Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිට්ලර්ට බලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිට්ලර්ට බලය ගිය ජන. 30

ප්රජාතන්ත්රවාදය ගැන කතා කරමින් ආඥදායකයන් බවට පත්වූ පාලකයන් ගැන විවිධ තොරතුරු අප අසා ඇත. 1933 ජනවාරි 30 වැනි දින ජර්මනියේ නායකයා ලෙස බලයට පත්වූ හිට්ලර්ද එවැනි ආඥදායකයෙකි. ඔහුගේ නම ඉතිහාසයට එක්වී ඇත්තේ ලොව මෙතෙක් බිහිවූ කෲරම පාලකයා ලෙසිනි. ඒ හේතුව නිසාම ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ අපටද වැදගත් වෙයි. එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට හිට්ලර් සමත් වුවත් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් බහුතරයක් ඔහුට නොතිබිණි. ආරම්භයේ සිටම ඔහුට මුහුණදීමට තිබූ ලොකුම ප්රශ්නය එය විය. ඒනිසා යළිත් වරක් මැතිවරණයකට මුහුණ දීමට ඔහුට සිදුවිය. එහෙත් මැතිවරණ කෙරේ එතරම් ලොකු විශ්වාසයක් ඔහු තුළ තිබුණේ නැත.

ජර්මන් පාර්ලිමේන්තුව හැඳින්වූයේ රයිස්ටෑග් නමිනි. රයිස්ටෑගයට මන්ත්‍රීන් තෝරා ගැනීමේ මහා මැතිවරණය යෙදී තිබුණේ මාර්තු මස 5 වැනි දිනටය. මැතිවරණය හොඳින් හෝ නරකින් ජයග්‍රහණය කිරීම හිට්ලර්ගේ දේශපාලන අරමුණ විය. ජර්මන් රාජ්‍යය තුළ සදාකාලිකව රජකම් කිරීමේ අයිතියක් තමාට ඇතැයි සිතූ හිට්ලර් දූෂිත උපායකින් මහා මැතිවරණ කටයුතු අවුල්කර ජනතා පරමාධිපත්‍ය පැහැර ගැනීමේ මහා සැලැස්මක් ක්‍රියාත්මක කළේය. එහි ආරම්භක පියවරක් වශයෙන් ඔහු කළේ විප්ලවකාරි මුද්‍රණාලය සීල් තැබීමය. කම්කරු ජනතාවගේ හඬ මර්දනය කිරීමට ඒ පියවර ගත් හිට්ලර් ඊළඟට කළේ මර්දන නීති මාලාවක්ම නීතිගත කිරීමය. ඒ සඳහා අවශ්‍ය ජනමතය සකස් කර ගැනීම සඳහා ඔහු යොදාගත්තේ රාජ්‍ය ගුවන් විදුලිය සහ මුද්‍රිත මාධ්‍යයයි.

එම මාධ්‍යවලින් කෙරුණේ රාජ්‍ය විරෝධීන් මර්දනය කළ යුතු බව කියෑවෙන රාජ්‍ය උද්ඝෝෂණ රට තුළ පණ ගැන්වීමය. හිට්ලර්ගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද තම ප්‍රතිවාදීන්ට මඩ ගැසුවේ හොරුන් සහ ෙද්‍රdaහීන් යෑයි කියමිනි. හිට්ලර් තමාගේ මෙම ප්රචාරක කටයුතු හැසිරවීම සඳහා විශේෂ මාධ්‍ය ඇමැතිවරයකුද පත්කර ගත්තේය. ඔහු නමින් ආචාර්ය ගොබල්ස් විය. අතේ පැළවෙන බොරු නිර්මාණය කර රටවැසියා අතර ප්‍රචාරය කිරීමට ඔහු ගජ සමතෙක් විය. ඒ වන විට ජර්මන් මුදලේ අගය දරුණු ලෙස පහත වැටී තිබීමත්, රටෙහි පැවැති උග්‍ර විරැකියාවත් නිසා අසරණව සිටි ජර්මන් ජනතාවට හිට්ලර්ව පෙණුනේ ජාතියේ මහා ගැලවුම්කාරයා ලෙසය.

හිට්ලර් සිය ප්‍රචාර මගින් ජනතාවට කියා සිටියේ සියලු "සොරුන්" සහ "ෙද්‍රdaහීන්" මර්දනය කිරීමට ජනතාව නොපැකිලව තමාට සහාය දියයුතු බවය. ඡන්දදායකයන් ලෙස පමණක් සිතන්ට පතන්ට පුරුදුව සිටි සාමාන්‍ය ජර්මන් රටවැසියාට මේ කතා සහ ප්‍රචාර ඉතා රසවත් ඒවා විය. මෝඩ ජනතා බහුතරය එලෙස හිට්ලර් කී සියලු දේ අකුරක් ඇලපිල්ලක් නෑර පරම සත්‍ය ලෙස පිළිගත්හ. ඒ අයුරින් ජර්මන් දේශපාලනය තුළ බුද්ධිමතුන්ගේ සහ උගතුන්ගේ හඬ නිහඬකර දැමීමට හිට්ලර් සමත්විය. යහපාලනයක සිහින දකිමින් ජර්මන් ජනතාව පැසිස්ට්වාදයට ආවැඩුවේ එලෙසය.

1933 පෙබරවාරි 24 වැනි දින ජර්මන් පොලිසිය විසින් ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු කාර්යාලය පිහිටි කාල්ලියුබෙන්ක්ගේ නිවස වටලනු ලැබුවේ විරුද්ධවාදීන් මර්දනය කිරීමේ හිට්ලර්ගේ මෙම කූට සැලැස්ම අනුවය. එදිනට පෙර සති කිහිපයක සිට එම නිවස පැවතියේ දැඩි පොලිස් රැකවල් යටතේය. හදිසියේම නිවස ඇතුළතට කඩාවැදුණු නාසි පොලිසිය කියා සිටියේ එම නිවස තුළ තිබී සාපරාධී ක්‍රියා රැසකට අදාළ තොරතුරු රැසක් සොයාගත් බවයි. එය බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි සිද්ධියක් විය. ඒ අතරම හිට්ලර්ට හිතවත් නාසි පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළවූ වාර්තාවලින් රටට කියෑවුණේ රජයේ ගොඩනැඟිලි, කෞතුකාගාර, මාළිගා සහ වැදගත් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීමේ රහස් උපදෙස් රැසක් හෙළිවෙයි" ආදී වශයෙන් වූ තොරතුරුය.

පෙබරවාරි 26 වැනි දින පළවූ හිට්ලර්ගේ නාසි පුවත්පත්වල පළවූයේ රජයේ ගොඩනැඟිලි කිහිපයක ඇතිවූ ගින්නක් ගැනය. ඒ ගැන තොරතුරු ඇතුළත් රජයේ ප්රවෘත්ති ප්‍රකාශයකින් කියෑවුණේ කොලොන්හි සුභසාධක දෙපාර්තමේන්තුවටත්, නගර ශාලාවටත්, බර්ලින් මාළිගයටත් ගිනිතබා ඇති එම සාහසිකයා, ඔහු හඳුනාගත හැකි කිසිදු හෝඩුවාවක් නොතබා පළාගොස් ඇති බවයි. එලෙස ගිනි තැබීම් පිළිබඳ වූ වාර්තා ගැන රට පුරා උණුසුම නගිමින් පවතිද්දී පෙබරවාරි ඉරිදා රාත්‍රී 9.00 ට රයිස්ටෑගය තුළද (පාර්ලිමේන්තුව) ගින්නක් හට ගත්තේය. එම ස්ථානයේ ආරක්ෂක කටයුතු භාරව සිටි අණදෙන නිලධාරියා හිට්ලර්ගේ ජාතික සමාජවාදී පක්ෂයේ සාමාජිකයකු විය. එදින ඔහු කර තිබුණේ එම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි මුර භටයන් නියමිත රාජකාරි වේලාවට කලින් මුදාහැර තිබීමයි. හිට්ලර්ගේ ප්‍රධාන හමුදා සෙන්පතියා වූයේ ගෝරිංය.

පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන ලද නාසි මැර භටයන් හට ගෝරිංගේ නිවසේ සිට කිසිවෙකුටත් නොපෙනෙන පරිදි පාර්ලිමේන්තුව තුළට යා හැකි පරිදි ඉදිකළ උමගක් විය. ඒ තුළින් පාර්ලිමේන්තුවට රිංගා ගොස් සැලසුම් කළ පරිදි ඒ සියල්ල ඉටු කිරීමට නාසි මැරයන්ට හොඳින් ඉඩකඩ ලැබිණ.

