හෑන්ඩ් ෆෝන් හනුමන්තා අංජනමෙන් වැඩ ගත්තා
රේල්ලුවේ හරස් කඩ පෙට්ටියක කෙළවරට වන්නට ඇති වැසිකිළියේ ජලය අපතේ යෑම නිසා (කෙනෙක් කියාවි කක්කුස්සිය උතුරලා යයි කියා) එම පෙට්ටියට නැඟ ගත් ගැහැනුන් - පිරිමින් සිටියේ සාරි-ගවොම්-කලිසම් හැකි තාක් උඩට උස්සා ගනිමින්. 'උඩින් උඩින් දෙපා තබා මතින් මදින් - සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසිත්' ලෙසයි ඔවුන්ව මා දැක්කේ. උදෑසන 7.15ට වේයන්ගොඩින් පිටත් වන මේ රේල්ලුවට එදවස කීවේ පවුසිය කියා. දැන් එයට කුමන නමක් කියනවාද මා නොදන්නේ මාගේ වේලාව - අවේලාව වී ඇති නිසා. ඒ සමඟයි මා රේල්ලුවේ පෙට්ටි ෙදාරකඩ අලවා තිබූ මෙම ස්ටිකරය දුටුවේ. කාලය අපුලකින් යුතුව ගලා ගියත් ඒ කාලය ගත කළ යුතුම නිසා එම ස්ටිකරයේ තිබූ අංකයට මා ඇමැතුමක් ලබා ගත්තා. ඒ දුරකතනය එක දිගටම තවත් ඇමැතුමක් සමඟ සම්බන්ධතාවකය. ගම්පහ දිහාවට රේල්ලුව ගමන් කරන විටදී තවදුරටත් තදබද ගතිය වැඩි වෙන්නට ඉඩ ඇති නිසා දෙවැනි වර ඇමැතුමද මවිසින් ලබා ගත්තා. එය සාර්ථකයි.
"ආයුබෝවන් - සුබ උදෑසනක් - බුදුන්ගේ සරණයි. අදහන දෙවි හාමුදුරුවන්ගේ ආරක්ෂාවයි - පිහිටයි. මොකක්ද කාරණාව."
එවිට මට ඇහෙන පරිදි මතක් වුණේ මා ඇමැතුම ලබා ගත්තේ දුරකතනයෙන් අංජනම් බලන්නෙක් සමඟ කියා.
ආයුබෝවන්! මම මේ... අංජනමක් බලා ගන්න කියලා. කෝච්චියේ ස්ටිකරයක් අලවලා තිබුණා දුරකතනයෙන් අංජනම් බලනවා කියලා.
දැන් මහත්තයා ඉන්නේ කොහේද? දුම්රියේ වැඩපොළට යන ගමන්ද? මෙහෙමයි අංජනම බලන්න හැකියි. විශේෂයෙන් කෝච්චි පෙට්ටිවල ඉඳලා ඇමැතුම් ගන්න අයට මම විශේෂයෙන් උදවු කරනවා. හැබැයි කෝච්චි පෙට්ටිය ඇතුළේ ඉඳන් අංජනම් බලන්න අමාරුයි. මම මහත්තයාව සම්බන්ධ කරගෙන අංජනම බලද්දි අංජනමට අයිතිය තියෙන කෙනා ඉන්න ඕනෑ තව මිනිස් ප්‍රාණියකුගේ ඇඟේ නොගෑවී. එතකොට තමයි හනුමන්තා උත්තමයා එයාගේ කාර්යය හරියට කරන්නේ. මහත්තයාට වීදුරුවක් ඉස්සරහා හිටගෙන මට කෝල් එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒක මහ කරදරයක් නෙවෙයි. ඕනෑම කන්තෝරුවක මේ දැන්.... වීදුරු හයි කරපු වොෂ් රූම් තියෙනවානේ. මේ නම්බර් එක මම ලියා ගන්නවා. මම අංජනම බලන්න අය කරන්නේ 499ක්. මහත්තයා වැඩේට ලෑස්ති වෙලා පැයකට කලින් මට සල්ලි ඊසි කෑෂ් කරන්න. ඒ එක්කම මහත්තයා මට සම්බන්ධ වෙන නම්බර් එක එස්.එම්.එස්. කරන්න. ඊගාව පැය ඇතුළත මම මහත්තයට මිස් කෝල් එකක් ගහලා, විනාඩි දහයක් ඇතුළත අංජනම බලන්න සම්බන්ධ වෙනවා. එතකොට මහත්තයා මම කිව්ව වගේ වෙන මිනිස් ප්‍රාණියකුගේ ඇඟේ නොගෑවී වීදුරුවක් ඉදිරිපිටට යන්න. අවශ්‍ය කරුණු, දැනගන්න කැමැති කරුණු හිතේ තියාගන්න. මම එක්ක කතා කරන්න. ඇත්තටම මම එක්ක නෙවෙයි. හනුමන්තා උත්තමයා එක්ක.
ඔහු දුරකතනය විසන්ධි කළත් මේ කියන හනුමන්තා උත්තමයා සමඟ සම්බන්ධ වීමට මට තිබුණේ නොතිත් උනන්දුවක්. උනන්දුව සමඟ කාර්යාලයට ගොඩවැදුණත් එහිදී වඩාත් කාර්යබහුල නිසා ඇමැතුම ලබා ගැනීමට හැකි වුණේ නැහැ. නැවත වරක් අංජනම පිළිබඳ අදහස සිතට නැඟුණේ රෑ මැදියමට පෙර වේයන්ගොඩට ළඟා වන දුම්රිය තුළදී. කෙලෙස වුවත් වේලාව - අවේලාව නිසා මම අංජනම් දුරකතන අංකයට ඇමැතුමක් ලබා ගත්තා. එම දුරකතන අංකය සුපුරුදු ලෙස වෙනත් අංකයක් සමඟ සම්බන්ධතාවක. එම අංකයෙන් පෙරළා ඇමැතුමක් ලැබුණේ ඉන් විනාඩි ගණනකට පසුව. දැන් රෑ මැදියමත් ගත වී අවසන්. එම ඇමැතුමට මා මෙලෙස පිළිතුරු බැන්දා.
සමාවෙන්න... හනුමන්තා උත්තමයා... නැහැ ආ අංජනම් බලන කෙනා. මට දවල් වරුවෙම ෆීල්ඩ් එකේ වැඩ වගයකට යන්න වුණා. සොරි... වෙරි සොරි.... සමාවෙන්න... ඒකයි කතා කරන්න බැරි වුණේ. මම හෙට උදේම ඊසි කෑෂ් පඬුරු දාලා කෝල් එක අරගෙන අංජනම බලන්න සෙට් වෙන්නම්... සොරි... එකතු වෙන්නම්....
සැබෑ ලෙසම මම එවැනි වාග් සංකේත භාවිතයේ යෙදවුණේ අංජනම් බලන්නා පිළිබඳ පූර්ව අදහසක් උපදවා ගැනීම සඳහා. ඔහු පිළිබඳව උපදන අදහස පිළිබඳ මට මෙලෙස පවසා සිටිය හැකියි. ඔහු කපටියෙක් - උකුසු දෑසක් ඇත්තෙක් - තවදුරටත් පවසන්නේ නම් තම අරමුණ කරා කුමන හෝ මාර්ගයකින් ගමන් ගන්නෙක්. ඇයි එලෙස ඔබ ඔහු පිළිබඳ උපකල්පනය කරන්නේ යැයි යමෙක් මාගෙන් විමසා සිටියහොත් තවදුරටත් මා පවසා සිටින්නේ මෙවැන්නක්.
මා විමසා සිටි කරුණුවලට ඔහු සාධාරණයක් කිරීමට සූදානම්කමක් ඇත්නම් ඔහුට ඒ පිළිබඳව කලකිරීමක් හෝ අපුල ගතියක් ඇති විය යුතුයි. එය එලෙස සිදු වුණේ නැහැ. එයයි කාරණය. ඒ කියන්නේ ඔහු තමන්ගේ අරමුණ කරා අපව රැගෙන යන්නෙක්. මම හිතන්නේ එම ඊසි කෑෂ් රු. 499ට පමණක් කොටුවීමක් කියල නෙවෙයි. ඊට වඩා පළල් අදහසක් ඔහුට ඇති. මම ඒ ගැනත් හරියට දැනගන්නම්.
පසුදා උදෑසනින් රු. 499ක් ඊසි කෑෂ් කිරීමට මම වග බලා ගත්තා. ඉන්පසු පැයක් තුළ ඔහුගෙන් මිස් කෝල් එකක් පැමිණියා. මා ඇමැතුම ලබා ගත්තේ ඊට විනාඩි 10කට පමණ පසු. මා ඇමැතුම ලබා ගත්තාට පසු ඔහු මට මෙලෙස පවසා සිටියා. දැනට ඉන්න මම ඔයා වගේ සාමාන්‍ය කෙනෙක්. හනුමන්තා උත්තමයා වැඩියට පස්සෙයි මම කියන කෙනා නැති වෙන්නේ. අපිට ඕනෑ දෙයක් කතා කරන්න පුළුවන්. හැබැයි අපි ඒවා දැනගන්නේ අර උත්තමයාගෙන්. උත්තමයා මගේ දැහැනට වඩින්න කලින් මම ආයාචනය කරනවා. උත්තමයා මගෙන් අෑත් කරන්නත් මම ආයාචනය කරනවා. මගේ ඇඟෙන් උත්තමයා ගියාට පස්සේ ඔයා මට කියන්න උත්තමයා මොනවද කිව්වේ කියලා. හරි දැන් කාරණය හිතේ තියාගන්න.
ඕං..... නමෝ... හනුමන්තා දේවි.... නමෝ.... නම--... කාරණය හිතේ හරියට නැහැ. එක දෙයක් එක පාරකට හිතට ගන්න කියලා උත්තමයා කියනවා. ඕං නමෝ... කාරණය පෙන්නනවා. අපැහැදිලි ස්ත්‍රී රූපයක්... අඬදබර මැද්දෑවක්... රූපය පැහැදිලි වෙන්න එනවා.... අසීරුයි. කවුද මේ.... කවුද මේ... බිරිය... හොර ගෑනි... දුව... නැන්දම්මා... අම්මා....
(දැන් මම නිහඬයි)
ඕං නමෝ... හනුමන්තා දේවි.... නමෝ.... නම--. ඔව් ගෑනු රූපයක්. උත්තමයා කියනවා තමාට මෙයා සමීපයිලු! බැඳීම සංසාරිකයි කියනවා. හිත් වේදනා... කෝප... රස... ආදර... සැලකිල්ලක්ලු! කවුද මේ. ගෑනි... හොර ගෑනි... නැන්දම්මා... අම්මා... සහෝදරියක්....
දැන් මම නිහඬයි... ගැහැනු නාම ලේඛනයෙන් දුව හැලිලා.
හනුමන්තා උත්තමයා මෙහෙම කියනවා. කොයි කවුරු වුණත්. කාට කවුරු වුණත් හිත පිරිල තියෙන්න ඕනැලු. උන්නාන්සේ කියන්නේ තමුන්ගේ හිත හතර දිග් භාගයේ දුවන නිසා හරියටම කවුද කියලා තමුන්ටත් අදහසක් නැහැ කියලා. ඒ හින්ද හිත එකලස් කරගෙන ආයෙ පාරක් උන්නාන්සේ ඉදිරියට එන්නලු. ඒ ආවාම විභාගය හරියට කරලා දෙන්නම්ලු!
ඔහු පැවැසූ පිළිවෙළට මම තවදුරටත් දුරකතනයේ රැඳී සිටියා. දැන් හනුමන්තාට යන්න කියන ආයාචනය. ඉන්පසු සාමාන්‍ය පුද්ගලයෙක් දුරකතන ඇමැතුමකට පිළිතුරු දෙන්නා සේ අංජනම් බලන්නා මා සමඟ කතාබස් කරන්නට වුණා.
මොකද... තත්ත්වය. මොනවද කියැවුණේ. අපිටත් කියන්න බැරි දේවල්ද? කියන්න බැරිනම් කමක් නැහැ. ආයේ පාරක් උන්නාන්සේ ඉදිරියට එන්න කිව්වද? ඔහු විමසා සිටිනවා.
නැහැ... මගේ හිතේ කාරණය පැහැදිලි නැතිලු! අපැහැදිලි ගෑනු රූපයක් පෙන්නනවා කිව්වා. හිත එකලස් කරගන්න කිව්වා. ආයේ උන්නාන්සේ ඉදිරියට එන්න කියලත් කිව්වා. මම පවසා සිටියා.
ඒක ඇත්ත.. ගොඩදෙනෙක්ට ඔහොම වෙනවා. ගෑනු රූපයක් නම් ඒක ළඟින් ඉන්න කෙනෙක්ගේ නෙවෙයිනේ. ඒකනේ හිතට වධ දෙන්නේ. හරියට හිතට කාරණා ගොනුකරගෙන දවස් තුනක් ඇතුළත උන්නාන්සේ හමුවට එන්න. මමත් කොල්ලෙක්... මට මේක තේරුම් ගන්න පුළුවන්. වැදගත් දේ ඔයාම මේක තේරුම් බේරුම් කරගන්න එක. ගෑනු ළමයා කෝච්චියේ යන කෙනෙක්ද? කවුද ප්රශ්නය. ගෙදර උන්දැද - අම්ම තාත්තද? ඕවට වැඩ තියෙනවා. කියන්න ඒ ළමයාට හනුමන්තා උත්තමයා ගාවට එන්න කියලා. ඔහු පවසනවා.
ඔහු පවසා සිටි කරුණු සම්පිණ්ඩනය කළහොත් එය මෙවැන්නක්. දුම්රියක ගමන් ගන්නා පිරිමියෙක් අංජනම් පිළිබඳ දුරකතන අංකයකට ඇමැතුමක් ලබා ගන්නවා. ඔහු සිටින්නේ දුම්රියක. ඔහුට උපදෙස් ලැබෙනවා. ඒ උපදෙස් පිළිපැදීමට නොහැකි වුණු කරුණ පිළිබඳ විමසා පිරිමියා අංජනම්කරුට නැවත රෑ මැදියමේ ඇමැතුමක් ලබා ගන්නවා. නිවෙසට රෑ බෝවී පැමිණීම - පිළිවෙළක් නොමැතිකම - සාමාන්‍ය බේබදුකම - මේ සියල්ල ගළපාගෙන අංජනම්කරු හනුමන්තා ලවා ප්‍රශ්නයට මුල ගැහැනියක යැයි පවසනවා. ඒ තොප්පිය හරි නම් දමා ගැනීම සඳහා. තොප්පියට අදාළ නම්ද හනුමන්තා පවසනවා. නිහඬව සිට තොප්පිය නොදාගත් නිසා අංජනම්කරු හනුමන්තා මැද්දෑවට නොගෙන සාමාන්‍ය මිතුරෙක් ලෙස මේ ගැහැනිය කවරෙක්ද යන්න දැනගැනීමට උත්සාහ දරනවා. පිරිමියා හෝ ගැහැනිය තමන්ට නැවත වරක් 499ක් ඊසි කෑෂ් කරන බව දැන් ඔහු දන්නවා. ඒ හනුමන්තා - අංජනම්කරු - අංජනමෙන් පසු සාමාන්‍ය පුද්ගලයා දැන් පිරිමියාට සමීප නිසා.
දැන් කතාව තුළට ඇයව රැගෙන යා යුතුයි. ඇය මෙවැනි දුරකතන ඇමැතුමක් ලබා දීමට රුසියෙක්.
මම අර කතා කරන්නේ... එදා කතා කරපු කෙනා.
ඔව් මට මතකයි - නම්බර් එක තියෙනවා. කියන්න.
අර ගෑනු ළමයා කතා කරන්නම් කිව්වා. තව ටිකකින්.
හරි පිළිවෙළට වත් පිළිවෙත් කරගෙන එන්න.
රු. 499 වත් පිළිවෙත් සැපිරීමෙන් අනතුරුව ඇය ඇමැතුම ලබා ගත්තා. ඔහු මෙලෙස පවසනවා; සංසාරික බැඳීම් - හමුවීම් - ඕව එහෙම තමයි - අපි බලමු එකලාසයක් කරන්න. ඕං... නමෝ.... නම--.... (ආයාචනය)
උන්නාන්සේ කියනවා... පුද්ගලයෙක් පෙන්නනවා කියලා. සාමාන්‍ය මහත, උසයි. උදේට එනවා, හවසට එනවා, මහ විසාල දිග වාහනයක් පෙන්නනවා. අසීරු එක්වීමක්. බාධක වැඩියි කියනවා. රේල් පීලි දෙකක් කියනවා... අෑතට සංසාරයට විහිදෙනවා කියනවා... අපි දුරකතනය විසන්ධි කළා. බඩ අල්ලගෙන හිනා වුණා. ඇමැතුම ලබා ගත්තේ මාගේ බිරිය.
මේ වැනි ප්රයෝගකරුවන් පිළිබඳ මට පැවැසීමට ඇත්තේ මෙවැන්නක්. සැබෑ ලෙසම මොවුන්ට මිනිසුන් රැවැටීමට ඇති ඉඩ ප්‍රමාණය විශාලයි. ගෘහ ජීවිතයේ ගැටලුවලට පිළිතුරු සෙවීම මුල්කරගත් කාන්තාවෝ ඒ ඉඩ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් දරා සිටිනවා. පෙළක් කාන්තාවන්ට අවශ්‍යය තමන්ට කතා කිරීමට අයෙක් සොයා ගැනීම පමණයි. තවත් කාන්තාවක් තම සැමියාගේ බේබදුකම. නොගැළපෙන බව අතිධාවනකාරී සමාජ වට පිටාව මඟින් වර නඟන විටදීත් කාන්තාවෝ තෝරා ගන්නේ මෙවැනි පෞද්ගලික රහස් විකල්ප.
(අංජනම්කරු වීදුරුවක් ඉදිරිපිටට යන්න යැයි කියන්නේ ඇය/ඔහු තනිව අල්ලා ගත යුතු නිසා.) තත්ත්වය මෙලෙසයි. මෙවැනි විකාර රූපී ඒක මානයක් නැති තක්කඩින් මෙවැනි මගඩි මගින් දිනකට රු. 4,000ක පමණ ආදායමක් ලබන බව පමණයි සමාජය නොදන්නේ.
Ahu wenna epa oya wage loka horunta