නිල් සහ කොළ පැහැති අපූරු සලුවක් සුදු පීත්ත පටියකින් වෙන්කර ඇති ආකාරයෙන් දිස්වන මේ ප්‍රදේශය අතිශය සුන්දරය. කරත්තයක් දෙකක් වරින් වර ඔබ මොබ යයි. ඈත දියඹේ මසුන් මැරීමට ගිය ධීවරයෝ තම වෙහෙසකර රැකියාව නිමවා නිවෙස් බලා එති. දෙවියන්ගේ හාස්කම් ඇතැයි විශ්වාස කරන ඇතැම් මිනිසුන් පිහිට පතා මුහුදු ජලයෙන් වට වූ දේවාලයට ඔරුවලින් යති. හාත්පස ඇත්තේ නිහඬ සුන්දර අපූරු පරිසරයකි.
අශ්වයා පිටින් කොළඹ යන ආණ්ඩුවේ ඒජන්ත තානායමට පැමිණ තමන් පැමිණි අශ්වයා එහි අශ්වගාලට බර දී වෙනත් අශ්වයකු රැගෙන ගමන පිටත් වෙයි.
තානායම් ආරච්චි සහ ඔහුගේ බිරිඳ
මේ 1940-50 දශකයයි. නමුත් දැන් සියල්ල උඩු යටිකුරු වී සමස්ත ප්‍රදේශයම වෙනස් වී ඇත.
එදා තිබූ කුඩා තානායම අද එහි දක්නට නැත. අශ්ව ගාල් නැත. ඒ වෙනුවට ඇත්තේ තට්ටු ගණන් උසට ඉදිවූ හෝටල් සමූහයකි. එදා තිබූ සුන්දර වෙරළ තීර්යත් කොළ පැහැති පොල් රුප්පාවත් සහමුළින්ම වෙනස් වී ඇත. අප මේ පවසන ඉතිහාසයේ සිට වසර 70ක් පමණ ගතවන විට හික්කඩුව මහා සංචාරක පුරවරයක් බිහි වී තිබේ.
එදා හික්කඩුවේ සංචාරක කර්මාන්ත ආරම්භ වූයේ කුඩා තානායමකිනි. තානායම භාරව සිටියේ තානායම් ආරච්චි නමින් හැඳින්වූ “කිතලාරු ආරච්චි” යන නම්බු නාමයෙන් ද පිදුම් ලබා සිටි කාරියවසම් දොන් සලමන් වීරසිංහය. අද ඔහු ජීවතුන් අතර නැත.
නමුත් ඔහුගේ මුණුපුරකු වන නිශ්ශංක ඈපාලියන මහතා අදටත් හික්කඩුවේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අතර හික්කඩුව වඩාත් සංවිධානාත්මක සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කරගැනීම සඳහා මහත් වෙහෙස වී ක්‍රියාකරයි.
ඔහු තම සීයා ගැන මෙසේ පවසයි.
“මගේ සීයා 1900ට පෙර ඉපදුණු කෙනෙක්. හික්කඩුවට ඇවිත් තියෙන්නේ 1936 දී. හික්කඩුව තානායමේ ආරච්චි හැටියට රජයේ රැකියාවක්ක කරල තියෙන්නේ. වැටුප ගැනනම් දැන් ඒ තරම් අවබෝධයක් නැහැ. හික්කඩුව තානායමේ ඉදලා පසුව තංගල්ල තානායමට දැම්මා. තංගල්ලෙන් හම්බන්තොට තානායමටත්, පස්සේ නැවත බෙන්තර තානායමටත් ගියා. නැවත 1950 දී හික්කඩුවට ඇවිත් තියෙනවා. එදා තිබුණු බෙන්තර තානායම තිබුණු තැන තමයි අද බෙන්තර බීච් හෝටලය. හික්කඩුව තානායම කොරල් ගාර්ඩ්න් හොටෙල් එක හැදෙනවා. ඒක දැන් හික්කා ට්‍රාන්ස් ලෙස හැඳින්වෙනවා. දැන් සියලු දේ වෙනස්වෙලා.”
හික්කඩුව එකල විදේශ සංචාරකයන් සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වූයේ නැත. අධිරාජ්‍යවාදීන් විසින් වතු ආර්ථිකයට වර්ධනයට ප්‍රමුඛත්වය ලබා දී තිබූ බැවින් විදේශිකයන් සංචාරය අරමුණු කරගෙන මෙරටට පැමිණියේ සුළු වශයෙනි. එකල මෙරට වතු හිමිකරුවන් වූ විදේශිකයෝ බූස්සේ අශ්ව රේස් සඳහා සහභාගීවීමට බූස්ස තුරඟ තරඟ පිටියටත්, ගාල්ලේ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණය පිහිටි ස්ථානයේ ඇති තුරඟ තරඟ පිටියටත් යන අතර තුර හික්කඩුව තානායමේ ලැගුම් ගත්හ.
මේ නිසා හික්කඩුව තානායමට ආදායමක් තිබිණි. ඊට අමතරව, ගාල්ල, හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්තවරු කොළඹට යද්දී තම අශ්වයන් මාරුකරගත්තේ හික්කඩුව තානායාමේ පිහිටි අශ්ව ගාලෙනි.
“ඒ කාලේ සීය කියනවා වතු අධිකාරීවරු ඇවිත් හික්කඩුව තානායමේ ඉන්න බව. කාමර හතරයි තිබුණේ. අශ්ව ගාල් දෙකක් තිබුණා. ඒ අය එන්නේ බූස්සේ අශ්ව රේස්වලට යන්න. ඉතින් මේක බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක් වෙලා තියෙනවා. තානායමට එන අය දින ගණන් එහි නැවවතිලා ඉන්නවා. මුහුද අයිනේ තියෙන තානායම ඔවුන්ට බොහාම විනෝද ජනක තැනනක් වෙන්න ඇති.”
හික්කඩුවේ තිබූ පැරණ තානායම 1961 දී දිස්වූ අයුරු
හික්කඩුවේ අපූරු කොරල් පරයක් ඇති බවත් එහි සුන්දරත්වය සේම වටිනාකම මිල කළ නොහැකි බවත් සොයා ගැනීමත් සමඟ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වන්නට විය.
ඒ සොයාගැනීම සිදුකළේ ආතර් සී. ක්ලාර්ක් සහ රොඩ්නි ජෝන් ක්ලාස් දෙදෙනා විසිනි.
“සීය කියන විදියට ඒ 1956 වර්ෂය විතර. ආතර් සී. ක්ලාක් සහ රොඩ්නි ජෝන් ක්ලාස් දෙදෙනා ඇවිත් හික්කඩුව අවට මුහුදේ ගවේෂණ කටයුතු කරලා තියෙන්නේ මේ තානායමේ නැවතිලා. ඒ අවස්ථාවේ ඔවුන් සීයා සමඟ කියා තිබෙනවා මේ වෙරළ ආසන්නයේ ඉතාමත් ලස්සන කොරල් පර තියෙන බව. ඒවාගේ පාට පාට මාළු වර්ග වගේම කැස්බෑවන් වගේ සතුන් ඉන්නබවත් කියලා. ඒ වගේම ඔවුන් සීයා එක්ක කියපු ඉතාමත් වැදගත් ම දෙයක් තමයි මේ කොරල් පරය ගැන ලෝකයේ රටවල්වල ප්‍රසිද්ධ වුණොත් හික්කඩුව තනිකමර විදේශ සංචරකයන්ගෙන් පිරී යාවි කියලා. ඔවුන් දෙදෙනා හික්කඩුව සුන්දර වෙරළ තීරය මහ ඉහළින් වර්ණනා කරලා තියෙනවා.”
නිශ්ශංක මහතා පවසන්නේ ආතර් සී. ක්ලාක් පැවසූ දෙය ක්‍රමයෙන් සිදුවූ බවයි. ඔහුගේ සටහන් කියවූ විදේශිකයෝත් ඔහුගේ හිත මිතුරෝත් හික්කඩුවට වැඩි වශනේ එන්නට වූහ. ක්‍රමයෙන් හික්කඩුව සංචාරකයන් සඳහා වැඩි ඉඩක් සහ පහසුකම් සැපයීමේ අවශ්‍යතාවක් මතුව තිබිණි.
මේ පහල පින්තුරයේ සිද්දිය මෙතැනින් කියවන්න facebook
ජෝන් කොතලාවල , R.G. සේනානායක සහ ටෝනි බක්ස්ටන් මහතා හික්කඩුව තානායමේදී..
මේ හේතුවෙන් කාමර 04ක් පමණක් තිබූ තානායම කාමර 16කින් යුතු ගොඩනැගිල්ලක් බවට ඉක්මණිින් පරිවර්ථනය කෙරිණි. මීට අමතරව හික්කඩුවේ තැන තැන සංචාරක සේවා සපයන ස්ථාන ඉදිවන්නට විය. හික්කඩුව තානායම බාර්ක්ලිට් සමාගම විසින් මිල දී ගත් අතර එම ස්ථානය මුළුමනින් ම වෙනස් කර කාමර 65කින් යුතු දැවැන්ත හෝටලයක් නිර්මාණ්ය කෙරිණි. එය හැඳින්වූයේ “කොරල් ගාර්ඩ්න්” හෝටලය නමිනි. කොරල් ගාර්ඩ්න් හෝටලය හික්කඩුව සංචාරක පුරවරයේ ඉදිකෙරුණු ප්‍රථම හෝටලය වන අතර අද එය වෙනස්කම් රැසකට භාජනය වී හැඳින්වෙන්නේ “හික්කඩුව ඡායා ට්‍රාන්ස් නමිනි”
1968 වර්ෂය වනවිට හික්කඩුව කොරල් ගාර්ඩ්න් හෝටලය විවෘත කෙරිණි. 1970 මුල් කාලයේ බ්ලූ කොරල්ස් හෝටලය ආරම්භ වූ අතර ඉන් පසු කොරල් සෑන්ඩ් හෝටලය, හික්කඩුවේ පාලම ළඟ පොල් කොට උඩ හෝටලයක් ද ඉදිකෙරිණි. එය හැඳින්වුණේ කොට උඩ හෝටලය නමිනි. කාමර 08කින් සමන්විත වූ කොට උඩ හෝටලය එකල විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් තැනක් විය.
කොරල් ගාඩන් හෝටලය
නිශ්ශංක ඈපාලියන මහතා පවසන්නේ ආතර් සී. ක්ලාර්ක් මහතා විසින් කොරල්පරය පිළිබඳ විස්තර අනාවරණය කිරීමෙන් පසු හික්කඩුවේ කොරල් නැරඹීමේ කාර්යය ද ක්‍රමයෙන් දියුණු වූ බවයි. එකල වීදුරු පතුලක් සහිත බෝට්ටු තිබුණේ නැත.
වීදුරු පෙට්ටියක් සාදා එය රැගෙන සංචාරකයන් සමඟ ඔරුවෙන් මුහුදට ගොස් මේ වීදුරු පෙට්ටිය මුහුදට දමා කිහිප දෙනකු එය තද කර අල්ලද්දී සංචාරකයෝ ඒ වීදුරු පෙට්ටියෙන් මුහුදු පත්ල බලති. පසුව කිමිදුම් ක්‍රම හික්කඩුව ප්‍රදේශයට හඳුන්වාදීමත්, වීදුරු බෝට්ටු පැමිණීමත් සමඟ හික්කඩුවේ කොරල් බැලීම මෙරට පමණක් නොව ලෝකය පුරාම ජනප්‍රිය විය.
“කොරල් පරයේ වටිනාකම අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. ඒ වගේම කොරල් පරය ආශ්‍රිතව හික්කඩුවේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් දියුණු වුණා. ඉතාමත් ලස්සන වෙරළ තීරයත් මේකට ගොඩක් දායක වුණා. මේ නිසා 1967 දී හික්කඩුව කොරල් උද්‍යානයක් ලෙස නම් කළා. ඒක ඇත්තටම වටිනා දෙයක්. නමුත් 1998 දී විතර ලෝකයේ උණුසුම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස එල්නිනෝ බලපෑමෙන් හික්කඩුවේ කොරල්වලට දැඩි විනාශයක් සිදුවුණා.” ඈපාලියන මහතා එසේ කීවේය.
පියසිරි වීරසිංහ මහතා
හික්කඩුව සංචාරක කලාපයක් ලෙස නම් කරන්නේ 1987 ඔක්තෝබර් 19 වැනි සිකුරාදා නිකුත් කරන ලද අංක 478 දරණ ගැසට් නිවේදනයෙනි.
හික්කඩුව සංචාරක පුරවරයක් බවට පත්කිරිමේ පුරෝගාමියා වූ කාරියවසම් දොන් සලමන් වීරසිංහ ඇල්පිටියේ හොරංගල්ලේ පදිංචිකරුවෙකි. ඔහු හොරංගල්ලේ ජීවත්වූ උදයගිරිය නිවස අදට ද පැරණ ස්වරූපයෙන් ම දක්නට ලැබේ.
අතීතයේ ඇල්පිටියට කාරයක් ගෙන ආ පළමු පුද්ගලයා ලෙස ද තානායම් ආරච්චි ප්‍රසිද්ධව සිටියේය. ඔහු හම්බන්තොට තානායමේ සේවය කරද්දී තවත් අපූරු කාර්යයකට අත ගසා තිබිණි.
ඒ පළතුරු කෝඩියල් නිෂ්පාදනයයි. හම්බන්තොට ප්‍රදේශයෙන් සොයාගත් පළතුරුවලින් කෝඩියල්, ජෑම් සහ මාමලේට් නිෂ්පාදනය කර ඒවා “හම්බන්තොට ප්‍රඩක්ට්” ලෙස නම්කර රට පුරාම තිබූ තානායම් වෙත බෙදාහැරීම ඔහු සිදුකළේය. මෙය ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීම ඔහුගේ සැළැස්ම වුව ද කාර්ය බහුලත්වය නිසා ඊට වැඩි කාලයක් වෙන්කිරීමට හැකියාවක් ලැබුණේ නැත. තානායම් ආරච්චිගේ මරණින් පසු ඒ නිෂ්පාදන කාර්යය අභාවයට ගිය බව නිශ්ශංක ඈපාලියන මහතා සිහිපත් කරයි.
කාරියවසම් දොන් සලමන් වීරසිංහ විවාහ වී සිටියේ තවත් ආරච්චි පරපුරකින් පැවත එන හින්නිහාමිනේ ජයසේකර (තෙබේරිස් ආරච්චි සමගිනි) මේ යුවළට ඩැන්සි, ලීලා, ජෝර්ජ්, හෙක්ටර්, හැරියට්, එඩ්වඩ්, ශීලා සහ පියසිරි නමින් දරුවන් 08 දෙනෙකි. නිශ්ශාංක ඈපා ලියන යනු ඒ දරුවන් අතරින් වැඩිමලා වූ ඩැන්සිගේ පුතණුවන්ය.
ඉතුරි ටික පහළ...

නිශ්ශංක ඈපාලියන

Last edited: