙන් බනිස් ඉල්ලුවම අද බනිස් නෑ දරුවෝ කියල කියාපි. දැං මොකෝ කරන්නේ කියල කල්පනා කරන්න හදන කොටම මුදලාලි අඩව් ඇල්ලුවා.


“ඔන්න දැං දාපු රොටි තියෙනවා උණු උණූවෙම ඒවා ගන්න“


“කීයද එකක්??“


“එකක් දහයයි“


“හා එහෙනං දෙකක් දෙන්න“ කියල කට වහගන්න කොටම තම්බි මුදලාලි සිංහලෙන්ම කියනවා “මස් රොටි දෙකක් පාර්සල්“ කියලා. තව චුට්ට වෙලාවක් යද්දි හම්පඩ වෙච්ච් රේස් පත්තර වලින් හදාපු කඩදාසි බෑග් එක පුරවලා මගේ පාර්සලේ එනවා. ඒකත් අරන් සුරුස් ගාලා මම ගෙදර ගිහිල්ල එක රොටියක් කන්න ගන්නවා. කන්න ගන්න කොටම මොකවත් නෑ පිටි රොටි විතරයි. හැබැයි තව ඩිංගක් කන කොට එළවලු මික්සරේ හැපෙනවා. අන්න එතකොට රොටිත් එක්ක ඒ රස එකතු උනාම ගතියක් එනවා. තව ඩිංගක් කන කොට ගොරක කෑල්ලක් වගේ එකක් හැපුනා. හැබැයි ඇඹුල් රස නැහැ. තව පාරක් හපල බැලුවා. යකඩෝ මාළු කෑල්ලක් වැටිලද අහම්බෙන්වත්. ඒත් මාළු නං කැඩෙන්න එපායැ හපන කොට. මේක හැපිල වෙන් වෙන්නේ නැහැ. මොකක් උනත් තුන් හතර පාර හැපුවම.. සහ්. මාර රහයිනේ.. මේ මස් කෑල්ලක්. ආ ඔව්නේ මස් රොටි කියල නේ දුන්නේ. හැබෑට එතකොට මුං මස් රොටි කිව්වම ඒවට මස් දානවා. මස් මස්.. හත්දෙයියනේ මම මේ තම්බි මස්ද කෑවේ එතකොට. ඔව් ඔන්න මතක් උනා ඇත්ත නේන්නං හරක් මස් කෑල්ලක්. ඒකත් නරකම නැහැ පට්ට රසයිනේ කියල මම රස කර කර කෑවා. රොටියේ අන්තිම හරියෙදි ආයෙත් පොඩි මස් කෑල්ලක්. ඒකත් කාලා ඉවර උනාම, දිව්‍ය බෝජනයක් කෑවා වගේ සනීපයි.


කරුමේ කියන්නේ අපේ ගෙදර තිබ්බ පහත් බෞද්ධ (???) මානසිකත්වය හින්දා හරක් මස් කෑල්ලක් උපන්තේකට අම්මා ගෙට ගේන්න දෙන්නෙත් නෑ කන්න දෙන්නෙත් නෑ. ඉතිං අපිත් හරක් මස් වර්ජනේ. හැබැයි රහක් නොදැන නිකම්ම වර්ජනේ. හරියට අර විස්සවිජ්ජාල කොල්ලෝ වගේ...උන් දන්නේ නායකයෝ කියන ඕන එහෙකට දියව් දියව් කියල කෑමොර දෙන්න විතර නේ. හැක් හැක්. මේක රහ වැටුනට අම්මට කියත හැකිය මම හරක් මස් කාපු විත්තියක්. ඉතිරි රොටිය තියන්නත් බෑ. ඇයි අනිත් යක්ස පැටව් දෙන්න මේක කාලා හරක් මස් කියල වැඩේ පත්තු කරොත් හෙම මගේ පස්ස පැත්තට තමා පත්තු වෙන්නේ කියල හිතුන නිසා හිමින් සීරුවේ කාමරේට ගිහින්න අනිත් රාජබෝජනේටත් කොටල දැම්මා. ඒකත් කෑවට පස්සේ නිවන් ගියා වගේ කට සැරට දනවත් එක්ක. ඒකෙන් ආපු ගතිය සෑහෙන වෙලාවක් තිබ්බා. මම නිකං අර රැටටුයිල් එකේ මී චෙෆ්පා වගේ මුළු හදින්ම ඒ රහ වින්දා. ඒක හිතට වදින්න වදින්න මට ආවේ එකම සිතුවිල්ලයි. “තව කාපං තව කාපං හරක් මස්“ කියලා..


ඔන්න ඕක තමා මම හරක් මස් කන්න අත්පොත් තිබ්බ කතන්දරේ. ඒකෙන් පස්සේ මම කවදාවත් ඔය හරක් මස් නොකන වර්ජනේට සහාය දැක්කුවේ නැහැ. ෂේප් නියායෙන් සතියට එකක් හරි මස් රොටි ගිල ගිල හිටියා. මේ මස් රොටි හැමදාම ගෙදරට ගෙනැල්ල කන්න බැරි නිසා මම තීරණය කලා තම්බි මුදලාලිගේ ගෝරනාඩු කඩේම පුටුවකින් වාඩි වෙලා හිමින් සීරුවේ රොටිය ගිලල එන්න. එහෙම තීරණයක් අරන් මම කඩේ වාඩි වෙලා මස් රොටියක් කාපු දවසෙම මට සිද්ද උනා මහ නස්පැත්තියක්.


ආ ඒක පසුවට....
 
Last edited:

Abdul_Latheef

Member
Dec 10, 2017
33
2
0
මම ඉස් ඉස්සෙල්ලාම හරක් මස් කෑල්ලක් රහ බැලුව වස්තරේ ගැන තමා උඩින් ලියල තියෙන්නේ.. ඒකත් කියවලාම බලන්ටකෝ එහෙනං.


හැමදාම ගෙදරට උස්සන් ඇවිල්ල හොරෙන් කන්න බැරි හින්දා මස් රොටිය තම්බිගේ කඩේ තියාගෙනම තළු මරන්න තීරණය කරල, රොටියත් අරන් කඩේ තියෙන මේස හතරෙන් එකක තිබුන පුටුවක මම වාඩි උනා. මේස වල එක එක ජාතියේ උන්දැල වාඩි වෙලා අරව මේවා කන විදිය මාත් අර මස් රොටිය හප කරන ගමන්ම බලං හිටියා. මගේ මේසෙම ඉස්සරහ ඉන්න එකා, මේසේ පුරාම පාං රොඩු ගෑලි හලාගෙන මස් හොදිත් එක්ක රොස් පාං කනවා. ඊට එහා පැත්තේ ඉන්න එකා, බීඩියකුත් උරන ගමන් පොඩි වීදුරුවට දාපු ප්ලේන්ටිය බොනවා.


මට දකුණු පැත්තේ තියෙන මේසේ ඉදගෙන හිටියේ තුන් දෙනයි. තුන්දෙනාම මොනවා හෝ ඉල්ලල ඒක ලැබෙන කං ආතක් පාතක් නැතිව කතාව. කතාවේ හැටියට නං එකෙක් මාළු විකුණන පොරක්. අනිකා ත්‍රීවිල් කාරයෙක්. අනිකා ගැන නිච්චියක් නැති උනත් ඌ නං කිසිම විලිසංගයක් නැති එකෙක් කියල මම දැක්කා. මොකද උගේ ජුන්ඩා ගාවටම සරල අකුලං හෙළු කකුල් පද්දමින් ආතල් එකේ උන්න නිසා.


ඊට පිටිපස්සේ මේසෙ ඉන්න දෙන්නත් මොනවා හරි ජාතියක්, පිගානක දාගෙන හැන්දෙන් බොනවා. අර යක්කු තුන්දෙනාගේ දැගලිල්ලට ඒ මොකක්ද කියල බලා ගන්න අමාරු උනත් දුං දාන මක්ක හරි බොන විත්තිය නං මම දැක්කා. ඔහොම ඩිංග වෙලාවෙක් ඉන්න කොට, වඳුරු වේටර් තැන, දුං දාන පිගානක් අරන් අර තුන්දෙනා ගාවට ඇවිල්ල ඒක මේසේ උඩින් තිබ්බා. ඒ පිගාන හරියට මූද මැද තියෙන ගොඩබිමක් වගේ තමා මට පෙනුනේ. පිගානට වඩා සෑහෙන්න උසට මොනවා හරි දාලා තිබුනා. අප්පට සිරි දුං යන අස්සේ මම ඒක දැක්කා. ඒ මොනවත් නෙමෙයි හොද තඩි හරක් මස් කටු දෙකක්. බුදු අම්මේ මේවත් කනවද මේ යක්කු කියල මම හිතද්දීම අනෙක් පිගන් දෙකත් මේසෙට සැපත් උනා. ඒවයෙත් අර වගේම කදු වගේ මස් කටු පුරවලා.


මේ හාංකවිසියක්වත් නොදැන මගේ කට බාගෙට ඇරිලා ඒ අතරෙත් මම මගේ මස් රොටි රාජයා හෙමින් හපනවා.. අර පළවෙනි මස් කෑල්ල. ඒක ඉතිං එක පාරට කාලා ඉවර කරල හරියන්නැති නිසා මම බොහොම පොඩි කෑලි කටින් කඩාගෙන පෙරේත කමින් තමා ඒක කන්නේ.


අර හාදයෝ අරගෙන තියෙන්නේ සුප්.. මම ඒක දැනගත්තෙත් එදාමයි. ඉතිං මේ ප්‍රසංගය මොකක්ද කියල මම හොදට බලාගෙන හිටියා. ඒ යක්කු රෝස්පානුත් අරගෙන, කෑලි කඩාගෙන සුප් එකේ පොගවගෙන කනවා. ඊට පස්සේ හැන්දෙන් සුප් බොනවා. අන්තිම හරියෙදි මස් කටු ටික අරගෙන හරියට වනමුරුගයෝ වගේ හතර වටේම ලෙව කකා මස් කෑලි උළුප්පන් කනවා. ඒ අතරේ එකෙක් දඩං දඩං ගාලා මස් කටුවකට ඉස්තරම් තට්ටුවකුත් දැම්මා. ඒක බලන් හිටපු මම විකාරෙන් වගේ බැලුවා. මොකද ඌ මස් කට්ට කඩාගෙන කන්න තරං ආසාවෙන් තමා ඔය තට්ටුව දැම්මේ..


මාත් කොහොම හරි මස් රොටියට වාඩුව ගෙවලා හීන දකිමින් ආවේ ඊළග දවසේ නං රොටි නෙමෙයි සුප් එකක් තමා බොන්නේ කියල හිතලා.


ඒ පාර දවස් දෙක තුනකට පස්සේ මම හොදට සුදානං වෙලා සල්ලි එහෙමත් හදාගෙන තම්බිගේ කඩේට ගියා. ඇයි ඉතිං ඕකේ ගානක් දන්න එකක්යැ. ගිහිල්ල හොද හැටි හරි බරි ගැහිලා වාඩිවෙලා සුප් එකක් ඉල්ලුවා පුරුදු කාරයා වගේ. ඔන්න එනවා මගේ රජා දුං දාගෙන. ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් දැක්ක වගේ සන්තෝසයෙන් මම පිගාන දිහා එබිල බැලුවා. සික් විතරක් එපා වෙනවා ඒක දැක්කම හරියට නැවක් මුදේ තෙල් හලල වගේ කහ පාටට තෙල් පාවෙනවා. හරියට සුප් වතුරේ පාසි බැදිල වගේ. සුප් එකේ ඇතුලේ රවුං හැඩේට කපපු පොඩි කැරට් කෑලී, දිග අතට කපපු ලීක්ස් කෑලි, ගෝවා කෑලි එහෙමත් තිබුනා. ඒ මදිවට බාර්ලි ඇටත් දාලා. මගේ පිගාන හරියට එවරස්ට් කන්ද වට කරපු මුහුදක් වගේ.


හෙන උසට හරක් මස් කටු දෙකක් තිබුනා. ඒ මස් කටු වල අතරින් පතර හොදට තැම්බිලා දුඹුරු පාට ගැහිච්චි මස් කෑලි ඇලිල තියෙනවා. ආසාවේ බෑ මෙච්චර මස් කට්ටක් මම ජීවිතේටම දැක්කමයි. අර කලින් දවසේ හාදයෝ තුන්දෙනා කරා වගේ මාත් ගෙන්න ගත්තා රෝස් පාං දෙකක්. හැන්ද අරන් සුප් හැන්දක් කටට ගත්තා. තොල ගාවට කිට්ටු කරන කොට තොල පිච්චිලා ගියා. ඒ තරං රස්නෙයි ඒක. ඒ පාර පුස් ගාලා පොඩ්ඩක් නිවල කටට එබුවා ඩිංගක්. එක පාරටම දිව්‍ය ලෝකේ භෝජනාගාරේ ඉදගෙන අමෘතය රස විදිනව වගේ රසයක් මට දැනුවා. ඒක නං පුදුම රසයක්. අවේණික මුසල්මානු බිරියානි සුවදත් එක්ක සුප් එකේ රසය එන බව මම පස්සෙයි දන්නේ. හැදි දෙක තුනක් තොල ගාලා, රෝස්පාං දෙකම කෑලි වලට කඩාගෙන මම සුප් පිගානේ පොගවං කෑවා.


ඊට පස්සේ ඉතිං සුප් එක ටිකක් නිවිලා නිසා සාගතෙන් ඉන්න එකා වගේ හැන්දෙන් ඉවර වෙනකං බීගෙන ගියේ වෙන මොකටවත් නෙමෙයි අර මස් කටු දෙක ලොවන්න තිබ්බා ආසාවට. අත් දෙක හොදල එක මස් කට්ටක් අතට අරගෙන හතර වටේ පෙරල පෙරල මස් ටික සූප්පු කරල මම ඒක සුද්ද කරල, අත ළගම තිබ්බ පොඩි ප්ලාස්ටික් අත හෝදන බේසමට දැම්මා. ඊට වඩා අලි මස් කටුවත් අතට අරගෙන ඒකත් සුද්ද කරා. ඒ උනත් ඒ අන්ඩේ කුහරේ ඇතුලේ මස් වගයක් හිර වෙලා තියෙනවා. අන්න එතකොට තමා මීටර් උනේ අර යක්කු දඩං බඩං ගාලා කට්ට්ට සාත්තු කරේ මොකද කියලා. ඇතුලේ හිරවෙලා තියෙන ටික එළියට අදින්න තමා. මාත් කට්ට් අරගෙන දඩං ගාලා ගැහුවා විතරයි ඩෝං ගාලා ගිහිල්ල ඒක පිගානේ වැදුනා. හැමෝම මං දිහා නිකං අමුතු සතෙක් විදියට බැලුවම මම ඒ වැඩේ අතඅරින්නයි ලෑස්ති උනේ. ඒ උනත් මගේ මේසේ ඉස්සරහ හිටි එකා ඒ මස් ටික ගන්න හැටි මට කියල දුන්නා.


“මල්ලි ඔය කටුව යටි පැත්ත හරවල තියාගෙන, අනිත් අත හරහට උඩින් තියල උඩ අතින් යට අතට වදින විදියට හයියෙන් ගහන්න. එතකොට ඔය ඇතුලේ තියෙන වැදැල්ල පිගානට වැටේවි.“


මාත් ඒ කියන විදියට කරල බැලුවා. අඩේ මාර ක්‍රෙම් නේ. මෙන්න බඩු එනව හරියට බොග දානව වගේ හෙමින්. ඒකත් පිගානට වැටුනම කාලා අහවර වෙලා දුං දාන ප්ලේන්ටියකුත් එක්කම දුමකුත් ඇදලම මම කඩෙන් මාරු උනේ රුපියල් පනහක් ගෙවලා.


එදා මේ මගේ සොයාගැනිල්ල නමය වසරේ හිටි අපේ ගැන්ග් එකටම හදුන්වා දීලා, සතියකට සැරයක් විතර දහ දෙනෙක් විතර එකතු වෙලා තම්බිගේ කඩේට ගිහිල්ල අපි සුප් බිව්වා. ඊට පස්සේ ඒක පුරුද්දක් විදියට තිබුනා ඉහළ කෑලැසියේ ඉගෙන ගන්න යනකම්ම. කොහොම හරි නිවාඩු හම්බ වෙලා ගෙදරට ආවාම අනිවා කරන විෂ් ලිස්ට් එකේ තියෙන එකක් තමා තම්බිගේ සුප් බොන්න යන එක. තාමත් මම අඩු ගානේ මාසෙකට දවසක්වත් ඔය සුප් එක බොන්න වරුවක නිවාඩුවක් දාලා හරි යනවා. ඉස්සර නං සුප් කඩ හතරක් විතර තිබුන හින්දා අපි හොදම මස් කටු දෙන සුප් කඩේ මොකක්ද කියල දන්නවා. අපි පුරුද්දට එන නිසා උං වැඩිපුර මස් කටුවක් දෙන්න උනත් පසු බාන්නේ නැහැ. හැබැයි දැං ඒ හරියේ තියෙන එකම සුප් කඩේ තාමත් තම්බිගේ කඩේ විතරයි. අවුරුදු 20 ක් විතර කල් ගිහිල්ලත් ඒ රසය නොනැසි ඒ විදියටම සුප් එක දෙන එක ගැන ඉතිං කියන්න දෙයක් නෑ..
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113


    ඔයිට වඩා ගුණ දායකයි කපපු කොන් කෑලි දාලා හදපු පයි කොට මාලුවක් කාල බලපන්
    :rofl:

    57325390040d18ecc3a0488058d63d16--sri-lanka-curry-leaves.jpg
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කරුමේ කියන්නේ අපේ ගෙදර තිබ්බ පහත් බෞද්ධ (???) මානසිකත්වය
    delete karandako me thread monada danne...ko adminla
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    උබ අම්මට හුKන්න මෙතන spam කර කර ... රොටියෙ කොන් කපලා දාපු කැලි රහද?