Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හිතුමතේ තනියම ගමන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුමතේ තනියම ගමන්

පහුගිය දොහක ආයෙත් හිතූ මනාපෙ සංචාරයක් යන්න අවස්ථාවක් එළඹුණා. මෙදාපාර තනියම. තනිව සංචාරය හෙවත් සෝලෝ ට්රැවලින් කියන්නෙත් හරිම අපූරු අත්දැකීමක්. මං තීරණය කළේ බදුරලිය-කලවාන-රත්නපුර අවට දියඇලි ගවේෂණයකට යන්නයි.

පාන්දර පහට විතර ගෙදරින් ස්කූටරේ නැගලා පිටත් වුණු මං බටපොළ-ඇල්පිටිය-පිටිගල හරහා පැලවත්තට ආවා. පැලවත්තෙන් කළුගල හරහා වැටුණ ලස්සන පාරක් තියෙනවා. ඒක කෙළින්ම කලවාන පාරට බදුරලියෙන් සෙට් වෙන්නෙ. පාතරාසයත් මොරපිටිය දිහායින් අරගෙන මං මුල්ම දියඇල්ල බලන්න අත්වැල්තොටදි නතර වුණා. මේක බෝම ප්රකට ඇල්ලක් වගෙම ළඟාවෙන්නත් බොහොම පහසු එකක්. අත්වැල්තොට අහස්බෝක්කුව පහුවෙලා කිලෝමීටරයක් විතර යද්දි වම්පැත්තට පාරක් තියෙනවා. ඒකෙ කිලෝමීටරයක් විතර ගියාම මේ ඇල්ලෙ මුදුනට ලඟා වෙන්න පුළුවන්.

මේක හැඳින්වෙන්නෙ අහස්බෝක්කු ඇල්ල එහෙම නැත්නම් කබරගොයිදොළ ඇල්ල කියලා. ඇල්ල මුදුනින් හෙමිහිට අයින දිගේ පහළට බැස්සම හරිම අපූරු දියඇල්ලක සුන්දරත්වය විඳින්න පුළුවනි.

කලවාන මතුගම පාරදිගේ යන වාරයක් පාසා මං මේ ඇල්ල ලඟ මිනිත්තු කීපයක් නතර වෙනවාමයි. ඇල්ල ගලන දියදහර දිගේ පහළට සෑහෙන දුරක් ගියාම අතිශය සුන්දර නොගැඹුරු තටාකයක් දක්නට ලැබෙනවා.

නමුත් නාන්න සූදානමකින් ආවෙ නැති නිසා මං වෙන ඇඳුම් ගෙනාවෙත් නෑ. ඒත් ඉතිං මෙච්චර අපූරු දියදහරක් දැක්කම ඒකට නොබැහැ බැරි නිසා මං තීරණය කරා Skinny Dipping කරන්න. (මේක නොදන්න උදවිය ඔය වචන දෙක ගූගල් ඉමේජ් සර්ච් කරලා හෑයි ගාලා ඇවිත් දැං ආයෙ කියවන්න.) ඉතා ජනශූන්ය පෙදෙසක් වීමත් උදේ පාන්දර වීමත් නිසා ගැටලුවක් නැතුවම ස්කිනී ඩිපිං කරන්න මට හැකි වුණා. සෝලෝ ට්රැවලර් කෙනෙකුට ලැබෙන ඉතා සුන්දර අත්දැකීමක් ඒක. (වරෙව් පොටෝ ඉල්ලගෙන එහෙම... හැක්)

ඊට පස්සෙ මං ගියේ අයගම කලවාන මාර්ගයේ පිහිටි සිපිරි මළ ඇල්ල හොයන්නටයි.

ගමේ උදවිය නම් කියන්නේ මේකට සිසිලි මළ ඇල්ල කියලා. ඒ නම තියන ගෑනු ළමයෙක් ඇල්ලෙන් පැනලා දිවි නසා ගත්ත නිසා මේ ඇල්ලට ඒ නම ලැබුණාලු. මේ ඇල්ලට පිවිසෙන්න තියෙන්නේ පෞද්ගලික ඉඩමක් හරහා. ඒ නිසා ඒ මිනිස්සු දැනුවත් කරලා අවසර අරන් යන එකයි සුදුසු. ඉතා සුහද ගැමියන් වන ඔවුන් නිතරම සංචාරකයන්ට උදව් වෙනවා.

මං යද්දී ඇල්ලේ වතුර තිබුණේ බෝම ටිකයි. නමුත් වැසි සමයට ගෙදර ඉන්න බැරි තරමට ඇල්ලෙ පින්න සැර බවයි ආසන්න නිවැසියන් පැවසුවේ.

කලවාන රත්නපුර පාරේ පෑබොටුව හන්දියෙන් හැරුණාම තවත් සුන්දර ඇල්ලකට යන්නට පුළුවනි. එය හැඳින්වෙන්නේ දෙල්වල ඇල්ල නමින්.

මං එතනට යද්දී පොඩි කොල්ලො දෙන්නෙක් ඇල්ල ගාව මොනවාදෝ කරනවා. මං දැක්කම ටිකක් කලබල වෙච්ච පාටකුත් පෙනුනා. ලඟට ගිහින් බැලුවාම එකෙක් මාලු අල්ලනවා. අනිකා අලවංගුවකින් ඇල්ල ලඟ බිම හාරමින් මැණික් හොයනවා. "මැණික් හම්බවුණාද මල්ලි" "දලං කෑලි විතරයි අයියෙ.. යන්තං වේලක් පිරිමහගන්න කීයක් හරි හම්බවෙනවා"

අනිකා පාසල් වයසෙ විතර එකෙක්. ඌ අල්ලපු ආඳෙක්, කොරළි කීපදෙනෙක් ෂොපිං බෑග් එකක් ඇතුළෙ පණගැහෙනවා. ඒ අතරෙ අරුං දෙන්නාත් ජීවිත ගැටගහගන්න දඟලනවා. මේ ජීවිත සේරම පව්...

ඇල්ල ලඟ ටිකක් වෙලා ඉඳලා එන්න ආවා. ගලකට පය තියලා බඩ ගාගෙන උඩට නගිද්දි බරස් ගාලා කලිසම පැලුණා. ලොකු ගවේෂණයකට ලෑස්ති වෙලා ආවෙ නැති නිසා සාමාන්ය කලිසමක් ඇඳං ආවෙ. දැං ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු. යාන්තං හෙල්මට් එකෙං ලැජ්ජාව වහං ඇවිත් බයිසිකලේ ඉඳ ගත්තාමයි තරු පෙනුනේ.

හත්තිලව්වයි... පුක නෑ සාන්ත කිව්වලු. ගිනි අව්වට හොඳට රත් වෙලා තිබ්බ සීට් එකේ නිරාවරණ කලවා ගෑවුණාම දැනෙන සනීපෙ කොයි වගේද කියලා දැන ගන්න ඕන නම් අයන් එක රත් කරලා තියාගෙන බලන්නකො... හැක්... වෙනදා සුපුරුදු බොක්සර් බ්රීෆ් එක නැතුව වවුල් ජොකෙක් ඇඳං ආවට හොඳවැඩේ කියලා මටම බැණ ගනිමින් පස්ස උස්සං ටිකක් දුර ඇවිත් තමයි ෂේප් එකේ සීට් එකේ පස්ස තියාගත්තෙ...

මගෙ ඊලඟ නැවතුම රත්නපුර නගරයට බොහෝ සමීප තැනක්. මාරපන පාලම අසළින්ම පහළට බැස්සාම බොහොම සුන්දර ඇල්ලක් නරඹන්නට පුළුවන්. උසින් අඩු වුණත් සුන්දරත්වයෙන් අඩුවක් නැති මේ ඇල්ල ගැමියන් රජනාව නමින් හඳුන්වනවා.

මං හිත්නනේ රජා නෑව ඇල්ල පස්සේ රජනාව ඇල්ල වුනා වෙන්නටත් පුළුවන්. මං යන වෙලාවේ නම් එතරම් පිරිසක් ඇල්ල අවට සිටියේ නෑ.

එක දවසක් ඇතුළත කිලෝමීටර් දෙසියයක විතර දුරක් බයිසිකල් පැදලා ඉතාම සුන්දර අත්දැකීම් රාශියක් ලබන්නට මට පුළුවන් වුණා.

හැබැයි ඉතිං තනියම ට්රැවල් කරන අයට කියන්න තියෙන්නේ දියඇලි අසළ අවදානම් වැඩ කරන්න යන්න එපා. මොකද පුංචි අනතුරක් වුණත් ඔබ තනියම නිසා ඇති වන්න පුළුවන් අවදානම ඉහළයි...

සුපුරුදු පරිදි මගේ https://sobaroo.blogspot.com/ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී. කාට හෝ තොරතුරු හෝ පින්තූර උපුටා ගන්නට අවශ්ය නම් පූර්ව අවසරයක් ඇවැසි නැත.

[QUOTE="leodilshan, post: 23614812, member: 466762"] [b]හිතුමතේ තනියම ගමන්[/b] [CENTER][IMG]https://3.bp.blogspot.com/-qBaNVQgceL4/W5ifQd06mpI/AAAAAAAACLE/QruKlYRcMuQlPOywxulzrLFGQKzOuSIFgCLcBGAs/s400/40125328_10156929028086435_3490885174067986432_n.jpg[/IMG][/CENTER] [SIZE="4"]පහුගිය දොහක ආයෙත් හිතූ මනාපෙ සංචාරයක් යන්න අවස්ථාවක් එළඹුණා. මෙදාපාර තනියම. තනිව සංචාරය හෙවත් සෝලෝ ට්රැවලින් කියන්නෙත් හරිම අපූරු අත්දැකීමක්. මං තීරණය කළේ බදුරලිය-කලවාන-රත්නපුර අවට දියඇලි ගවේෂණයකට යන්නයි. පාන්දර පහට විතර ගෙදරින් ස්කූටරේ නැගලා පිටත් වුණු මං බටපොළ-ඇල්පිටිය-පිටිගල හරහා පැලවත්තට ආවා. පැලවත්තෙන් කළුගල හරහා වැටුණ ලස්සන පාරක් තියෙනවා. ඒක කෙළින්ම කලවාන පාරට බදුරලියෙන් සෙට් වෙන්නෙ. පාතරාසයත් මොරපිටිය දිහායින් අරගෙන මං මුල්ම දියඇල්ල බලන්න අත්වැල්තොටදි නතර වුණා. මේක බෝම ප්රකට ඇල්ලක් වගෙම ළඟාවෙන්නත් බොහොම පහසු එකක්. අත්වැල්තොට අහස්බෝක්කුව පහුවෙලා කිලෝමීටරයක් විතර යද්දි වම්පැත්තට පාරක් තියෙනවා. ඒකෙ කිලෝමීටරයක් විතර ගියාම මේ ඇල්ලෙ මුදුනට ලඟා වෙන්න පුළුවන්. [CENTER][IMG]https://3.bp.blogspot.com/-0rSWsNsFkto/W5ifp45FhdI/AAAAAAAACLM/nrYkSFWrY682yK5qebvm4u9pWgyUDF81gCLcBGAs/s400/40140038_10156929027556435_94408036910628864_n.jpg[/IMG][/CENTER] මේක හැඳින්වෙන්නෙ අහස්බෝක්කු ඇල්ල එහෙම නැත්නම් කබරගොයිදොළ ඇල්ල කියලා. ඇල්ල මුදුනින් හෙමිහිට අයින දිගේ පහළට බැස්සම හරිම අපූරු දියඇල්ලක සුන්දරත්වය විඳින්න පුළුවනි. [CENTER][IMG]https://2.bp.blogspot.com/-Rp4XcpMla90/W5ifzyy5gRI/AAAAAAAACLQ/aZkPnq9AI-0mTJbIR6sFDqVKOauLiG_fACLcBGAs/s400/40242539_10156929027646435_4818471994896941056_n.jpg[/IMG][/CENTER] කලවාන මතුගම පාරදිගේ යන වාරයක් පාසා මං මේ ඇල්ල ලඟ මිනිත්තු කීපයක් නතර වෙනවාමයි. ඇල්ල ගලන දියදහර දිගේ පහළට සෑහෙන දුරක් ගියාම අතිශය සුන්දර නොගැඹුරු තටාකයක් දක්නට ලැබෙනවා. [CENTER][IMG]https://2.bp.blogspot.com/-SWBhnW1z7zc/W5if8BUL6SI/AAAAAAAACLY/auNaCqSW4JQYQ_rPmUt75J14ejzqAFCLwCLcBGAs/s400/40141520_10156929027586435_2908784103207731200_n.jpg[/IMG][/CENTER] නමුත් නාන්න සූදානමකින් ආවෙ නැති නිසා මං වෙන ඇඳුම් ගෙනාවෙත් නෑ. ඒත් ඉතිං මෙච්චර අපූරු දියදහරක් දැක්කම ඒකට නොබැහැ බැරි නිසා මං තීරණය කරා Skinny Dipping කරන්න. (මේක නොදන්න උදවිය ඔය වචන දෙක ගූගල් ඉමේජ් සර්ච් කරලා හෑයි ගාලා ඇවිත් දැං ආයෙ කියවන්න.) ඉතා ජනශූන්ය පෙදෙසක් වීමත් උදේ පාන්දර වීමත් නිසා ගැටලුවක් නැතුවම ස්කිනී ඩිපිං කරන්න මට හැකි වුණා. සෝලෝ ට්රැවලර් කෙනෙකුට ලැබෙන ඉතා සුන්දර අත්දැකීමක් ඒක. (වරෙව් පොටෝ ඉල්ලගෙන එහෙම... හැක්) ඊට පස්සෙ මං ගියේ අයගම කලවාන මාර්ගයේ පිහිටි සිපිරි මළ ඇල්ල හොයන්නටයි. ගමේ උදවිය නම් කියන්නේ මේකට සිසිලි මළ ඇල්ල කියලා. ඒ නම තියන ගෑනු ළමයෙක් ඇල්ලෙන් පැනලා දිවි නසා ගත්ත නිසා මේ ඇල්ලට ඒ නම ලැබුණාලු. මේ ඇල්ලට පිවිසෙන්න තියෙන්නේ පෞද්ගලික ඉඩමක් හරහා. ඒ නිසා ඒ මිනිස්සු දැනුවත් කරලා අවසර අරන් යන එකයි සුදුසු. ඉතා සුහද ගැමියන් වන ඔවුන් නිතරම සංචාරකයන්ට උදව් වෙනවා. [CENTER][IMG][IMG]https://1.bp.blogspot.com/-T3SX59LbsgI/W5igIlEiWyI/AAAAAAAACLg/vJpYGy0TqjkodTvT24d3iepJ7E1ZbLzewCLcBGAs/s400/40203610_10156929028136435_3816494349949075456_n.jpg[/IMG][/CENTER] මං යද්දී ඇල්ලේ වතුර තිබුණේ බෝම ටිකයි. නමුත් වැසි සමයට ගෙදර ඉන්න බැරි තරමට ඇල්ලෙ පින්න සැර බවයි ආසන්න නිවැසියන් පැවසුවේ. කලවාන රත්නපුර පාරේ පෑබොටුව හන්දියෙන් හැරුණාම තවත් සුන්දර ඇල්ලකට යන්නට පුළුවනි. එය හැඳින්වෙන්නේ දෙල්වල ඇල්ල නමින්. [CENTER][IMG]https://1.bp.blogspot.com/-NvlmeE50Kt4/W5igY5mbrvI/AAAAAAAACLs/VRdIw4jam20LVc-ykB9VKAMZIP8ZhTQGgCLcBGAs/s400/40239028_10156929029526435_3926891613799841792_n.jpg[/IMG][/CENTER] මං එතනට යද්දී පොඩි කොල්ලො දෙන්නෙක් ඇල්ල ගාව මොනවාදෝ කරනවා. මං දැක්කම ටිකක් කලබල වෙච්ච පාටකුත් පෙනුනා. ලඟට ගිහින් බැලුවාම එකෙක් මාලු අල්ලනවා. අනිකා අලවංගුවකින් ඇල්ල ලඟ බිම හාරමින් මැණික් හොයනවා. "මැණික් හම්බවුණාද මල්ලි" "දලං කෑලි විතරයි අයියෙ.. යන්තං වේලක් පිරිමහගන්න කීයක් හරි හම්බවෙනවා" [CENTER][IMG]https://1.bp.blogspot.com/-gEKycEUzRZU/W5ig-7EKkBI/AAAAAAAACL4/6Utkqw0CN7wiKCk01DU6sSFlkTllr9f3QCLcBGAs/s400/40160619_10156929029376435_7827682552428101632_n.jpg[/IMG][/CENTER] අනිකා පාසල් වයසෙ විතර එකෙක්. ඌ අල්ලපු ආඳෙක්, කොරළි කීපදෙනෙක් ෂොපිං බෑග් එකක් ඇතුළෙ පණගැහෙනවා. ඒ අතරෙ අරුං දෙන්නාත් ජීවිත ගැටගහගන්න දඟලනවා. මේ ජීවිත සේරම පව්... ඇල්ල ලඟ ටිකක් වෙලා ඉඳලා එන්න ආවා. ගලකට පය තියලා බඩ ගාගෙන උඩට නගිද්දි බරස් ගාලා කලිසම පැලුණා. ලොකු ගවේෂණයකට ලෑස්ති වෙලා ආවෙ නැති නිසා සාමාන්ය කලිසමක් ඇඳං ආවෙ. දැං ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු. යාන්තං හෙල්මට් එකෙං ලැජ්ජාව වහං ඇවිත් බයිසිකලේ ඉඳ ගත්තාමයි තරු පෙනුනේ. හත්තිලව්වයි... පුක නෑ සාන්ත කිව්වලු. ගිනි අව්වට හොඳට රත් වෙලා තිබ්බ සීට් එකේ නිරාවරණ කලවා ගෑවුණාම දැනෙන සනීපෙ කොයි වගේද කියලා දැන ගන්න ඕන නම් අයන් එක රත් කරලා තියාගෙන බලන්නකො... හැක්... වෙනදා සුපුරුදු බොක්සර් බ්රීෆ් එක නැතුව වවුල් ජොකෙක් ඇඳං ආවට හොඳවැඩේ කියලා මටම බැණ ගනිමින් පස්ස උස්සං ටිකක් දුර ඇවිත් තමයි ෂේප් එකේ සීට් එකේ පස්ස තියාගත්තෙ... මගෙ ඊලඟ නැවතුම රත්නපුර නගරයට බොහෝ සමීප තැනක්. මාරපන පාලම අසළින්ම පහළට බැස්සාම බොහොම සුන්දර ඇල්ලක් නරඹන්නට පුළුවන්. උසින් අඩු වුණත් සුන්දරත්වයෙන් අඩුවක් නැති මේ ඇල්ල ගැමියන් රජනාව නමින් හඳුන්වනවා. [CENTER][IMG]https://1.bp.blogspot.com/-HRtxmhX84Wg/W5igmP3XQcI/AAAAAAAACLw/hfTOW_VXGSYarrj7jhMSIelGymWtoMUNgCLcBGAs/s400/40035411_10156929029751435_4509623572406206464_n.jpg[/IMG][/CENTER] මං හිත්නනේ රජා නෑව ඇල්ල පස්සේ රජනාව ඇල්ල වුනා වෙන්නටත් පුළුවන්. මං යන වෙලාවේ නම් එතරම් පිරිසක් ඇල්ල අවට සිටියේ නෑ. එක දවසක් ඇතුළත කිලෝමීටර් දෙසියයක විතර දුරක් බයිසිකල් පැදලා ඉතාම සුන්දර අත්දැකීම් රාශියක් ලබන්නට මට පුළුවන් වුණා. හැබැයි ඉතිං තනියම ට්රැවල් කරන අයට කියන්න තියෙන්නේ දියඇලි අසළ අවදානම් වැඩ කරන්න යන්න එපා. මොකද පුංචි අනතුරක් වුණත් ඔබ තනියම නිසා ඇති වන්න පුළුවන් අවදානම ඉහළයි... සුපුරුදු පරිදි මගේ [url]https://sobaroo.blogspot.com/[/url] බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී. [COLOR="Red"]කාට හෝ තොරතුරු හෝ පින්තූර උපුටා ගන්නට අවශ්ය නම් පූර්ව අවසරයක් ඇවැසි නැත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom