හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    🏵️කෝ නු හාසෝ කිමානන්දෝ
    🏵️නිච්චං පජ්ජලිතේ සති
    🏵️අන්ධකාරේන ඕනද්ධා
    🏵️පදීපං න ගවෙස්සථ

    🪷මේ ජීවිතය (ආශාවෙන්, තරහින්, මෝඩකමින් වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන්) හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද? අනවබෝධය නැමැති ඝන අඳුරේ ගිලී සිටින ඔබ, පහනක් නොසොයන්නේ
    ඇයි?🪷

    🌼පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
    🌼කයිරාථේතං පුනප්පුනං
    🌼තම්හි ඡන්දං කයිරාථ
    🌼සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

    🌻යම්කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව, සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නෙ ඒ පිනමයි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇතිකරගන්න ඕන. “සැප” කියල කියන්නෙ පිනටමයි🌻

    🌸භද්‍රෝ’පි පස්සති පාපං
    🌸යාව භද්‍රං න පච්චති
    🌸යදා ච පච්චති භද්‍රං
    🌸අථ භද්‍රෝ භද්‍රානි පස්සති

    🌷කරගත්තු පින් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පින පාඩුවක් හැටියට පේන්නේ. නමුත් පින විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පිනේ හැබෑ ස්වභාවය පිනක් වශයෙන් ම අඳුනගන්නේ🌷

    🏵️මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස
    🏵️න මං තං ආගමිස්සති
    🏵️උදබින්දුනිපාතේන
    🏵️උදකුම්භෝ’පි පූරති
    🏵️පූරති ධීරෝ පුඤ්ඤස්ස
    🏵️ථෝකථෝකම්පි ආචිනං

    🪷“ඕක ඉතින් පොඩි පිනක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නෙ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පිනෙන්ම පිරිලා යනවා

    🌼න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
    🌼න පබ්බතානං විවරං පවිස්ස
    🌼න විජ්ජති සෝ ජගතිප්පදේසෝ
    🌼යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු

    🌻යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්ට පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුණත් නෑ. එබඳු තැනක් ලෝකයේ කොහේවත් නෑ🌻

    🏵️යථා දණ්ඩේන ගෝපාලෝ
    🏵️ගාවෝ පාචේති ගෝචරං
    🏵️ඒවං ජරා ච මච්චු ච
    🏵️ආයුං පාචෙන්ති පාණිනං

    🪷ගොපල්ලෙක් කෙවිටෙන් පහර දිදී හරකුන්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා - මරණ දෙකත් ඒ විදිහටම සත්වයන්ගේ ආයුෂ අවසන් කරලා දානවා🪷

    🌸ගබ්භමේකේ උප්පජ්ජන්ති
    🌸නිරයං පාපකම්මිනෝ
    🌸සග්ගං සුගතිනෝ යන්ති
    🌸පරිනිබ්බන්ති අනාසවා

    🌷සමහර කෙනෙක් ආයෙමත් ගර්භාෂයක උපදිනවා. පව් කරගත්තු උදවිය නිරයේ උපදිනවා. පින් කරගත්තු උදවිය සුගතියෙ උපදිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු මුනිවරු ආශ්‍රව නැතිකරලා පිරිනිවන් පානවා🌷

    🌼මා’වෝච ඵරුසං කඤ්චි
    🌼වුත්තා පටිවදෙය්‍යු තං
    🌼දුක්ඛා හි සාරම්භකථා
    🌼පටිදණ්ඩා ඵුසෙය්‍යු තං

    🌻කාටවත්ම නපුරු වචන කියන්ට එපා! නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරළා කරදර වෙන්නෙ🌻

    🏵️ස චේ නේරේසි අත්තානං
    🏵️කංසෝ උපහතෝ යථා
    🏵️ඒස පත්තෝ’සි නිබ්බාණං
    🏵️සාරම්භෝ තේ න විජ්ජති

    🪷ශබ්දය හටගන්න ලෝහ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත්, තමන් තුළම නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නෙ නෑ🪷

    🌸උදකං හි නයන්ති නෙත්තිකා
    🌸උසුකාරා නමයන්ති තේජනං
    🌸දාරුං නමයන්ති තච්ඡකා
    🌸අත්තානං දමයන්ති සුබ්බතා

    🌷වතුර ගෙන යන උදවිය තමන් කැමති දිසාවට ඇල වේලි බැඳගෙන වතුර අරගෙන යනවා. හී වඩුවො තමන්ට ඕනෙ පිළිවෙළට ඊතල සකස් කරගන්නවා. ලී වඩුවෝ තමන්ට ඕනෙ පිළිවෙළට ලී බඩු හදාගන්නවා. ධර්මයට කීකරු අය තමන්ගේ සිත දමනය
    කරගන්නවා🌷

    🌼අස්සෝ යථා භද්‍රෝ කසානිවිට්ඨෝ
    🌼ආතාපිනෝ සංවේගිනෝ භවාථ
    🌼සද්ධාය සීලේන ච වීරියේන ච
    🌼සමාධිනා ධම්මවිනිච්ඡයේන ච
    🌼සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා
    🌼පහස්සථ දුක්ඛමිදං අනප්පකං

    🌻තමන්ගේ ප්‍රමාදයෙන් කසපහර වැදුණට පස්සේ ආජානීය අශ්වයා තව තවත් වීරියවන්ත වෙනවා. අන්න ඒ වගේ ඔබත් මේ සංසාරය ගැන කළකිරිල, කෙලෙස් නැතිකරන්ටමයි වීරිය ගන්ට ඕනෙ. ශ්‍රද්ධාවන්තව, සිල්වත්ව, සමාධියෙන් යුක්තව විදර්ශනා ප්‍රඥාවෙන්මයි තීරණ ගන්ට ඕනෙ. අවබෝධයයි, හැසිරීමයි එකක් වෙන්ට ඕනෙ. හොඳට සිහි නුවණ පිහිටුවාගෙන, මේ මහා සසර දුක නැතිකරලා දාන්න🌻

