හරිම Underwear එක අඳින්න, නැත්නම් අවුල්
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව උඩ ඇඳුම් පිලිබඳ විශේෂ සැලකිල්ලක් තිබුණද යට ඇඳුම් පිළිබඳ ඒ හැටි උනන්දුවක් නැතිවීම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසාම යට ඇඳුම් පිළිබඳ සැළකිළිමත් අයට තවත් දැනුවත් වෙන්නත්, නොසැළකිළිමත් අයට සැලකිලිමත් වෙන්නත් මෙම ලිපිය උපකාරී වේවි.
ඇඳුම් තෙත්වීම සහ ඒවායේ රැඳෙන තෙත හේතුකොට දිලීර ආසාදන ඇතිවීමට පුළුවන. මේ නිසා හැමවිටම පිරිසිදු (හොඳින් සෝදා වියළා ගත්) යට ඇඳුම් ඇඳීමටත් ඒවා පැය 8 කට වඩා එක දිගට ඇඳ නොසිටීමටත් වගබලාගත යුතුය. මෙය විශේෂයෙන්ම වැදගත්වන්නේ ඉකිළි ප්‍රදේශවල වැඩියෙන් දහඩිය දැමීම නිසාත් අපිරිසිදු හා රළු යට ඇඳුම් ඇඳීම නිසාත් රිංවර්ම් ලෙස හැඳින්වෙන දිලීර ආසාදනය ඇතිවීමට සහ සීරීම්, සැරව ගෙඩි සහ තුවාල ඇතිවීමට ඉඩකඩ තිබෙන බැවිණි.යට ඇඳුම් තෙත්වීම සහ ඒවායේ රැඳෙන තෙත හේතුකොට දිලීර ආසාදන ඇතිවීමට පුළුවන.
මේ නිසා හැමවිටම පිරිසිදු (හොඳින් සෝදා වියළා ගත්) යට ඇඳුම් ඇඳීමටත් ඒවා පැය 8 කට වඩා එක දිගට ඇඳ නොසිටීමටත් වගබලාගත යුතුය. මෙය විශේෂයෙන්ම වැදගත්වන්නේ ඉකිළි ප්‍රදේශවල වැඩියෙන් දහඩිය දැමීම නිසාත් අපිරිසිදු හා රළු යට ඇඳුම් ඇඳීම නිසාත් රිංවර්ම් ලෙස හැඳින්වෙන දිලීර ආසාදනය ඇතිවීමට සහ සීරීම්, සැරව ගෙඩි සහ තුවාල ඇතිවීමට ඉඩකඩ තිබෙන බැවිණි.
කාන්තා යට ඇඳුම්- පෑන්ටි ගැන සලකා බැලුවද ලිංගික ඉන්ද්රියයන්ගේ බාහිර කොටස්වලට ආරක්ෂාව සැලසීමත්, විලි වසා ගැනීමට උදව් වීමත් දැකිය හැකිය. එහෙත් යෝනි මාර්ගයෙන් ස්රාවය වන දියර වර්ග බාහිර ඇඳුම තෙත් කිරීමට ඉඩ නොදී රඳවා ගැනීම, ගන්ධය පිටවීම වැළැක්වීම සහ මුත්‍ර මාර්ගීය ආසාදන වලින් ආරක්ෂාව සැලසීම යනාදිය ඒවාට වඩා වැඩි ප්‍රයෝජනයක් අත් කරයි. පැය 8 කට වැඩිකාලයක් එකම යට ඇඳුම ඇඳ සිටීම සෞඛ්‍යට අහිතකරය.
කාන්තාවන්ද තෝරාගත යුත්තේ කපු පිළියෙන් කළ වාතාශ්‍රය සපයන සිදුරු සහිත යට ඇඳුම් බවට විවාදයක් නැත. එහෙත් කෘත්‍රිම රෙද්දෙන් නිමකළ හෝ කපු රෙදිවලින් නිමකොට ඇති යට ඇඳුම්වලට යොදා ඇති කෘත්‍රිම රෙදි මෝස්තර, තදවන පටි, ඉඟටියට හිරවන මැස්ම ආදිය නිසා අසාත්මිකතා ඇතිවිය හැකිය.
විශේෂයෙන්ම ඉකිලි සහ ලිංගික ප්‍රදේශයෙන් ස්රාවය වන දියර මත බැක්ටීරියා බෝවීම නිසා දුඟදක් ඇතිවිය හැකිය. යෝනි මාර්ගයෙන් නික්මෙන ස්‍රාව “මිදුනු කිරි” වැනි අපවිත්‍ර දේ යට ඇඳුමෙහි තැන්පත් කර ඇත්නම් එය දිලීර ආසාදනයක් හඟවයි. පිරිමින් මෙන්ම කාන්තාවන්ද සිය යට ඇඳුම් තෝරා ගැනීමේදී ඉඟවට ප්‍රමාණයට ගැලපෙන, කලවා සහ තට්ටම් පෙදෙස්වලට ඉතා තද නොවන යට ඇඳුම් තෝරාගත යුතුය. ඇඟට තද යට ඇඳුම් අපහසුතාවක් ඇති කරනවා මෙන්ම සමහරවිට අවලස්සන පෙනුමක් ලබාදීමටද සමත්ය.
කාන්තා යට ඇඳුම් තෝරා ගැනීමේදී වර්ණය ගැනද සිතිය යුතුය. උඩ ඇඳුම ඝනකම නැත්නම් ඒ තුළින් යට ඇඳුමෙහි යම් ප්‍රමාණයන් පාරදෘෂ්‍ය වේ නම් අපහසුතාවන්ට ලක්වීමට සිදුවෙයි. එහෙයින් උඩ ඇඳුම පරදා කැපී පෙනෙන යට ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුය. දවසක් ඇන්ද යට ඇඳුමක් දෙවන දවසේ ඇඳීම කාන්තා - පිරිමි දෙපාර්ශවයම නොකළ යුතුය. එවැනි ඇඳුම් එතරම් සැර නැති රෙදි සෝදන කුඩු හෝ සබන් හෝ දමා පිරිසිදු වතුරෙන් හොඳින් සෝදා (සබන් හෝ සබන් කුඩු සම්පූර්ණයෙන්ම ඉවත්ව යන තුරු) ඉතා හොඳින් වියැලෙන තුරු හිරු එළියෙන් වියළා ගත යුතු බව මතක තබා ගන්න.
නමගිය ජොකියෝ හැඳ ඩෙනිම ඊට මදක් පහලින් ඇඳ ජොකා පෙන්න පෙන්න යන විලාසිතාව අද සුලභව දකින්නට ඇතත් කොල්ලන් සිතිය යුතු යමක් තිබේ. ඒ Branded ජොකා පෙන්නනවද එහෙමත් නැතිනම් සෞඛ්‍යයට හිතකර ජොකෙක් හැඳිනවාද යන්නයි.
අද වන විට වෙළඳ පොලේ යට ඇඳුම් වර්ග සහ මාදිළි රාශියක් දැකිය හැකියි.නමුත් සුදුසු වර්ග පමණක් භාවිතා කිරීමට අප බුද්ධිමත් විය යුතුයි.
දැන් අප එක් එක් යට ඇඳුම් වර්ග ගැන සළකා බලමු.
1.Briefs
ශ්‍රී ලංකාවේ පිරිමින් කලක පටන්ම ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ Briefs/Bikini Breifs වර්ගයේ යට ඇඳුම් නියම ප්‍රමිතියෙන් හා කපු රෙදිවලින් නිමවා ඇත්නම් මෙම යට ඇඳුම් වර්ගය නිතර පාවිච්චියට සුදුසු වර්ගයකි.කෙටි, සැහැල්ලු ස්වභාවය නිසා සිසිලස වැඩි අතර හොඳින් දහඩිය උරාගැනීමද සිදු කෙරෙයි. එමෙන්ම වෘෂණ වලටද හොඳ ආධාරකයක් (support) ලබා දෙන අතර ශිෂ්ණය ප්‍රාණවත් වීම්ද පිටතට නොපෙනෙන ලෙස පාලනය කරයි.
2.Jockstraps
ශ්‍රී ලංකාවේ තවත් සුලබව භාවිතාවෙන යට ඇඳුම් මාදිලියක් නම් Jockstrap/supporter වර්ගයයි.පටි ජොකා ලෙසද,සපෝටර් ලෙසද සාමාන්‍යය ව්‍යවහාරයේදී හැඳින් වෙන්නේ මෙම වර්ගයයි.මෙහි ඇති විශේෂ වැදගත් ලක්ෂණයක් නම් වෘෂණ වලට ඉතාම හොඳ ආධාරයක් ලබා දීමයි.එනිසාම විශේෂයෙන්ම ක්‍රීඩා කිරීමේදී හා කාය වර්ධන ව්‍යායාම් කිරීමේදී වෘෂණ කෝෂවලට අවශ්‍ය අමතර ආධාරකයක් ලබා දීමට හා ආරක්ෂාවක් ලබා දීම සඳහා මෙම යට ඇඳුම් වර්ගය භාවිතා කෙරෙනවා. එමෙන්ම වෘෂණ කෝෂවල යම් යම් ප්‍රශ්න ඇති තරුණයන්ට මෙන්ම hernia repair වැනි සැත්කම් වලින් පසුවද මෙම යට ඇඳුම් වර්ගය පාවිච්චි කිරීමට වෛද්‍යවරු උපදෙස් දෙනවා.
මෙම වර්ගයේ ඇති තවත් ඉතා වැදගත් වාසියක් නම් ඉන් ඇතිවන සිසිල් ස්වභාවයයි.මෙහි ඇති කෙටි හා පිටුපස නිරාවරණය වූ ස්වභාවය නිසා හොඳින් වාතාශ්‍රය ලැබී දහඩිය වාෂ්ප වී සිසිල් ස්වභාවයක් ලබා දෙනවා.සිරුරට දහඩිය දමන, සිරුරේ උෂ්ණත්වය වැඩි වන ව්‍යායාමවලදී මෙය ඉතාම වැදගත්. මෙහි තවත් වැදගත් වාසි නම් ඉකිලිවල දහඩිය හොඳින් උරා ගැනීම,ශිෂ්ණය ප්‍රාණවත් වීම් හොඳින් පාලනය කිරීම හා සේදූ පසු ඉක්මණින් වියලීමයි. මෙම යට ඇඳුම් වර්ගය පාවිච්චි කිරීමේදී සමහර තරුණයන් සිදු කරන වරදක් නම් වෙනත් යට ඇඳුමක් උඩින් මෙය ඇඳීම හෝ වෙනත් යට ඇඳුමක් මෙය මතින් ඇඳීමයි. supporter නිපදවා ඇත්තේ හා භාවිතා කළ යුතු වන්නේ තනි යට ඇඳුමක් ලෙසයි.
වෙනත් ඇඳුමක් මතින් suppoter ඇඳීමෙන් නිවැරදි ආධාරකයක් වෘෂණ වලට නොලැබෙන අතර වෘෂණවල උෂ්ණත්වය ඉහළ යාමෙන් මඳ සරු භාවය ඇති විය හැක.එමෙන්ම වෙනත් යට ඇඳුමක් supporter එක මතින් ඇඳීමෙන් ද වෘෂණවල උෂ්ණත්වය ඉහළ යාමෙන් මඳ සරු භාවය ඇති විය හැක.
විශේෂයෙන්ම මෙම වරද සිදු වන්නේ gym යන තරුණයන් අතරයි.සවස gym භවිතා කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමේදී සාමාන්‍යයෙන් පවිච්චි කරන Brief එක මතටම supporter එක ඇඳීම සිදු කෙරනවා.
නමුත් නිවැරදි ආරක්ෂිත ක්‍රමය වන්නේ Brief එක ඉවත් කොට suppoter එක පමණක් යට ඇඳුම ලෙස ඇඳීමයි.එසේ නොමැති නම් Briefs වෙනුවට suppoter එකම සමාන්‍ය යට ඇඳුම ලෙස gym යන දිනවලට පමණක් හෝ එදිනෙදා භාවිතා කළ හැකියි.
3.Thongs
අප රටේ පිරිමින් අතර එතරම් භාවිතා නොවන අනෙක් යට ඇඳුම් වර්ගය නම් Thong මාදිලියයි.විශේෂයෙන්ම මෙම වර්ගය භාවිතා වන්නේ තද, තුනී කලිසම් ඇඳීමේතදී යට ඇඳුමේ පටි/දාර පිටතට පෙනීම වැළැක්වීමටයි. විශේෂයෙන්ම පිරිමි Ballet Dancers පාවිච්චි කරන්නේ මෙම වර්ගයයි.මෑතදී පිරිමි erotic wear ලෙස මෙම වර්ගය බහුලව භාවිතා වන අතර Male strippers අතරද බහුලවම භාවිතා වෙයි.
4.Tanga
මෙම Tanga මාදිළියද Briefs වර්ගයේම එකකි.මෙම වර්ගය ඉදිරි පස Jockstrap මෙන් සකසා ඇති මුත් පිටු පස සම්පූර්ණයෙන්ම ආවරණය වේ.මෙමගින් සාමාන්‍යය brief එකකට වඩා support එකක් ලැබෙන අතර සාම්ප්‍රදායික උතුරු ඉන්දියානු පිරිමි යට ඇඳුමට සමාන කමක් දක්වයි.
5.Male G strings and Erotic wear
බටහිර රටවල කාන්තාවන් මෙන්ම පිරිමින් ද ලිංගික හැසිරීමට පෙර foreplay සඳහා නොයෙක් දේ භාවිතා කරති.සිය සහකාරිය උපරිම ලෙස උද්දීපනය කිරීමට foreplay සඳහා භාවිතා වන යට ඇඳුම්ද ඒ අතර ප්රමුඛ තැනක් ගනී.G string වර්ගය එවැන්නකි. මේ Sling මාදිළියෙහි ඇත්තේ ඉන වටා ඇති පටිය පමණකි.එය බයිසිකල් පැදීම වැනි ක්‍රීඩා වලදී ඉකිලි කැපීම වැළැක්වීම සඳහා නිර්මාණය වූවකි.එය Erotic wear වශයෙන්ද අද භාවිතා වෙයි.
7.Boxerbrief
මීට අමතරව තවත් බටහිර රටවල භාවිතා වන Long Jones,boxers,boxer briefs,compression shorts වැනි මාදිලි රැසක් ඇතත් ඒවා ශ්‍රී ලංකාව වැනි උෂ්ණධික රට වලට එතරම් සුදුසු නැත. මෑත කාලීනව ශ්‍රී ලංකාවේද තරමක් ප්‍රචලිත වූ boxer brief වර්ගයද එවැන්නකි. කොට කලිසම්/shorts වැනි එවැනි දෑ යට ඇඳුම් ලෙස උෂ්ණාධික පරිසරවලට එතරම් සුදුසු නැත. බොහෝ විට එවැනි දේ නිපද වෙන්නේ ශීත රට වලට පමණක් සුදුසු රෙදි වර්ග වලිනි. එමෙන්ම ඒවායින් උෂ්ණ රටවලදී වෘෂණවලට අවශ්‍ය ආධාරයක් සැපයෙන්නේද නැත. එමෙන්ම ඉකිලිවල දහඩිය උරා ගැනීමක්ද සිදු නොවේ. බොහෝ ප්‍රදේශයක් අනවශ්‍ය ලෙස ආවරණය වන නිසා උෂ්ණත්වයද අනවශ්‍ය ලෙස ඉහළ යයි. දීර්ඝ කාලීනව එවනි නුසුදුසු යට ඇඳුම් භාවිතා කිරීම නිසා මඳ සරු භාවය ඇතුලු නොයෙක් ප්‍රශ්න ඇති විය හැක.
පොදුවේ ගත් කල හොඳින් දහඩිය උරාගන්නා කපු රෙදි වලින් නිමවූ, අප රටට ගැළපෙන මාදිළියක යට ඇඳුම් භාවිතා කළ යුතුයි. එමෙන්ම ඒවා හොඳ ප්‍රමිතියකින් නිමවා තිබීමද වැදගත්. නැතිනම් ඉකිලි තුවාල වීම වැනි ප්‍රශ්නද,විවිධ ආසාදනද ඇති විය හැකියි. අනෙක් වැදගත්ම කරුණ නම් තමන්ට හරියටම සරිලන ප්‍රමානය (size) තෝරා ගැනීමයි. විවිධ මාදිළි විවිධ මිමි වලට නිපදවා ඇති නිසා අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි. යට ඇඳුම් ඇඳීමේදී සමහර තරුණයන් කරන වරදක් නම් යට ඇඳුම උඩින් තවත් යට කලිසමක්/shorts/boxers ඇඳීමයි. මෙය ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවලට සුදුසු නෑ. එමගින් වෘෂණ වල උෂ්ණත්වය වැඩිවී නිසරු භාවය ඇති විය හැකියි.
එමෙන්ම සේදීමකින් තොරව එක් වරකට වඩා යට ඇඳුමක් ඇදීම සුදුසු නැහැ.දහඩිය,ලිංගික ස්රාවයන්,මුත්‍රා බිඳිති උරගත් පසු යට ඇඳුම් විෂ බීජ වර්ධනය වීමට හොඳ මාධ්‍යයක්.එමගින් විවිධ ආසාදන රෝග ඇති විය හැකියි. එනිසා සෑම දිනකම යට ඇඳුම් සේදීමත්, හොඳින් අව්වේ දමා වේලා ගැනීමත් වැදගත්. හොඳින් වේලා නොගත හොත් විවිධ පුස් වර්ග වර්ධනය විය හැකි අතර,වරක් වර්ධනය වූ පසු ඒවා ඉවත් කිරීම ඉතා අපහසුයි. යට ඇඳුම්,විශේෂයෙන්ම තෙත රැඳෙන දාර Iron කළ හැකිනම් එය ඉතා හොඳයි. එමෙන්ම සිරුරේ තෙත ගතිය ඇති විට,විශේෂයෙන්ම නෑමෙන් පසු ලිංගික අවයව,ඉකිලි ප්‍රදේශ හොඳින් පිස දැමීමෙන් පසුව යට ඇඳුම් ඇඳිය යුතුයි. ඇත්තෙන්ම අනෙක් ඇඳුම් වලට සාපේක්ෂව යට ඇඳුම් වලට අපි දක්වන අවධානය අඩුවුනත් ඇත්තටම සෞඛ්‍යය පැත්තෙන් බලනකොට යට ඇඳුම් හරිම වැදගත්. ඒ නිසා අද ඉඳන් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.
විවිධ යට ඇඳුම් වර්ග තවත් තියෙනවා ඒවා ඊලඟ ලිපියෙන්
උපුටා ගැනීම - www.her.lk

උබත් අදිනවා ඇති..