හලාවත උද්ඝෝෂණයට වෙඩි තබයි. ධීවරයෙක් මරුට

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    හලාවත උද්ඝෝෂණයට වෙඩි තබයි. ධීවරයෙක් මරුට

    හලාවත උද්ඝෝෂණයට වෙඩි තබයි. ධීවරයෙක් මරුට

    halawatha.jpg


    ප:ව 01.50
    හලාවත ධීවර උද්ඝෝෂණය සඳහා කාන්තාවන් ඇතුළු පන්දාහක් පමණ දෙනා පෙළපාළියෙන් පැමිණ ඇති අතර පොලිසිය විසින් 4 වතාවක් කඳුළු ගෑස් ගසා තිබෙනවා.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස් අධිකාරි කාර්යාලය අසලදී. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකි.

    මේ වන විට 2,000ක පමණ පොලිසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා යුදහමුදාවක් හලාවත ප්‍රදේශයේ රඳවා ඇති බව වාර්තා වෙනවා.

    වෙඩි තැබීමෙන් අනතුරුව හලාවත පල්ලියේ සීනුව ගැසීමෙන් පසු තවත් ධීවරයෝ හාරපන් දහසක් එහි පැමිණ තිබෙන අතර මේ වනවිට හමුදාව හා පෙළපාළිකරුවන් අතර ගැටුම සමථයකට පත්කිරීමට දේවස්ථානයේ පියතුමන්ලා උත්සාහ ගනිමින් සිටිනවා.

    ප:ව 12.41
    ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව හලාවත නගරයේ අද උදෑසන පවති පැවති විරෝධතාවකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

    එම වෙඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.

    ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ඉන්ධන මිල පහත හෙලන ලෙස බලකරමින් දහස් ගණනක ජනකායක් හලාවත ධීවරයන් මාළු වෙලදපොල ප්‍රදේශයේ සිට නගරය දෙසට පැමිණ තිබෙන අතර එම පාගමනට පොලිසීය කදුළුගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් අනතුරුවයි වෙඩි තබා තිබෙන්නේ.

    වැඩි විස්තර බලාපොරොත්තු වන්න...


    :shocked::shocked::no::no::no::dull::dull:

    Source :
    Code:
    gossip9
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ..ඒවනන් සහගහන අපරාද..
    බලය පාවිච්චි කරන්න ඕනි අවස්ථා, තැන් වැටහීමක් නැතුව ඉන්න එක ගැනනම් දුකයි..
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සිරාවටම වෙඩි තියලද මචන්..
    නිවුස් වලට කිව්වේ කඳුළු ගෑස් සීන් එකක් විතරයි
    පොලිසියට පුලුවන්ද බං ඔහොම මිනි මරන්න...
    මේක උන්ටම ගිය රටක්නේ බං... :no:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හලාවත නගරයේ ධීවර උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් ධීවරයකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට හෝ ඇතැයි ද තවත් දෙදෙනකු රෝහලට ඇතුළු කැර ඇතැයි ද ධීවරයෝ කියති. පොලිසිය එහි ආරක්ෂාවට පැමිණ සිටි නමුත් වෙඩි තැබූයේ කවුරුන්දැයි පැහැදිලි නැතැයි එහි සිටි මාධ්‍ය නියෝජිතයෝ කියති.

    Code:
    lankadeepa
     
    Last edited: