හසලක ගාමිණිලා රට වෙනුවෙන් කරපු

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    හසලක ගාමිණිලා රට වෙනුවෙන් කරපු

    ලෝක ගෝලේ රවුමට පේනවද
    ලොකු ලොකු රටවලුත් හරියට පේනවද
    නොපෙනෙන තිත් වගේ ඒවත් තියනවද
    ලංකාවත් තිතක් ඒකත් පේනවද

    රටේ නායකයෝ මරණෙට බිලිවෙච්ච
    මිනිස්සු පොදි ගණන් මරණෙට යට වෙච්ච
    වාහන තැනිත් තැන ගිනි ඇවිලිච්ච
    රටක් තිබුණාය තිතකට නම් වෙච්ච

    පිට රටකින් කෙනෙක් එන්නේ නැත මෙහෙට
    ඉන්න උනුත් ඉන්නේ පණ ගැහි ගැහි හොඳට
    බසයක යන්නේ බල බල වටපිට හොඳට
    කන් දීගෙන හොඳින් එන පුපුරන හඬට

    හමුදාවල කොල්ලෝ සත්තුන් වගේ මරුන
    නායකයොත් ඒවා වෙනකන් උන්න
    පාවල දෙන්න ගිවිසුම් එහෙමත් ගැහුන
    කාලයකුත් තිබුනා ඒ රටටම ඔන්න

    කලකට පසුව නව මුහුණක් එක් වෙච්චි
    රට කරවන විදිය හොඳ හැටි දැන ගච්චි
    සැලසුම් එක්ක දිගු ගමනක් ඇති වෙච්චි
    නැවතත් ප්‍රති පහරකට සියල්ල හැර වෙච්චි

    Guwan-hamuda-1.jpg


    හමුදාවේ කොල්ලෝ තව කඩිසර වෙන්න
    පිට පිට පිටරටින් එන ඊතල වට්ටන්න
    බය හැක නැතුව රට ගැන කට උස්සන්න
    කොන්දක් ඇති එකෙක් රට කරවයි ඔන්න

    රට හැමතැනම මුර පොළවල් ඉදි වෙන්න
    ආරක්ෂාව තර කර මුළු බල වෙන්න
    රටේ ජනතාවගේ බිය සක දුරු වෙන්න
    හමුදාවේ කොල්ලන්ට පින් සිදු වෙන්න

    නාවික හමුදාව වතුරෙන් වැඩ පෙන්නු
    ගුවන් හමුදාව ගුවනේ රඟ පෙන්නු
    පාබල හමුදාව වැඩි බරකට දුන්නු
    සටනක ඇරඹුමට රටක්ම දිවි දුන්නු

    උතුරයි නැගෙනහිර බේරාගන්න
    මේ පැතිවල අයගේ දිවි බේරන්න
    මරාගෙන මැරෙන උන් අල්ලාගන්න
    විශේෂ පුහුණු ඇති සෙබළුන් බිහිවෙන්න

    කොමාන්ඩෝ සෙබළු දිවි පුද කරපු
    සටනේදී නොයෙක් දුක් කරදර විඳපු
    අතපය නැතුව සිය නිවසට යවපු
    සෙබළුන් අදත් සිටිනවා මේ රට දිනපු

    හසලක ගාමිණිලා රට වෙනුවෙන් කරපු
    සේවය බබලවන හමුදාවක් හදපු
    හමුදා නායකයෝ මහ දිගු දුර දැකපු
    සටනේ අවසනට මග පෙන්වා දීපු

    mavil_aru_2014p1.jpg


    වතුර පොදත් නැති කෙරුවේ LTTE උන්ය
    පොඩි දරුවන් ගැහැණු සටනට දැම්මෙත් උන්ය
    අවසන මාවිල්ආරුවත් ජය ලැබුවේ අපිය
    වතුර පොදත් ඇති කෙරුවේ අපෙ උන්ය

    පරන්තන් වලට දැන් මහ යුද ඇවිලිච්චි
    මිනීමරු කොටින් පොදි ගණනින් වැනසෙච්චි
    හමුදාවේ කොල්ලෝ තව තව බල වෙච්චි
    යුද දිනුමකට පොඩි පැතුමක් ඇති වෙච්චි

    මානුෂීය මෙහෙයුම තව බල ගැන්වී
    ඉදිරියටම යද්දී තව තව සවිමත්වී
    සමහර උන්ට හරි හරියට දුක ඇතිවී
    හමුදාවේ උන්ව ගොන්නුන් ගානට දාවී

    කිලිනොච්චිය කියා මැදවච්චියේ යන්න
    තොප්පිගල කැලේ බල තහවුරු කරගන්න
    රට පාවාදුන්නු අවජාතක උන්ව දිනවන්න
    උඩ පැන පැන නටපු එවුනුත් අද මෙන්න

    hakim&probha.jpg


    සාම ගිවිසුමෙන් රට කොටියට දීලා
    අපේ කොල්ලෝ බලු වෙනවා බලලා
    සතුටින් හිටිය ඒ ගොන් හොරිකඩලා
    අදත් කරන්නේ ඒකම නොපිරිහෙලා

    Kugnchupparanthan%2B241108-7.jpg


    කොටින්ට කඩේ ගිය ඒ ගොන් හොරිකඩලා
    විරු සැමරුමත් රට දිනුමත් සියල්ල නැති කරලා
    රටේ ජනතාවගේ ඇස් වලටත් වැලි ගහලා
    යුද පරීක්ෂණ කරන්න සැලසුම් ගහලා

    සටනේ වැඩි බරට කරදුන් විශේෂ බලකායන්
    නීරෝ වගේ රට වෙනුවෙන් දිවිදුන් උන්
    රටටම සම්පතක් ඒ කල මහ දස්කන්
    ආඩම්බරයි උඹලා ගැන හැම මොහොතින්

    sl1.jpg