හරිම ආඩම්බරයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room



    .








    RFicGcW.png







    ඉන්ධන සැපයුම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සයිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට අද (22) අත්සන් තැබුවා. ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි සිදුකෙරුණේ. ඒ ජනාධිපති කාර්යාලයේ දී යි.

    1998 ජුලි මාසයේ දී චීන රාජ්‍ය සමාගමක් ලෙස චයිනා පෙට්‍රොකෙමිකල් කෝපරේෂන් (China Petroleum & Chemical Corporation) පිහිටුවා තිබුණේ ඛනිජ තෙල් හා ඛනිජ රසායනික කර්මාන්තය උපායමාර්ගිකව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කරන ලද පියවරක් ලෙසයි.

    සමාගම විශාලතම තෙල් හා ඛනිජ රසායනික නිෂ්පාදන සැපයුම්කරු වන අතර චීනයේ දෙවන විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයා යි. විශාලතම පිරිපහදු සමාගම සහ ලොව තුන්වන විශාලතම රසායනික සමාගම වන්නේද එයයි. එහි මුළු ඉන්ධන පිරවුම්හල් ගණන ලෝකයේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇති බවයි කියන්නේ. එය 2021 දී Fortune හි ගෝලීය 500 දෙනාගේ ලැයිස්තුවේ 5 වන ස්ථානයට පත්වූ සමාගමයි.
    ඛනිජ තෙල්, ගල් අඟුරු සහ ස්වාභාවික වායු ගවේෂණය, නිෂ්පාදනය, පිරිසිදු කිරීම, ගබඩා කිරීම සහ සැපයුම් ව්‍යාපාරයක් ලෙස මෙම සමාගම කටයුතු කරනවා.

    අද සිදුකළ ගිවිසුම් ගතවීම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ සයිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අළෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් (Chen Chengmim) අතර සිදුව තිබෙනවා.
    ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම පියවරට එළැඹුණු බවයි කියන්නේ.

    පසුගිය සමයේ ඉන්ධන නැව්ගත කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විශාල අභියෝගයකට මුහුණ දෙනු ලැබුවායි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය විවිධ උපාය මාර්ග සොයා බැලූ අතර ඊට පිළියමක් ලෙස ඉන්ධන නිෂ්පාදනය කරන රටවල පිහිටුවා ඇති පිළිගත් ඛනිජ තෙල් සමාගම්වලින් ශ්‍රි ලංකාවට ඉන්ධන සැපයුම පිළිබඳ විමසන ලද බව ඔවුන් පවසනවා.

    “එහි අරමුණ වූයේ මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අළෙවි නියෝජිත ජාලයන් තුළින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අළෙවිය සිදු කිරීමයි. ඒ අනුව මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.

    එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් ආරම්භක වසරක මෙහෙයුම් කාලය තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි.

    කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.
    එම සමාගම් වන්නේ,

    Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.
    United Petroleum Pty Ltd, 600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව.
    Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව.
    බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලිය තුළින් වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය ඉන්ධන සැපයුමක් සහතික කෙරෙන අතර රටේ බලශක්ති ක්ෂේත්‍රය නංවාලීමට ද එය දායක වනු ඇත” යි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, චීන තානාපති කිව් ෂෙන්හෝං (Qi Zhenhong) යන මහත්වරු සහ සිනොපෙක් සමාගමේ සභාපති Yu Baocai, ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Fan Liping ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව පැවසෙනවා.

    මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සයිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම අනුව වසර විස්සක කාලයක් සදහා සයිනොපෙක් සමාගමට මෙරටට ඉන්ධන ආනයනය කිරිමට හා මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිවනවා. මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු ද සයිනොපෙක් සමාගමට හිමිවන අතර තවත් නවීන ඉන්ධනහල් 50 ක් මෙරට ඉදිකිරීමට සහ මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයද ඔවුන් සිදුකරනු ඇති බවයි කියන්නේ.



    :love: