හිතන්න දෙයක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දක්‍ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වුනු රොබට් වින්සෙන්සෝ තරඟාවලියකින් පහසුවෙන්ම ජයගත්තා. ක්‍රීඩා ලෝලින්ගේ උණුසුම් සුබ පැතුම් අතරේ ඔහු තෑගී මුදල ලෙස ලබා දුන් චෙක් පතත් ලබාගත්තා.

    ටික වේලාවක් ක්‍රීඩා ගාරයේ වූ තම මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදිලා තමන්ගේ වාහනය වෙත ගියා. ඔහු එනතුරු වාහනය ලඟ බලා සිටි තරුණ කාන්තාවක් ජයග්‍රහණය ගැන සුබ පැතුම් එකතු කරලා ඇය ඉතාම දුකින් වින්සෙන්සෝට දුක් ගැනවිල්ලක් කියන්න පටන් ගත්තා…

    ”මහත්මයා, මගේ දරුවා ලෙඩ වෙලා. දොස්තරල නම් කියන්නේ ඔහු මැරෙන්නත් පුළුවන් කියලා. හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් සිදු නොකෙරුවොත් මට මගේ එකම පුතා නැති වෙනවා. ඒත් මට රෝහලට මුදල් ගෙවාගන්නත් බැහැ. අනේ මම ගොඩාක් අසරණවෙලා. ඔබට පිං අයිති වෙයි, මට පුළුවන් විදිහකට උපකාර කරන්න.” ඇය වින්සෙන්සෝට කිව්වා.

    ”කොච්චර දුක්බර ආරංචියක්ද? ඔයා බය වෙන්න එපා අම්මේ, මේ චෙක්පත මුදල් කරගන්න. දරුවගේ රෝහල් ගාස්තු ගෙවලා ඔහුව බේරගෙන සතුටින් ඉන්න.”

    ඒ දරුවා ගැන දුක්වුන ඔහු තමන් කල දේ ගැන ගොඩාක් සතුටු වුනා. ඇය චෙක් පතත් රැගෙන ඉක්මනින් එතනින් පිටව ගියා. සතියකට පස්සේ රොබට් වින්සෙන්සෝ මුණ ගැහෙන්න ඔහුගේ මිතුරෙක් පැමිණියා…

    ”අයියෝ වින්සෙන්සෝ ඔයා අර චෙක්පත කාට හරි දුන්නද?”
    ඔහු හිස සැලුවා

    ”අනේ දෙයියනේ, ඇයි ඒ වංචාකරියට ඒ චෙක්පත දුන්නේ?”
    ”වංචාකාරියක් ???”
    ”ඔව්, ඇයට අසනීප වුනු දරුවෙක් නැහැ. ඇය ඔබට බොරු කියලා.”
    ”ඇත්තටම ඇයට ලෙඩ වුනු දරුවෙක් නැද්ද? වින්සෙන්සෝ ආපහු ඇහුවා…”
    ”නෑ ! ! ! ඒ බොරු… තමන් සතු දේ අනුන්ට දීමත්, අනුන්ට උදවු කිරීමත් හොද ගුණාංගයක්. ඒත් ඒ උදවුව ලබන්නා එක වංචාවක් විදිහට ගත්තොත්.”
    ”අනේ ඒක කොච්චර හොද ආරංචියක්ද… ඒ කියන්නේ ඇයට අසනීප වුනු දරුවෙකුත් නෑ, ඇය දුකිනුත් නෑ…” ඔහු බොහෝම සතුටින් පිළිතුරු දුන්නා.

    වින්සෙන්සෝ තමා කල දේ ගැනත්, ඇයට දුකක් නැති වීම ගැනත් හිතලා බොහෝම සතුටු වුනා. නමුත් බොහෝ දෙනා තමන් දුන් දේ ගැන නොහිතා, යමෙක් කල වංචාව ගැන හිතලම ගොඩාක් දුක්වෙනවා. සතුටින් යමක් කෙනෙකුට දුන්නොත් ඊට පසුව ඒ ගැන සොයා බලන්න එපා. ඒ දෙන දේ ගැන ඔබේ හිතේ තියෙන බැඳීම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ දේ කෙනෙකුට දුන්නොත් පමණයි එය දානයක් වෙන්නේ.


    Source - Internet



    හොඳනම් කැමති එකක් දීල යන්නකෝ :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා මනුස්සයෙක් මචං.. ඔය වගේ මිනිස්සුන්ට වරදින්නෙ නැහැ.. :yes:
    ගොඩක් වෙලාවට කෙනෙක්ට වංචාවක් කලාම ඒ වංචාව කරපු කෙනා ගැන තරහක් තමා දැනෙන්නෙ..
     
    • Like
    Reactions: Shamil Max

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තමන්ගේ චේතනාව තමා වටින්නේ බන්. අනිත් මිනිහ කරන දෙය ගැන හිතුවොත් ඒ දෙන එකෙනුත් වැඩක් නේ. වංචා කරන උන්ට පස්සේ දඩුවම් ලැබෙනවා.:)
    You have given out too much Reputation in the last 24 hours, try again later.:)
    09115e597def.gif
     
    • Like
    Reactions: Shamil Max