හිටපු සන්ධාන මහා ඇමති අත්අඩංගුවේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හිටපු සන්ධාන මහා ඇමති අත්අඩංගුවේ

    බයියනි නැගිටියවූ නායකයන්ව ආරක්ෂා කරවූ ....














    නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
    දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස ඔහු පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබුණි.
    2005 නත්තල් උත්සවයට සහභාගී වෙමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා මඩකලපුවේ ශාන්ත මරියා දේවස්ථානය තුල වෙඩි තබා මරා දමා තිබුණි.
    එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ බෙදීමක් ඇති වූ සමයේදීයි, එම ඝාතනය සිදු කෙරුණේ.


    මේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස පොලිසියට කැඳවන ලද ටීඑම්වීපී පක්ෂයේ හිටපු ජාතික සංවිධායක ප්‍රදීප් මාස්ටර් හෙවත් එඩ්වින් සිල්වා ක්‍රිශ්නානන්දරාජා සහ ගජන් මාමා හෙවත් රංගසාමි කනගනායගම් යන දෙදෙනා පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගැණින.
    කෙසේ නමුත් හිටපු මහ ඇමති පිල්ලේයාන් පොලිසියට කැඳවීමට හේතුව කවරක්දැයි පවුලේ ඥාතීන්ට හෝ පක්ෂයට දැනුම් ඩී නොතිබුන බවයි, පක්ෂයේ ලේකම් පී ප්‍රශාන්ත බීබීසී සංදේශයට කියා සිටියේ.
    අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා හිටපු එල්ටීටීඊ සාමාජිකයන් බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, හිටපු මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම පිණිස හිටපු මහ ඇමතිවරයා අපරාධ පරීක්ෂණ කාර්යාංශයට කැඳවන ලද බවත් සඳහන් කළේය.


    http://www.bbc.com/sinhala/sri_lanka/2015/10/151011_sp_pillayan_arrested
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ත්‍රෙඩ් එක වේලෙනවා නේද? ඔන්න මගෙන් බම්ප් එකක් හික්හික්
    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg
    ruwanwelisaya1.jpg
    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg