හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා.
ගොඩක් අයගෙ, විශේෂයෙන්ම 90 දශකයෙ වගේ අයගෙ මතයක් තමයි අපේ තැපෑල එච්චර කාර්යක්ෂම නැති සේවාවක් කියන එක. ඒකට හේතුවකුත් තියෙනවා. කාලයක් තිස්සෙ ආණ්ඩුවේ මොකක්ම හරි strike එකක් තිබ්බොත් මුලින්ම වැඩ නවත්තන්නෙ තැපෑල. අනික ලියුම් යවන එක දැන් සිද්ධ වෙන්නෙම නැති තරම් නිසා තැපෑල කාටවත් එච්චර වටිනාකමකුත් නෑ.
හැබැයි මේ වෙද්දි ශ්‍රී ලංකා තැපෑලත් සෑහෙන දුරට තාක්ෂණය පැත්තට හැරිලා. Logistics ගැන හොඳ දැනුමක්, අත්දැකීම් තියෙන දක්ෂයන්ගේ සේවය ලබා ගන්නවා. පවතින රජයටත් තැපෑල උපරිම කාර්යක්ෂමතාවය තියෙන ආයතනයක් කරන්න ලොකු උවමනාවක් තියෙනවා.
කලින් වගේ නෙවෙයි, services පට්ටම ගොඩක් තියෙනවා. අනික හැම කුරියර් එකකටම වඩා ලොකු සේවා ජාලයක් තියෙනවා. මේ වගේ strengths හරියට පාවිච්චි කරලා දැන් නියමෙටම පණ ගහලා එන ලයින් එකක් තියෙන්නෙ.
දැන් කාලෙ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අමතර ආදායමක් හොයන කාටත් අපේ තැපෑල නියමම අතරමැදියෙක්. කුරියර්වලට සාපේක්ෂව මිලත් අඩුයි, වේගෙත් වැඩියි. විශ්වාසය උපරිමයෙන්ම තියෙනවා. අනික වැදගත්ම දෙයක් තමයි cash on delivery සේවාව. ඕනම පාර්සලයක් සල්ලි ගෙවලා ගන්න විදිහට යවන්න පුළුවන්.
ගෙදර තියෙන තමන්ට අනවශ්‍ය දේවල්වල ඉඳලා, තමන්ගෙ වත්තෙ තියෙන දෙයක්, හදපු කෑමක්, මහපු ඇඳුමක්, Beauty product එකක්, ස්වයං රැකියා විදිහට හදන විකුණන්න පුළුවන් වගේ ඕනම දෙයක් රට ඇතුළේ ඕන කෙළවරකට ඉක්මණටම යවන්න තියෙන ක්‍රමය තමයි තැපෑල. තමන්ගෙ පළාතෙ තියෙන තැපැල්/උප තැපැල් කාර්යාලයේ register වුණාම හම්බෙන orders සේරම යවන්න පුළුවන්. මිල ගණන් වුණත් හරිම සාධාරණයි.
මේකෙන් පොඩි බිස්නස් කරන ගොඩක් අයට තියෙන සල්ලි ලබා ගැනීමේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් හම්බෙනවා. බැංකු නොම්බර් දාලා කලින් deposit කරන්න කියන්න අවශ්‍ය නැහැ. ගෙවලා එවන් නැති වුණොත් මොකද කරන්නෙ කියන ප්‍රශ්නය නැහැ. පාර්සලේ හම්බෙනකොට ගෙවලා ගන්න තියෙන්නෙ.
අනික මේ දවස්වල මොන තෙල් අර්බුදයක් තිබුණත් තැපෑල කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ. අනිත් කුරියර් වගේ දවසක් දෙකක් පරක්කු කරලා පාර්සල් කීපයක් ආවට පස්සෙ විතරක් බෙදන වැඩ නැහැ. වැඩ කරන දවස් තුනකින් ඕනම කෙළවරකට පාර්සල් බෙදන්න පුළුවන්.
අනික පිටරට ඉඳලා යමක් එවද්දි වුණත් ලොකුවට ගෙවලා කුරියර්වල එවන්න අවශ්‍යම නැහැ. අපේ තැපෑල අන්තර්ජාතික තැපැල් සමූහයේ ලියාපදිංචි වෙලා ඉන්නෙ. ගොඩක් රටවල පොඩ්ඩක් හොයලා බැලුවොත් ලංකාවෙ තැපෑල හරහා එවන්න ක්‍රම තියෙනවා. කුරියර් හැත්ත වගේ පෙට්ටි කඩලා හොරා කන් නෑ.
Online බඩු ගන්නකොට වුණත් අපේ තැපෑල හරහා ගෙන්නුවාම ඉක්මනට එනවා. තැපෑලට වඩා විශ්වාසය තියෙන්නෙ DHL වගේ Point to point සේවාවල විතරයි. හැබැයි ඒවාට ගෙවන්න ඕන ගාණ කවුරුත් දන්නවානෙ. ගොඩක් අය පොඩි පොඩි බඩු ගෙන්නන aliexpress වගේ වුණත් තැපෑල හරහා එව්වාම සති දෙක තුනෙන් එනවා. Bridges worldwide වගේ අනිත් ක්‍රම මාස ගණන් යන්නෙ.
ඉතින් මම මේ පාර උත්සාහ කරන්නෙ අපේ තැපෑලට උපරිම විශ්වාසය දෙන්න. මේ ගැන හැමෝම දැනුවත් වෙයන්. නිකමට ගෙදර තියෙන වැඩක් නැති දෙයක් ගැන ad එකක් දාලා, ගන්න කෙනෙක් කතා කරාම උන්ට ඒක තැපෑලෙන් යවලා test කරලා බලපන්. කුරියර්වලට වඩා මොන තරම් ලේසිද කියලා හිතෙයි.
අනික කැමති නම් register වෙලා, ගෙවලා ගන්නත් යවන්න පුළුවන්. එතකොට බය වෙන්න කිසිම දෙයක් නෑ. ගන්න මිනිස්සුන්ට වුණත් වැඩි විශ්වාසයක් තියෙනවා. නිකමට කරලා බලපං. සල්ලි අමාරු කාලෙ වැඩකට නැති දෙයක් විකුණලා කීයක් හරි හොයා ගන්නත් නියමම චාන්ස් එකත් මේක.
එහෙනම් තවත් වැදගත් දේකින් හමු වෙමු.

Last edited: