හරියට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද?

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    හරියට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද?

    හරියට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද?
    (නොකියූ කතාව)

    37896591_1703907466396835_5920701379193602048_n.jpg


    "ඇමති දයා ගමගේ මැදිහත්වීමෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ දිවිබේරෙයි."

    මේ අපි පසුගිය සතියේ දැකපු ප්‍රවෘත්තියක්. මේ සිද්ධියට අදාළ විඩියෝව අත්තර්ජාලයේ ලැව් ගින්නක් ලෙස පැතිර ගියා. කට්ටියක් ඇමතිතුමාගේ ස්ථානෝචිත ප්‍රඥාව ගැන හොඳ කියන කොට තවත් කට්ටියක් වැරදි ක්‍රමයකට ප්‍රථමාධාර දීම සම්බන්ධයෙන් මේ සිදුවීම විවේචනය කළා.

    නමුත් මේ සිදුවීම අපිට වැදගත් පාඩමක් කියා දෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමකදී ඉක්මණින් වෛද්‍යව‍රයෙක්ගේ සහාය ලබා ගන්නට විදියක් නෑ. ඉතින් සමහර පොඩි දේවල් තිබෙනවා වෛද්‍යමය නොවන පුද්ගලයිනුත් දැන සිටිය යුතු, ජීවිතයක් බේරා ගැනීමේ තීරණාත්මක අවස්ථාවකදී. අපි ප්‍රථමාධාර නැතිනම් first-aid හෝ basic life support ලෙස හඳුන්වන්නේ මෙයයි.

    ප්‍රථමාධාර නැත්නම් basic life support කියන්නේ මොකද්ද?

    පුද්ගලයෙකුගේ ජීවිතයට තර්ජනයක් ඇති අවස්ථාවකදී එම පුද්ගලයාව රෝහලකට ගෙනියන කාලය අතර ජීවිතය ආරක්ෂා කරගැනීමට ලබාදිය යුතු මූලික ප්‍රතිකාරයයි. මෙය පුහුණුවූ අනුපූරක වෛද්‍ය සහායකයෙකුට (paramedic) හෝ පුහුණුව ලැබූ වෙනත් ඕනෑම අයෙකුට ලබා දිය හැකියි.

    කවුද මේක දැනගෙන ඉන්න ඕන?

    ලංකාවේ දැනට නිවැරදිව ක්‍රියාත්මක වන අනුපූරක වෛද්‍ය සහායකයන්ගේ සේවයක් දීප ව්‍යාප්තව නැහැ. එම කාර්යය යම්තාක් දුරට පිරිමැහෙන්නේ 1990 සුවසැරිය ගිලන්රථ සේවාවෙන්. නමුත් මෙම සේවයත් කොළඹ ඇතුලු බස්නාහිර පළාතට පමණයි දැනට ලැබෙන්නේ. මේ ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලය ලෙස හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරියෙකු, රියදුරෙකු ඇතුලත්.

    ඉතින් මෙම කාර්යය බොහෝ දුරට ඉටු වන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් හෝ වාසනාවකට වෛද්‍ය සේවයේ යෙදෙන පුද්ගලයෙකු සිදුවීම සිදුවන අසලක සිටියොත් තමයි. මේ නිසා සියලු දෙනාටම මේ පිළිබඳ දළ අදහසක් හෝ තිබිය යුතුයි.

    කාටද ප්‍රථමාධාර අවශ්‍ය?

    » දියේ ගිලීමකට ලක්වූ අය
    » විදුලි සැර වැදීමකට ලක්වූ අය
    » හෘදයාබාධයක් ඇතිවු අය
    » රිය අනතුරකට හෝ වෙනත් අනතුරකට ලක්වූ අය
    » වීෂ වීමකට ලක්වූ අය
    » සර්ප දෂ්ඨනයකට ලක්වූ අය

    ප්‍රථමාධාර ලබාදීමේ මූලික පියවර මොනවාද?

    1. තමන්ගේ සහ අනතුරට ලක්ව ඇති පුද්ගලයාගේ ආරක්ෂාව තහවුරු කිරීම.


    මෙහිදී අනතුරට ලක්ව ඇති පුද්ගලයාව අනතුරුකාරී ප්‍රදේශයෙන් ඉවත් කළ යුතුයි (උදා: විදුලි සැර වැදීමකදී අදාළ විදුලි රැහැන ඇති ප්‍රදේශයෙන්). මෙහිදී තමන්ගේ ආරක්ෂාවද සපයා ගැනීමට ප්‍රථමාධාර සපයන පුද්ගලයා කල්පනාකාරී විය යුතුයි.

