හිතට_වැදුනු_කතා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    හිතට_වැදුනු_කතා

    ලස්සන කෙල්ලෙක් දැක්කම
    ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
    නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි...
    ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම
    කරගෙන, පපුවට තුරුලු කරගෙන, කියාගන්න බැරිතරමට ආදාරය කරන්න
    හිතන්නේ එකම එක කෙල්ලෙක්ට විතරයි...

    ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න උන්ට තේරෙන්නේ නෑ..
    ඒක කියන්නෙත් නෑ..කරුමෙට කියන්න දන්නෙත් නෑ...
    ඒ කොල්ලන්ගේ හැටි. ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට
    ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට කඳුලක් ඉනුවොත් උනන්නේ... ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි... (ඒක නන් ටිකක්බොලඳ කතාවක් :oo: :oo:)
    අවාසනාවට සමහර කෙල්ලන්ට එක තේරුම් ගන්න බෑ...

    කොල්ලෙක්ගේ ජීවිතයට කෙල්ලෙක් ආවම ඌට ආයෙ ඒ කෙල්ලගෙන් තොර ලොවක් නෑ.......
    "මචං මේ මගේ wife.." ඌ යාළුවන්ට කියන්නේ එහෙමයි..
    කොල්ලෙක් ජිවිතය - ජිවත් වෙන විදිහ ඉගෙනගන්නේ අන්න එතනින් පස්සෙයි..
    පිස්සු කෙලින කොල්ලෙක්ගේ ජීවිතය හැඩ කරන්න කෙල්ලෙක්ට පුළුවන්.. ඌ හැදෙනවා.. වෙනදට වඩා පිළිවෙලයි..
    හැමදේම බලන්නේ අලුත් විදිහට..
    කොයිවෙලෙත් පොඩි සින්දුවක් කියාගෙන ඌ ඉන්නේ සතුටෙන්..
    ඌ කරන හැමදේම හරියනවා.... එහෙමයි කියල ඌට තේරෙනවා..
    සල්ලි කියක් හරි ඉතුරු කරන්න බලනවා..
    කෙල්ලට මොනවහරි පුංචි දෙයක් හරි දිල ඒ හදවත සතුටු වෙන එක බලල
    ඌ හිනා වෙන්නේ ලෝකේ තියන ලොකුම සතුට ලැබුන වගේ....
    ඉඩක් ලැබෙන හැම වෙලාවකම කෙල්ලට කෝල් එකක් දෙනවා...
    නැත්තන් sms එකක් යවනවා...
    කෙල්ල ගැන හොයල බලනවා.. උගේ ජීවිතේම හැඩ වෙනවා.. ලස්සන වෙනවා..
    වෙනදා වගේ නෙවෙයි.. ඌ කල්පනා කරනවා.. ප්ලෑන් කරනවා... අනාගතය ගැන හිතනවා..
    එතකොට ඌට වගකීම්, යුතුකම් ගැන තේරෙනවා...

    තමන්ගේ ගෙදර ගැනත් හොයල බලල අඩුපාඩු පුරවනවා...
    ගෙදරට සලකනවා... කොටින්ම කොල්ලෙක් නියම පිරිමියෙක්.. මිනිහෙක් වෙනවා...
    ඌගේ ජිවිතය හැදෙන්නේ එහෙමයි...
    ඒ හැමදේම පිටිපස්සෙන් ඉඳල තියෙන්නේ කෙල්ලෙක්.. හොඳ අවංක කෙල්ලෙක්..
    ඒවගේ කෙල්ලෙක්ව තමන්ගේ ජිවිතයට ළංකරගෙන තමන්ගේ අනාගතය
    හදාගන්න හැම කොල්ලෙක්ම ආසා කරනවා...... හීන දකිනවා......
    ඒත්...............
    ඒ හීනය හැබෑවෙන්නේ කියෙන් කීදෙනාටද....
    දැකපු හීනය හැබෑවෙන්න යනකොටම........
    ඒ හීනය කඩල බිඳලා පොඩිපට්ටම් කරලා......
    ලෝකේ නැති කථා හදලා.... උගේ චරිතය හමගහල....
    ඒ කෙල්ලගේ කටින්ම අර අහිංසක බලාපොරොත්තු තියාගෙන හිටපු එකාගේ පපුව කුඩුපට්ටම් කරලා සුන්නත්දුලි කරවන මිනිස්සු ඉන්නවා.....
    හිතාගන්නවත් බැරි විදිහේ අසික්කිත ජරා මිනිස්සු....
    මේවගේ තුච්ඡ දෙයක්..... තවත් මිනිහෙක්ට කරන්න තරම්
    මේ මිනිස්සුන්ට තියන උවමනාව මොකද්ද....???
    දෙපැත්තක ඉදලා ජිවිත දෙකක් ජීවිතකාලය පුරාම අඬන ඒක බලාගෙන සතුටු වෙන එකද....... ?
    මේකට වෙන්නැති දෛවය කියල කියන්නේ......


    කර්තෘ නොදනිමි
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හොඳ අවංක කෙල්ලෙක්..
    ඒවගේ කෙල්ලෙක්ව තමන්ගේ ජිවිතයට ළංකරගෙන තමන්ගේ අනාගතය
    හදාගන්න හැම කොල්ලෙක්ම ආසා කරනවා...... හීන දකිනවා......



    :love::love::love: