හිට්ලර්ගේ පියාඹන පීරිසි.

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හිට්ලර්ගේ පියාඹන පීරිසි.

    දෙවනි ලෝක යුද්ධය කාලයේ ජර්මනියේ ආඥාදායක හිට්ලර්ගේ මගපෙන්වීම යටතේ ඔහුගේ විද්‍යාඥයින් නවීන අවි රැසක් නිපදවූවා. ඒ අවි ආයුද ඒ කාලයේ අමෙරිකානු හා බ්‍රිතාන්‍යය හමුදා (මිත්‍ර පාක්ශික හමුදා) භාවිතා කල ආයුධ වලට වඩා හැම අතින්ම ඉදිරියෙන් තිබුනා.

    ඒවායින් සමහරක්;

    1. ලෝකයේ ප්‍රථම හමුදා ජෙට් යානය වන හයින්කෙල් 178 යානය (
    Heinkel He 178, the world's first aircraft to fly under turbojet power)

    2. ලෝකයේ ප්‍රථම කෲස් මිසයිලය වන වී1

    3. ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය වන වී2

    4. ලොව ප්ටථම රොකට් එන්ජිමක් සහිත ප්‍රහාරක යානය වන මෙසර්ශ්මිට් එම්.ඊ 163 (
    Messerschmitt Me 163 Komet, rocket-powered fighter aircraft)

    යුද්ධය අවසාන වන වීමත් සමග හිට්ලර්ගේ මේ අති නවීන ආයුධ ගැන ලෝක වාසීන්ට දැන ගැනීමට ලැබුණු අතර මේ නවීන ජර්මන් තාක්ශණයෙන් අති විශාල ප්‍රමාණයක් බටහිර ජර්මන් ප්‍රදේශ යටත් කරගත් අමෙරිකන් හමුදා විසින්ද, නැගෙනහිර ජර්මන් ප්‍රදේශ යටත් කරගත් සෝවියට් හමුදා මගින්ද අත්පත් කරගන්නා ලද අතර එම තාක්ශණ්ය නිපදවූ කර්මාන්තශාලා, විද්‍යාගාර පමණක් නොව ඒවාවල සේවය කල විද්‍යාඥයින් හා තාක්ශණ ශිල්පීන් පවා නාසි යුධ අපරාධකරුවන් ලෙස අතඩංගුවට ගෙන අමෙරිකවට හා රුසියාවට රගෙන ගීයි

    ඔවුන්ගේ දැනුම උකහාගෙන ඔවුන් ලවා එම තාක්ශණ‍යන් වැඩි දියුණු කිරීමටයි.

    1950ගණන් වල සිට අද වනතෙක්ම ලොව විශ්මිත කරවන අමෙරිකානු හා රුසියානු තාක්ශණයේ පදනම දෙවන ලෝක යුද්ධය අවසානයේදී නාසි ජර්මනියෙන් කොල්ලකන ලද තාක්ශණයයි.

    ~~ හිට්ලර්ගේ පියාඹන පීරිසි ගැන කටකතා පැතිරේ ~~

    a1909.2_1_-329x252.jpg


    යුද්ධය අවසන්වී සුලුකාලයක් යත්ම හිට්ලර්ගේ අති නවීන තාක්ශණයන් පිළිබඳව ලොව පුරා වාර්තා පලවෙන්නට පටන්ගත් අතර වැඩියෙන්ම කතාබහට ලවුනේ තවමත් ලොවට හෙලි නොකරන ලද රහසිගත් අවියක් පිලිබඳවයි.

    එනම් හිට්ලර් සතුව වෘත්තාකාර පීරිසි බඳු වුනු අධික වේගයෙන් පියාසර කල හැකි යානා විශේෂයක් තිබුණ බවයි.

    මෙම කටකතාව වේගයෙන් පැතිරීමට පදනම් දෙකක් තිබුණා. එකක් නම් යුධ සමයේ මිත්‍රපාක්ශික ගුවන් නියමුවන් රාශියක් තම ප්‍රහාරක යානා හඹා පැමිණි ගෝලාකාර හා වෘත්තාකාර අභිරහස් යානා විශේෂයක් පිළිබඳව වාර්තාකර තිබීමයි. මේවා නාසී ජර්මන් වරුන්ගේ අභිරහස් අවියක් බව ඒවනවිට පිලිගත් මතය වුනා.

    index7p.jpg


    ජර්මන් පියාබන පීරිසි ගැන කටකතා තවත් වැඩිවෙන්නට හේතු වුනේ 1950ගණන්වල සිට අමෙරිකාව හා රුසියා පුරා පැතිරීගිය පියාඹන පීරිසි දර්ශනය වීමේ රැල්ලයි

    මේ පියාඹන පීරිසි පෘථිවිය ගවේශණය කරණ පිටසක්වලයින්ගේ යානා බවට වුනු ඉතා ජනප්‍රිය මතයට අමතරව මේ පියාඹන පීරිසි අමෙරිකානු හා සෝවියට් හමුදා විසින් අත්පත් කරගන පරීක්ශන පියාසැරි වල යෙදවෙන හිට්ලර්ගේ පියාඹන පීරිසි බවට තවත් මතය්ක් පැතිරුණා.

    මේ අතර 1958දී ජර්මන් යුධ හමුදාවේ තාක්ශිණ අංශයක මේජර් වරයෙකු වුනු රූඩෝල්ෆ් ලුසාර් නැමැත්තා "දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් නිපැදවූ රහස් අවි" නැමති පොත මගින් මුලින් සඳහන් කල වී1, වී2, හමුදා ජෙට් යානා වැනි සුපිරි ආයුධ විශාල ප්‍රමානයක් පිලිවඳ තොරතුරු සාමාන්‍යය ජනතාවට කියවන්නට ලැබුණු අතර ඉන් වඩාත්ම අවධානයට ලක්වුනේ

    "වන්ඩර් වැෆෙන්ස්- WanderWaffen" නම් වූ පරිච්ඡේදයයි. හිට්ලර් විසින් නිපදවූ පුදුමාකාර ආයුද හා සලසුම් පිළිබඳ වාර්තාවක් එහි අඩංගු වුන අතර ඉන් ප්‍රධාන වුනේ පැයට කිලෝමීටර් 2000ක වේගයෙන් පරීක්ශන පියාසරියක යෙදුනා යයි සඳහන් වුනු පීරිසියක හඩැති පැතලි යානයයි.

    H2_1_-720x444.jpg


    පොතේ සඳහන් වුනු ආකාරයට මේ යානය නිර්මාණය කර ඇත්තේ රූඩෝෆ් ශ්‍රීවර් නමැති ගුවන්යානා නිර්මාපකයායි. එවකට නාසි ජර්මනියේ යටත් විජිතයක්ව පැවති පෝලන්තයේ ඉදිකර තිබුණු රහසිගත පර්යේෂණාගාරයක මෙම නිර්මාන කටයුතු සිදුවුනු බව පැවසුනා.

    1_1_-470x374.jpg