හැඩට.. වැඩට.. ගමනට.. කදිම MITSUBISHI - Attrage රථය

nuwanc1

Active member
  • Mar 21, 2017
    35
    113
    33


    Mitsubishi සමාගම මගින් නිර්මාණය කරන ලද කාර් රථ අතුරින් බොහොමයක් පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය දිනා ඇති මෝටර් රථයක් ලෙස ATTRAGE මෝටර් රථය හඳුන්වාදිය හැක. නවීන තාක්ෂණයෙන්, අලංකාර නිමාවකින් ඉහල කාර්යක්ෂම තාවයකින් හා අවම ඉන්ධන පරිභෝජනයකින් යුතු මෙම රථය ශ්‍රිලංකාවේ මාර්ගයන් සඳහාම මනාව ගැලපෙන්නාවූ රථයක් ලෙස විශේෂයෙන්ම දැක්විය හැක.



    Engine

    1.2L ධාරිතාවයකින් යුතු මෙහි එන්ජිමන් සිලින්ඩර 3කින් යුක්තය. Dual Over Head Came – DOHC එනම් කෑම් දෙකකින් යුක්ත මෙම රථයේ එන්ජිම Mitsubishi Innovative Valve timing Electronic Control system – MIVEC තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇත. 57kW ක උපරිම බලයකින් (Max. Power – 57kW) සපිරි මෙම එන්ජිමෙහි උපරිම ව්‍යවර්තය 100Nm වේ (Max. Torque – 100Nm)

    ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයකින් හා ක්‍රමිකව බලය වෙනස් කලහැකි CVT – Continuously Variable Transmission ගියර පද්ධතියක් මෙමෙ රථයට එක්කර ඇති අතර CVT ගියර පද්ධතිය රථයේ සුව පහසුව වැඩි කිරීමටද දායක වී ඇත (Shift shock නොමැතිවීම හේතුවෙන්). CVT ගියර පද්ධතියේ පාලනය සඳහා Mitsubishi සමාගම විසින් INVECS – III (Intelligent Innovative Vehicle Electronic Control system) තාක්ෂණයෙන් යුක්ත පරිගණකයක් භාවිතා කර ඇත.

    Fuel efficiency




    මෙම රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය 21 km/l ලෙස නිෂ්පාදකයා දක්වා ඇති අතර ඒම අගයට ඉතාම පහසුවෙන් ලඟාවියහැකි බව අත්දැකීමෙන් දැක්විය හැක.


    මෙහි දක්වා ඇත්තේ මාවිසින් රථය ධාවනයෙන් ලද ප්‍රතිපලයකි.


    ECO lamp







    රථය ධාවනයේදී, පදවන්නාට තම Accelerator ය උපරිම ඉන්ධන කාර්යක්ෂම තාවයකින් යුක්තව බාවිතා කලයුතු ආකාරය පිළිබඳව රථයෙන්ම උනන්දු කරන්න වූ ක්‍රමවේදයක් ලෙස මෙම ECO lamp දැක්විය හැක. මෙමගින් රථය පදවන්නා උපරිම ඉන්ධන කාර්යක්ෂම තාවයකින් යුක්තව රථය ධාවනයට උනන්දු කරවීම මෙන්ම පරිසර හිතකාමී සහ හොඳ රියදුරු ගුණාංග සහිත රියදුරෙක් බවට පත්කිමට උනන්දුකරවයි.


    Minimum turning radius


    මෙම රථය sedan ආකාරයේ රථයක් වුවද මෙහි ඉතාමත් හොඳ මට්ටමක අවම හැරවුම් අරයක් සහිත රථයක් ලෙස මෙය නිර්මාණය කර ඇත. මෙහි හැරවුම් අරය 4.8 m වන බැවින් ඉතාම අඩු ඉඩකින් රථය හරවාගැනීමේ පහසුව පවතී. එබැවින් අප රටෙහි මාර්ගයන් සඳහා ඉතාමත් උචිත රථයක් ලෙස මෙය දැක්විය හැක.



    Lane change turn signal system


    මංතීරු කිහිපයක් සහිත මාර්ගයක රථය ධාවනයේදී එක මංතීරුවක සිට අනෙක් මංතීරුවට රථය ධාවනය කරන්නේනම් අප විසින් signal දැල්වීම සිදුකලයුතු වේ. නමුත් මෙහිදී සාමාන්‍ය රථයක signal දැල්වීම සිදුකලේ නම් නැවතත් අප විසින්ම ඒම signal off කිරීම සිදුකල යුතුය. එයට හේතුව නම් රථය හැරවීමක් සිදුකරන අවස්ථාවක තරම් මෙම අවස්ථාවේදී සුක්කානම කරකැවීමක් සිදු නොවන බැවින් signal ස්වයංක්‍රියාවම off වීම සිදු නොවන බැවිනි. එබැවින් අප විසින් සිතා මතා signal off කිරීම සිදුනොකළේ නම් රථය ධාවනයේදී වැරදි සංඥාවක් සහිතව රථය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් අනතුරක් උවද සිදුවිය හැක. ඒම ගැටලුව මගහැරීම සඳහා මෙම රථයේ Lane change turn signal system එක ලබාදී ඇත. මෙහිදී රථය එක් මංතීරුවක සිට අනෙක් මංතීරුවට මාරුකරන අවස්ථාවේදී අප විසින් ඒම දිශාවට අදාලව signal switch එක මතට සියුම් තදකිරීමක් පමණක් (tap කිරීමක්) සිදු කරේනම් ඒම දීශාවට අදාලව signal පද්ධතිය තෙවරක් පමණක් ක්‍රියාත්මක වී ස්වයංක්‍රියාවම off වීම සිදු වේ.



    Headlight auto off function



    රථයෙහි Ignition off කිරීමෙන් අනතුරුව සහ රියදුරු අසුනෙහි දොර වීවෘත කිරීමත් සමගම ස්වයංක්‍රියාවම Headlight off වීම සිදුවන බැවින් අතපසු වීමකින් Headlight on අවස්ථාවේ රථයෙන් බැසයාම හේතුවෙන් සිදුවන අනවශ්‍ය බැටරි බැසයාම් හා අපහසුතා මෙමගින් ස්වයංක්‍රියාවම වැළකෙනු ඇත.

    Auto speed adjustable wipers



    මද වැසි තත්වයක Wipers ක්‍රියාත්මක කිරීමේදී අප විසින් timing mode හෙවත් intermittent mode අවස්ථාවක ධාවනය කරන්නේ නම් රථයෙහි වේගය 60 kmph පසු කිරීමෙන් පසු ස්වයංක්‍රියාවම Wipers ක්‍රියාකාරිත්වයෙහි වේගය වැඩිවීම සිදුවේ. එමගින් වැඩි වේගයන්හිදී දෘශයතාවය වැඩිකිරීමක් සිදුකරයි.



    Delayed – action power window open / close system



    වැඩිදුර විස්තර සඳහා මෙතන Click කරන්න ....
     
    • Like
    Reactions: Rangoo

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    download.jpg


    Same BEZZA:cool:
     
    • Haha
    Reactions: Brandy2020