    🏵️පස්ස චිත්තකතං බිම්බං
    🏵️අරුකායං සමුස්සිතං
    🏵️ආතුරං බහුසංකප්පං
    🏵️යස්ස නත්ථි ධුවං ඨිති

    🪷දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසාගෙන හිටියට මේකෙ තියෙන්නෙ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. ලෙඩ දුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවාට, මේකෙ නිත්‍ය දෙයක් නෑ. ස්ථිර දෙයක් නෑ. පවතින දෙයක් නෑ🪷

    🌸ඒථ පස්සථිමං ලෝකං
    🌸චිත්තං රාජරථූපමං
    🌸යත්ථ බාලා විසීදන්ති
    🌸නත්ථි සංගෝ විජානතං

    🌷එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත්‍ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම්, මේ ලෝකෙත් එක්ක කිසි ගණුදෙනුවක් කරන්නෙ නෑ🌷

    🌼පරිජිණ්ණමිදං රූපං
    🌼රෝගනිඩ්ඪං පභංගුරං
    🌼භිජ්ජති පූතිසන්දේහෝ
    🌼මරණන්තං හි ජීවිතං

    🌻සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ රූපය ජරා - ජීර්ණ වෙලා අවසන් වෙනවා. රෝගවලට කූඩුවක් වගේ. වහා බිඳී යනවා. දොරටු නවයකින් අසූචි වැගිරෙනවා. මේ ජීවිතය බිඳිලා මරණයෙන් අවසන් වෙනවා🌻

    🌸අට්ඨීනං නගරං කතං
    🌸මංසලෝහිතලේපනං
    🌸යත්ථ ජරා ච මච්චු ච
    🌸මානෝ මක්ඛෝ ච ඕහිතෝ

    🌷මේ ශරීරය ඇට වලින් ගොඩනගලා, මස් ලේ වලින් ආලේප කරලා අටවලා තියෙන නගරයක් වගේ. ජරාවටත්, මරණයටත් පත්වෙන්නෙත් මේ ශරීරයමයි. අහංකාරකම ඇති වෙන්නෙත් මේ ශරීරයටමයි. ගුණමකුකම ඇති වෙන්නෙත් මේ ශරීරයටමයි🌷

    🌼ජීරන්ති වේ රාජරථා සුචිත්තා
    🌼අථෝ සරීරම්පි ජරං උපේති
    🌼සතඤ්ච ධම්මෝ න ජරං උපේති
    🌼සන්තෝ හවේ සබ්භි පවේදයන්ති

    🌻විචිත්‍ර විදිහට සරසපු රාජකීය මංගල රථ පවා දිරලා යනවා. කොච්චර සැරසුවත් මේ ශරීරයත් ඒ විදිහටම දිරලා යනවා. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ ධර්ම ජරාවට පත්වෙන්නෙ නෑ. ඇත්තෙන්ම ශාන්ත මුනිවරු සත්පුරුෂයන්ට මේ කාරණේ කියලා
    දෙනවා🌻

    🏵️අත්තා හි අත්තනෝ නාථෝ
    🏵️කෝ හි නාථෝ පරෝ සියා
    🏵️අත්තනා’ව සුදන්තේන
    🏵️නාථං ලභති දුල්ලභං

    🪷තමන්ට පිහිට සළසගන්ට ඕනෙ තමාමයි. තමන් හැර බාහිර වෙන කවුරු නම් තමන්ට පිහිට වෙයිද? හොඳට දමනය වුණාම තමන්ටම ඒ දුර්ලභ වූ ධර්මාවබෝධය නැමැති පිළිසරණ ලබන්ට පුළුවනි🪷

    🌼උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය
    🌼ධම්මං සුචරිතං චරේ
    🌼ධම්මචාරී සුඛං සේති
    🌼අස්මිං ලෝකේ පරම්හි ච

    🌻අලසකමින් නැගී සිටින්ට ඕනෙ. අප්‍රමාදීව කටයුතු කරන්ට ඕනෙ. සුචරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෙ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව - පරලොව දෙකේම සුවසේ
    ඉන්නවා🌻

    🏵️ධම්මං චරේ සුචරිතං
    🏵️න නං දුච්චරිතං චරේ
    🏵️ධම්මචාරී සුඛං සේති
    🏵️අස්මිං ලෝකේ පරම්හි ච

    🪷සුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව, පරලොව දෙකේ ම සුවසේ ඉන්නවා🪷

    🌸යථා බුබ්බුලකං පස්සේ
    🌸යථා පස්සේ මරීචිකං
    🌸ඒවං ලෝකං අවෙක්ඛන්තං
    🌸මච්චුරාජා න පස්සති

    🌷සිඳී බිඳී යන දිය බුබුලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකොට, සැණෙකින් මැකී යන මිරිඟුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කොට, ඔය විදිහට ලෝකය දිහා බලන කොට, ඒ කෙනාව මාරයාට පේන්නෙ
    නෑ🌷

    🌼පථව්‍යා ඒකරජ්ජේන
    🌼සග්ගස්ස ගමනේන වා
    🌼සබ්බලෝකාධිපච්චේන
    🌼සෝතාපත්තිඵලං වරං

    🌻මුළු පෘථිවිය ම ජයගෙන, චක්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීම ම උතුම්🌻

    🏵️සුසුඛං වත ජීවාම
    🏵️වේරිනේසු අවේරිනෝ
    🏵️වේරිනේසු මනුස්සේසු
    🏵️විහරාම අවේරිනෝ

    🪷ඇත්තෙන්ම අපි නම් ජීවත් වෙන්නෙ හරිම සැපෙන්. එකිනෙකාට වෛර කරගන්න මේ ලෝකයේ අපි නම් කිසි වෛරයක් නැතුව ඉන්නවා. වෛර කරගන්න මිනිස්සු අතරේ, කිසිම වෛරයකින් තොරවයි අපි ජීවත් වෙන්නෙ🪷

    🌸නත්ථි රාගසමෝ අග්ගි
    🌸නත්ථි දෝසසමෝ කලි
    🌸නත්ථි ඛන්ධසමා දුක්ඛා
    🌸නත්ථි සන්තිපරං සුඛං

    🌷රාගයට සමාන කරන්ට පුළුවන් වෙන ගින්නක් නෑ. ද්වේෂයට සමාන කරන්ට පුළුවන් වෙන අපරාධෙකුත් නෑ. පංචුපාදානස්කන්ධයට සමාන කරන්ට පුළුවන් වෙන දුකකුත් නෑ. ඒ අමා නිවනට වැඩියෙන් කියන්ට පුළුවන් වෙන සැපයකුත් නෑ🌷

    🌼අයෝගේ යුඤ්ජමත්තානං
    🌼යෝගස්මිඤ්ච අයෝජයං
    🌼අත්ථං හිත්වා පියග්ගාහී
    🌼පිහේතත්තානුයෝගිනං

    🌻අනුගමනය නොකළ යුතු වැරදි දේ තමයි සමහරු අනුගමනය කරන්නේ. අනුගමනය කළ යුතු සතිපට්ඨානය පුරුදු කිරීම් ආදී දේ අනුගමනය කරන්නෙ නෑ. ආශා කරන දේ පස්සෙ දුව දුව යහපත අත්හරිනවා. නමුත් යහපත් දේ අනුගමනය කරලා සැප ලබාගත්තු අය දැක්කට පස්සේ, ඒ සැප ලබා ගන්ට ඔවුනුත් කැමති වෙනවා🌻

    🏵️මා පියේහි සමාගඤ්ඡි
    🏵️අප්පියේහි කුදාචනං
    🏵️පියානං අදස්සනං දුක්ඛං
    🏵️අප්පියානඤ්ච දස්සනං

    🪷තමන් කැමති උදවිය සමග පමණ ඉක්මවා හිත මිත්‍රකම් ඇතිකරගන්ට එපා! අප්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ. ප්‍රියයන්ට ඇළුණොත්, ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා. අප්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා🪷

    🌸තණ්හාය ජායතී සෝකෝ
    🌸තණ්හාය ජායතී භයං
    🌸තණ්හාය විප්පමුත්තස්ස
    🌸නත්ථි සෝකෝ කුතෝ භයං

    🌷තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නෙ. භය හටගන්නෙත් තණ්හාවෙන් තමයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?🌷

    🌼කෝධං ජහේ විප්පජහෙය්‍ය මානං
    🌼සඤ්ඤෝජනං සබ්බමතික්කමෙය්‍ය
    🌼තං නාමරූපස්මිං අසජ්ජමානං
    🌼අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා

    🌻මේ ක්‍රෝධය දුරුකරන්ට ඕනෙ. මේ මාන්නය විශේෂයෙන්ම දුරු කළ යුතු දෙයක්. සංසාර බන්ධන ඔක්කොම ඉක්මවා යන්ට ඕනෙ. නාමරූප දෙකේ නොඇලෙන නිකෙලෙස් පුද්ගලයා පිටුපසින් දුක හඹාගෙන යන්නෙ
    නෑ🌻

    🏵️යෝ වේ උප්පතිතං කෝධං
    🏵️රථං භන්තං’ව ධාරයේ
    🏵️තමහං සාරථිං බ්‍රෑමි
    🏵️රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ

    🪷යමෙක් තමන් තුළ හටගත් ක්‍රෝධය නැති කරලා දැම්මොත්, ඔහු වේගයෙන් ගමන් කරන රථයක් පාලනය කරලා, නියම පාරට දාගත්තා වගේ. ඔහුට තමයි මං නියම රියදුරා කියන්නෙ. අනිත් උදවිය නිකං රැහැන්පට අල්ලගෙන ඉන්නවා විතරයි🪷

    🌸අක්කෝධේන ජිනේ කෝධං
    🌸අසාධුං සාධුනා ජිනේ
    🌸ජිනේ කදරියං දානේන
    🌸සච්චේන අලිකවාදිනං

    🌷ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ යහපතින්මයි. ලෝභකම ජයගන්ට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්ට තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි🌷

    🌼සච්චං භණේ න කුජ්ඣෙය්‍ය
    🌼දජ්ජාප්පස්මිම්පි යාචිතෝ
    🌼ඒතේහි තීහි ඨානේහි
    🌼ගච්ඡේ දේවාන සන්තිකේ

    🌻සත්‍යමයි කතාකරන්ට ඕනෙ. කේන්ති ගන්ට හොඳ නෑ. කවුරු හරි යමක් ඉල්ලුවොත්, තියෙන ටිකෙන් හරි ඔහුට දෙන්ට ඕනෙ. ඔය තුන පුරුදු කළොත් තමයි දෙවියන් අතරට යන්නේ🌻

    🏵️සදා ජාගරමානානං
    🏵️අහෝරත්තානුසික්ඛිනං
    🏵️නිබ්බාණං අධිමුත්තානං
    🏵️අත්ථං ගච්ඡන්ති ආසවා

    🪷හැම තිස්සේම නින්ද පාලනය කරලා, දිවා රාත්‍රී දෙකේම ධර්මය තුළ හික්මෙන, නිවනෙහි ඇලුණ සිත් ඇති උතුමන්ගේ කෙලෙස් ඔක්කොම විනාශ වෙලා යනවා🪷

    🌸කායප්පකෝපං රක්ඛෙය්‍ය
    🌸කායේන සංවුතෝ සියා
    🌸කායදුච්චරිතං හිත්වා
    🌸කායේන සුචරිතං චරේ

    🌷මේ කය ප්‍රකෝප කරගන්නෙ නැතුව රැක ගන්ට ඕනෙ. කයින් සංවර වෙන්නට ඕනෙ. කාය දුෂ්චරිතය අත්හැරලා, කාය සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ🌷

    🌼වචීපකෝපං රක්ඛෙය්‍ය
    🌼වාචාය සංවුතෝ සියා
    🌼වචීදුච්චරිතං හිත්වා
    🌼වාචාය සුචරිතං චරේ

    🌻වචනය ප්‍රකෝප කරගන්නෙ නැතුව රැක ගන්ට ඕනෙ. වචනයෙන් සංවර වෙන්ට ඕනෙ. වචී දුෂ්චරිතය අත්හැරලා, වචනයෙන් සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ🌻

    🏵️මනෝපකෝපං රක්ඛෙය්‍ය
    🏵️මනසා සංවුතෝ සියා
    🏵️මනෝදුච්චරිතං හිත්වා
    🏵️මනසා සුචරිතං චරේ

    🪷
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මනස ප්‍රකෝප කරගන්නෙ නැතුව රැකගන්ට ඕනෙ. මනසින් සංවර වෙන්ට ඕනෙ. මනෝ දුෂ්චරිතය අත්හැරලා, මනසින් සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ🪷

    🌸කායේන සංවුතා ධීරා
    🌸අථෝ වාචාය සංවුතා
    🌸මනසා සංවුතා ධීරා
    🌸තේ වේ සුපරිසංවුතා

    🌷ප්‍රඥාවන්ත කෙනා කයෙනුත් සංවරයි. ඒ වගේම වචනයෙනුත් සංවරයි. සිතිනුත් සංවරයි. අන්න ඒ ප්‍රඥාවන්ත උදවිය ඒකාන්තයෙන්ම ඉතා හොඳට සංවර වූ අය වෙනවා🌷

    🌼අනුපුබ්බේන මේධාවී
    🌼ථෝකථෝකං ඛණේ ඛණේ
    🌼කම්මාරෝ රජතස්සේව
    🌼නිද්ධමේ මලමත්තනෝ

    🌻ප්‍රඥාවන්තයා ක්‍රම ක්‍රමයෙන්, ටිකෙන් ටික ලද අවසරයෙන් සිත නිකෙලෙස් කරගන්ට ඕනෙ. රන්කරුවෙක් රත්තරන්වල තියෙන මලකඩ ටිකෙන් ටික අයින් කරලා පිරිසිදු කරනවා වගේ🌻

    🏵️තතෝ මලා මලතරං
    🏵️අවිජ්ජා පරමං මලං
    🏵️ඒතං මලං පහත්වාන
    🏵️නිම්මලා හෝථ භික්ඛවෝ

    🪷ඔය ඔක්කොම මලකඩවලට වඩා, අතිශයින්ම භයානක මලකඩක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාව. පින්වත් මහණෙනි, මේ අවිද්‍යාව නැමැති මලකඩ නැතිකරලා දාලා නිර්මල වෙන්න🪷

    🌸ආකාසේ පදං නත්ථි
    🌸සමණෝ නත්ථි බාහිරේ
    🌸පපඤ්චාභිරතා පජා
    🌸නිප්පපඤ්චා තථාගතා

    🌷කුරුල්ලන්ගේ පියවර සටහනක් අහසේ දකින්ට නෑ. ඒ වගේම මාර්ග-ඵල ලාභී ශ්‍රමණයෙක් බුදු සසුනෙන් බැහැර, වෙන ආගමක නෑ. මේ සත්ව ප්‍රජාව අකුසල් ම කල්පනා කර කර ඒකට ඇලිලා ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේලා අකුසල් කල්පනාවලින් තොරවයි ඉන්නේ🌷

    🌼ආකාසේ පදං නත්ථි
    🌼සමණෝ නත්ථි බාහිරේ
    🌼සංඛාරා සස්සතා නත්ථි
    🌼නත්ථි බුද්ධානං ඉඤ්ජිතං

    🌻කුරුල්ලන්ගේ පියවර සටහනක් ආකාසේ නෑ. ඒ වගේම මාර්ග-ඵල ලාභී ශ්‍රමණයෙක් බුදු සසුනෙන් බැහැර, වෙන ආගමක නෑ. හේතු-ඵල දහමෙන් සකස්වෙච්ච කිසි දෙයක් සදාකාලික නෑ. ඒ අස්ථිර දේවල් වෙනස් වෙලා යද්දි බුදුවරයන් වහන්සේලා තුළ ඒ ගැන කිසි කම්පනයක් නෑ🌻

    🏵️මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ
    🏵️සච්චානං චතුරෝ පදා
    🏵️විරාගෝ සෙට්ඨෝ ධම්මානං
    🏵️ද්විපදානං ච චක්ඛුමා

    🪷අනුගමනය කළ යුතු වැඩපිළිවෙළවල් අතරේ පරම ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යයන් අතුරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතුරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ විරාගී නිවනයි. දෙපා ඇති මිනිසුන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ සදහම් ඇස් ඇති බුදු සමිඳුයි🪷

    🌸තුම්හේහි කිච්චං ආතප්පං
    🌸අක්ඛාතාරෝ තථාගතා
    🌸පටිපන්නා පමොක්ඛන්ති
    🌸ඣායිනෝ මාරබන්ධනා

    🌷පින්වත් මහණෙනි, දුකෙන් නිදහස් වෙන්ට වීරිය අරගෙන, නිවන අවබෝධ කළ යුත්තේ ඔබ විසින් ම යි. ඒ වෙනුවෙන් තථාගතයන් වහන්සේලා කරන්නෙ නිවන් මග කියාදෙන එක විතරයි. මේ නිවන් මග පිළිපැද්දොත්, ධ්‍යාන වැඩුවොත්, මේ මාර බන්ධනයෙන් ඔබ නිදහස් වෙලා යනවා🌷

    🌼සබ්බේ සංඛාරා අනිච්චා’ති
    🌼යදා පඤ්ඤාය පස්සති
    🌼අථ නිබ්බින්දති දුක්ඛේ
    🌼ඒස මග්ගෝ විසුද්ධියා

    🌻හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි🌻

    🏵️සබ්බේ සංඛාරා දුක්ඛා’ති
    🏵️යදා පඤ්ඤාය පස්සති
    🏵️අථ නිබ්බින්දති දුක්ඛේ
    🏵️ඒස මග්ගෝ විසුද්ධියා

    🪷හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම දුකක් බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි🪷

    🌸සබ්බේ ධම්මා අනත්තා’ති
    🌸යදා පඤ්ඤාය පස්සති
    🌸අථ නිබ්බින්දති දුක්ඛේ
    🌸ඒස මග්ගෝ විසුද්ධියා

    🪷හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම අනාත්ම බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි🌷

    🌼උට්ඨානකාලම්හි අනුට්ඨහානෝ
    🌼යුවා බලී ආලසියං උපේතෝ
    🌼සංසන්නසංකප්පමනෝ කුසීතෝ
    🌼පඤ්ඤාය මග්ගං අලසෝ න වින්දති

    🌻වීරිය කරන්ට ඕනෙ වෙලාවෙදි වීරිය කරන්නෙ නැත්නම්, ඇඟේ පතේ හයිය තියෙන වෙලාවෙ, කම්මැලිකමෙන් හිටියොත්, ලාමක දේවල් ගැන හිත හිත හිටියොත්, කුසීත වෙලා හිටියොත්, ඒ කම්මැලියාට ප්‍රඥාවෙන් දියුණු කරගත යුතු ආර්ය මාර්ගය නොලැබී යනවා

    🏵️වාචානුරක්ඛී මනසා සුසංවුතෝ
    🏵️කායේන ච අකුසලං න කයිරා
    🏵️ඒතේ තයෝ කම්මපථේ විසෝධයේ
    🏵️ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං

    🪷වචනය රැකගන්නවා නම්, සිත සංවර කරගන්නවා නම්, කයෙනුත් අකුසල් කරන්නෙ නැත්නම්, ඔය විදිහට කර්ම රැස්වෙන මාර්ග තුනම පිරිසිදු කරගන්නවා නම් අන්න ඒ තැනැත්තාට, අරහත් ඍෂිවරුන් අවබෝධයෙන්ම වදාළ ඒ නිවන් මග සම්පූර්ණ කරගන්ට පුළුවන්🪷

    🌸යෝගා වේ ජායති භූරි
    🌸අයෝගා භූරිසංඛයෝ
    🌸ඒතං ද්වේධා පථං ඤත්වා
    🌸භවාය විභවාය ච
    🌸තථත්තානං නිවේසෙය්‍ය
    🌸යථා භූරි පවඩ්ඪති

    🌷ඇත්තෙන්ම සමථ - විදර්ශනා භාවනාවෙන් ම යි ප්‍රඥාව වැඩෙන්නෙ. භාවනා නොකළොත්, ප්‍රඥාව විනාශ වෙනවා. ඒ නිසා දියුණුව පිණිසත්, පිරිහීම පිණිසත් පවතින ඔය මාර්ග දෙක තේරුම් ගන්ට ඕනෙ. ප්‍රඥාව වැඩෙන්නේ යම් මගකින් නම්, අන්න ඒ මාර්ගයේ තමයි ජීවිතය යොදවන්ට තියෙන්නෙ🌷

    🌼උච්ඡින්ද සිනේහමත්තනෝ
    🌼කුමුදං සාරදිකං’ව පාණිනා
    🌼සන්තිමග්ගමේව බ්‍රෑහය
    🌼නිබ්බාණං සුගතේන දේසිතං

    🌻සරත් කාලෙ කුමුදු මලක් අතින් කඩලා දානවා වගේ, තමන් තුළ තියෙන තෘෂ්ණාව ප්‍රඥාවෙන් කඩලා දාන්ට ඕනෙ. සුගතයන් වහන්සේ විසින් ඒ අමා නිවන ගැන කියා දීලයි තියෙන්නෙ. ඒ නිසා නිවනට පමුණුවන ආර්ය මාර්ගයේ ම යි ගමන් කරන්ට ඕනෙ🌻

    🏵️තං පුත්තපසුසම්මත්තං
    🏵️බ්‍යාසත්තමනසං නරං
    🏵️සුත්තං ගාමං මහෝඝෝ’ව
    🏵️මච්චු ආදාය ගච්ඡති

    🪷සමහර උදවිය තමන්ගේ දූ දරුවන් ගැන, සතා සිව්පාවා ගැන, හිතින් බැඳිලා, එයින් මත්වෙලා කල් ගෙවනවා. අන්තිමේදී මාරයා ඇවිදින් ඔවුන්ව මරණය කරා ගෙනියන්නෙ, සැඩ වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ🪷

    🌸න සන්ති පුත්තා තාණාය
    🌸න පිතා නපි බන්ධවා
    🌸අන්තකේනාධිපන්නස්ස
    🌸නත්ථි ඤාතිසු තාණතා

    🌷මාරයා විසින් යටකරගත්තු සත්වයාට ආරක්ෂා ස්ථානයක් දූදරුවන්ගෙන් ලැබෙන්නෙ නෑ. පියාගෙන් ලැබෙන්නෙත් නෑ. නෑදෑයන්ගෙන් ලැබෙන්නෙත් නෑ. ඒ ඤාතීන් තුළ ඔහුට සැබෑම රැකවරණයක් ලැබෙන්නෙ නෑ🌷

    🌼ඒතමත්ථවසං ඤත්වා
    🌼පණ්ඩිතෝ සීලසංවුතෝ
    🌼නිබ්බාණගමනං මග්ගං
    🌼ඛිප්පමේව විසෝධයේ

    🌻ඔය යථාර්ථය අවබෝධ කරගත් බුද්ධිමත් කෙනා සීලයෙන් සංවර වෙන්ට ඕනෙ. වහ වහාම නිවන් මග පිරිසිදු කරගන්ට ඕනෙ🌻

    🏵️මත්තාසුඛපරිච්චාගා
    🏵️පස්සේ චේ විපුලං සුඛං
    🏵️චජේ මත්තාසුඛං ධීරෝ
    🏵️සම්පස්සං විපුලං සුඛං

    🪷ඉතා විශාල සැපයක් බලාපොරොත්තු වෙන කෙනාට, ඒ වෙනුවෙන් සුළු සැපය අත්හරින්ට පුළුවන් වෙන්ට ඕනෙ. ප්‍රඥාවන්ත කෙනා ඉතා විශාල සැපයක් වන ඒ අමා නිවන් සැප කැමතිව, ඉතා සුළු වූ කම්සැපය අත්හරිනවා

    🌸පරදුක්ඛූපදානේන
    🌸අත්තනෝ සුඛමිච්ඡති
    🌸වේරසංසග්ගසංසට්ඨෝ
    🌸වේරා සෝ න පරිමුච්චති

    🌷අනුන්ට දුක් දීලා, තමන් විතරක් සැප විඳින්ට හිතුවොත් ඔහුට එකතු වෙන්ට වෙන්නෙ වෛරයත් සමඟයි. වෛරයෙන් නිදහස් වෙන්ට නම් ලැබෙන්නෙ නෑ🌷

    🌼යං හි කිච්චං තදපවිද්ධං
    🌼අකිච්චං පන කයිරති
    🌼උන්නලානං පමත්තානං
    🌼තේසං වඩ්ඪන්ති ආසවා

    🌻යම් කෙනෙක් ධර්මයේ හැසිරීම ආදී කළ යුතු උතුම් දේ අත්හරිනවා නම්, නොකළ යුතු දේවල් කරනවා නම්, මාන්නයෙන් ඉදිමී, ප්‍රමාදයෙන් ඉන්නවා නම්, ඔහු තුළ වැඩෙන්නෙ කෙලෙස් විතරයි🌻

    🏵️යේසඤ්ච සුසමාරද්ධා
    🏵️නිච්චං කායගතා සති
    🏵️අකිච්චං තේ න සේවන්ති
    🏵️කිච්චේ සාතච්චකාරිනෝ
    🏵️සතානං සම්පජානානං
    🏵️අත්ථං ගච්ඡන්ති ආසවා

    🪷නමුත් යම් කෙනෙක් කායානුපස්සනාවේ නිතරම ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම්, ඔවුන් නොකළ යුතු දේවල් කරන්ට යන්නෙ නෑ. කළ යුතු දේ තමයි හැම තිස්සෙම කරන්නෙ. ඉතා හොඳ සිහි නුවණින් යුක්තව කල් ගෙවන කොට, ඔවුන්ගෙ කෙලෙස් විනාශ වෙලා යනවා🪷

    🌸සෝ කරෝහි දීපමත්තනෝ
    🌸ඛිප්පං වායම පණ්ඩිතෝ භව
    🌸නිද්ධන්තමලෝ අනංගණෝ
    🌸න පුන ජාතිජරං උපේහිසි

    🌷තමන්ට පිහිට පිණිස දිවයිනක් තනාගන්න. ඉක්මනට වීරිය කරන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. ආයෙත් නම් ඉපදෙන මැරෙන ලෝකයට එන්න එපා🌷

    🌼සෝ කරෝහි දීපමත්තනෝ
    🌼ඛිප්පං වායම පණ්ඩිතෝ භව
    🌼නිද්ධන්තමලෝ අනංගණෝ
    🌼දිබ්බං අරියභූමිමේහිසි

    🌻තමන්ට පිහිට පිණිස දිවයිනක් තනාගන්න. ඉක්මනට වීරිය කරන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. දිව්‍ය වූ ආර්ය භූමියට පැමිණෙන්න

    🌼සුප්පබුද්ධං පබුජ්ඣන්ති
    🌼සදා ගෝතමසාවකා
    🌼යේසං දිවා ච රත්තෝ ච
    🌼නිච්චං බුද්ධගතා සති

    🌻යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ🌻

    🌸සුප්පබුද්ධං පබුජ්ඣන්ති
    🌸සදා ගෝතමසාවකා
    🌸යේසං දිවා ච රත්තෝ ච
    🌸නිච්චං ධම්මගතා සති

    🌷යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ🌷

    🌼සුප්පබුද්ධං පබුජ්ඣන්ති
    🌼සදා ගෝතමසාවකා
    🌼යේසං දිවා ච රත්තෝ ච
    🌼නිච්චං සංඝගතා සති

    🌻යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම සංඝානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ🌻

    🏵️සුප්පබුද්ධං පබුජ්ඣන්ති
    🏵️සදා ගෝතමසාවකා
    🏵️යේසං දිවා ච රත්තෝ ච
    🏵️නිච්චං කායගතා සති

    🪷යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම කායානුපස්සනා භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ🪷

    🌸සුප්පබුද්ධං පබුජ්ඣන්ති
    🌸සදා ගෝතමසාවකා
    🌸යේසං දිවා ච රත්තෝ ච
    🌸අහිංසාය රතෝ මනෝ

    🌷යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම අහිංසාවේ ඇලුණු සිතින් ඉන්නවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ🌷

    🏵️සුප්පබුද්ධං පබුජ්ඣන්ති
    🏵️සදා ගෝතමසාවකා
    🏵️යේසං දිවා ච රත්තෝ ච
    🏵️භාවනාය රතෝ මනෝ

    🪷
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම සමථ විදර්ශනා භාවනාවේ ඇලී වාසය කරනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ🪷

    🌼දූරේ සන්තෝ පකාසන්ති
    🌼හිමවන්තෝ’ව පබ්බතෝ
    🌼අසන්තෙත්ථ න දිස්සන්ති
    🌼රත්තිං ඛිත්තා යථා සරා

    🌻ශාන්ත පුද්ගලයන් කොයිතරම් දුරක සිටියත්, සම්බුදු නුවණට ඔවුන්ව පෙනෙන්නෙ ඈතට පෙනෙන හිමාල පර්වතය වගේ. නමුත් අඥාන පුද්ගලයෙක්ව ඒ විදිහට පේන්නේ නෑ. රාත්‍රී කාලෙ විදපු ඊතලයක් වගේ🌻

    🌸අකතං දුක්කතං සෙය්‍යෝ
    🌸පච්ඡා තපති දුක්කතං
    🌸කතං ච සුකතං සෙය්‍යෝ
    🌸යං කත්වා නානුතප්පති

    🌷පාපී අකුසල් නොකරන එකමයි හොඳ. නැත්නම්, පස්සේ දුක් විඳින්ට සිදුවෙනවා. යමක් කළාට පස්සේ පසුතැවිල්ලක් නැත්නම්, අන්න එබඳු කුසල් දහම් කිරීම තමයි හොඳ

    🏵️නගරං යථා පච්චන්තං
    🏵️ගුත්තං සන්තරබාහිරං
    🏵️ඒවං ගෝපේථ අත්තානං
    🏵️ඛණෝ වෝ මා උපච්චගා
    🏵️ඛණාතීතා හි සෝචන්ති
    🏵️නිරයම්හි සමප්පිතා

    🪷ඇතුළතත්, පිටතත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නගරයක් වගේ තමන්ගේ ජීවිතය ද වරදට වැටෙන්ට නොදී රැකගන්ට ඕනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මගහැරෙන්ට එපා! මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත් නිරයේ වැටිලා ශෝක කරන්නට වෙනවා🪷

    🌼න හි ඒතේහි යානේහි
    🌼ගච්ඡෙය්‍ය අගතං දිසං
    🌼යථාත්තනා සුදන්තේන
    🌼දන්තෝ දන්තේන ගච්ඡති

    🌻තමන් නොගිය දිශාව වූ ඒ අමා නිවන වෙත ඔය වාහනවලින් යන්ට බෑ. තමාව මනාකොට දමනය කරගෙන දමනය වූ සිතින් ම තමයි යන්ට තියෙන්නෙ🌻

    🌸අප්පමාදරතා හෝථ
    🌸සචිත්තමනුරක්ඛථ
    🌸දුග්ගා උද්ධරථත්තානං
    🌸පංකේ සන්නෝ’ව කුඤ්ජරෝ

    🌷අප්‍රමාදයටමයි ඇලෙන්ට ඕනෙ. තමන්ගේ හිතමයි හොඳට රැකගන්ට ඕනෙ. මඩ ගොඩේ එරුණ ඇතෙක් මහත් වීරියකින්, මහත් උත්සාහයකින් ගොඩ එනවා වගේ මේ කෙලෙස් මඩ ගොහොරුවෙන් ගොඩට එන්ට ඕන🌷

    🏵️සුඛං යාව ජරා සීලං
    🏵️සුඛා සද්ධා පතිට්ඨිතා
    🏵️සුඛෝ පඤ්ඤාය පටිලාභෝ
    🏵️පාපානං අකරණං සුඛං

    🪷වයසට යනකල්ම සිල් රැකීම තමයි සැපය. තිසරණය තුළ ශ්‍රද්ධාව ස්ථිරව පිහිටීම තමයි සැපය. ආර්ය සත්‍ය අවබෝධය ඇතිවීම ම යි සැපය. පව් නොකිරීම ම යි සැපය🪷

    🌼මනුජස්ස පමත්තචාරිනෝ
    🌼තණ්හා වඩ්ඪති මාලුවා විය
    🌼සෝ ප්ලවති හුරාහුරං
    🌼ඵලමිච්ඡං’ව වනස්මිං වානරෝ

    🌻ප්‍රමාදයෙන් කල් ගෙවන පුද්ගලයාගේ තෘෂ්ණාව වැඩෙන්නේ ගහ වටකරගෙන එතෙන මාළුවා වැලක් වගේ. වනයේ ගස්වල ගෙඩි කන්ට කැමැති වඳුරෙක්, ගහෙන් ගහට පැන පැන යනවා වගේ, ඒ තැනැත්තා භවයෙන් භවයට මාරුවෙනවා🌻

    🌸යං ඒසා සහතී ජම්මී
    🌸තණ්හා ලෝකේ විසත්තිකා
    🌸සෝකා තස්ස පවඩ්ඪන්ති
    🌸අභිවට්ඨං’ව බීරණං

    🌷ලෝකයේ අරමුණුවලට ඇලී යන ස්වභාවය නිසා, විසත්තිකා යැයි කියන ලද ලාමක තෘෂ්ණාව විසින්, කාව හරි යටකරලා දැම්මොත්, ඒ පුද්ගලයා තුළ ශෝකය වැඩෙන්නෙ මහ වැස්සට තෙමිල, පඳුරු දාන සැවැන්දරා වගේ🌷

    🏵️යෝ චේ තං සහතී ජම්මිං
    🏵️තණ්හං ලෝකේ දුරච්චයං
    🏵️සෝකා තම්හා පපතන්ති
    🏵️උදබින්දූ’ව පොක්ඛරා

    🪷මේ ලෝකයෙහි ඉක්මවා යන්ට දුෂ්කර වූ මේ ලාමක තෘෂ්ණාව යම් කෙනෙක් විසින් මර්දනය කළොත්, නෙළුම් කොළයකින් වතුර බිංදු ගිලිහී යනවා වගේ, ඔහු තුළින් ශෝකය පහවෙලා යනවා🪷

    🌼තං වෝ වදාමි භද්දං වෝ
    🌼යාවන්තෙත්ථ සමාගතා
    🌼තණ්හාය මූලං ඛණථ
    🌼උසීරත්ථෝ’ව බීරණං
    🌼මා වෝ නලං’ව සෝතෝ’ව
    🌼මාරෝ භඤ්ජි පුනප්පුනං

    🌻දැන් මෙතනට රැස්වෙලා ඉන්න හැමදෙනාටම යහපතක් වේවා! මං ඔබට අවවාදයක් දෙන්නම්. සැවැන්දරා මුල්වලින් ප්‍රයෝජන ඇති උදවිය, සැවැන්දරා පඳුරු මුලින් උදුරලා දානවා වගේ, මේ තෘෂ්ණාවත් මුලින්ම උදුරලා දාන්න. ගං ඉවුරේ හැදිච්ච උණ පඳුරක් සැඩ වතුර පහරකින් ගැලවිලා ගහගෙන යනවා වගේ, මාරයා විසින් ඔබව ආයෙ ආයෙමත් විනාශ කරන්ට එපා!🌻

    🌸යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ
    🌸ඡින්නෝ’පි රුක්ඛෝ පුනරේව රූහති
    🌸ඒවම්පි තණ්හානුසයේ අනූහතේ
    🌸නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං

    🌷මුල හයියට තියෙන, හොඳට වැඩුණු ගහක්, කොච්චර වතාවක් කැපුවත්, ආයෙ ආයෙමත් දළු දාල වැඩෙනවා. ඒ වගේ මේ සිත ඇතුලේ තියෙන තණ්හාව උදුරා නොදමනතාක් කල්, මේ සසර දුක ආයෙ ආයෙමත් හටගන්නවා🌷

    🏵️යස්ස ඡත්තිංසති සෝතා
    🏵️මනාපස්සවනා භුසා
    🏵️වාහා වහන්ති දුද්දිට්ඨිං
    🏵️සංකප්පා රාගනිස්සිතා

    🪷ප්‍රිය මනාප වූ අරමුණු ඔස්සේ මේ ආයතනයන්ගෙන්, තිස් හය ආකාරයකින් තණ්හා ගඟ ගලනවා. ඒ තණ්හාවට අහුවෙලා, සරාගී කල්පනාවටම බැඳිලා ඉන්න අඥාන පුද්ගලයා අපායට ගිහිල්ලයි නවතින්නේ🪷

    🌼සවන්ති සබ්බධි සෝතා
    🌼ලතා උබ්භිජ්ජ තිට්ඨති
    🌼තඤ්ච දිස්වා ලතං ජාතං
    🌼මූලං පඤ්ඤාය ඡින්දථ

    🌻මේ ඇස්, කන්, නාසාදී හැම තැනකින්ම තණ්හා ගඟ ගලා බසිනවා. ඊට පස්සේ මේ තණ්හාව ජීවිතය පුරා එතිලා තියෙන්නෙ වැලක් වගේ. තමන් තුළ හටගත්තු මේ තණ්හා වැල හඳුනාගෙන, ප්‍රඥාව නමැති ආයුධයෙන්, මුලින්ම සිඳින්ට ඕනෙ🌻

    🌸සරිතානි සිනේහිතානි ච
    🌸සෝමනස්සානි භවන්ති ජන්තුනෝ
    🌸තේ සාතසිතා සුඛේසිනෝ
    🌸තේ වේ ජාතිජරූපගා නරා

    🌷මේ සත්වයාට තෘෂ්ණාව නිසා තමන් ගන්නා අරමුණු ඔස්සේ යම්කිසි සතුටක් ඇතිවෙනවා තමයි. ඔවුන් ඒ මිහිරට බැඳෙනවා. ඒ සැපයම හොයන්ට පටන් ගන්නවා. එබඳු සත්වයන් ඒකාන්තයෙන්ම ඉපදෙන දිරන සංසාරය කරාම යනවා.🌷

    🏵️තසිණාය පුරක්ඛතා පජා
    🏵️පරිසප්පන්ති සසෝ’ව බාධිතෝ
    🏵️සංයෝජනසංගසත්තා
    🏵️දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය

    🪷මේ සත්ව ප්‍රජාව තණ්හාව මුල්කරගෙන යන ගමනේදී භයේ ගැහි ගැහී ඉන්නෙ, තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ. කෙලෙස් බන්ධනයෙන් බැඳුණු සත්වයන් අනන්ත කාලයක් තිස්සෙ ජරා මරණ දුකට ම යි ආයෙ ආයෙමත් වැටෙන්නෙ🪷

    🌼මුඤ්ච පුරේ මුඤ්ච පච්ඡතෝ
    🌼මජ්ඣේ මුඤ්ච භවස්ස පාරගූ
    🌼සබ්බත්ථ විමුත්තමානසෝ
    🌼න පුන ජාතිජරං උපේහිසි

    🌻අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතය මවන එකත් අත්හරින්න. වර්තමානයට බැඳෙන එක අත්හරින්න. මේ භවයෙන් එතෙර වෙන්න. හැම දේකින්ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න. ආයෙ ආයෙමත් මේ ඉපදෙන දිරන ලෝකයට නොඑන කෙනෙක් වෙන්න🌻

    🌸සබ්බදානං ධම්මදානං ජිනාති
    🌸සබ්බං රසං ධම්මරසෝ ජිනාති
    🌸සබ්බං රතිං ධම්මරතී ජිනාති
    🌸තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති

    🌷හැම දන් පරදවා ධර්ම දානයයි ජයගන්නෙ. හැම රස පරදවා ජය ගන්නේ දහම් රසයයි. හැම ඇල්ම පරදවා දහමට ඇළුම් කිරීමමයි ජයගන්නෙ. සියලු දුක් පරදවා තණ්හාව නැති කිරීම ම යි ජයගන්නේ🌷

    🌷ධම්මපදය🌷

    🌹තිලොවට තිලකයක් වූ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී තථාගත සර්වඥරාජෝත්තම ශ්‍රීමත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞරවනීය නමස්කාරය වේවා!🌹
     
    • Love
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    බුද්ධාගම තරම් negative ආගමක්‌ ලොවෙත් නෑ වගේ. 🙂
    මේක ඇත්ත,ඇත්ත කිවුවොත් අපි පැටලෙන්නේ නෑ.බුද්ධ ධර්ෂණය කියන්නේ ආගමක් නෙමේ.බුද්ධාගමේ තියන කිසි දෙයක් සත්‍ය දර්ශනය ඇතුලේ ඒ විදියට නෑ.