හෂිෂ් නිපදවන හිමාලයේ මලානා ගම්මානයට යමු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔක්කම අත ඇරලා ඔය වගේ පැත්තකට ගිහින් ඉන්න ඕනේ. සදාකාලිකව වැදිලා ඉන්නේ

    malajarawak ban oka
    ape malli kenek gahanawa high class set ekak bonne na un oka tamay wade
    kettu wela adila gihilla
    kochchara epa kiwwat ahanne na
    uth ekka bonnat ba hash parak adda gaman mongal wela yanawa
    nawattanna ba lesiyen
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හෂිෂ් නිපදවන හිමාලයේ මලානා ගම්මානයට යමු

    ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්‍රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන 'හෂීෂ්' තොගයන්, සහ මනෝභ්‍රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප්‍රවාද, කුතුහලය, සහ පිළිතුරු නොමැති ප්‍රශ්නවලින් පිරි 'නිධානයක්' සොයාගත හැකි ය.

    l7A1iI3.png



    හිමාලයේ ශිඛර අතර පිහිටි මලානා, දුෂ්කර බෑවුම් හා හිමෙන් වැසුණු කඳු මුදුනින් වටවී පවතියි. 1700කට ආසන්න ජනගහණයක් වෙසෙන මෙම ගම්මානයට සංචාරකයින් ඇදී එන්නේ දිගු කලක් තිස්සේ ය.

    5QjAJEX.jpg



    ඔවුන් සීතල සුළං ප්‍රවාහයන් ද නොතකා තද කොළ පැහැ දේවදාර වෘක්ෂයන් මධ්‍යයේ දින ගණනාවක් එහි රැඳී සිටින්නේ, එහි ජනයා ශුද්ධ වූ ඔසුවක් ලෙසත්, බාහිර පුද්ගලයින් මනස නිදහස් කිරීමේ මඟක් ලෙසත් දකිනා "කීර්තිමත් සහ සම්මානලාභී මලානා ක්‍රීම්" පරිභෝජනය කිරීමට ය.

    5JxaVAG.jpg



    මෙම ගංජා රෙසිනය හෙවත් 'හෂීෂ්', එය නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන 'අත් ඇතිල්ලීමේ තාක්ෂණය' සහ වාර්තාගත අන්දමේ විශිෂ්ට මත්කාරක හැකියාව සඳහා ප්‍රසිද්ධ ය. නමුත් බොහෝ සංචාරකයන් මලානා ගමට පැමිණියේ ඒ වටා ගෙතී ඇති මිථ්‍යාවන් වටහා ගැනීමේ අරමුණෙනි.

    Ag3bJ4q.jpg



    ජනප්‍රවාදයන්හි කියැවෙන පරිදි, ක්‍රි.පූ. 326 දී එකල ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ පාලකයා වූ පෝරස් රජුට එරෙහිව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සිදුකළ සටනේ දී තුවාල ලැබූ ඔහුගේ ඇතැම් භට පිරිස් මෙම හුදෙකලා ගම්මානයේ රැකවරණය ලබා තිබේ.

    dpJtf4J.jpg
    f0Rns97.jpg


    මලානි ජනයාගේ මුතුන්මිත්තන් ලෙස බොහෝකොටම සැලකෙන්නේ මේ භට පිරිස යි. එසමයට අයත් කෞතුක වස්තූන් මෙම ගම්මානයෙන් හමුව ඇති අතර, එවන් අසිපතක් ගම්මානයේ පිහිටි කෝවිල තුළ තැන්පත්කර ඇතැ යි කියැවේ.

    RtU0hNA.jpg


    කෙසේ නමුත්, ගම්වැසියන්ට එම භටයින් සමග ජානමය සම්බන්ධයක් ඇත්ද යන්න තවමත් අධ්‍යයනයකර හෝ තහවුරුකර නැත. ඇත්ත වශයෙන්ම, මා හා කතාබහ කළ බොහෝ ප්‍රදේශවාසීහු ද මෙම පුරාවෘත්තය උපත ලද්දේ කෙසේදැ යි නොදත්තෝ ය.


    4PguFpy.jpg
    bJCp2zt.jpg



    qn1uuPb.jpg
    nII9Vhz.jpg


    එනමුත් මලානිවරුන්ගේ රූප ලක්ෂණ සහ භාෂාව වෙනත් ප්‍රාදේශීය ගෝත්‍රයන්ගෙන් බොහොකොටම වෙනස්වීම මත මෙම න්‍යායයන් පෝෂණය වන අතර, එය මලානිවරුන් සහ ඔවුන්ගේ අනන්‍යතාව වටා ගොඩනැගී ඇති ප්‍රහේලිකාවට තවත් ගැටලු එක්කරයි.


    nsOHvhV.png
    NLoAc4X.jpg


    පාරිශුද්ධයැ යි සැලකෙන 'කනාෂි' නම් භාෂාවක් වහරන ඔවුන් එය පිටස්තරයින්ට ඉගැන්වීමෙන් වැලකී සිටියි. එය ලෝකයේ වෙනත් කිසිදු තැනක භාවිතා කෙරෙනා භාෂාවක් නොවේ.


    bDpArpB.jpg
    RmDagtF.jpg


    මලානාවට ළඟාවීම ද ඉතා දුෂ්කර ගමනකි. වාහන ගමනට සුදුසු මාර්ගයන් මෙම ගම්මානය කරා නොදිවෙන අතර, පාර්වතී මිටියාවත පතුළේ පිහිටි ජාරි ගම්මානයේ සිට පා ගමනින් මලානා වෙත පැමිණීමට මට පැය හතරක් පමණ ගත වන්නේය.

    vXCADWp.jpg
    iRFwaw0.jpg



    පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි අන්දමේ ලා දුඹුරු පැහැ කෙස්, ලා දුඹුරු පැහැ ඇස්, දිගු නාස්, සහ සුවිශේෂී ලා දුඹුරු හෝ රන්-දුඹුරු පැහැ සමකින් යුතු වූ ඔවුන්ගෙන් බොහොමයක් දෙනා සම්ප්‍රදායික ලා දුඹුරු පැහැ ලෝගුවලින්, තොප්පිවලින් හා ගංජා ශාකයේ කෙඳිවලින් තැනූ පාවහනින් සැරසී සිටියේ ය. ඔවුන් පෙනුනේ හිමාචල් ප්‍රාන්තයට වඩා මධ්‍යධරණී ප්‍රදේශයන්ට ආවේනික පෙනුමෙන් යුත් පිරිසක් ලෙස යි.

    LKYuRvT.jpg


    බොහෝ කලෙක පටන් මේ කුඩා ගම්මානයේ ආර්ථිකයේ කොඳු නාරටිය වූයේ ගංජා වුව ද, එමඟින්, කුඩා දරුවන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදවීම වැනි සමාජ-සංස්කෘතික ගැටලු රැසක් ඇතිකර තිබුණි.

    kOOovP0.jpg
    2Eg06Jx.jpg


    මලානින් පිටස්තරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකෙයි, විශේෂයෙන්ම සෘජු ශාරීරික ස්පර්ශයෙන් වැළකෙන ඔවුන් අතර තරුණ පරම්පරාවේ ඇතැමුන් අමුත්තන් වැළඳගනු හා අතට අත දෙනු මා දැක ඇතත්, තවමත් බොහෝ පුද්ගලයින් පිටස්තරයින් ස්පර්ශ කිරීමේ තහනම එලෙසින්ම පිළිපදියි.

    zqRVAqS.jpg


    මලානින් ජනයා සාමාන්‍යයෙන් සුහදශීලී, කතාබහට බර පිරිසක් නොවන අතර, අමුත්තන් සමග ආගිය කතන්දරත්, ආහාරපානත් බෙදාහදා ගැනීමට ඔවුහු කැමැත්තක් දක්වන්නේද නැත. එමනිසා මලානාහි දී නම් එවන් කතාබහ ඇතිවන්නේ කලාතුරකිනි.

    Td88HfS.jpg
    nXPXYw9.jpg


    කැමැති වුණත් නැතත්, ගම්වැසියන් ඔවුන්ගේ ලෝකයට පිටස්තරයන් පිළිනොගන්නා අතර මලානාහි සුන්දරත්වය රඳා පැවතුනේ ද පිටස්තරයන් එම ගම වටා බැඳි රහස්‍යභාවය හා නොදන්නා දෙය අතිමහත් නිසාවෙනි.



    Source
    BBC Travel
    Pictures from Internet
    හදේ ඉන්නවා ඇතතේ ගමේ උන්