හිනා කතා !

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචංලා උබලා දන්න විහිළු කතා දාන්න ඒවාට අපිට හිනා ගියොත් අපි සලකනවා ++ වැඩේ පටන් ගමුද කවුද ඉස්සල්ලම දාන්නේ අහලා තියන එ්වට නම් රෙප් දෙන්නේ නෑ අලුත් ඒවාට හොදට සලකමු හරිද පටන් ගමු!​

    රබර් කොපුව

    සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
    ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
    ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

    ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

    මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන....

    ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..

    "තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
    දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

    කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

    අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු

    සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

    අන්ධ මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....



    ඇත්ත පිස්සෙක්


    එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

    තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
    මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

    "මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ..., ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

    අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
    "කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."



    තුන වැදුන වෙලාව


    මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

    කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.

    "මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.



    හෝටල් බිල


    මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
    සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
    බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
    බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

    කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

    කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

    කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

    කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

    කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

    කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

    කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

    කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

    කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

    කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

    කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

    කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....



    ඕං සීයේ මගේ වැඩ

    ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.

    මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.

    දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.

    දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

    ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්,දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.

    සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

    "මොකො කොළුවෝ උනේ ? "

    "අය්යෝ සීයේ....." හොටු පෙරමින් කොළුවා තතැනුවා.

    "ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.?"

    "දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.



    නොසිතූ වාසියක්


    පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිස, අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහි බැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.

    ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,

    "ඈ මහත්තයා....., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"

    "අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියල‍ා"

    යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරය‍ට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.



    අයියා එන්න පුළුවන්


    දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇතිcolor lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

    1 මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...

    2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

    ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

    1 මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

    2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

    නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

    1 මිතුරා : උඹ නම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් , කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ
    නතර කරනවා..

    2 මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...



    වෙස් මාරුව


    මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.

    ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.

    මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

    එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.

    කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

    "මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

    මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

    "නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. "

    ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

    " නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"



    නිගමනය


    1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි.

    මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

    පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...

    පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

    "වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."

    " මගේ නිගමනය හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"




    ලියුම් පෙට්ටිය


    දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

    මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි :-)p) සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

    මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...
    පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.
    ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
    නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..
    උඩට ගිය ඇම්ඩා මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.
    මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...




    සප්ලයිස්




    ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.

    ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල.

    ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.

    පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල.

    එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ". ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.

    දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු.

    ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.


    කෙටි පණිවුඩ සේවාව


    කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??

    කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

    කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
    කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

    කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

    කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

    කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

    කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)





    අක්කගේ පහන

    ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල...කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම... මලා මු කරුවලට බයයි නේ..අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවාතනියම නිදියන්න බැරියෝ කියල..

    අක්කට මුව කන්න තරහ.. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා....... බුවා දැන් මොන ජගතටත් බය නැ... හොඳට දිගැදිලා නිදි....

    නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්...

    ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට... ආ.... ඇම්ඩා... සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා..... මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න... කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ...

    ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා... සක්කර දෙයියෝ ගියා එක තැනකට... ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා... ඇම්ඩා... මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල....

    ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල....... සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා...

    ඇම්ඩා- ආ එහෙමද... එතකොට කාගේද මේ පහන ???

    ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා...

    එතකොට කෝ මගේ පහන ???? සක්කරයා මේ තියන්නේ .... කියල පහනක් පෙන්නුවා හුටා.... පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.. මලා .. බැලුව වටපිට. අම්මට උඩු ..අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ....

    දැම්ම ඇඟිල්ල... අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, . ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා..... මුගේ පහනට ඔබනවා.........

    දිඩීන්........ කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ ??????

    මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා..... ආපහු මසියගේ කටේ ඔබලා...... අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා....... ආපහු මසියගේ කටේ ඔබලා.....අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා...... ආපහු මසියගේ කටේ ඔබලා ....



    ගෝලයේ දෙන්නෙක්


    ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

    උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….

    සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

    මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.

    රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.

    බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.

    ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. .කළුවා … මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..

    කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

    ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.

    මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.

    බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.

    ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ…..


    පාර කියනවද ?

    දිනක් ඝණ වනාන්තරයක දඩයමේ ගිය දඩයක්කරුවෙකුට ආපසු පැමිණීමේදි පාර වැරදුණේ ය. පාර සොයා ගත නොහැකිව ඒ මේ අත ඇවිදිමින් සිටි ඔහුට, කැළයේ දරට යමින් සිටි එක් වැදි තරුණියක් දක්නට ලැබිණ.

    වැදි තරුණිය බිය ගන්වා හෝ පාර අසා ගැනීමට සිතූ දඩයක්කරු, ඇය දෙසට සිය තුවක්කුව එල්ල කොට, කරුණාකරලා මට මේ කැළෙන් එළියට යන්න පාර කියනවා, නැත්තං මං උඹව දූෂණය කරනවා.. යැයි පවසමින් තර්ජනය කළේ ය.

    ටික වේලාවක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි වැදි තරුණිය අවසානයේ මෙසේ පිළිතුරු දුන්නා ය.
    පාර කියන්නෙම නෑ....


    සීගිරියෙන් පනීවිද ?


    එක්තරා පාසලක සිසු පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට ගිය තරුණ ගුරුවරයෙක් සහ ගුරුවරියක් මගදී ගමන ප්‍රමාද වූ බැවින් එදින රාත්‍රියේ සීගිරිය අසළ නිවාඩු නිකේතනයක නැවතී පසුදා සීගිරිය නැරඹීමට යාමට කතිකා කර ගත්හ.

    එහි ඉඩකඩ සීමිත වූ බැවින් සිසු පිරිසට එක් කාමරයක් සහ ඔවුන් දෙදෙනාට එක් කාමරයක් බැගින් ලබා දීමට නිවාඩු නිකේතනයේ හිමිකරු එකඟ විය.

    දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට ඔව්හු තීරණය කළහ.
    කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. තරුණිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, තරුණයා කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.

    සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.

    ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ?
    එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.
    එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.

    කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී......

    http://sinhalafunnyjokes.blogspot.com/p/blog-page_6603.html
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    781
    113
    Nassau
    Honey, what will you give me for our 25th anniversary?
    -
    A trip to Thailand?
    -
    Wow, that’s awesome, and for our 50th anniversary?
    -
    Then I pick you up again.
     
    • Like
    Reactions: Roxxx and E Jay

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    233
    0
    iz1XxfX.gif
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හෝටල් බිල


    මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
    සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
    බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
    බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

    කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

    කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

    කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

    කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

    කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

    කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

    කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

    කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

    කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

    කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

    කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

    කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    - චාටර් කූඹියා -

    කූඹියෙක් කෑවාම කාටත් තරහ යනවා.
    ඊට පස්සෙ කවුරුත් කරන්නෙ ඌව චප්ප කරන එක.
    එහෙම පව් වැඩ නොකර... කකුල කෑවට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක්
    තියෙනවා.
    කරන්න තියෙන්නෙ මෙච්චරයි....
    කූඹියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න.
    කාල ඉවර වෙලා ඌ බිමට බැහැල යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ළගින් තියන්න.
    එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින් ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න.
    අත් දැකීමෙන් කියන්නෙ... තත්. 10 ක් ඇතුළත 300 ක විතර සෙට් එකක් බහිනවා 300 ම
    එන්නෙ එක ලයින් එකට.... ඉස්සරහින් ම එන්නෙ කකුල කාපු එකා. (මොක ද ඌ තමයි පාර දන්නෙ)....
    එන ගමන් අනිනවා... ඌ අනිත් සෙට් එකට 1000 ටෝක්ස් දෙනවා කෑම ගැන...
    ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උන් ළං වෙනකම් ඉඳලා ... අර දාපු කෑම ටික ෂේප් එකේ අයින් කරන එක....
    කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ.
    මාර ටෝක්ස් දීල... පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා

    එතැන් පටන් රැළේ චාටර් ම ඩයල් එක.
    කව්රුත්ම ඌ කියන ඒව සත පහකට ගණන් ගන්නෙ නෑ....

    පව් පිරෙන්නෙත් නෑ ..
    අත් දුටුවයි ...
    ප්‍රත්‍යක්ෂයි ...
    දැන කරනු ....
    වට නොදෙනු ... ...,

    - Software මල්ලි -

    "නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න
    බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක
    දඩ ගහනවා" බස් කොන්දොස්තර මොරදෙන්නට විය.
    "අනේ අයියෙ මම ඉක්මනට බැහැලා
    යන්නං..."
    "ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ
    බසයේ රියදුරුය.
    "හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද
    ඕයි තමුසෙලත්"

    මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි
    කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට
    ගොඩවිය.ගංජා ගැසූවෙක් මෙන් එහෙට
    මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ
    නොනිදා සිටියකු මෙන්සෙස්සන්ට
    දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන්
    ඔහුගේ කරේ බෑගයකි. උරහිසේතවත්
    බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට
    අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.

    උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද
    හිනාවක් පෑ ඔහු, රබාන වාදනය
    කරන්නටගත්තේය.

    ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//

    සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න

    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ
    ටට්ඩඩටං...... ]

    හමබ කරපු හැම සතේම institute පුදල තමා
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    මොරටු , කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා
    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ
    ටට්ඩඩටං...... ]

    නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    ජවා , සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    ASP, PHP කැස්සහමත් දොට්ට එතේ
    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ
    ටට්ඩඩටං...... ]


    ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    ඇනලයිසින් , නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    ප් ‍රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්
    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ
    ටට්ඩඩටං...... ]


    වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන්
    [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්
    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ
    ටට්ඩඩටං...... ]

    චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
    මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ
    [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ
    ටට්ඩඩටං...... ඩං..... ]

    රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම
    ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක්එළියට
    ගත්තේය.
    ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට
    හරවා නැවතත් කතාකරන්නට විය

    මහත්තයෝ ...,

    මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන්
    දෙකක්. මේ හැම එකක්ම කීපසැරයක්ම ටෙස්ට්
    කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා
    තියන්නෙ. මේ වගේඑකක් කඩෙන් ගන්න ගියොත්
    එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ
    දෙකමදෙන්නෙ රුපියල් 700කට.
    කැමති කෙනෙක්ඉන්නවානං කතාකරල ඉල්ලන්න.
    මීට අමතරව
    වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්,
    වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා.
    මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි
    උදව්වක් කරන්න

    පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...

    එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන
    බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන්
    බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින්
    කාඩ්පතක් දීමටද අමතකනොකළේය.

    - අනුරාධිනී රත්නායක -

    - අරාබි ගිය ලෙන්චිනා -
    ගමේ හිටපු ලෙන්චිනා අක්කට මාර චාන්ස් එකක් පෑදුනා...
    ඒ තමයි අරාබි රටක ගෘහ සේවිකාවක් විදිහට රැකියාවක් ලැබීම.
    කොහොම හරි ලෙන්චිනා අක්ක අරාබි රටකටත් ගියා කියමුකො...
    ඉතින් දවසක් ලෙන්චිනා අක්ක ඉන්න ගෙදර හාම්පුතා කිව්වලු කඩේට ගිහින් ඉටිපන්දනුයි බිත්තරයි ගෙන්න කියලා....
    ඉතින් ටිකක් දුරයිලු කඩේට. කොහොම හරි ලෙන්චිනා අක්ක කඩේටත් ගියයි කියමුකො..

    දැන් කඩේට ගිහින් මතක් කළා ගේන්න කියපුවා.. ඉටිපන්දනුයි බිත්තරයි ... හුටා ....
    හරි වැඩේනෙ ... ඒ දෙකට කියන ඉංග්‍රීසි වචන දෙක මතක නෑ... මාර අප්සෙට් එක...
    මතක් කළා ... මතක් කළා ... මතක් වෙන්නෙ නෑ... කොහොම හරි බඩු ගෙනියන්නත් ඕනනෙ...

    හරි මම වැඩක් කරන්නම් කියලා ගියාලු මුදලාලි ගාවට....
    පස්සෙ අත නළලට තියලා හොට වගේ කරලා කුක්කූ කූ.... කියල කෑ ගහල අතින් ඉල්ලුවලු දෙන්න කියලා...
    එතකොට මුදලාලි බ්‍රොයිලර් කුකුළු මස් වගයක් ගෙනාවලු...
    ලෙන්චිනා අක්ක no … no … කියලා ... ආයි ඉස්සෙල්ලා වගේ හඬලල .. පොඩ්ඩක් පහත් වෙලා පුහ් ... ගාලා බිත්තර දාන විදිහ පෙන්නුවලු....

    යාන්තම් හරි මුදලාලි බිත්තර ගෙනත් දුන්නා... ලෙන්චිනා අක්කට මාර සන්තෝෂයි.....

    ඊලඟට ඉටිපන්දන් ඉල්ලන්නත් ඕනනෙ... ලෙන්චිනා අක්ක එකටත් වැඩක් දැම්මා...
    මොකද කළේ...
    Happy birth day to you… කියලා පුහ්හ්හ්.... ගාලා පිම්බලු කේක් එකේ
    ඉටිපන්දන් නිවනව වගේ... වැඩේ නියමෙට හරි...
    මුදලාලි ඉටිපන්දන් ගෙනාවා..
    ලෙන්චිනා අක්ක රඟපාන්න දන්න නිසා කඩෙත් ගිහින් බඩුත් ගෙනාවා එදා....
    නම් ගම් සත්‍යයි... කතාව මනඃ කල්පිතයි...


    - විමල් -
     
    • Like
    Reactions: Eranga.B

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පළවැනි එක බැටළුවො අයිත්කාරයෙක් ගැන. මෙයාට ඕන උනා බැටළුවන් රංචුව ගැබ්ගන්වන්න. ඉතිං මෑන් ගියා පශුවෛද්‍යවරයෙක් ලගට. කතාව අහල වෛද්‍යවරයා කිව්ව "හරි මට පුළුවන් වැඩේ කරන්න. සාර්ථක උනොත් බැටළුවො වැතිරිලා ඉන්නව බලාගන්න ඔයාටම පුළුවන්" කියල.

    මෙතනදි බැටවවො අයිති මහත්මයා බරපතළ වැරදි වැටහීමක් ඇතිකරගත්ත, බැටළුවන්ව ගැබ්ගන්වන්නෙ දොස්තර මහත්තය අහවල් එක කරල තමයි කියල. ඉතිං මිණිහ කල්පනා කලා "ඕක මටත් කරන්න පුළුවන්නේ" කියල. එහෙම හිතපු මහත්තය ගෙදර ගිහිල්ල බැටළුවො රංචුව ලොරියට දාගෙන කැළේට ගියා. ගිහිල්ල උන්ට අහවල් කාරිය කලා. ඊට පස්සෙ දවසෙ බැලුව බැටළුවො වැතිරිලාද කියලා.

    ම්හු! ඔක්කොම හිටිය වගේම ඉන්නවා. එදත් කැළේට ගෙනිච්චා. වැඩේ කලා. ගෙදර ආවා. ඇගටත් ටිකක් අමාරුයි. පහුවදා බැලුව, ඒත් ප්‍රතිඵලයක් නෑ.

    තුන්වැනි දවසෙත් ලොරියට දාගෙන කැලේට ගිහිල්ල එකාට දෙපාර ගානෙ කලා. කරල ගෙදර ඇවිල්ල වැතිරුනේ මහත්තය.ඇයි හත්දෙයියනේ සුළුපටු රාජකාරියක්ද කලේ. උදේ වෙනකොට මෑන්ට නැගිටින්නත් බෑ. ඒගමන නෝනට කතාකරල කියනවා "බලන්න බැටළුවො ටික වැතිරිලාද ඉන්නෙ කියල" කියල.

    ඒගමන නෝන බලල ඇවිත් කියනවා, "වැතිරිලා නං නෑ, අන්න උං ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා. ඔයා එනකං වෙන්නැති" කියල.

    දෙවැනි කතාවත් දොස්තර කෙනෙක් ගැනම තමයි.
    එක මණුස්සයෙක් බඩේ අමාරුවකට බෙහෙතක් ගන්න ගියා දොස්තර කෙනෙක් ලගට. ලෙඩා බලල දොස්තර කියනවා "මේකට වස්තියක් කරන්න ඕන. ඒක දාන්න වෙන්නෙ පස්ස පැත්තෙන්. ටිකක් රිදෙයි, ඒත් ඉවසගෙන ඉන්න බලන්න" කියල. මෑනුත් හා කියල ඉස්සරහට නැමිල ඉන්නකොට දොස්තර අදාල කාර්ය කලා. ඊට පස්සෙ කිවුව තවත් එකක් අතට දීල "මේක ගෙදර ගිහිල්ල තව පැය දෙකකින් විතර දාන්න, එතකොට හොදවෙයි" කියල.

    මෑන් ගෙදර ගිහින් පැය දෙකකින් නෝනට කතා කරල කිවුව බෙහෙත දාන්න කියලා. නෝන මිණිහගෙ උර හිසට අතක් තියාගෙන බෙහෙත දැම්ම. එක පාරටම මිණිහ බණින්න ගත්ත

    "........බල්ල" කියල. නෝන අහනවා "ඇයි ඔයා මට ඔය විදියට බණින්නෙ? මම කරපු වැරැද්ද මොකද්ද?" කියල. ඊට පස්සෙ මිණිහ මෙහෙම කියනවා,

    "නෑ මම බැන්නෙ ඔයාට නෙවෙයි, අර දොස්තරයා මට ඕක දැම්මෙ උගේ අත්දෙකම මගේ උරහිස් වලට තියාගෙන"
     
    Last edited: