කොරොනා වලින් බේරෙන්නත් එපෑයි
ඔව් බන්. ඇඩ්මිට් කරන්න ගෙනාවම මුලින් කිව්වෙ PCR එකක් කරල තමා වාට්ටුවට ගන්නෙ කියල. ඒකට PCR pending වාට්ටුවට දාන්න ඕන කිව්ව. ඒකෙ ඉතින් පොසිටිව් අයයි නෙගටිව් අයයි සේරම ඉන්නව. හිතනකො ඒකෙ දාල මේ ලෙඩ අස්සෙ නැතති කොරෝනාවකුත් හැදුනොත් ඉල්ලන් කෑවා වගේ වෙනවනෙ. දීපු ටිකට් එජ ආයෙ දීලා කැමැත්තෙන් යනව කියල පොතේ ලියල ගිහින් ප්‍රයිවට් ඇඩ්මිට් කලා.
ඒකෙ රැපිඩ් ඇන්ටිජන් එකක් කරල නෙගටිව් කියල ඇඩ්මිට් කරගත්තා. ආයෙ පැය 8ක් යද්දි නාගොඩටම එව්ව අපිට මෙයාව ICU දාන්න වෙනව දවසකට බෙඩ් එකට විතරක් 26,000ක් කිව්ව බෙහෙත් නැතුව. අනික කවද වෙනකන්ද කොහෙන් ඉවර වෙයිද කියල කියන්න බෑ කිව්ව.
ඒකෙ හිටියොත් ගෙවලුත් විකුනන්න වෙන සීන් එකක් තියෙන්නෙ කියක තේරුන නිසා නාගොඩටම මාරු කරන්න කිව්ව. අර පැය 8ටත් බිල 40,000ක් ආවා. ඒකත් ගෙවල උන්ගෙම ඇම්බුලන්ස් එකකින් නාගොඩ ගෙනාවා එදාම.
වෙලාවට අරුන්ගෙ රැපිඩ් එක නෙගටිව් කියල තිබ්බ නිසා ආයෙ PCR වෝඩ් වලට දැම්මෙ නෑ කෙලින්ම ETU දැම්ම. එතනින් පහුවෙනිදා ආයෙ ICU දැම්ම. අද තමා දවස් 4කට පස්සෙ වෝඩ් එකට දැම්මෙ ICU ඉඳලා.
හිතපන්කො ආන්ඩුවෙන් මේ පහසුකම් නොදුන්න නම් රටෙන් බාගයක්ම නෑ. ජනගහනෙ කෝටියකට විතර අඩුවෙන්න තිබ්බ ප්‍රයිවට් හොස්පිට්ල් වල බිල් ගෙවන්න බැරුව මැරිලම. අන්නෙ ඒකයි සිරි ලංකාවෙ හොඳේ.