යාලුවනේ මට පොඩි අදහසක් ආව. මම දන්නේ නෑ මේකට ඔයාල කැමති වෙයිද කියල. මේකයි වැඩේ අපේ එළකිරි කියන්නේ ලංකාවේ වෙබ් අඩවි අතරින් ප්‍රදාන තැනක් ගන්න වෙබ් අඩවියක්. ඒ වගේම ගොඩක් මෙම්බර්ස්ලා ඉන්න වෙබ් අඩවියක්. ඉතින් මම හිතුව අපි කට්ටිය එකතුවෙලා පොඩි අරමුදලක් (fund) එකක් පිහිට වන්න. මම දන්නවා මේකේ ඉන්න හැමෝටම සල්ලි නෑ. නමුත් අපි ගාව තියෙනවා ශ්‍රම ශක්තිය. අපිට පුළුවන් ළමා නිවාසයක්. වැඩිහිටි නිවාසයක් වගේ දෙයක් අලුත් වැඩිය කරලා දෙන්න. රටේ පොදු කටයුතු වලට සහය දෙන්න. අසරණ මනුස්සයකුට පිහිට වෙන්න. ඒවගේ ඕනම දෙයක්. අපිට ඕනේ නෑ ලෝකේ පුර ජනප්‍රිය වෙන්න. අපිට ඕන අවංකව සමාජයට සේවයක් කරන්න. ඉතින් යාලුවනේ ඔයාලත් මේ වැඩේට කැමතිනම් අපිට පුළුවන් GTR අය්යාගේ ප්‍රදානත්වයෙන් මේ වැඩේ පටන් ගන්න.
එහෙමනම් ඉතින් මේ ගැන ඔයාල හිතන දේත් කමෙන්ට් එකක් දාලම යන්න..

එහෙමනම් ඉතින් මේ ගැන ඔයාල හිතන දේත් කමෙන්ට් එකක් දාලම යන්න..
