හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි PART 1

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි PART 1

හැමෝම දන්න™ - වෙබ් ප්‍රොක්සි ගැන ඔන්න මගෙනුත් යමක් ඉගෙන ගන්න.
(වැඩිපුර දන්න අය ඉන්නවානං සද්ද නැතුව දන්නදේ ත්‍රෙඩ් එකක දාන මෙන් ඉල්ලමි.)

දැං මේ සිරි බර සිරි ලංකාවේ වැදගත් පරම ඡන්ද බලය හිමි ඔබ හැමෝම දන්නවා මේ පර සුද්දාගේන් දේශද්‍රොහී බලවෙග වලින් අපේ රටවැසීයා ආරස්සා කරගැනීමට දාපු විදුලි සංදේශ (නොනිල) කොමිසමට විරුද්ද ඇමරිකන් හිතවාදී කොටි ඩයස්පොරාව මෙහෙයවන NGO එකක් ති‍යෙනවා කියලා... එකේ නම තමයි "Proxy Server"

දැං ඔය මං කියපු භයානක විදෙස් බලවේගය එක එක විදියට රටතුල ක්‍රියාත්මක වෙනවා කියන එක හොඳින් මතක තියාගන්න.. මං දැං කියලා දෙන්නේ මේ විදෙස් බලවේගය ලංකාව තුල තම අරමුණු ඉටුකරගැනීමට යොදන උත්සාහයන් ටිකක්
. මේක බලලා ඔයාලට පුලුවන් මෙයාලගෙන් පරිස්සම් වෙන්න. (ඔය විදුලි සංදේශ එකේ ලොම් හැලුණු මහත්තයෙක් වත් මෙතන ඉන්නවානං මේක ගොඩක් වැදගත් - අනේ අපිව මේ බලවේගවලින් ආරස්සා කරලා දෙන්ටකෝ!)

දැන් අපේ ලංකාවේ තියෙන (සුද්දා හදපු:lol:) වෙබ් බ්‍රවුසර් වල ඔය තහනම් සංවිධානේ නම ගැවිලා තියෙන ලිපින සියයට 90%කටම යන්ට බෑ!! ඉතිං අර ඉස්සර වගේ ඔය Proxy සංවිධානේ ඇතුල බලන්න යන දොරක් හොයාගන්න එකත් චුට්ටක් මාරුයි.

1) දැං ඉස්සරොම අපේ කස්ටිය ඔය Proxy ලගේ හැටි බලන්නේ ඒ කෙනෙක්ගේ වෙබ් එකකට ගිහින් අපිට ඕනේ රාජ්‍ය විරොධී ලිපිනය එයාට දීලානේ
දැං රජතුමාට පිං වෙන්ට ඒක බෑ..
http://www.freeproxyserver.ca/ :growl:
http://freeproxyserver.net/ :growl:
http://www.publicproxyservers.com/ :growl:
http://www.proxyblind.org/ :growl:
http://proxy.org/ :growl:
http://hidemyass.com/ :growl:
http://lankaoil.com/ :growl:
පේනවානේ දැං එව්වා ඔට්ටු නෑ.. තහනං වචන ගෑවිලාවත් තියෙන්න බෑ ඕයි!!

2) වේගයත් එහෙම්ම තියගෙන මේ වැඩේ කොරන්න යමක් කමක් තේරෙන උදවිය කලේ ඒ Proxy කෙනෙක්ගේ ගෙදර ලිපිනයක් (Proxy Server Addres ) හොයාන බ්‍රවුසර් එකේ ජාල සබඳතා සැකසුම් වලට දාන එක...:) මල කෙලියයි දැං ගෙදර ලිපිනයක් හොයාගන්න එකත් අමාරු ගේමක් වෙලා.. අමාරුවෙන් හොයා ගත්තත් මේ ලිපින නිතරම පරණ වෙන නිසා අලුත්එවා හොයන්න ඕනේ. හොයන්නත් බෑ බාගෙයක් Sites Block කරලා නිසා!.

Firefox Browser Proxy Settings

firefox-advanced-network-settings.jpg



firefox-proxy-setting.jpg



දැං මොකද අයියා , මල්ලී කරන්නේ???

Made in China කොතනත් මුල්තැන!!
UltraSurf!!
මාර සීන් එක මේ ත්‍රෙඩ ලියද්දීනේ මං දන්නේ මේ UltraSurf වෙබ් එකත් අපේ ජාතික ආරස්සාවට Block කරලා :no: කමක් නෑ මං ඔන්න එකට විකල්පයක් දැම්මා...




us1.png



මෙයා තනි File එකක්.. ඒ කියන්නේ Portable Ready!! Download කරලා ඔය කොහේ හරි තියලා Shortcut එකක් දාගත්තම එල! පලවෙනිපාර Open කලාම Option වලට ගිහින් Start IE Automatically / Delete Cokie / Delete History කියන ඒවයේ Tick අයින් කරන්න. Hide Golden Lock කියන එකට හරියක් දාන්න.මේකෙන් Speed එකේ ලොකු වෙනසක් වෙන්නේ නෑ!
මේක ඕන් කලාම අලුන් සංස්කරණයක් තියෙන නිසා ඩවුන්ලොඩ් කරන්න අහයි! ඕනේනම් ගන්න.(දැන් එක තියෙන තැනටම Download වෙයි!) සමහර සංස්කරණ වයිරස් විදියට අල්ලනවා... එක සාමන්‍ය දෙයක්. ඔනේනම් වයිරස් ගාඩ් එකෙන් මගඅරින්න දෙන්න
.
මං මෙයාව යෝජනා කරන්නේ Chrome එක්ක හා IE එක්ක වැඩ කරන්න. නමුත් එතනිනුත් Chrome තමා! මොකද Chrome එකත් යූස් කරන්නේ IE Proxy Config එකමයි! ඕනේනම් FireFox වලත් වැඩ! නමුත් ඒකට උඩ දාලා තියෙන Connection Setting Window එකෙ Use System Proxy Settings කියන Option එක තොරගන්න.

දැන් මේකේ පොඩි පොඩි අවුල් වගෙයක් තියෙනවා:shocked:
1) මේකත් නෙට් නැනී වගේ:lol: සමහර ජාතියේ සයිට් වලට යන්න බෑ.. :rofl:
2) සමහර KeyGen වගේ නිතිවිරෝධී සයිට් වලට යන්න බෑ. :growl::growl:
3) මේක High Anonymity Proxy එකක්! මේක දාගෙන ඔය වෙන රටක වගේ (USA/UK etc) පෙනී ඉඳලා කරන වැඩ කරගන්න අමාරුයි!
3) ඔයාලා මේ Proxy එක Close නොකර EndTask/ShutDown PC වගේ කල වෙලාවක් ඊලඟ වතාවේ Browser එකේ ඉන්ටනෙට් නැති උනාට පුදුම වෙන්න එපා... එහෙම උනොත් ටක්ගාලා මේක ඕන් කරන්න. එපානං හරි විදියට නවත්තන්න. එතකොට අවුලක් නෑ :baffled:



පේනවානේ වැදගත් Proxy එකක් කියලා...
දැනට මේක පාවිච්චි කරන්න .. අපි ලඟදීම සම්පූර්ණ අන්තරජාලයේ නිදහස විඳිමු!!:P:P ඒ වැඩේදී මෙයා වැදගත් වෙනවා!!









ඇහැක්නං රෙපක් දාල පල!

freelancer-reputation.jpg

 
Last edited:

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
matanam oya proxy kathava thama therenne ne machanla.... onna REP+
මේක අරන් ඔයාට මෙච්චරකල් යන්න බැරි උන වෙබ් සයිට් වලට යන්න! (උදා ටැමිල්නෙට්, ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ඔය සමහර නරක :D සයිට් ) එතකොට තේරෙයි මොකක්ද කියලා.. එතකොට තේරෙන්න ගනී කතාව ගැනත් ඔයාට!!