හිත ගිය සින්දුවක් ❤️🎵🎧

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113


    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිළෙන තරුව ඔබ නම්
    මේඝ වලා සළු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්...

    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    අපි ඉමු පිළිසඳරේ
    රන් දෝලාවෙන් කැඳවා යමි මං
    කුමරියේ ඔබ මාගේ...

    සඳළු තලාවේ මුනින්තලා වී
    කඳුළැල් පිරිණු නෙතින්
    සමුගන්නම් මම කුමරියේ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්...

    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපිණු කුසුම ඔබ නම්
    සඳ මඬලේ සඳ කුමරියනේ
    මම ඔබ සුරකින්නම්...

    පද, සංගීතය හා ගායනය - විශාරද ෂර්ලි වෛජයන්ත

    girl-night-the-moon-wallpaper-preview.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ක්ලැරන්ස්ගෙන් පස්සේ තනියෙම සින්දුව ලියලා තනුවක් දාලා මියුසික් කරන්න පුලුවන් කම තිබ්බ දක්ශ මනුස්සයෙක්. මගෙත් ආසම සින්දුවක්