සිසිල් අතුකෝරළ විසිනි

[QUOTE="araki, post: 22779801, member: 360239"] [SIZE=5]හිට්ලර්ට බලය ගිය ජන. 30 [/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/01/28/s2/hitlar.jpg[/IMG]ප්රජාතන්ත්රවාදය ගැන කතා කරමින් ආඥදායකයන් බවට පත්වූ පාලකයන් ගැන විවිධ තොරතුරු අප අසා ඇත. 1933 ජනවාරි 30 වැනි දින ජර්මනියේ නායකයා ලෙස බලයට පත්වූ හිට්ලර්ද එවැනි ආඥදායකයෙකි. ඔහුගේ නම ඉතිහාසයට එක්වී ඇත්තේ ලොව මෙතෙක් බිහිවූ කෲරම පාලකයා ලෙසිනි. ඒ හේතුව නිසාම ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ අපටද වැදගත් වෙයි. එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට හිට්ලර් සමත් වුවත් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් බහුතරයක් ඔහුට නොතිබිණි. ආරම්භයේ සිටම ඔහුට මුහුණදීමට තිබූ ලොකුම ප්රශ්නය එය විය. ඒනිසා යළිත් වරක් මැතිවරණයකට මුහුණ දීමට ඔහුට සිදුවිය. එහෙත් මැතිවරණ කෙරේ එතරම් ලොකු විශ්වාසයක් ඔහු තුළ තිබුණේ නැත.[/SIZE] [SIZE=5]ජර්මන් පාර්ලිමේන්තුව හැඳින්වූයේ රයිස්ටෑග් නමිනි. රයිස්ටෑගයට මන්ත්‍රීන් තෝරා ගැනීමේ මහා මැතිවරණය යෙදී තිබුණේ මාර්තු මස 5 වැනි දිනටය. මැතිවරණය හොඳින් හෝ නරකින් ජයග්‍රහණය කිරීම හිට්ලර්ගේ දේශපාලන අරමුණ විය. ජර්මන් රාජ්‍යය තුළ සදාකාලිකව රජකම් කිරීමේ අයිතියක් තමාට ඇතැයි සිතූ හිට්ලර් දූෂිත උපායකින් මහා මැතිවරණ කටයුතු අවුල්කර ජනතා පරමාධිපත්‍ය පැහැර ගැනීමේ මහා සැලැස්මක් ක්‍රියාත්මක කළේය. එහි ආරම්භක පියවරක් වශයෙන් ඔහු කළේ විප්ලවකාරි මුද්‍රණාලය සීල් තැබීමය. කම්කරු ජනතාවගේ හඬ මර්දනය කිරීමට ඒ පියවර ගත් හිට්ලර් ඊළඟට කළේ මර්දන නීති මාලාවක්ම නීතිගත කිරීමය. ඒ සඳහා අවශ්‍ය ජනමතය සකස් කර ගැනීම සඳහා ඔහු යොදාගත්තේ රාජ්‍ය ගුවන් විදුලිය සහ මුද්‍රිත මාධ්‍යයයි.[/SIZE] [SIZE=5]එම මාධ්‍යවලින් කෙරුණේ රාජ්‍ය විරෝධීන් මර්දනය කළ යුතු බව කියෑවෙන රාජ්‍ය උද්ඝෝෂණ රට තුළ පණ ගැන්වීමය. හිට්ලර්ගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද තම ප්‍රතිවාදීන්ට මඩ ගැසුවේ හොරුන් සහ ෙද්‍රdaහීන් යෑයි කියමිනි. හිට්ලර් තමාගේ මෙම ප්රචාරක කටයුතු හැසිරවීම සඳහා විශේෂ මාධ්‍ය ඇමැතිවරයකුද පත්කර ගත්තේය. ඔහු නමින් ආචාර්ය ගොබල්ස් විය. අතේ පැළවෙන බොරු නිර්මාණය කර රටවැසියා අතර ප්‍රචාරය කිරීමට ඔහු ගජ සමතෙක් විය. ඒ වන විට ජර්මන් මුදලේ අගය දරුණු ලෙස පහත වැටී තිබීමත්, රටෙහි පැවැති උග්‍ර විරැකියාවත් නිසා අසරණව සිටි ජර්මන් ජනතාවට හිට්ලර්ව පෙණුනේ ජාතියේ මහා ගැලවුම්කාරයා ලෙසය.[/SIZE] [SIZE=5]හිට්ලර් සිය ප්‍රචාර මගින් ජනතාවට කියා සිටියේ සියලු "සොරුන්" සහ "ෙද්‍රdaහීන්" මර්දනය කිරීමට ජනතාව නොපැකිලව තමාට සහාය දියයුතු බවය. ඡන්දදායකයන් ලෙස පමණක් සිතන්ට පතන්ට පුරුදුව සිටි සාමාන්‍ය ජර්මන් රටවැසියාට මේ කතා සහ ප්‍රචාර ඉතා රසවත් ඒවා විය. මෝඩ ජනතා බහුතරය එලෙස හිට්ලර් කී සියලු දේ අකුරක් ඇලපිල්ලක් නෑර පරම සත්‍ය ලෙස පිළිගත්හ. ඒ අයුරින් ජර්මන් දේශපාලනය තුළ බුද්ධිමතුන්ගේ සහ උගතුන්ගේ හඬ නිහඬකර දැමීමට හිට්ලර් සමත්විය. යහපාලනයක සිහින දකිමින් ජර්මන් ජනතාව පැසිස්ට්වාදයට ආවැඩුවේ එලෙසය.[/SIZE] [SIZE=5]1933 පෙබරවාරි 24 වැනි දින ජර්මන් පොලිසිය විසින් ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු කාර්යාලය පිහිටි කාල්ලියුබෙන්ක්ගේ නිවස වටලනු ලැබුවේ විරුද්ධවාදීන් මර්දනය කිරීමේ හිට්ලර්ගේ මෙම කූට සැලැස්ම අනුවය. එදිනට පෙර සති කිහිපයක සිට එම නිවස පැවතියේ දැඩි පොලිස් රැකවල් යටතේය. හදිසියේම නිවස ඇතුළතට කඩාවැදුණු නාසි පොලිසිය කියා සිටියේ එම නිවස තුළ තිබී සාපරාධී ක්‍රියා රැසකට අදාළ තොරතුරු රැසක් සොයාගත් බවයි. එය බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි සිද්ධියක් විය. ඒ අතරම හිට්ලර්ට හිතවත් නාසි පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළවූ වාර්තාවලින් රටට කියෑවුණේ රජයේ ගොඩනැඟිලි, කෞතුකාගාර, මාළිගා සහ වැදගත් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීමේ රහස් උපදෙස් රැසක් හෙළිවෙයි" ආදී වශයෙන් වූ තොරතුරුය.[/SIZE] [SIZE=5]පෙබරවාරි 26 වැනි දින පළවූ හිට්ලර්ගේ නාසි පුවත්පත්වල පළවූයේ රජයේ ගොඩනැඟිලි කිහිපයක ඇතිවූ ගින්නක් ගැනය. ඒ ගැන තොරතුරු ඇතුළත් රජයේ ප්රවෘත්ති ප්‍රකාශයකින් කියෑවුණේ කොලොන්හි සුභසාධක දෙපාර්තමේන්තුවටත්, නගර ශාලාවටත්, බර්ලින් මාළිගයටත් ගිනිතබා ඇති එම සාහසිකයා, ඔහු හඳුනාගත හැකි කිසිදු හෝඩුවාවක් නොතබා පළාගොස් ඇති බවයි. එලෙස ගිනි තැබීම් පිළිබඳ වූ වාර්තා ගැන රට පුරා උණුසුම නගිමින් පවතිද්දී පෙබරවාරි ඉරිදා රාත්‍රී 9.00 ට රයිස්ටෑගය තුළද (පාර්ලිමේන්තුව) ගින්නක් හට ගත්තේය. එම ස්ථානයේ ආරක්ෂක කටයුතු භාරව සිටි අණදෙන නිලධාරියා හිට්ලර්ගේ ජාතික සමාජවාදී පක්ෂයේ සාමාජිකයකු විය. එදින ඔහු කර තිබුණේ එම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි මුර භටයන් නියමිත රාජකාරි වේලාවට කලින් මුදාහැර තිබීමයි. හිට්ලර්ගේ ප්‍රධාන හමුදා සෙන්පතියා වූයේ ගෝරිංය.[/SIZE] [SIZE=5]පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන ලද නාසි මැර භටයන් හට ගෝරිංගේ නිවසේ සිට කිසිවෙකුටත් නොපෙනෙන පරිදි පාර්ලිමේන්තුව තුළට යා හැකි පරිදි ඉදිකළ උමගක් විය. ඒ තුළින් පාර්ලිමේන්තුවට රිංගා ගොස් සැලසුම් කළ පරිදි ඒ සියල්ල ඉටු කිරීමට නාසි මැරයන්ට හොඳින් ඉඩකඩ ලැබිණ.[/SIZE] [SIZE=5]සිසිල් අතුකෝරළ විසිනි[/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/01/28/s2/hitlar1.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/01/28/s2/hitlar2.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom