හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට..!🔴🔴🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    mervin.webp


    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත.

    රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර විකුණා ඇතැයි කියන සිද්ධියකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    ඊයේ (05) රාත්‍රී පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධියට සම්බන්ධ කීපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරයි.
    මර්වින් සිල්වා මහතා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලයේ මෙම කටයුත්ත කර ඇතැයිද පැවසෙයි.

    අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.