Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාමු චන්දෙට සල්ලි එකතු කරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළෙඳපොළ ඔබට කියූ දේ සහ දේශීය ප්‍රතිව්‍යුහගත කිරීම තුල සැඟවූ ගජමිතුරු ධනවාදය....

කාලෙකට පස්සේ අද කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහල ගියා. ඒකට මූලිකව හේතු උනේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුවට බැංකු වල කොටස් මිළ ඉහළ යෑමයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය බැංකු ටික නිදහස් කර තිබෙන නිසා, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම් ඉහළ යනවා. මීට පෙර බැංකු පද්ධතිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හසුව අර්බුදයකට යනු ඇතැයි වෙළෙඳපොළ විසින් උපකල්පනය කරන බැවින්, ඒවායේ කොටස් මිළට තිබූ ඉල්ලුම පහත ගියා. කවුරුත් ඒ රිස්ක් එක අරගෙන ඒවායේ ආයෝජනය කරන්නේ නෑ.

නමුත්, දැන් බැංකු වලට එවන් පාඩුවක් නොවන නිසා ඒවායේ කොටස් නැවත ඉහළ මිළකට විකිණෙනවා. අද වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට මූලික හේතුව උනේ ඒක.

හැබැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර රෙනෝ ද සිල්වා විසින් සම්පත් බැංකුවේ කොටස් වලින් 10% ක් මිළදී ගත් බව කියනවා. ඒ රුපියල් බිලියන 8 ක මුදලකට. ඒ කියන්නේ මේක වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි බැංකු පද්ධතිය ප්‍රතිව්‍යුහගත නොකරනු ඇතැයි අනුමාන කර ලොකු රිස්ක් එකක් අරගෙන ඒ කොටස් වේගයෙන් මිළදී ගැනීම. අනික තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය පිළිබඳව හොරෙන් තොරතුරු හොයා ගෙන, ඒක දැන ගෙන වංචනිකව මුදල් එහි යෙදවීම. මේ වන විට සම්පත් බැංකුවේ කොටස් වල වටිනාකම 20% කට ආසන්නව ඉහළ ගොස් නිසා, රෙනෝ සති කීපයක් තුල ඉපැයූ ලාභය රුපියල් බිලියන 2 කට කිට්ටුයි. මේ අභ්‍යන්තර තොරතුරු පිටතට ආවාද කියන එක හොයන්න වෙන්නේ නෑ මේ රටේ. හැබැයි ඒක දැන් වෙලා ඉවරයි.

අනික තමයි ප්‍රාථමික තැරැව්කාර සමාගම් වල බැඳුම්කර හෙවත් සංස්ථා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නිදහස් කර තිබීම. මේ කොටසට අයත් වන්නේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 1.8% ක් හෙවත් රුපියල් බිලියන 152 ක් පමණක් වූවත්, ප්‍රාථමික තැරැව්කාර සමාගම් 4 ක මෙහි වැඩි කොටසක් රැඳී තිබෙනවා. මේ කොටසේ ඉන්නේ බොහෝම ධනපතියන් අතලොස්සක්. ඔවුන් කරන්නේ සෘජුවම ධනවතුන්ගෙන් මුදල් ලබා ගෙන ඒ මුදල් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජන කිරීමයි. මේ සමාගම් සතු ගිය වසරේ මිළ දී ගත් බැඳුම්කර වලට ගෙවන පොළිය 30% ක් තරම් විශාල එකක්. එම පොළිය මේ ප්‍රතිව්‍යුහගත කිරීමට හසු නොවුන නිසා එම සමාගම් වලට විශාල ප්‍රතිලාභයක් මේ වන විට ලැබෙනවා. මෙය නොදැන කළ දෙයක් යැයි සළකන්න හැකියාවක් නෑ. ඒ නිසාම මේ සමාගම් වල කොටස් වල අගය 25% කින් පමණ අද දවසේ ඉහළ ගියා. ඒවා ගන්න කට්ටිය බලාගෙන හිටියත්, විකුණන්න කවුරුත් හිටියේ නෑ. මොකද ලැබෙන ලාභය පැහැදිලිව දන්න නිසා.

අනිත් විශේෂ කාරණය තමයි මේ ප්‍රාථමික තැරැව්කාර සමාගම් වල බදු ඉතා ලිහිල් වීම. සාමාන්‍යයෙන් බැංකුවක් 52% ක් පමණ සිය ලාභයෙන් බදු ලෙස ගෙවද්දි, මේ සමාගම් මේ උපයන මූල්‍ය ආදායම් වලට බදු ගෙවන්නේ නෑ. බැංකු වලට ලැබෙන සහනයෙන් උපයන ලාභයෙන් අඩක් රජයට ලැබුනත්, මේ සමාගම් වලින් එවන්නක් සිදු වන්නේ නෑ.

මුළු බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව මෙය කුඩා ප්‍රමාණයක් වූවත්, එම කුඩා කොටස මුදල් ලෙස ගත් කල සහ එය අයිති පුද්ගලයන් ප්‍රමාණය සැළකීමෙදී එය විශාල අගයක්. මේ අය බොහෝ විට මේ රටේ ඉන්න ඉතාම ධනවත් කීපදෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය මින් ලබන ලාබය බිලියන ගණනාවක් වෙන්න පුළුවන්. මේ දීපු චාන්ස් එක අර කළින් කෙරුණු මහ බැංකු බැඳුම්කර මගඩිය තරම්ම විශාල එකක් විය හැකියි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් කරන්න වියදම් කරන්න වෙන්නේ බිලියන 5 ක් විතර. ඉතිං මෙහෙම යාළුවෝ කීපදෙනෙක් හිටියොත් අත දිග ඇරලා ඡන්දයට වියදම් කරන්න පුළුවන්. ඉතිං එහෙම අයට උපයගන්න අවස්ථාව හදලා දෙන එක මේ පාලකයන්ගේ එදිනෙදා ජීවිතේ කොටසක්. ආන්න ඕකට ඔබට වංචාව දූෂණය කියලා කියන්න පුළුවන්. නැත්නම් ගජමිතුරු ධනවාදය කියලා කියන්න පුළුවන්. ඕක තමයි සිස්ටම් එකේ හැටි.

ඔබ ඔය සිස්ටම් එක වෙනස් කරන්න නම් ඔන්න ඔය ගජමිතුරු ධනවාදයෙන් උපයන මුදලෙන් ඡන්ද කැම්පේන් වලට වියදම් කරන එක නතර කර ගන්න වෙනවා. ඒ මහා ධනස්කන්ධය එක්ක හැප්පෙන්න සමාන්‍ය මිනිස්සුන්ට බෑ. ඒකයි ක්‍රමයක් පෙරළීම එච්චර අමාරු වෙන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය ප්රතිසංස්කරණයක්. එයට අපිට එරෙහිව යන්න බෑ. එය සිදු නොකොට රටට ගොඩ යන්න බෑ. හැබැයි ඒක කරන්නෙත් ඒක ඇතුලේ ගජමිතුරු ධනවාදය හා දූෂණ ඇතුලේ තියා ගෙන. ඒකයි ඔබට කියන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. එසේ නොකොට රටක් හදන්න බෑ.

පැතුම් කර්නර්

#පැතූනොමික්ස්

[QUOTE="vibhashana, post: 28998289, member: 546333"] කොටස් වෙළෙඳපොළ ඔබට කියූ දේ සහ දේශීය ප්‍රතිව්‍යුහගත කිරීම තුල සැඟවූ ගජමිතුරු ධනවාදය.... කාලෙකට පස්සේ අද කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහල ගියා. ඒකට මූලිකව හේතු උනේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුවට බැංකු වල කොටස් මිළ ඉහළ යෑමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය බැංකු ටික නිදහස් කර තිබෙන නිසා, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම් ඉහළ යනවා. මීට පෙර බැංකු පද්ධතිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හසුව අර්බුදයකට යනු ඇතැයි වෙළෙඳපොළ විසින් උපකල්පනය කරන බැවින්, ඒවායේ කොටස් මිළට තිබූ ඉල්ලුම පහත ගියා. කවුරුත් ඒ රිස්ක් එක අරගෙන ඒවායේ ආයෝජනය කරන්නේ නෑ. නමුත්, දැන් බැංකු වලට එවන් පාඩුවක් නොවන නිසා ඒවායේ කොටස් නැවත ඉහළ මිළකට විකිණෙනවා. අද වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට මූලික හේතුව උනේ ඒක. හැබැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර රෙනෝ ද සිල්වා විසින් සම්පත් බැංකුවේ කොටස් වලින් 10% ක් මිළදී ගත් බව කියනවා. ඒ රුපියල් බිලියන 8 ක මුදලකට. ඒ කියන්නේ මේක වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි බැංකු පද්ධතිය ප්‍රතිව්‍යුහගත නොකරනු ඇතැයි අනුමාන කර ලොකු රිස්ක් එකක් අරගෙන ඒ කොටස් වේගයෙන් මිළදී ගැනීම. අනික තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය පිළිබඳව හොරෙන් තොරතුරු හොයා ගෙන, ඒක දැන ගෙන වංචනිකව මුදල් එහි යෙදවීම. මේ වන විට සම්පත් බැංකුවේ කොටස් වල වටිනාකම 20% කට ආසන්නව ඉහළ ගොස් නිසා, රෙනෝ සති කීපයක් තුල ඉපැයූ ලාභය රුපියල් බිලියන 2 කට කිට්ටුයි. මේ අභ්‍යන්තර තොරතුරු පිටතට ආවාද කියන එක හොයන්න වෙන්නේ නෑ මේ රටේ. හැබැයි ඒක දැන් වෙලා ඉවරයි. අනික තමයි ප්‍රාථමික තැරැව්කාර සමාගම් වල බැඳුම්කර හෙවත් සංස්ථා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නිදහස් කර තිබීම. මේ කොටසට අයත් වන්නේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 1.8% ක් හෙවත් රුපියල් බිලියන 152 ක් පමණක් වූවත්, ප්‍රාථමික තැරැව්කාර සමාගම් 4 ක මෙහි වැඩි කොටසක් රැඳී තිබෙනවා. මේ කොටසේ ඉන්නේ බොහෝම ධනපතියන් අතලොස්සක්. ඔවුන් කරන්නේ සෘජුවම ධනවතුන්ගෙන් මුදල් ලබා ගෙන ඒ මුදල් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජන කිරීමයි. මේ සමාගම් සතු ගිය වසරේ මිළ දී ගත් බැඳුම්කර වලට ගෙවන පොළිය 30% ක් තරම් විශාල එකක්. එම පොළිය මේ ප්‍රතිව්‍යුහගත කිරීමට හසු නොවුන නිසා එම සමාගම් වලට විශාල ප්‍රතිලාභයක් මේ වන විට ලැබෙනවා. මෙය නොදැන කළ දෙයක් යැයි සළකන්න හැකියාවක් නෑ. ඒ නිසාම මේ සමාගම් වල කොටස් වල අගය 25% කින් පමණ අද දවසේ ඉහළ ගියා. ඒවා ගන්න කට්ටිය බලාගෙන හිටියත්, විකුණන්න කවුරුත් හිටියේ නෑ. මොකද ලැබෙන ලාභය පැහැදිලිව දන්න නිසා. අනිත් විශේෂ කාරණය තමයි මේ ප්‍රාථමික තැරැව්කාර සමාගම් වල බදු ඉතා ලිහිල් වීම. සාමාන්‍යයෙන් බැංකුවක් 52% ක් පමණ සිය ලාභයෙන් බදු ලෙස ගෙවද්දි, මේ සමාගම් මේ උපයන මූල්‍ය ආදායම් වලට බදු ගෙවන්නේ නෑ. බැංකු වලට ලැබෙන සහනයෙන් උපයන ලාභයෙන් අඩක් රජයට ලැබුනත්, මේ සමාගම් වලින් එවන්නක් සිදු වන්නේ නෑ. මුළු බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව මෙය කුඩා ප්‍රමාණයක් වූවත්, එම කුඩා කොටස මුදල් ලෙස ගත් කල සහ එය අයිති පුද්ගලයන් ප්‍රමාණය සැළකීමෙදී එය විශාල අගයක්. මේ අය බොහෝ විට මේ රටේ ඉන්න ඉතාම ධනවත් කීපදෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය මින් ලබන ලාබය බිලියන ගණනාවක් වෙන්න පුළුවන්. මේ දීපු චාන්ස් එක අර කළින් කෙරුණු මහ බැංකු බැඳුම්කර මගඩිය තරම්ම විශාල එකක් විය හැකියි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් කරන්න වියදම් කරන්න වෙන්නේ බිලියන 5 ක් විතර. ඉතිං මෙහෙම යාළුවෝ කීපදෙනෙක් හිටියොත් අත දිග ඇරලා ඡන්දයට වියදම් කරන්න පුළුවන්. ඉතිං එහෙම අයට උපයගන්න අවස්ථාව හදලා දෙන එක මේ පාලකයන්ගේ එදිනෙදා ජීවිතේ කොටසක්. ආන්න ඕකට ඔබට වංචාව දූෂණය කියලා කියන්න පුළුවන්. නැත්නම් ගජමිතුරු ධනවාදය කියලා කියන්න පුළුවන්. ඕක තමයි සිස්ටම් එකේ හැටි. ඔබ ඔය සිස්ටම් එක වෙනස් කරන්න නම් ඔන්න ඔය ගජමිතුරු ධනවාදයෙන් උපයන මුදලෙන් ඡන්ද කැම්පේන් වලට වියදම් කරන එක නතර කර ගන්න වෙනවා. ඒ මහා ධනස්කන්ධය එක්ක හැප්පෙන්න සමාන්‍ය මිනිස්සුන්ට බෑ. ඒකයි ක්‍රමයක් පෙරළීම එච්චර අමාරු වෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය ප්රතිසංස්කරණයක්. එයට අපිට එරෙහිව යන්න බෑ. එය සිදු නොකොට රටට ගොඩ යන්න බෑ. හැබැයි ඒක කරන්නෙත් ඒක ඇතුලේ ගජමිතුරු ධනවාදය හා දූෂණ ඇතුලේ තියා ගෙන. ඒකයි ඔබට කියන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. එසේ නොකොට රටක් හදන්න බෑ. පැතුම් කර්නර් [URL='https://web.facebook.com/hashtag/%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A?__eep__=6&__cft__[0]=AZX2MZJGjWz2ofzUSfpklnkTVkNoTKvF_zCiTwXL99kF8kcIyIQC-sERFF0dF0RBOi9eFbMtdNGMVSMb2afOqK4ohseP1rrh_buetHosGo4TOEoD-MJVW0KoU7BtI6pQpfxyiN4G0BpQ391WIKYd8V4nzsKYG9N_u95eBUISjRjz4m2ZO7WFjrAVRAFxWK1bDvI&__tn__=*NK-R']#පැතූනොමික්ස්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom