හරි, පුළුවන්නම් වරෙන්.. ආවොත් වෙඩි තියනවා

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කොන්ද පන තිබූ පොලිස් ලොක්කා

    mPg05_7.jpg

    තරුපටි, ඔටුනු සහිත පොලිසියේ මහත්වරුන් අපි බෙහෙවින් දැක ඇත්තෙමු. ඇසුරු කර ඇත්තෙමු. ඔවුන් සමහරු පොලිස් රාජකාරියේ දී සිංහබාහුලා ය. මහජනයා හමුවේ ලයිසන් චන්ඩීන් ය. එහෙත් ඔවුන් පොලිසියේ උසස් නිලධාරීන් හමුවේ දී එමෙන් ම ඇතැම් දේශපාලනඥයන් ඉදිරියේ දී සුවච කීකරු ගෝලයන් ය. එවන් මහත්වරු අතරේ ‘ප්‍රසාද් සිරිවර්ධන’ නමැති නිලධාරියා අප දුටුවේ කොන්ද කෙළින් ඇති නිලධාරියකු ලෙසිනි. ඒ වැරදි නියෝග දෙන උසස් නිලධාරීන් මෙන්ම අණසක පතුරුවන දේශපාලනඥයන් ඉදිරියේ නොනැමුණු ගති ඔහු වෙතින් දිස්වුණු නිසාය. දේශපාලනඥයන් ඉදිරියේ ඒ මේ අත නැවෙමින් තමන්ගේ ඕ.අයි.සී පුටුව රැකගනිමින් ඔටුනු, තරු වැඩිකර ගන්නට උත්සාහ දරණ ඇතැම් පොලිස් ලොක්කන් අතර ප්‍රසාද් වෙනස්ම වූ චරිතයකින් හෙබි පොලිස් නිලධාරියෙකි.

    1989 වසරේ උප පොලිස් පරීක්ෂකයකු ලෙස සේවයට එක්වුණු ඔහු 1996 දී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට එක් වුණේ ය. එවකට එහි ප්‍රධානියා වූයේ දක්ෂ අපරාධ විමර්ශකයකු වූ ප්‍රියන්ත ජයකොඩි ය. ප්‍රියන්තගේ මුල් ගෝලයා ප්‍රසාද් ය. 97 වසරේ දී ඇරඹුණු පාතාලය මර්ධනය කිරීමත් සමඟ ‘පෑලියගොඩ යුනිට්’ එක ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුවේ ය. කාටත් බය නැතිව කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කිරීම නිසා නමගිය අපරාධකරුවන් රැසක් ඔවුනට කොටුකර ගැනීමට හැකිවිය. තරුණ ප්‍රසාද් මෙහිදී උපරිමයෙන් වැඩ පෙන්නුවේ ය. අල්ලන්න බැහැයි කියූ පාතාල කෙරුමෝ පෑලියගොඩ යුනිට්එකට කොටුවූහ. ක්‍රිස්ටෝපර් බැරී, මොරටු සමන්, කනත්ත ආරච්චිගේ පියරත්න, රමේෂ්, චින්තක ආදී කෙරුමන් කොටුකර ගැනීමට ප්‍රියන්ත සහ ප්‍රසාද් සමත් වූහ. රාජකාරිය සඳහා කැපවූ තරුණ ප්‍රසාද් ඒ නිසාම පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ද ලැබීය.

    98 දී සිංහල අලුත් අවුරුදු දා ප්‍රසාද් සිටියේ සිය ප්‍රධානියා වූ ප්‍රියන්ත සමඟ නුවරඑළිය ප්‍රදේශයේ ය. පාතාල නායකයකු කොටු කරගන්නට ගොසින්ය. කෙසේ හෝ පාතාලයා කොටුකරගත් ඔවුහු යළි කොළඹ බලා එන අතරමඟදී පිරිසක් සමඟ ගැටුමකට මැදිවූහ. එහිදී ප්‍රසාද් සමඟ සිටි කොස්තාපල්වරයකු පිහි ඇනුමකට ලක්වූයේය. ඒත් ප්‍රසාද් පාතාලයා අත්නොහැරියේය. පිිහියෙන් ඇනපු පුද්ගලයාත් පාතාලයාත් දෑතින් අල්ලාගෙන ප්‍රසාද් පැමිණි වාහනයට ගොඩවිය.

    වරෙක ඔහු රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත්වීම් ලැබුවේ ය. එම තනතුර ඔහුට ලබාදීමට එවකට සිටි මන්ත්‍රීවරයෙක් ප්‍රසාද්ට උදවු කළේය. ඒ දෙදෙනා අතර තිබූ මිතුදම නිසාය.

    තනතුර ලැබ ටික දිනෙකදී රත්නපුර නගරය පුරා උද්ඝෝෂණයක් පැවැත්විණි. උද්ඝෝෂකයෝ ඔරලෝසු කණුව දෙසට යමින් පාර හරස් කළහ. මේ බව දැනගත් ප්‍රසාද් වහා ක්‍රියාත්මක වී නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඔරලෝසු කණුව දෙසට ගොස් මාර්ගය වසා දැමීය. උදේඝෝෂකයන් නිසා වාහන තදබදයක් ද ඇතිවිය. ඉදිරියට එන උද්ඝෝෂකයන් අතර ප්‍රසාද් දුටුවේ තමන්ට රත්නපුරයට එන්නට උදවුකළ මන්ත්‍රීවරයා එහි පෙරමුණ ගෙන සිටින බවය. මන්ත්‍රිවරයාද ප්‍රසාද් දුටුවේ ය. ප්‍රසාද් තම මිතුරා නිසාත් එලෙසම ඔහුට තනතුර ලබාදීමට උදවු උපකාර කිරීම නිසාත් මන්ත්‍රීවරයා බියක්, සැකක් නැතිව ඔරලෝසු කණුව ප්‍රදේශය හරහා යන්නට ඉදිරියට ආවේය. ඒත් ප්‍රසාද් ඊට ඉඩ දුන්නේ නැත.

    “ප්‍රසාද් මොකද මේ..? ඔයා මාව...”

    “කරන්න දෙයක් නැහැ මන්ත්‍රීතුමා මෙතනින් එහාට යන්න දෙන්නත් බැහැ. පාර හරස් කරන්න දෙන්නත් බැහැ.” මන්ත්‍රීවරයා පුදුමයට පත්විය. ප්‍රසාද්ට කොතරම් තේරුම්කර දුන්නත් ඔහු මන්ත්‍රීවරයාගේ කීමට එකඟ නොවීය. මන්ත්‍රීවරයාගේ මිතුරෝද ඔහුට දොස් කීහ.

    “සර්ලනේ.. මේ ගොල්ලන් මෙහෙට ගෙනාවේ? දැක්කනේ තත්ත්වේ.” ඒත් ප්‍රසාද් ඒ කිසිදෙයකට සැලුණේ නැත. මන්ත්‍රීවරයා උද්ඝෝෂකයන් සමඟ ආපසු හැරී ගියේ ‘පාර හරස් කළහොත් කවුරු වුණත් ඇරස්ට් කරනවා.’ යනුවෙන් ප්‍රසාද් කී කතාවෙන් පසුවය.

    ඊට දින දෙකකට පසුව රජයේ ඇමතිවරයකුගේ මූලිකත්වයෙන් යළි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇරඹිණ. එවකට ප්‍රසාද් සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පවත්වනු ලබන දේශනයකට සහභාගී වෙමිනි. උද්ඝෝෂකයන් පාර හරහා ගමන් කරමින් ඉදිරියට එන බව ‘රේඩියෝව‘ මඟින් ඔහුට දැනුම් දෙනු ලැබීය. උසස් නිලධාරියාගෙන් අවසර ගත් ප්‍රසාද් තවත් නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඔරලෝසු කණුව දෙසට ගොස් උද්ඝෝෂකයන්ට ඉදිරියට පැමිණීමට නොහැකි වන පරිදි “බැරියර්” කිහිපයක් දැම්මේ ය.

    රජයේ ඇමතිවරයා ප්‍රමුඛ පිරිස බැරියර් ඉදිරියේ දී නතර වූහ. ඔවුහු ප්‍රසාද්ට කරුණු පැහැදිලි කරමින් ඉදිරියට යාමට අවසර ඉල්ලූහ.

    “පාර අවහිර කරන්න දෙන්න බැහැ.” ඒත් ඇමතිවරයා ද ප්‍රසාද්ගේ කීමට එකඟ නොවීය. ඔහුගේ රතුකට්ට ද පැන තිබුණේ ය. ඒ තම පාක්ෂිකයන් ඉදිරියේ හෑල්ලුවන නිසාය. ඇමතිවරයා වහා කොලඹ සිටි සීනියර් ඩී.අයි.ජීට දුරකථනයෙන් කතාකොට තත්ත්වය තේරුම්කර දුන්නේ ය.

    “ඔය ගොල්ලන්ට එක නීතියකුත් අනිත් අයට තව නීතියකුත් මගේ ළඟ නැහැ. එයාලට යන්න දුන්නෙත් නැහැ. ඔයාලට යන්න දෙන්නත් බැහැ.”

    ප්‍රසාද් එසේ කියද්දී ඇමතිවරයා වහා සිය ජංගම දුරකථනය ප්‍රසාද් අතට දුන්නේ සීනියර් ඩී.අයි.ජී කතා කරන බව කිියමින් ය. ප්‍රසාද් දුරකථනය අතට ගත්තේ ය.

    “සර්.. මේකයි ප්‍රශ්නේ.. මෙයාලා ගියොත් පාර අවහිර වෙනවා. ලොකු ට්‍රැෆික් බ්ලොක් එකක් වෙනවා”

    “හරි, හරි, මමනේ කියන්නේ. තමුසෙ ඒ අයට යන්න ඉඩ දෙනවා...”

    “ඒක කරන්න බැහැ සර්.. එහෙම දුන්නොත්”

    “උඹට, මමයි කියන්නේ” සීනියර් ඩී.අයි.ජී එසේ කියමින් හොඳ සිංහල වචන දෙක තුනක්ද කීවේය. ප්‍රසාද්ගේ මළ පැන්නේ එවිට ය.

    ප්‍රසාද් ඊට පිළිතුරු දුන්නේ ද හොඳ සිංහලෙන් ය. ඒත් ප්‍රසාද් මාර්ග බාධක ඉවත් කළේ නැත.

    “හෙට මේ යුනිෆෝම් එක ගැලෙව්වත් මෙතනින් එහාට යන්න දෙන්නෙ නැහැ.” ප්‍රසාද්ගේ තීරණය තීරණයම විය. උද්ඝෝෂකයෝ පෙරළා ගියහ. ඇමතිවරයාගේ රතු කට්ට පැන තිබුණේ ය. උද්ඝෝෂකයෝ හැරී ගියහ. වැඩි දිනක් යන්නට මත්තෙන් ප්‍රසාද්ට මාරුවීමක් ලැබුණේ ය. එහෙත් ප්‍රසාද්ගේ කොන්ද පණ තිබීම ගැන පහළ නිලධාරීහු දැඩි සතුට ට පත්වූහ.

    ප්‍රසාද් කොළඹ දිශාවේ පොලිසියක ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළේය. ඔහුගේ උපදෙස් මත “කුඩු” වැටලීම් දිගටම සිදුවිය. අල්ලාගත් කුඩ්ඩන් අතර දේශපාලනඥයකුගේ ගෝලයෝ දෙදෙනෙක් ද වූහ. ඔහු ඕ.අයි.සී මහතා ඇමතුවේ ය.

    “ප්‍රසාද් මගේ කොල්ලො දෙන්නෙක් ගෙනැත් ඉන්නවා. අනේ..! හොඳ එකාවගේ උන්ව අතහැරලා දාපන්.” දේශපාලනඥයාගේ කීම මත ඔවුන් ගැන සොයාබලද්දී ඒ දෙදෙනාම කොටු වී ඇත්තේ "කුඩු" සමඟය. සියල්ල ඒ වනවිටත් පොත්වල සටහන්කොට හමාරය. ඒ නිසා පොලිසියට ඇප දිය නොහැක.

    “ඇමතිතුමා එයාලට ඇප දෙන්න බැහැ ප්‍රඩියුස් කරලත් ඉවරයි. උසාවි දාන්නම වෙනවා.” ප්‍රසාද්, දේශපාලනඥයාට කීවේ ය. ඇමතිවරයා ඊට එකඟ වූයේ නැත.

    “එහෙම කරන්න එපා බං... උන් මගේ කොල්ලෝ” “කරන්න දෙයක් නැහැ ඇමතිතුමා. ඇප දෙන්න නම් බැහැ. ප්‍රඩියුස් කරලා ඉවරයි.”

    ඇමතිවරයාට යකා නැග්ගේය. ප්‍රසාද්ගේ මව මතක්කරමින් ඇමතිවරයා බැණ වදින්නට විය. මව මතක් කිරීමත් සමඟ ප්‍රසාද්ට මළ පැන්නේ ය. ඔහුද ඊට ප්‍රතිචාර දුන්නේ ඇමතිවරයාට ඒ අයුරින්ම පිළිතුරු දෙමිනි.

    “මම උඹව හෙටම මාරු කරනවා.”

    “මම බය නැහැ. මාරු කරන්නේ ‘පෝස්ට්ඔෆිස්’ එකකට නෙමෙයිනේ, පොලිසියකටනේ. ලංකාවේ ඕන පොලිසිියක් මට ඔට්ටුයි.”

    “ආ.. එහෙමද ? උඹ දැනගනින් මම දැන් ඇවිත් මගේ කොල්ලෝ දෙන්නව අරන් යනවා.”

    “හරි, පුළුවන්නම් වරෙන්.. ආවොත් වෙඩි තියනවා.” රිසිවරය බිම තැබූ ප්‍රසාද් ඊට සූදානම් විය. ඒත් ඇමතිවරයා පොලිසියට ආවේ නැත. ඒත් ඊට පසුදාම ප්‍රසාද්ට මාරුවීමක් ලැබුණේ ය. ඒ මඩකලපුවට ය.

    පසුකාලීනව ඇමතිවරයාත් ප්‍රසාදුත් හොඳ මිතුරෝ වූහ. කොන්ද පණ ඇති නිලධාරියෙක් කොළඹ සිටීම ගැනත් ඇමතිවරයා පසු කාලීනව ප්‍රසාද් හමුවේ සතුට පළ කළේ ය.

    එවන් කොන්ද පණ ඇති නිලධාරියකු වූ ප්‍රසාද් අයුක්තියට, අසාධාරණයට එලෙස නොබියව නැගී සිටියේ ය. පොලිස් රාජකාරියේ දී හරිහම්බ කරන්නට ඔහු ගියේ නැත.

    කොළඹ දිසාවේ ඇතැම් ඕ.අයි.සී මහත්වරු හරිහම්බ කරද්දී ප්‍රසාද් මුදල් පසුපස හඹාගියේ නැත.

    ඔහු මීට දින කිහිපයකට උඩදී අපට කතා කළේ ය. ඒ පෞද්ගලික ජීවිතය පිළිබඳ කිසියම් විශේෂාංගයක් පුවත්පතක පලවී තිබීම ගැන ය. ඔහු ඉන් මහත් සේ කණගාටුවට පත්විය.

    “ඇයි මචං මට මඩ ගහන්නේ? අපි හොඳට රාජකාරි කරන නිසාද..?”

    ප්‍රසාද් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්වීම් ලැබ පැමිණි දා සිටම ඔහු ක්‍රියාශීලී වූයේ බොරැල්ල "වනාත" සුද්ද කරන්නටය. ‘කුඩ්ඩන්ට’ ඔහුගෙන් සමාවක් ලැබුණේ නැත. කුඩු ජාවාරම්කරුවන් පසුපස පන්නමින් ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගත්තේ ය.

    “උඹ ඕන කෙරුමෙක් ගාවට පලයන්. ඩී.අයි.ජීට, ගිහින් කියපන්. හැබැයි මම මෙතන ඉන්නකම් කුඩු විකුණන්න බැහැ.”

    කොන්ද කෙළින් තියාගෙන ඔහු කුඩු විකුණන්නන්ට බැන්නේ ය. කුඩු ජාවාරම්කාරයෝ අල්ලා ගත්හ. ඒ නිසා ප්‍රසාද්ට බොරැල්ලෙන් සමුදෙන්නට කුඩු ජාවාරම්කරුවන් උසස් පොලිස් නිලධාරින් මෙන්ම දේශපාලනඥයන් පසුපසද ගියහ. ඒත් කවුරුත් ප්‍රසාද්ට එරෙහිව නැගී සිටියේ නැත. පොලිසියේ වචනයෙන් කිවහොත් බොරැල්ල පොලිසිිය “විටමින්” සහිත පොලිසියකි. කුඩු, කසිප්පු, නීතිවිරෝධි දෑ ඕනෑ තරම් බොරැල්ල පොලිස් වසමේ ඇත. බොරැල්ල බාරව ඉතිහාසයේ සිටි ඇතැම් පොලිස් ඕ.අයි.සී මහත්වරුන් එවැනි දෑ නොදැක්ක සේ සිට මසකට ලක්ෂ හතර පහ ආදායම ලබාගත්තේ ය. ඒ නීති විරෝධී ජාවාරම්වල යෙදෙන පුද්ගලයන්ගෙන් ය. ප්‍රසාද්ට ද එලෙස ඇස්කන් වසා සිටීමට ඉඩ තිබුණේ ය. ඒත් ප්‍රසාද් ඊට එරෙහිව නැගී සිටියේ ය. කුඩු ජාවාරම්කරුවන් තුන්දෙනකු හැරෙන්නට අනිත් කුඩු විකුණන්නන් 90%ක්ම අද ඇතුළේ සිටින්නේ කොන්ද කෙළින් තබාගෙන රාජකාරිය කළ නිසාය.

    ප්‍රසාද් මියැදෙන්නට කළින් දා බොරැල්ලේ ජන හමුවක් පැවතිණි. එහිදී සැකසහිත ද්‍රවිඩ පුද්ගලයකු පොලිසියට කොටුවිය. තම නිල කාමරයට රැගෙන ආ ඔහුගෙන් ප්‍රසාද් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. ඊට සහකාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් ද එක් විය. ප්‍රශ්න කිරීම රාති‍්‍ර 11 වනතුරුත් පැවතියේ ය. ඒ අතරතුර දුරකථන ඇමතුමක් ලැබිණ. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් ය. ප්‍රසාද් ඊට පිළිතුරු දෙද්දී ඒ.ඇස්.පී. ඩයස් ඔහුගෙන් සමුගත්තේ පසු දින හමුවීමේ බලාපොරොත්තුවෙන් ය. පසුදාට පහන් විය. ඒ.ඇස්.පී වරයා පොලිසියට දුරකථන ඇමතුමක් දී ප්‍රසාද් ගැන විමසුවේ සුපුරුදු ලෙසය.

    “සර්.. මහත්තයා උදෙන්ම හංවැල්ලට ගියා. එහිදී පොඩි කරදරයක් වෙලා. මහත්තයාට හුඟක් අමාරුයි.” පොලිසියෙන් ලැබුණු උත්තරයත් සමඟ ඒ.ඇස්.පී කරුණු සොයා බැලීය. ඒ වනවිටත් ප්‍රසාද් මියගොසින් ය. වසර කිහිපයක් තමා සමඟ එකට වැඩකළ මිතුරාගේ වියෝව ඔහු මෙසේ පැහැදිළි කළේ ය.

    “කොන්ද පණ තිබුණු පොලිස් කාරයෙක්. හරියට මහන්සි වුණා.” ඔහු කී කතාව ඇත්තය. ඇත්තෙන්ම ප්‍රසාද් පොලිසියේ වැඩ කාරයෙකි. කියන්නට තියෙන දේ මුහුණටම කියන්නෙකි. ලොකු මහත්වරු කරන වැරදිවැඩ වුණත් නොබියව කතා කළ අයෙකි. මිතුරන්ට ඔහු මිතුරෙකි. එය දන්නෝ දනිති. මෙවන් කොන්ද පණ ඇති නිලධාරීන් පොලිසියේ විරල ය. මාධ්‍ය අල්ලාගෙන පම්පෝරි ගහන සමහර පොලිස් ලොක්කන් ගැන කතා කරද්දී ප්‍රසාද් වැන්නවුන් ගැන කිවයුතු දෑ බොහෝ ය.

    ප්‍රසාද් අකාලයේ වියෝවීම ගැන අද බොහෝදෙනා කතා කරති. දුක්වෙති.

    “ප්‍රසාද් සිරිවර්ධන අති දක්ෂ නිලධාරියෙක්. තුන්නානේ දී සාමය ආරක්ෂා කිරීමට යැවූ නිලධාරී කණ්ඩායමේ සුවිශේෂීම දක්ෂ පුද්ගලයා වූයේ ඔහුයි.

    “බොරැල්ල ප්‍රදේශය කියන්නේ විශාල කලාපයක්. එහි සිදුවන සමාජයට අහිතකර දේ නැති කරන්න දක්ෂ නිලධාරියකු බොරැල්ලට අවශ්‍ය වුණා. ඔහුගේ වියෝව ඥාතීන්ට පමණක් නොව පොලිසියටත්, රටටත් පාඩුවක්.”

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප්‍රසාද් සිරිවර්ධන නම් වූ පොලිස් අධිකාරිවරයාගේ අවම¼ගුල් උත්සවයේ දී මේ බව තවත් තහවුරු කළේය.

    උපුටාගැනීම - http://archives.dinamina.lk/manchu/art.asp?id=2014/03/25/mpg05_0
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    mathaka vidiyata meya ara ratnpura mantri kanata gahanawa. meyawa eeta passe kegalle transfer karnawa. ape ayya kenek kiiwa meyage family maruwata passe meya henama depress watila hitiye. maha wasse eliyata wela rawumak gahanwa lu duty karnna. kegalle hugak kal inna hamab wune nalu transfer karla. pattama honest officer kenek.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    :eek:


    cause of death???
    ගස්‌ කපන ස්‌වයංක්‍රීය යන්ත්‍ර (ෙච්න් ෂෝ) භාවිත කර ගස්‌ පාරට කපා දැමූ පිරිස සහ මියගිය ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා දෙසට ගස කපා දැමූ සැකකරුවන් හඳුනාගෙන ඇතැයි කී එම නිලධාරියා ඔවුන් ඉක්‌මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ඔහු කීය.

    Fallen rubber tree?
    ------ Post added on Nov 21, 2023 at 6:39 PM
     
    • Like
    Reactions: NRTG