හැමෝම History Clean කරගන්න................. !

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    හැමෝම History Clean කරගන්න................. !


    Browser Cleaner

    browser-cleaner-features-150x150.jpg


    හැමෝටම වගේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන මෘදුකාංගයක් ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.....

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    මේකේ නම Browser Cleaner. නමින් ම හිතාගන්න පුලුවන් නේද මොකක්ද කියලා... හරි, මම මේ ගැන තව විස්තර ටිකකුත් කියන්නම්කෝ. අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවනේ සාමාන්‍යයෙන් web browsers එකකට වැඩි ගණනක් පාවිච්චි කරන්න. ඉතින් මේ නිසා අපේ පරිගණකයේ සැලකිය යුතු ඉඩක් මේ browsers වල temporary files, cookies, browsing histories රඳවාගන්න වැය වෙනවා. ඒක ම හේතුවක් වෙනවා පරිගණකයේ වේගය දවසින් දවස අඩු වෙන්නත්. සමහරු නම් කාලෙන් කාලෙට මේවා මකා දමන්න උනන්දු වුනත් බහුතරයක් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ මෘදුකාංගයක් අපිට වැදගත් වෙන්නේ. මේ මෘදුකාංගය පහසුවෙන් බාගත කරගැනීම කරන්නත් පුළුවන්. 1MB විතර පොඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ, ඒ වගේම සමහර මෘදුකාංග වගේ කරදර කාරි toolbar එහෙම එන්නෙත් නෑ. බාගත කිරීම කලාට පස්සේ සාමාන්‍ය විදියට ස්ථාපනය කරගන්න පුළුවන්.

    Run කලාට පස්සේ පහත ආකාරයට තමයි දිස් වෙන්නේ. භාවිතය අතින් ඉදිරියෙන් ම තියෙන browsers තමයි ඇතුලත් කරලා තියෙන්නේ. ඉවත් කිරීම් කල යුතු browsers වලින් ඔයාට ඕන කරන ඒවා තෝරලා දෙන්නත් පුලුවන්.

    2.png



    Options ගිහින් මේ දේවල් කැමති විදියට තෝරන්න. (ඔක්කොම තෝරලා දෙන 1 තමයි ගොඩක් ම හොඳ! )

    3.png


    Windows Items වල තියෙන්නේ සාමාන්‍යයෙන් පරිගණකයේ ගබඩා වෙන අනවශ්‍ය …Windows යෙදවුම්. ඒ අතර ඔයාට ඕන කියලා හිතෙන මොනාහරි තියෙනවනම් ඉවත් කරන්න.

    4.png


    Applications වල තියෙන්නේ අපි එදිනෙදා භාවිතා කරන මෘදුකාංග වලින් ලැබෙන අනවශ්‍ය ගොනු.

    5.png



    Wipe free Space මඟින් වෙන්නේ අපි මකා දමන මේ ගොනු නිසා පරිගණකයේ overwrite වෙන free space එක ඉවත් කරන එක. ඒ වගේම Recovery කරන්න නොහැකි විදියට history එක මකාදැමීම. එහෙම කරන්න උවමනා නෑ කියලා හිතෙනවා නම් කෙලින් ම Clean Now කරන්න.

    6.png


    හැබැයි එක දෙයක් කියන්න ඕන. මේ සඳහා විනාඩි 3-4ක් විතර ගත වෙනවා. ඒක තීරණය වෙන්නේ පරිගණකයේ තත්වය හා එහි භාවිතය මත.... හැබැයි ලැබෙන සේවය නම් විශිෂ්ඨයි......! ඔයාලත් කැමති නම් නොමිලේ දෙන මේ මෘදුකාංගය අරගෙන බලලා හොඳ නරක කියන්නකෝ, ආයෙත් ඉක්මනින්ම හමු වෙනකල් හැමෝටම තෙරුවන් සරණයි................

    Software එක මෙතනින් ගන්න



     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර