හිඟන්නෙකුගෙන් ලියුමක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හිඟන්නෙකුගෙන් ලියුමක්





    49049866_1467870600010176_7606172530419695616_n.jpg


    ඉඩම් හිමි වැවිලිකරු ලාල්කාන්තට හිඟන්නෙකුගෙන් ලියුමක්....

    මේ කතාව දැන් දින කීපයක් පරණ වුවද පමා වී හෝ ඔබට මේ ලිපිය ලිවීම වැදගත්ය. ඒ ඔබේ දුවගේ උපාධිය ආශ්‍රිතව ඇති වූ කතාබහ ගැන වචන කීපයක් කිව යුතු යැයි සිතෙන නිසාය.

    ඔබේම ප්‍රකාශවලට අනුව 2014 වන විට රස්සාවක් පවා නැතිව බිරිඳගේ පඩියෙන් යැපෙන අසරණයෙකු වී සිටි ඔබ 2018 වන විට ඉඩම් හිමි වැවිලි කරුවෙකු බවට පත්ව තිබේ. ඒ ගැන අපට ගැටලුවක් නැත. එසේම ඔබගේ දියණිය පෞද්ගලික ආයතනයකින් උපාධියක් ලබා ගැනීම ගැනද අපට ගැටලුවක් නැත. එදා සිටම රහසේ අඩියක් පුඩියක් ගැසූ ඔබ අද වන විට බොරු පක්ෂ විනය බල්ලාට දමා ඩි්‍රන්ක් දැමීම ගැන ප්‍රසිද්ධියේ වහසි දෙඩීමද අගය කළ යුතුය. විජිත හේරත් මෙන් වාහන හප්පා ලයිට් කණු කුඩු කර බීපු “මිනිහෙක් මාව ඉම්බා” වැනි ඉල ඇදෙන කතා කියනවාට වඩා ඔබේ හැසිරීම යහපත්ය. වැදගත්ම කාරණය වන්නේ ඔබේ මේ සියලු හැසිරීම් ජවිපෙ මහා ප්‍රෝඩාව රටට හෙළි කිරීමට අනියමින් හේතු වාසනා වී තිබීමය. ඇස් රවුම් කරමින්, කට උල් කරමින් කියන බොරු ඔස්සේ රටට හා පක්ෂයේ වහලුන්ට මවා පෙන්වන දේ සහ ඔබලාගේ සැබෑ ජීවිතවල ඇති අතිශය දරුණු පරස්පරය රටට තේරුම් කර දීමට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකුම මෙසේ ඉදිරිපත් වී තිබීම කෙතරම් අපූරුද?

    ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන ඔබේ නවතම පන්ති විග්‍රහයට අනුව පෞද්ගලික ආයතනවලින් දරුවන්ට උපාධි ලබා දිය නොහැකි දෙමාපියන් හැඳින්විය යුත්තේ හිඟන්නන් ලෙසය. හිඟන්නන්ට බැරි වුවද අනුරගේ පුංචි අම්මාගේ පුතාට, ගලප්පත්තිගේ පුතාට, ලාල්කාන්තගේ දුවට මුදල් ගෙවා හෝ උපාධි ලබාගත හැකිව තිබීම හොඳය. ප්‍රශ්නය ඇත්තේ ඔබලාගේ දේශපාලනය රටේ අනෙක් හිඟන දරුවන්ට ඒ අවස්ථා අහිමි කරමින් ඔබලා වැනි ඉඩම් හිමි වැවිලිකරුවන් පමණක් තනිවම ඒ වරප්‍රසාද භුක්ති විඳීමය. ඒ කෙසේදැයි මඳකට විමසා බලමු.

    1. ජවිපෙ දේශපාලන බල මෙවලමක් වන තකතීරු නවකවදය නිසා වාර්ෂිකව සිය ගණනක් තම උපාධි අත්හරිති. ඒ ඔබගේ ඉඩම් හිමි දියණිය වැනි උසස් පෙළ ලකුණු මදිවූ අය නොව උසස් පෙළ ඉහළින් සමත්ව සරසවියට ආ හිඟන දරුවන්ය. ජවිපෙ ඇති කළ ඒ ජඩ නවකවද සම්ප්‍රදාය අද පෙරටුගාමී කල්ලිය විසින් එලෙසම ඉදිරියට රැගෙන යමින් සිටිති. සීයකට මඳක් වැඩි වූ මගේ සරසවි කණ්ඩායමේ හතර දෙනෙක්ම නවක වදය නිසා උපාධිය අත් හැර දැමූහ. ඒ හිඟන දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන අයිතිය ගැන ඉඩම් හිමියෙකු ලෙස ඔබටත් ඔබේ දුවටත් ඇති හැඟීම කුමක්ද?

    2. මීළඟට ඔබලාගේ තකතීරු දේශපාලනය නිසා පාසැලේ සිටම අධ්‍යාපනය කඩාකප්පල් කරගත් සිය ගණනක් දරුවෝ රටේ සිටිති. සරසවියේදී උපාධි අතහැර ෆුල්ටයිම් කිරීම මාර වීර කටයුත්තක් බව කියමින් හිඟන පවුල්වල අසරණ නොදරුවන් නොමග යැවීම ඔබේ පක්ෂයේ දෛනික පිළිවෙතකි. ඔබලාගේ වැදි බණ අසා පලක් නැති ධනේශ්වර අධ්‍යාපනය අතහැර දැමූ දරුවන් ලාල්කාන්තගේ දුවගෙන් නැවතත් පන්ති පහ කරගත යුතු නොවේද?

    3. මීළඟට නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගල් යුගයේ සිද්ධාන්ත මත පදනම්ව දියත් කරන බොරු අරගල ඔස්සේ ඔබ රටේ තව දැරුවන් දහස් ගණනකට මුදල් ගෙවා හෝ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අවුරා දමා ඇත. ඒ අරගල ඔස්සේ සරසවි සිසුන් සිය ගණනකයේ ජීවිත හා අධ්‍යාපනය අනතුරේ හෙලා ඇත. එය ලංගම රැක ගැනීමට සටන් කිරීම සඳහා ප්‍රයිවට් බස් එකක යනවා වැනි සරල කතාවක් නොවේ. තමාගේ දරුවාට පෞද්ගලික අධ්‍යාපනය ලබාදෙමින් රටේ දරුවන්ට ඒ අවස්ථාව අහිමි කිරීම ජවිපෙ දේශපාලන පැවැත්මේ අනිවාර්ය අංගයක් බව ඔබ දන්නවාද?

    රනිල්ගේ ඇබිත්තයන් වී සිටින මෙරට වැලේ වැල් නැති වමේ පක්ෂවලට නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු හුදු එදා වේල සපයාගැනීමේ දේශපාලන සටන් පාඨයක් පමණි. රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ එකම ක්‍රමය එය රජය මගින් නොමිලේ ලබාදීම පමණක් නොවන බව ඔබ හොඳාකාරවම දන්නා කරුණකි. ඒ ඇත්ත ඔබේ දුවට අදාළ වුවද, ඔබට ඔබේ දේශපාලනය විසින් ඒ ඇත්ත ප්‍රසිද්ධියේ පිළිගැනීමට ඉඩදී නැත. පක්ෂ රෙජීමයට එරෙහිව යමින් අරක්කු බීමේ වීරත්වය ගැන ලොකු කතා කියන ආකාරයට අධ්‍යාපනය ගැනද හිතට එකඟව කතා කළ හැකි නම් එය රටේ හිඟන දරුවන් වෙනුවෙන් කළ හැකි මහත් සේවයක් වනු ඇත.

    ඔබ ඔබේ දියණිය සම්බන්ධව කටයුතු කළ ආකාරයට රටේ අනෙක් දෙමාපියන්ට තමන්ගේ දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට ඉඩ දෙන්න. කෙසේ වුවද අද රනිල්ගේ හොඳම යටිතල පහසුකම් සපයන්නා ලෙස ඔබේ පක්ෂය මේ රටට කරමින් සිටින අපරාධය සමඟ සසඳන විට අධ්‍යාපනයට ඔබලා කළ හානිය ඉතා කුඩා එකකි. ඔබලා තවමත් උපාධි කෑලි එල්ලා ගෙන ඡන්දවලට ඉදිරිපත් වන්නේ ඒ නිසා විය යුතුය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරයගෙ පුතයි ලාල්ගෙ දුවයි දෙන්නම පුග්ගලික කැම්පස් එකේ ඉගෙන ගෙන..කතාව නම් කොහොමද පුග්ගලික කැම්පස් වහන්ඩ ලොලේ ලොල්..:lol::lol::lol::lol:
    -----------------------------------------

    හැබැයි එක අතකින් සිදේවි ගෑනු ළමය... :):)

     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    what about Major parties? They made us beggers. Isn't it? They ruled the ciuntry for 70 years. JVP and peratugami people made very bad incidential histories. But they can't overpass continous
    damage doing major parties. Isn't it...?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනුරයගෙ පුතයි ලාල්ගෙ දුවයි දෙන්නම පුග්ගලික කැම්පස් එකේ ඉගෙන ගෙන..කතාව නම් කොහොමද පුග්ගලික කැම්පස් වහන්ඩ ලොලේ ලොල්..:lol::lol::lol::lol:
    -----------------------------------------

    හැබැයි එක අතකින් සිදේවි ගෑනු ළමය... :):)


    එරෝ බොක්ක... මොකද උනේ බන් පහුගිය ටිකේ :baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝ බොක්ක... මොකද උනේ බන් පහුගිය ටිකේ :baffled::baffled:

    හැමදාම උන්න බන් මම කිරියෙ,අර ලින්ඩ ෆේක් එකක් හදාගෙන දගලනව..