දිග ලියමනක්. නමුත් ඉතා වැදගත්. හැමෝම හර්ෂ ද සිල්වා ව දකින්නේ ආර්ථික විද්‍යාඥයෙකු විදිහට, නමුත් හර්ෂ ත් වෙන අය වගේම අජෙන්ඩාවක් තියෙන දේශපාලනඥයෙකු විතරයි.
--------------------------------------------------------------
පහුගිය දවස් වල ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බ්ලු ප්‍රින්ට් එකක් හර්ෂ ද සිල්වා දීලා තිබ්බා. ඒකේ යෝජනා ගැන Rookantha Rajapaksa මගේ අදහස් අහලා තිබ්බා. හර්ෂ ගේ යෝජනා ගැන මගේ අදහස
හර්ෂගේ ආර්ථික සැලැස්ම
* IMF ණය සහනය ලැබෙන කම් රටේ ආර්ථිකය පවත්වා ගෙන යන්න අවශ්යක bridging financing සොයාගන්න අවශ්යේයි කියලා තමයි හර්ෂ පටන් අරන් තියෙන්නේ. නමුත් මේ bridging financing හොයාගන්නේ කොහොම ද කාගෙන් ද කියන එක ගැන හර්ෂ කතා කරලා නැ. ඒක කතා නොකර ආර්ථිකය ගොඩගන්නා සැලැස්මක් හදන්නේ කොහොමද? පහුගිය කාලේ රනිල් වික්රමසිංහ අගමැති වෙලා හිටිය මාස කිහිපයේ පුවත් වාර්තා අරන් බැලුවොත් පැහැදිලිව පෙනෙන්න තිබ්බ කාරණය තමයි, මේ කියන bridging financing හොයාගන්න රජයට සෑහෙන්න අමාරු වෙලා තියන බව. රනිල් වික්රිමසිංහ පැහැදිලිව කිව්වා bridging financing හොයාගන්න බැහැ, කවුරුත් ලංකාවට ණය දෙන්නේ නැ කියලා. ලංකාවට ණය ලබා දෙන්නේ IMF ණය ලැබුණාට පස්සේ තමයි කියලා, ලෝක බැංකුවත් කියලා තිබ්බා.
* හර්ෂ ද සිල්වා ගේන තවත් යෝජනාවක් තමයි රුපියල නැවතත් පා කරන්න කියන එක. මේ අවුරුද්දේ මාර්තු වල හර්ෂ ද සිල්වා හා ගොඩක් අයගේ යෝජනාවන් අනුවත් සමාජයේ ඒ වෙනුවෙන් තිබ්බ බලකිරීම හා අපේ සංචිත හිඳීමත් නිසා මහ බැංකුව රුපියල පා කළා. අපි දන්නවා ඒක අවසාන වුණේ කොහොම ද කියලා. අපේ රුපියල කෙළින්ම කඩා ගෙන වැටුණා. ඩොලරයක මිල රුපියල් 200 ඉඳන් 370ට වගේ කඩාගෙන වැටුණා. ඒකේ ප්රිතිඵලයක් විදිහට භාණ්ඩ මිල අධික ලෙස වැඩි වුණා, තෙල් මිල වැඩි වුණා, ජනයා විශාල වශයෙන් පීඩාවට පත්වෙලා අන්තිමට කැරැල්ලක් පවා ඇති වුණා. අන්තිමට මහ බැංකුවට සිද්ධ වුණා ආපහු මැදිහත් වෙලා රුපියල ආරක්ෂා කරන්න. මේ අවස්ථාවේ දීත් රුපියල, හර්ෂ යෝජනා කරන විදිහට පා කළොත් ආපහු මේ සිද්ධියම සිදුවෙන්න පුළුවන්.
* රුපියල පා කිරීමෙන් ඇති වන උද්ධමනය පාලනය කිරීමට හර්ෂ යෝජනා කරන්නේ පොලී අනුපාත නැවතත් ඉහළට දැමීමයි. අපි පහුගිය දවස් වල පොලී අනුපාත ඉහළට දැම්මා. ඒ තීරණය හින්දා රටේ බැංකු පද්ධතිය මත ලොකු පීඩනයක් එල්ල වෙලා තියනවා. සංකෝචනය වෙන ආර්ථිකයක, ඉහළ පොලී අනුපාත යටතේ තැන්පත්කරුවන්ට පොලිය ගෙවන්න බැංකු වලට පුළුවන් ද? මේක දිගටම පවත්වා ගෙන යන්න පුළුවන් ද? දැනටමත් බැංකු ක්රිියාත්මක වෙන්නේ අසීරු තත්ත්වයකයි. අනික් එක ඉහළ පොලි අනුපාත වල ප්රවතිඵලයක් විදිහට රටේ SME sector කුඩා හා මධ්ය් පරිමාණ ව්යා පාර ගොඩක් කඩා වැටිලා නේද? තවත් පොලි අනුපාත වැඩි කරාම මොකද වෙන්නේ?
* හර්ෂ ද සිල්වා ගේන අනෙක් යෝජනාව තමයි බදු අනුපාතයන් ඉහළ දැමීම. මේක පහුගිය යහපාලන සමයේත් ක්‍රියාත්මක වෙච්ච ප්‍රතිපත්තියක්. ව්‍යාපාරිකයෙක් ආයෝජනයක් කරලා ශුද්ධ ලාභය ගන්නේ බදු ගෙව්වාට පස්සේ නේ. බද්ද ඉහළ දැම්මාම වෙන්නේ ආයෝජනයෙන් තමන්ට ලැබෙන ශුද්ධ ලාභය අඩු වීමයි. එතකොට ආයෝජකයන් සල්ලි යොදවන්න මැලි වෙනවා. ආර්ථික වර්ධනය පහත වැටෙනවා. මේ වගේ තත්ත්වයක් අපි යහපාලන සමයේ දැක්කා. ආර්ථික වර්ධන වේගයත් පහළට වැටෙද්දි ඉහළ බදු අය කරද්දි ව්‍යාපාරයට හිමි වෙන ශුද්ධ ලාභය තවත් අඩු වෙනවා.
* එතකොට ආයෝජනය කරන ව්‍යාපාරිකයා කරන්නේ අදාළ රටෙන් තමන්ගේ ව්‍යාපාර ඉවත් කරවාගෙන වෙනත් රටකට ගෙන යාමයි. පහුගිය යහපාලන කාලේ මේ වගේ දේවල් සිද්ධ වුණා. බංකොලොත් භාවයෙන් මිදෙන්න නම් අපේ අපනයන වර්ධනය කරගත යුතු තත්ත්වයක දී මේ විදිහට ව්‍යාපාර කිරීම අධෛර්යමත් කිරීමෙන් ආර්ථික අර්බුදය ජයගන්නේ කොහොම ද?
* විදුලි හා තෙල් මිල වැඩි කිරීම, රාජ්යන අංශය ඵලදායී කිරීම ගැන කියනවා. රටේ රාජ්යා අංශය productive, efficient, high-quality, digitally enabled workforce බවට පත් කරන්න කියනවා. සෑහෙන හොඳයි. නමුත් මේ සේරටම ආයෝජනය කරන්න අවශ්යyයි. ඒකට සල්ලි අවශ්යයි.
* හර්ෂ ද සිල්වා තවදුරටත් කියන දෙයක් තමයි, As we stabilise, we must also grow. It is essential that we promote trade, industry, agriculture, and services by unshackling markets, increasing competitiveness and productivity, promoting exports and investment, and integrating with global production networks. ඔව්. ඇත්ත. නමුත් බදු වැඩි කරලා පොලි අනුපාත සෑහෙන වැඩි කරලා මේ දේවල් ඉටු කරගන්නේ කොහොම ද?
* 60 දශකයේ දී ලංකාවට පිටුපසින් හිටිය රටවල් ලංකාව පහුකරගෙන ගිහින් ආර්ථික සංවර්ධනය ළඟා කරගෙන තිබිය දී ලංකාව පමණක් ආර්ථික සංවර්ධනය අතින් සැළකිය යුතු ප්රකගතියක් අත්කර ගෙන නැහැයි කියලා කියන හර්ෂ ද සිල්වා, ඒකට හේතුව විදිහට දෙන්නේ 77න් පස්සේ හිටිය නායකයන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකිරීම කියලා කියනවා. නමුත් මේ ප්‍රතිසංස්කරණ මොනවාද කියලා හර්ෂ කියන්නේ නැ. ඒ වගේම ඡන්ද බලාගෙන සුභ සාධන ලබා දීමත් වැරැද්දක් හැටියට හර්ෂ පෙන්වනවා.
ලංකාව ලබා දෙන සුභා සාධන වල යම් වෙනසක් විය යුතු බව ඇත්තක්.
විශේෂයෙන් නොමිලේ අධ්‍යාපනයෙන් අපි රටක් හැටියට බලාපොරොත්තු වුණු දේවල් ලැබිලා ද කියන එක ප්‍රශ්නයක්. නමුත් මේ ගැන කතා කරන්න ගොඩක් දේශපාලකයන් බයයි.
* ලංකාව අනෙක් රටවලට සාපේක්ෂව අඩු සංවර්ධන වේගයක් තිබ්බ බවට හර්ෂ කිව්වාට, ඒක හැම තිස්සේම එහෙම වෙලා නැ. 2010-2013 අතර කාලයේ දී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8%ක් වුණා. ඒක යුද්ධය අවසානයත් එක්ක ඇති වුණු තත්ත්වයක් කියලා නොසළකා හරිමු. නමුත් 2014 වෙද්දිත් 5%ක ආර්ථික වර්ධනයක් තිබ්බා. ඒක හොඳ මට්ටමක්. නමුත් හර්ෂ ද සිල්වාගේ යහපාලන රජය කාලේ තමයි ලංකාවේ ආර්ථික වර්ධනය 5% ඉඳන් 2.5% ට අඩු වුණේ.
ඒක සිද්ධ වුණේ ගෝලීය මට්ටමෙන් සංවර්ධනයට යහපත් තත්ත්වයක් තියෙද්දියි. කොරෝනා වගේ වසංගත තිබ්බේ නැ. විශේෂයෙන් 2011-12 කාලයේ දී තෙල් බැරලයක මිල ඉහළ අගයක් ගත්තා. ඊට සාපේක්ෂව යහපාලන සමයේ තෙල් බැරලයක මිල අඩු වුණා. නමුත් මේ තත්ත්ව යටතේත් ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය අඩු වීම පමණයි සිදුවුණේ.
* හර්ෂ කියනවා 2016 දී ඒ අය IMF එක්ක පටන් ගත්ත වැඩසටහන නිසි ලෙස කරන්න ඉඩ ලබා දුන්නේ නැලු. නමුත් ඇත්ත කතාව තමයි 2014 දි වඩා හොඳ ආර්ථික තත්ත්වයක් එක්ක රටක් අරගෙන 2018 වෙද්දි ආර්ථික අර්බුදයක් ඇති රටක් බවට ලංකාව පත් වුණා. අනාගතයේ දී ලොකු ආර්ථික අර්බුදයක් එන බවත් වාහන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් 2018 වසරේ දීම එවක හිටිය මුදල් අමාත්ය වරයා වෙන මංගල සමරවීර කියා සිටියා. හර්ෂ ද සිල්වා කියන විදිහට 2016 දි පටන් ගත්ත වැඩේ සාර්ථකයි නම් එහෙම වුණේ කොහොම ද? ඒ වගේම රටේ ආර්ථික සංවර්ධනය අඩාල වෙලා තියෙද්දි, ණය බර සෑහෙන වේගයකින් වැඩි වෙලා තියනවා. නිසි සැලැස්මක් යටතේ මෙහෙම වෙන්න පුළුවන් ද?
* යහපාලන සමයේ දී primary account surplus එකක් වාර්තා කළ බව හර්ෂ ද සිල්වා කියනවා. primary account surplus තිබූ පමණින් රටක ආර්ථිකයේ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැ. ඇත්තටම ඒ කාලේ primary account surplus එකක් පෙන්නුවේ රජය විසින් සිදුකළ යුතු ගෙවීම් සෑහෙන පමාණයක් ගෙවන්නේ නැතිව සිටීමෙන්. අන්තිමට ඒවා ගෙවන්න වුණේ ගෝඨාභය රාජපක්ෂ රජයටයි.
මෙතෙක් පැවති ගෝඨාභය රාජපක්ෂ රජයට විරුද්ධව හර්ෂ ද සිල්වා ගේනවා ප්‍රධාන තර්ක දෙකක්.
.
.
.
.
- ඉෂ් ඩයස් -