හාමු චන්දෙට සල්ලි එකතු කරන හැටි

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කොටස් වෙළෙඳපොළ ඔබට කියූ දේ සහ දේශීය ප්‍රතිව්‍යුහගත කිරීම තුල සැඟවූ ගජමිතුරු ධනවාදය....
    කාලෙකට පස්සේ අද කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහල ගියා. ඒකට මූලිකව හේතු උනේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුවට බැංකු වල කොටස් මිළ ඉහළ යෑමයි.
    ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය බැංකු ටික නිදහස් කර තිබෙන නිසා, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම් ඉහළ යනවා. මීට පෙර බැංකු පද්ධතිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හසුව අර්බුදයකට යනු ඇතැයි වෙළෙඳපොළ විසින් උපකල්පනය කරන බැවින්, ඒවායේ කොටස් මිළට තිබූ ඉල්ලුම පහත ගියා. කවුරුත් ඒ රිස්ක් එක අරගෙන ඒවායේ ආයෝජනය කරන්නේ නෑ.
    නමුත්, දැන් බැංකු වලට එවන් පාඩුවක් නොවන නිසා ඒවායේ කොටස් නැවත ඉහළ මිළකට විකිණෙනවා. අද වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට මූලික හේතුව උනේ ඒක.
    හැබැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර රෙනෝ ද සිල්වා විසින් සම්පත් බැංකුවේ කොටස් වලින් 10% ක් මිළදී ගත් බව කියනවා. ඒ රුපියල් බිලියන 8 ක මුදලකට. ඒ කියන්නේ මේක වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි බැංකු පද්ධතිය ප්‍රතිව්‍යුහගත නොකරනු ඇතැයි අනුමාන කර ලොකු රිස්ක් එකක් අරගෙන ඒ කොටස් වේගයෙන් මිළදී ගැනීම. අනික තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය පිළිබඳව හොරෙන් තොරතුරු හොයා ගෙන, ඒක දැන ගෙන වංචනිකව මුදල් එහි යෙදවීම. මේ වන විට සම්පත් බැංකුවේ කොටස් වල වටිනාකම 20% කට ආසන්නව ඉහළ ගොස් නිසා, රෙනෝ සති කීපයක් තුල ඉපැයූ ලාභය රුපියල් බිලියන 2 කට කිට්ටුයි. මේ අභ්‍යන්තර තොරතුරු පිටතට ආවාද කියන එක හොයන්න වෙන්නේ නෑ මේ රටේ. හැබැයි ඒක දැන් වෙලා ඉවරයි.
    අනික තමයි ප්‍රාථමික තැරැව්කාර සමාගම් වල බැඳුම්කර හෙවත් සංස්ථා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නිදහස් කර තිබීම. මේ කොටසට අයත් වන්නේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 1.8% ක් හෙවත් රුපියල් බිලියන 152 ක් පමණක් වූවත්, ප්‍රාථමික තැරැව්කාර සමාගම් 4 ක මෙහි වැඩි කොටසක් රැඳී තිබෙනවා. මේ කොටසේ ඉන්නේ බොහෝම ධනපතියන් අතලොස්සක්. ඔවුන් කරන්නේ සෘජුවම ධනවතුන්ගෙන් මුදල් ලබා ගෙන ඒ මුදල් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජන කිරීමයි. මේ සමාගම් සතු ගිය වසරේ මිළ දී ගත් බැඳුම්කර වලට ගෙවන පොළිය 30% ක් තරම් විශාල එකක්. එම පොළිය මේ ප්‍රතිව්‍යුහගත කිරීමට හසු නොවුන නිසා එම සමාගම් වලට විශාල ප්‍රතිලාභයක් මේ වන විට ලැබෙනවා. මෙය නොදැන කළ දෙයක් යැයි සළකන්න හැකියාවක් නෑ. ඒ නිසාම මේ සමාගම් වල කොටස් වල අගය 25% කින් පමණ අද දවසේ ඉහළ ගියා. ඒවා ගන්න කට්ටිය බලාගෙන හිටියත්, විකුණන්න කවුරුත් හිටියේ නෑ. මොකද ලැබෙන ලාභය පැහැදිලිව දන්න නිසා.
    අනිත් විශේෂ කාරණය තමයි මේ ප්‍රාථමික තැරැව්කාර සමාගම් වල බදු ඉතා ලිහිල් වීම. සාමාන්‍යයෙන් බැංකුවක් 52% ක් පමණ සිය ලාභයෙන් බදු ලෙස ගෙවද්දි, මේ සමාගම් මේ උපයන මූල්‍ය ආදායම් වලට බදු ගෙවන්නේ නෑ. බැංකු වලට ලැබෙන සහනයෙන් උපයන ලාභයෙන් අඩක් රජයට ලැබුනත්, මේ සමාගම් වලින් එවන්නක් සිදු වන්නේ නෑ.
    මුළු බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව මෙය කුඩා ප්‍රමාණයක් වූවත්, එම කුඩා කොටස මුදල් ලෙස ගත් කල සහ එය අයිති පුද්ගලයන් ප්‍රමාණය සැළකීමෙදී එය විශාල අගයක්. මේ අය බොහෝ විට මේ රටේ ඉන්න ඉතාම ධනවත් කීපදෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය මින් ලබන ලාබය බිලියන ගණනාවක් වෙන්න පුළුවන්. මේ දීපු චාන්ස් එක අර කළින් කෙරුණු මහ බැංකු බැඳුම්කර මගඩිය තරම්ම විශාල එකක් විය හැකියි.
    සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් කරන්න වියදම් කරන්න වෙන්නේ බිලියන 5 ක් විතර. ඉතිං මෙහෙම යාළුවෝ කීපදෙනෙක් හිටියොත් අත දිග ඇරලා ඡන්දයට වියදම් කරන්න පුළුවන්. ඉතිං එහෙම අයට උපයගන්න අවස්ථාව හදලා දෙන එක මේ පාලකයන්ගේ එදිනෙදා ජීවිතේ කොටසක්. ආන්න ඕකට ඔබට වංචාව දූෂණය කියලා කියන්න පුළුවන්. නැත්නම් ගජමිතුරු ධනවාදය කියලා කියන්න පුළුවන්. ඕක තමයි සිස්ටම් එකේ හැටි.
    ඔබ ඔය සිස්ටම් එක වෙනස් කරන්න නම් ඔන්න ඔය ගජමිතුරු ධනවාදයෙන් උපයන මුදලෙන් ඡන්ද කැම්පේන් වලට වියදම් කරන එක නතර කර ගන්න වෙනවා. ඒ මහා ධනස්කන්ධය එක්ක හැප්පෙන්න සමාන්‍ය මිනිස්සුන්ට බෑ. ඒකයි ක්‍රමයක් පෙරළීම එච්චර අමාරු වෙන්නේ.
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක්. එයට අපිට එරෙහිව යන්න බෑ. එය සිදු නොකොට රටට ගොඩ යන්න බෑ. හැබැයි ඒක කරන්නෙත් ඒක ඇතුලේ ගජමිතුරු ධනවාදය හා දූෂණ ඇතුලේ තියා ගෙන. ඒකයි ඔබට කියන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. එසේ නොකොට රටක් හදන්න බෑ.
    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔන්න උඩදානවා උඩ පැනල අල්ල ගන්න
    - Ranil

