හාල් 110 වී කිලෝවට 60 ක් - වීරවංශ වැඩ පෙන්නයි -

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    නාඩු වී කිලෝ ග්‍රෑම් 1ක සහතික මිල රුපියල් 60.00ක් ලෙසත්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 110.00ක් ලෙසත් නියම කල යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නියකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ පවසයි.

    මෙවර අයවැය සදහා එම පක්‍ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ මේ බව දැක්වෙයි.

    අදාල යෝජනාවලිය මෙසේය.

    2022 අය – වැය සඳහා වන ජාතික නිදහස් පෙරමුණේ යෝජනාවලිය

    1) දීර්ඝකාලීනව රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම සහ දේශීය කෘෂි නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආනයන විකල්ප ලෙස සැලකෙන ප්‍රධාන ආහාර නිෂ්පාදනය දිරි ගැන්වීම.

    1.1 නාඩු වී කිලෝ ග්‍රෑම් 1ක සහතික මිල රුපියල් 60.00ක් ලෙසත්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 110.00ක් ලෙසත් නියම කිරීම.

    1.2 දේශීය නිෂ්පාදන පිරිවැය අනුව කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම, ඒ අනුව ආනයනික කිරිපිටි මිල දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිලට වඩා 5%කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයනික කිරිපිටි සඳහා විශේෂ පරිභෝජන බදු පැනවීම.

    1.3 කිරි ලීටරයක් සඳහා ගොවියාට ගෙවන සහතික මිල රුපියල් 100.00 දක්වා ඉහළ දැමීම.

    1.4 දේශීය පොල් තෙල් නිෂ්පාදන පිරිවැය අනුව ආනයනික, ආහාරයට ගන්නා තෙල් වර්ග සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම සහ සියලුම ආහාරයට ගන්නා ආනයනික තෙල් වර්ගවල මිල දේශීයව නිපදවන පොල්තෙල්වල මිලට වඩා 5%කින් ඉහළ මට්ටමක පවතින ලෙස විශේෂ පරිභෝජන බදු පැනවීම.

    1.5 පිරිපහදු නොකළ ආහාරයට ගන්නා තෙල් වර්ග සහ බාහිරින් තෙල් වර්ග එකතු කළ හෝ සංයුතිය වෙනස් කළ කිරිපිටි, බටර් වැනි ආහාර රට තුළට ආනයනය කිරීම, “ආනයන – අපනයන පනත” යටතේ තහනම් කිරීම සහ පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කර ආනයනය කිරීම සහ විකිණීම “පාරිභෝගික අධිකාරිය පනත” යටතේ තහනම් කිරීම.

    1.6 තිරිඟු පිටි සහ තිරිඟු ඇට සඳහා පසුගිය වසර 10ක කාලය තුළ ලබා දී ඇති බදු සහන 50%කින් අහෝසි කිරීම හෙවත් නැවත පැනවීම.

    1.7 ආහාර සඳහා පනවනු ලබන ආනයනික බදු විශේෂ ජාතික අරමුදලකට බැර කිරීම සහ එම අරමුදල් අඩු ආදායම්ලාභීන්ට ආහාර සහනාධාරයක් ලෙස ලබා දීම සහ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම පිණිස ගොවියාට සහනාධාර ලබා දීම සඳහා පමණක් යෙදවීම.

    2) දේශීය කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා සියලුම රාජ්‍ය මිල දී ගැනීම්වලදී (පරිභෝජනය සහ විකිණීම) දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රමුඛතාව අනිවාර්ය කිරීම සහ ඒ බව ටෙන්ඩර් පත්‍රිකාවල සඳහන් කිරීම.

    3) ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් සුළු නිෂ්පාදකයා සහ ගොවියා, විශේෂයෙන්ම කාන්තාවන් ගලවා ගැනීම සඳහා පූර්ණ ජාතික සමීක්ෂණයක් සිදු කිරීම. රුපියල් 50,000.00 දක්වා එකතු වී ඇති පොලිය කපා හැරීම, සියලුම ණය උපරිම පොලී සීමාව 18%ක් වන ලෙස නැවත ප්‍රතිව්‍යුහගත කිරීම, සමෘද්ධි බැංකු පද්ධතිය සහ ගොවිජන බැංකුවට යළි පණ දීම මගින් සහන පොලී ක්ෂුද්‍ර මූල්‍ය බැංකු ජාලයක් පිහිටුවීම සහ පෞද්ගලික අංශය මගින් අය කළ හැකි උපරිම පොලිය 18% ක් ලෙස නියම කිරීම.

    4) කර්මාන්තකරුවන් ආයෝජන සඳහා ලබාගෙන ඇති සියලුම ණයවල ඉතිරි වී ඇති ණය ප්‍රාග්ධනය වර්තමාන අවම පොලී අනුපාතය යටතේ නැවත ප්‍රතිව්‍යුහගත කිරීම, ණය ගෙවීමේ කාලය ඉදිරි වසර 10ක් සඳහා දීර්ඝ කිරීම.

    5) සමස්ත රටේ තරුණ පරම්පරාව ‘සුහුරු සමාජයක්’ බවට පත් කිරීම, නව රැකියා අවස්ථා සහ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සහ විදේශ රැකියා අවස්ථා වර්ධනය කිරීම මෙන්ම ගෘහ සේවය සඳහා කාන්තාවන් විදේශගත වීම අවම කිරීම සඳහා

    5.1 පවතින වෘත්තීය අධ්‍යාපන ආයතන ජාලයට අමතරව, ආරක්ෂක හමුදා සතු පිරිස් බලය සහ සම්පත් යොදා ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් නව වෘත්තීය අධ්‍යාපන ආයතන 100ක් රට පුරා ආරම්භ කිරීම.

    5.2 තාක්ෂණික විශ්වවිද්‍යාල 9ක් පළාත් මට්ටමින් ආරම්භ කර, වෘත්තීය අධ්‍යාපනය විශ්වවිද්‍යාල මට්ටම දක්වා වැඩි දියුණු කිරීම.

    5.3 ප්‍රායෝගික වෘත්තීය පුහුණුව සහිත එහෙත් විධිමත් සහතික නොමැති පිරිස් සහ ත්‍රිරෝද රථ රියැදුරන් විධිමත් වෘත්තීය අධ්‍යාපන සහතිකයක් ලබාගැනීමට දිරිමත් කිරීම සඳහා ඔවුන්ට අධ්‍යාපන කාලය තුළ මාසිකව රුපියල් 10,000.00ක දීමනාවක් ගෙවීම.

    5.4 රට තුළ පවතින ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 20ට අදාළව පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා ජාතික සමීක්ෂණයක් සිදු කිරීම සහ ඊට අනුව නව පාඨමාලා හඳුන්වාදීම.

    6) ශ්‍රී ලංකාවේ පවතින 35,000කට ආසන්න සියලුම කුඩා වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය සඳහා ආරක්ෂක හමුදා සතු පිරිස් බලය යොදා ගනිමින් ජාතික ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. එම ව්‍යාපෘතියට අවශ්‍ය උපකරණ සෙසු රාජ්‍ය ආයතනවලින් ලබාදීම, අබලන් වාහන ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම නව උපකරණ මිල දී ගැනීම මගින් ජාතික උපකරණ සංචිතයක් ගොඩනැගීම. ඒ සඳහා අරමුදල් අයවැය මගින් වෙන් කිරීම.

    7) ඉහත වාරි පද්ධති ආශ්‍රිතව පරිසර පද්ධති සංවර්ධනය කිරීම මෙන්ම රට පුරා ඌන භාවිත රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම්වල ආහාරයට ගත හැකි බහුවාර්ගික ශාක රෝපණය කිරීමේ ජාතික ව්‍යාපෘතියක් ස්වේච්ඡා සංවිධාන, පාසල් සිසුන් සහ ආරක්ෂක හමුදා යොදාගනිමින් දියත් කිරීම, එම සංවිධාන දිරිමත් කිරීම සහ පැළ තවාන් පිහිටුවීම දිරිමත් කිරීම සඳහා මූල්‍ය දිරිගැන්වීමක් ලබාදීම. ඊට අදාළව වගවීම සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා මහජන සහභාගීත්වය සහිතව විශේෂ යාන්ත්‍රණයක් සකස් කිරීම.

    8) රට තුළ ස්වේච්ඡා දැනුම සහ ශ්‍රමය ලබා දීම සහ ලබා ගැනීම සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ජාතික ආයතනයක් පිහිටුවීම සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීම සහ යෙදවීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දීම මෙන්ම ලියාපදිංචි වන පුද්ගලයින්ට කෙටිකාලීන ප්‍රජා නායකත්ව පුහුණුවක් ආරක්ෂක හමුදා මගින් ලබාදීම. ඒ සඳහා අයවැය මගින් අරමුදල් වෙන් කිරීම.

    මෙයට,
    විශ්වාසී,

    පී.ඒ.එස්. විජේසිරි
    (ප්‍රධාන ලේකම්)
    ජාතික නිදහස් පෙරමුණ

    දැන් 2022 ඉදං මේ ගානට දෙයි නේද බං
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,266
    113
    Amo amo menna ape haal kiyala deo stocks vee mole himiyo. Balan hitahan. Oita wada kerumo wechcha mahindalawath thama dudley and the clan gen gema illuwe naha.
    Me wimal mokedda !
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මේ ඔය වී ටික අපිට රුපියල් 60 ගානෙ දෙන්න කියපන් අපි කොටාගෙන බත් උයාගන්න
     
    • Haha
    Reactions: xVOLDYx

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේ ඔය වී ටික අපිට රුපියල් 60 ගානෙ දෙන්න කියපන් අපි කොටාගෙන බත් උයාගන්න
    :eek: :eek:

    ඇත්තටම බං පොඩි ලොරියක් අරං ගිහිං අනුරාධපුර පොලොන්නරුව පැත්තෙන් වී ටිකක් අරං ඇවිල්ල අවුරුද්දටම ඇති වෙන්න සරින් සැරේ කොටගන්නා බැරි වෙයි ද බං :cool:
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    :eek: :eek:

    ඇත්තටම බං පොඩි ලොරියක් අරං ගිහිං අනුරාධපුර පොලොන්නරුව පැත්තෙන් වී ටිකක් අරං ඇවිල්ල අවුරුද්දටම ඇති වෙන්න සරින් සැරේ කොටගන්නා බැරි වෙයි ද බං :cool:
    ගොවියො තොග දෙන්නෙ නෑ බං අනික ලොරි ගනං ගෙනාවත් උන් මගදි ගහනවා නැත්නම් කචල් දීපු උන්ට. ගෝනිය දෙක ගෙනත් කෙටුවනම් හරි. කොහොමත් හෙට රට ඕපන් කරාට පස්සෙ ඔය සීන් එක බලන්න ඉන්නෙ. ගෙදර ඉදන් වැඩ නිසා ඇගටත් හොදයි වී කෙටිල්ල. පුලුපුලුවන් අය ඔය වැඩේ කරානම් හරි
     
    • Like
    Reactions: Sri_Sampath

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    අඩේ අද වාසුව කියපු එකත් දාහන්. :lol: :lol:. ඔක්කොම මිලවල් නියම කරනවා බලන් ඉන්න බන්දුලයා.

    GIF by Tokkingheads