හාට් එක විමලේට ඇටෑක් කරයි!

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    හාට් එක විමලේට ඇටෑක් කරයි!

    කට කොකියනවට

    හාට් එක විමලේට ඇටෑක් කරයි!

    Wimal%20Weerawansha%20Fasting%20UN%20DNPT.jpg


    [3]


    බූන්දි| ඉරිදා, අගෝස්තු 26, 2012| 10:16:05

    හාට් එක විමලේට ඇටෑක් කරයි. හෙලිකොප්ටරෙන් කොළඹ ගෙනත්.
    -පුවතක්

    (-සසී නොකී කව-)

    කුරා කුහුඹුවෙක් නැගුනත් සිරි යහනේ
    මරා ගෙන මැරේවිද නෑ හිත සහනේ
    "ටෙරා" නැතිව ගතියක් නැතිවද හීනේ
    මොන මොන දෙයක්දෝ නොදැනෙයි සුවාමිනේ

    පෙං හඳ බුර බුරා ඉහළට නැගෙන කලේ
    සෙං කඳ වැඩි වී ද පපු ලේ නහර වැලේ
    පිං මඳ මසුන් හිටියත් කොයි තරම් විලේ
    රං කඳ ගියොත් මං තනියෙන් "පුංචි පැලේ"

    පස් කමි කියා ඉඳ ගෙන "මවු පොළොව" පතා

    බිස් කට් කකා බඩගින්නේ උන්නු සතා
    දෙස් පේමයෙන් තෙපලූ රස පුංචි කතා
    පස් යට වැළලුනොත් නම් එය දුකකි ඉතා

    පහස ලැබුණු රජ දූවිලි සිප ගඤ්ඤයි

    වෙහෙස වුනත් පිළිකන්නෙම ලැග ඉඤ්ඤයි
    අලස නොවී යන ලෝකෙට උපයඤ්ඤයි
    ඉවස ඉවස තව පපුවට දුක් දෙඤ්ඤයි

    ගින්දරේ ලයේ ඇවිලී නැගෙන කොට

    පත්තරේ එවුන් කීවත් මොකක් හෙට
    කොප්ටරේ නොඑන්නට මේ දෙරණ පිට
    "
    අන්දරේ කෙනෙක්" අද කෝ කියන් මට?




    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා
     
    • Like
    Reactions: PMUB