    ටොපිය Poහොට්ටුවටද,, සජිත්ටද
    Poහොට්ටුවත් සජිතුත් දෙගොල්ලොන්ටම එක ටොපියක් දෙයි.. දෙගොල්ලොන්ම කොරවේ.. සර්ප්‍රයිස් වේ.. ඒ දෙස බලා රනිල් දබරැගිල්ල කටේ ගසාගෙන හිකි හිකි ගා හිනැහේ



    😂😂😂😂
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @hirashgeff

    Izs0NhG.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔන්න උඩදානවා උඩ පැනල අල්ල ගන්න
    - Ranil

    ටොපිය Poහොට්ටුවටද,, සජිත්ටද
    Poහොට්ටුවත් සජිතුත් දෙගොල්ලොන්ටම එක ටොපියක් දෙයි.. දෙගොල්ලොන්ම කොරවේ.. සර්ප්‍රයිස් වේ.. ඒ දෙස බලා රනිල් දබරැගිල්ල කටේ ගසාගෙන හිකි හිකි ගා හිනැහේ



    😂😂😂😂


    රනිල් ජනපති ධූරය අහෝසි කලොත් සජියගෙයි ලපයගෙයි සිහින වලට මොකද වෙන්නේ.. චන්ද නැතුවම නාකි වෙලා යයි 😄
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,684
    113
    Ursa Major
    I'm sorry to say that this entire post has no meaning at all. I would give you zero marks. For a valid writeup, you need to learn a little bit about logic. :baffled:

    Kermit The Frog Reaction GIF by Muppet Wiki
     

    Similar threads