හර්දයාබාධයන්_Heart _Attacks

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    හර්දයාබාධයන්_Heart _Attacks

    දරුණු හර්දයාබාධයන් පිලිබදව කල්තියා ඔබව දැනුවත් කරන පුර්ව ලක්ෂණයන්. 

    Enrique-Iglesias-Heart-Attack-HQ-550x300.jpg


    1. හුස්ම් ගැනීමට  ඇති අපහසුව ( විශේෂයෙන්ම බිම දිගා වී සිටින විට හෝ නිදාගෙන සිටින විට )

    පපුවේ ඇතිවෙන අධික තෙරපුම් ගතියක් නිසා ගැබුරින් හුස්ම ගැනීමට යම් කිසි අපහසු තාවයක් දැනෙනවානම් වෛද්‍යවරයෙකු හෝ හර්දරෝග වෛද්‍යවරයෙකු හමු වීම ඉතාමත්ම වැදගත් බව හොදින් මතක තබා ගන්න.  හුස්ම ගැනීමේදී ඇතිවෙන මෙම අපහසු තාවය වෙහෙසීම නිසා හෝ බිම දිගා වී සිටින විට ඇතිවෙන අතර එම තත්වය COPD සහ Sleap Apnea1 කියන රෝගයන්ගේ  රෝගී ලක්ෂණයන් හා යම් සමාන කමක් දක්වනවා. ඒවගේම රාත්‍රියේදී අරගනු ලබන හුස්ම වල කෙටි බවක්ද දැකගැනීමට පුලුවන්. රාත්‍රියේදී මෙලෙස හදිසියේම ඇති වෙන එම තත්වය (paroxysmal nocturnal dyspnea) යනුවෙන් හදුන්වනු ලබනවා. හුස්ම ගැනීමේදී මෙලෙස අපහසුතාවයක් ඇති වෙන්නේ හදවතෙහි වූ පොම්ප කිරීමේ හැකියාව අවම වී තිබීම හේතුවෙනි. හදවතෙහි ඇති වී තිබෙන එම දුර්වල තත්වය හේතුවෙන් හදවතෙහි වූ රුධිරය නැවත පෙනහළු වලට ආපසු එවුමක්  සිදු වෙනවා. 


    2. පපුවේ බර ගතියක් සහ තදගතියක් දැනීම

    හර්ද රෝගයන්ගෙන් පෙලෙන බොහෝ දෙනක් සාමාන්‍යයයෙන් පවසා සිටිනවා  පපුවේ බර ගතියක් සහ ජලයෙහි ගිලෙන විට දැනෙන අපහසු තාවයක් ඔවුනට දැනෙන බව.  ඔවුන් විසින් එම තත්වය පැහැදිලි කර සිටින්නේ යම් කිසි බරකින් පපුව තදකරනු ලබන විටදී දැනෙන වේදනාවක්  සහ වතුරේදී ගිලී මැරෙන කෙනෙකුට දැනෙන වූ වේදනාවක් පපුව ප්‍රදේශයෙන් දැනෙන බවයි. ඒවගේම සමහර වෙලාවට අධික වෙහෙසක් සමග පැමිණෙන පපුවේ වේදනාව මද වෙලාවක් විවේක ගත් පසුව සුව වෙන බවද ඇතැමෙක් ප්‍රකාශ කර සිටිනවා. හදවත් සෛල වලට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීම හේතුවෙන් හදවත් මාන්ෂපේශී වලට අඩුවෙන් රුධිර ගලායෑම හෙතුකොට ගෙන තමයි මෙම තත්වය ඇති වෙන්නේ.


    3. නොනැසී පවතින කැස්ස සහ ශ්වසන මාර්ගයෙන් නැගෙන කරුකුරුව

    සාමාන්‍යයෙන් හදවත අකර්මන්‍ය වෙමින් පවතින පුද්ගලයින්ට බොහෝ කාලයක් පවතින කැස්සක් සහ හුස්ම ගැනීමේදී සහ පිටකිරීමේදී ශ්වසන මාර්ගයෙන් නැගෙන කර්කුරු ශබ්දයක් (wheezing) හටගනු ලබනවා. එම තත්වය ඇති වෙන්නේ පෙනහළු වල ද්‍රවයන් තැන්පත් වීම තිබීම හේතුවෙනි. සාමාන්‍යයෙන් එම සෞඛ්‍ය තත්වය ඇදුම සහ COPD කියන රෝගී තත්වය සමග බොහෝ දෙනෙක් පටලවා ගනු ලබනවා මොකද එම රෝගී ලක්ෂණයන් මෙයට යම් සමාන කමක් දක්වන නිසා. තවද බිම දිගා වී සිටින විට සහ ඇදෙන් නැගිටි විගස මෙම කැස්ස වඩාත් නරක අතට හැරීමට හැකියාව තිබෙනවා. ඒවගේම මෙය වියලි කැස්සක් වීමට හෝ ඝනව සොටු සහ සේම පිටවෙන කැස්සක් වීමටද  හැකියාව තිබෙන බව හොදින් මතක තබා ගන්න. 


    4. අහාර රුචිය අඩුවීම

    තදබල ලෙස හදවත අකර්මන්‍ය වීමකදී දැකගැනීමට ලැබෙන ප්‍රධානම ලක්ෂණයක් නම්  පිරී ඇති ස්වභාවයක් දැනීමයි. මෙම තත්වය ඇති වීමට හේතු වෙන්නේ අක්මාවේ හෝ ආහාර ජීරණ පද්ධතියේ ද්‍රවයන් එක්රැස් වී තිබීමයි. එම තත්වය නිසා ඔබේ අහාර රුචිය අඩු වී යන අතර ඔබ විසින් අනුභව කරනු ලබන්නේ ඉතාමත්ම කුඩා ආහාර වෙලක් පමණයි. තවද මෙලෙස අහාර රුචිය නැතිවී යෑම හදවත අකර්මන්‍ය වීම නිසා ඇතිවෙන අධිකවූ වෙහෙස නිසාද ඇති වීමට හැකියාව තිබෙන බව හොදින් මතක තබා ගන්න. එම තත්වය මත සැපීමද අධික වෙහෙසක් ශරීරයට ගෙන දෙනවා. 


    5. සාංකාව

    මෙය හදවත අකර්මන්‍ය වීමකදී දැකගැනීමට ලැබෙන තවත් පොදු ලක්ෂණයක් ලෙස හදුන්වන්න පුළුවන් අතර සාමාන්‍යයෙන් මෙය බොහෝ දෙනෙක් නොසලකා හරිනු ලබනවා. වේගයෙන් හුස්මගැනීම , හර්දස්පන්දනය වේගවත් වීම සහ අල්ලට දහදිය දැමීම වැනි ලක්ෂණයන් ශරීරයෙන් ප්‍රකට වෙනවා. බොහොමයක් දෙනෙක් මෙම ලක්ෂණයන් මානසික ආතතියේ සහ සාංකාව කියන තත්වයේ වූ ලක්ෂණයන් පමණක්ම කියා වැරදියට වටහාගනු ලබනවා. ඔබ හෝ ඔබේ ලගම සිටින පුගලයන් ඉක්මනින් කලබලවෙන සහ සෑම වෙලාවකම වික්ෂිප්ත වී සිටින ස්වාභායකින් යුතු නම් අනෙකුත් හර්දයබාද ලක්ෂණයනුත් දැකගැනීමට තිබෙනවාද කියා  පරික්ෂා කර බලන්න. 


    මේ ඉහත සදහන් කරනු ලැබුණු ලක්ෂණයන් වලට අමතරව හර්දස්පන්දනයේ දෝෂයන්, රාත්‍රියේදී කිහිපසැරයක් මුත්‍රා කිරීම, සැමවිටම අධික වෙහෙසක්, දුර්වල බවක් දැනීම සහ ඇදුම් පැලදුම් වල හිරගතියක් දැනීම වැනි ලක්‍ෂණයන්ද දැකගැනීමට හැකි බව හොදින් මතක තබා ගන්න. මේ ඉහත සදහන් ලක්ෂණයන්  ඔබගෙන් හෝ ඔබට සමීප කෙනෙකුගෙන් දිස් වෙනවනම් කරුණාකර වෛද්‍ය වරයෙකු වෙත යොමු වීමට හොදින් මතක තබා ගන්න.
    - උපුටාගැනීමක් -


    ඔබ සැමට නිදුක් නීරෝගී ජීවිතයක් පතමි.
    තෙරුවන් සරණයි !!!


     

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    bump
    godak watinawa :)

    හොද වටිනව නේ


    ela ela macho
    ++++

    තෙරුවන් සරණයි !!!

    Good Post

    තෙරුවන් සරණයි !

    valuable thread bro .. tfs ... !!!! :yes::yes::yes:

    very useful article. :yes::yes::yes: thanks for sharing. rep 8+

    good post +Rep.

    Thanks machanlaa