හලාවත නගරාධිපති අත්අඩංගුවට

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    හලාවත, සේදවත්ත ප්‍රදේශයේ දී සිදුවු පහරදීමක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ ඊයේ (11) රාත්‍රී 8.45 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි.

    අධි බලැති යතුරු පැදි දෙකක් ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඇතිවූ මෙම ගැටුම ඇතිවී තිබෙනවා.

    ලියාපදිංචි නොකළ අධි බලැති යතුරු පැදි දෙකක් සේදවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක ධාවනය කිරීමට එරෙහිව අදාළ නගරාධිපතිවරයා ඊට විරෝධය පළ කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් නිර්මාණය වී මෙම පහර දීම සිදුව ඇති බව සඳහන්.

    ගැටුමෙන් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    මේ අතර අද අලුයම් කාලයේදී හලාවත නගර සභාවේ සභාපතිවරයා විසින් සිද්ධියට සම්බන්ධ යතුරු පැදි දෙක හලාවත පොලීසියට ගෙනවිත් බාර දීමට ද කටයුතු කර තිබෙනවා.

    අත්අඩංගුවට ගත් හලාවත නගරාධිපතිවරයා ඇතුලු දෙදෙනා අද හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    source
     
    • Sad
    Reactions: 001flyD