    2. අනතුරට ලක්ව ඇති පුද්ගලයා ප්‍රතිචාර දක්වනවා දැයි බැලීම.

    මෙහෙදී අදාළ පුද්ගලයාගේ උරහිසින් අල්ලා සොලවා “ඔබේ නම කුමක්ද? ඔබට කොහොමද?” ලෙස ගැටලුවක් යොමු කර ‍ඔහු පිළිතුරු දෙනවා දැයි පරික්ෂා කළ යුතුයි.

    මෙහිදී අදාළ පුද්ගලයා කතා කරනවා නම් බොහෝ දුරට ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන යම් අදහසක් ගැනීමට හැකියි.

    නමුත් කිසිම ප්‍රතිචාරයක් නැතිනම්, ඊලඟ පියවරට යායුතුයි.

    3. උදව් ඉල්ලීම.

    අදාළ පුද්ගලයාගෙන් ප්‍රතිචාරයක් නැති විට බොහෝ විට ඔහුව රෝහල්ගත කරන්නට සිදුවිය හැකියි. මෙවැනි අවස්ථාවක පුහුණු වෛද්‍යවරයෙකු පවා මුලින්ම කළ යුත්තේ තවත් අයගේ උදව් ඉල්ලීමයි. කිසිම විටෙක තනිව මෙවැනි අවස්ථා හැසිරවීමට යාමෙන් වැළකිය යුතුයි.
    මෙ‍හිදී බස්නාහිර පළාතේ දී 1990 අමතා සුවසැරිය ගිලන්රථ සේවාවේ සහය ලබා ගත හැකි අතර ඉන් පිටත පළාත‍කදී හැකි ඉක්මණින් රෝගියා ලඟම රජයේ රෝහලකට ගෙනයාමට ප්‍රවාහන පහසුකම් සපයා ගත යුතුයි.

    4. ශ්වසන මාර්ගය පරික්ෂා කිරීම.

    » පුද්ගලයා උඩුබැලි අතට පැතලි පොළවක දිගාකරවන්න.
    » ඔහුගේ නළල මත අත තබා හිස උඩු අතට හරවන්න. ඔබේ ඇඟිලි තුඩු වලින් ඔහුගේ නිකට ඔසවා ශ්වසන මාර්ගය විවෘත කරගන්න.
    » මුඛය තුළ යමක් සිරවී ඇතිනම් පරිස්සමෙන් එය ඉවත් කරන්න.

    5. හුස්ම ගැනීම සිදුවෙනවා දැයි පරික්ෂා කිරීම.

    » තත්පර 10ක් තුළ වඩා සාමාන්‍ය හුස්ම ගැනීම සිදුවේ දැයි බලන්න, සවන් දෙන්න.
    » හෘදයාබාධයකදී මුල් විනාඩි කිහිපය තුළ හුස්ම ගැනීමට අදාළ පුද්ගලයා දැඩි වෙහෙසක් ගන්නා අතර එයද බොහොම මන්දගාමීවේ. සාමාන්‍ය හුස්ම ගැනීම සමඟ මෙය පටලවා නොගත යුතුයි.
    » ශ්වසනය අසාමාන්‍ය බවට ඔබට සැකයක් ඇත්නම්, ඊලඟ පියවර ලෙස CPR (cardiopulmonary resuscitation) ආරම්භ කිරීමට ඔබ සූදානම් විය යුතුය.

    6. සංසරණ පද්ධතිය පරික්ෂා කිරීම සහ පවත්වාගෙන යාම.

    ශරීරයේ මොළය ඇතුලු අත්‍යවශ්‍ය අවයව සියල්ලේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක පරිවහනය කෙරෙන්නේ රුධිර සංසරණ පද්ධතිය හරහායි. මෙහිදී පොම්පය ලෙස ක්‍රියා කරන හෘදය, හෘදයාබාධයකදී ක්‍රියාකාරීත්වය අඩුවීම හෝ නතරවීම සිදුවිය හැකියි.

    අතේ හෝ බෙල්ලේ නාඩි පරික්ෂා කිරීමෙන් හෝ හෘදයට කන තබා සවන් දීමෙන් මෙය පරික්ෂා කළ හැකියි.

    7. CPR නොහොත් හෘදය සම්බාහනය (chest compression) ලබාදීම.

    ඉහත 4, 5, 6 කොටස් වලදී සැකයක් ඇතිනම් ආරම්භ කළ යුතුයි.

    » පුද්ගලයාගේ පැත්තෙන් දණ ගසන්න.
    » හුරු අතක් පපුව මධ්‍යයේ තබා ඊට උඩින් ඔබේ අත තබන්න. ඇඟිලි වලින් අත් දෙක තදින් නොසෙල්වෙන සේ අල්ලා ගන්න. (interlock fingers)
    » ඔබේ අත් කෙළින් තබා ගන්න. වැලමිටෙන් අත් නොනමන්න.
    ඔබේ උරහිස් ඔහුගේ පපුව කෙලින් ගෙන එන්න. ක්‍රමයෙන් පහළට 5cm පමණ ගැඹුරට හෘදය සම්බාහනය ආරම්භ කරන්න. මෙය විනාඩියකට සම්බාහන වාර 100ක වේග‍යකින් ලබා දිය යුතුයි.

    8. කෘතිම ශ්වසනය (rescue breaths) ලබා දීම.

    සෑම හෘද සම්බාහන වාර 30කටම මුඛය විවෘත කර කෘතිම ශ්වසනය දෙවාරයක් ලබා දිය යුතුයි.

    » හෘද සම්බාහනය තාවකාලිකව නතර කරන්න.
    » එක් අතකින්‍ රෝගියාගේ නාසය තද කර අල්ලා ගන්න.
    » නිකටින් ඔසවා පෙර පරිදි මුඛය විවෘත කර ගන්න.
    » ගැඹුරු හුස්මක් ගෙන මුවට මුව තබා කෘතිම ශ්වසන වාර දෙකක් ලබා දෙන්න.

    මේ සඳහා තත්පර 10කට වැඩි කාලයක් වැය නොකළ යුතුයි. අවසානයේ වහාම නැවත හෘද සම්බාහනය ආරම්භ කළ යුතුයි.

    9. CPR නතර කළ යුත්තේ,

    » සෞඛ්‍ය සේවකයෙකුගේ සහය ලැබුනහොත්
    » ඔබ විඩාවට පත්වී ඇත්නම්,
    » අදාළ පුද්ගලයා ප්‍රතිචාර දැක්වු‍වහොත් පමණි.

    අනෙක් සියලු අවස්ථා වලදී එය දිගටම කරගෙන යාම ජීවිතය බේරා ගැනීමට උපකාරීවේ.

    10. අදාළ පුද්ගලයා හුස්ම ගැනීමට පටන් ගතහොත්,

    » ඔහුව වම් පැත්තට හරවන්න.
    » ඉහලින් ඇති පාදය දනහිසෙන් නවා පපුව දෙසට ගෙන එන්න.
    » මුඛය විවෘතව තබා ගන්න.
    » හුස්ම ගැනී‍මේ රටාව ගැන පරික්ෂාකාරී වන්න. නැවත ඔහු අසාධ්‍ය තත්වයට පත්විය හැකියි. ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

    (හෘදය නැවත පණගැන්වීමට භාවිතා කළ හැකි AED උපාංග ලංකාවේ ‍පොදු ජනයාට ලබා ගැනීමට නොහැකි නිසා එම පියවර ගැන සඳහන් ‍කර නැති බව කරුණාවෙන් සළකන්න.)

    පාසල් දරුවෙකුට පවා ලේසියෙන් මතක තබා ගත හැකි කෙටි පියවර දහයකින් මා ඔබට ඒ ඉදිරිපත් කලේ මූලික ජීවිත ආධාරක ක්‍රමයයි.

    වෛද්‍යවරු වශයෙන් අපි පවා වසර කීපයකින් නැවත අලුත් කළ යුතු ප්‍රථමාධාර පුහුණුවකට ලක්විය යුතුයි. මෙය දියුණු රටවල පාසල් පද්ධතිය තුළදීම ඉගැන්වෙන මූලික සිද්ධාන්තයක්. නමුත් තවමත් අපේ රට එතැනට පැමිණ නැති බව කියන්නට සිදුවීම කණගාටුවට කරුණක්.

    මේ අඩුව පිරවීමට මෙම ලිපිය යම් අයුරකින් හෝ දායක උනා කියලා ඔබ හිතනවා නම් තවත් අයෙකුට දැනගන්නට share කරන්න.

    හරියට ප්‍රථමාධාර දෙන හැටි ලියවුනු අලුත්ම නොකියූ කතාව කියවන්න : bit.ly/nkbasiclifesupport

    සියලුම වර්ගයේ කමෙන්ට්ස් බාර ගනු ලැ‍බේ. චෝදනා ප්‍රශංසා සහ නව අදහස් වලට උනත් මම විවෘතයි. ප්‍රථමාධාර පිළිබඳ ඇති ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීමට මා සූදානම්.

    මූලාශ්‍රය : Resuscitation Council (UK) Guidelines 2015

    වෛද්‍ය චන්දිම ජයසිංහ [27-07-2018]
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    තෑන්ක්ස් මචන්.
    මට පොඩි දෙයක් දැනගන්න ඔනේ. දවසක් මම ගෙදර පොඩි වැඩක් කර කර ඉන්නකොට මගෙ අතේ නහරකට පොඩ්ඩක් එහාට වෙන්න ගොඩක් ගැඹුරට කැපුනා. නහරයක් තිබ්බා නම් අනිවා ඩැමේජ් වෙනවා. අපි හිතමුකො නහරය දෙකට වෙන්වෙන්නම කැපුනා කියලා. මේ වගේ වෙලාවට මොන වගේ ප්‍රතිකාරයක්ද අපිට ඒ වෙලාවට කරන්න පුළුවන්? ඉක්මනටම හොස්පිට්ල් ගෙනියන්න කියන එකට වඩා එහා දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ.

    අර දයාගමගේගේ වීඩියෝ එක මම දැක්කෙ නෑනේ බන්. ඒක උබ දැක්කොත් දාන්න.

    රෙප්+
     
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    තෑන්ක්ස් මචන්.
    මට පොඩි දෙයක් දැනගන්න ඔනේ. දවසක් මම ගෙදර පොඩි වැඩක් කර කර ඉන්නකොට මගෙ අතේ නහරකට පොඩ්ඩක් එහාට වෙන්න ගොඩක් ගැඹුරට කැපුනා. නහරයක් තිබ්බා නම් අනිවා ඩැමේජ් වෙනවා. අපි හිතමුකො නහරය දෙකට වෙන්වෙන්නම කැපුනා කියලා. මේ වගේ වෙලාවට මොන වගේ ප්‍රතිකාරයක්ද අපිට ඒ වෙලාවට කරන්න පුළුවන්? ඉක්මනටම හොස්පිට්ල් ගෙනියන්න කියන එකට වඩා එහා දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ.

    අර දයාගමගේගේ වීඩියෝ එක මම දැක්කෙ නෑනේ බන්. ඒක උබ දැක්කොත් දාන්න.

    රෙප්+

    1. ගලා යන වතුරෙන් හොදින‍් සෝදා අපද්‍රව්‍ය අැත්නම් ඉවත් කරගන්න. (විනාඩියක් පමණ)
    2. පිරිසිඳු රෙදි/පුලුන්/ගෝස් අදාළ ස්ථානයේ තබා පීඩනය යොදන්න. අත ඉහලට වෙන්න අල්ලා ගන්න.
    3. තවත් ලේ යනවා නම් ඊට ඉහළින් තදින් රෙදි පටියකින් ගැටගසන්න. නමුත් මෙයින් අතට ලැබෙන රුධිරය අඩුවී අත ඉක්මණින් මිය යා හැකි නිසා දැන් අනුමත කෙරෙන්නේ නෑ.
    4. ඉක්මණින් රෝහලකට ගෙනියන්න.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    1. ගලා යන වතුරෙන් හොදින‍් සෝදා අපද්‍රව්‍ය අැත්නම් ඉවත් කරගන්න. (විනාඩියක් පමණ)
    2. පිරිසිඳු රෙදි/පුලුන්/ගෝස් අදාළ ස්ථානයේ තබා පීඩනය යොදන්න. අත ඉහලට වෙන්න අල්ලා ගන්න.
    3. තවත් ලේ යනවා නම් ඊට ඉහළින් තදින් රෙදි පටියකින් ගැටගසන්න. නමුත් මෙයින් අතට ලැබෙන රුධිරය අඩුවී අත ඉක්මණින් මිය යා හැකි නිසා දැන් අනුමත කෙරෙන්නේ නෑ.
    4. ඉක්මණින් රෝහලකට ගෙනියන්න.

    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Harima watina thread ekak. Me wage dewal thamai share kara ganna one. Thanks.
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    නැවත අලුත් කළ යුතු ප්‍රථමාධාර පුහුණුවකට ලක්විය යුතුයි
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Harima watina thread ekak. Me wage dewal thamai share kara ganna one. Thanks.
    Thanks machan :D

    නැවත අලුත් කළ යුතු ප්‍රථමාධාර පුහුණුවකට ලක්විය යුතුයි
    අනිවාර්යයෙන්ම. කාලයත් සමග guidelines වෙනස් වෙනවා :yes:
     
    Top Bottom