හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

    හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !

    මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි.

    මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ.

    1.jpg

    මේ ශලබයාගේ පියාපත් විදා හල විට දිග සෙන්ටි මීටර් 25ක් විතර ඇති. ඉන්දියානු ජාතික සන්දේශ් කපුර් හිමාල කඳුකරය දෙසට යද්දී තමයි අලංකාර සත්වයා මුණ ගැහුණේ.

    යෝධ ශලබයෙක් නිසා මං හිතුවා ඌ මට පහර දෙයි කියලා. අත්තටු විදහලා මගේ ඇඟ කඩා පින්න වගෙයි හැදුවේ.

    ඒත් ඡායාරූප ශිල්පියා කළේ හිතේ ඇති වුණු බය යටපත් කර ගෙන අල්ල පාලා ඌව අර ගෙන පාර අයිනේ තැනකට ගෙනහින් තියලා කැමරාවට නගපු එකයි.

    2.jpg

    සන්දේශ් කපූර් ඡායාරූප ශිල්පියාට හිමාලය දෙසට විහිදුණු මගක දී හමු වුණු ශලබයා මඟ අයිනේ දිය බොමින් සිටි අයුරු.

    මේ ශලබයා ලොකුවට පෙනුනට කවුරුත් බය වෙන්න කාරි නැහැ. ඒ තරමටම මේ සතා අහිංසකයි.
    මේ ඇට්ලස් ශලබයාට මේ නම යොදන්න හේතුව යෝධකමයි, සිතියම් පොතක වර්ණවත් සිතියමක් වගේ සිරුරක් ඌට තියෙන හින්දයි.

    මේ ඇට්ලස් ශලබයන් වැඩිපුර දක්නට ලැබෙන්නේ මලයානු අර්ධද්වීපය ඇතුළු දකුණු ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තරවලයි.

    සමනලයයි ශලබයයි අතර වෙනස කුමක්ද?
    ලෙපිඩොප්ටෙරා (Lepidoptera) කියන පොදු වර්ගයට අයත් මේ දෙ වර්ගයේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඔවුන් පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න ඇති පහසු ම ක‍්‍රමය ඇන්ටෙනාවල පිහිටීම විමසා බැලීමයි.

    සමනලයාගේ ඇන්ටෙනා කෙඳි සිහින්ව ඉදිරියට විහිදෙනවා. ඒවායේ තුඩු අගින් මහත් ව මුගුරක හැඩයක් ගන්නවා. මඳක් දෙ පසට විහිද යන ආකාරයක් පෙනෙනවා.

    ශලබයාගේ ඇන්ටෙනා එසේ සිහින් නැහැ, මඳක් මහතයි, විවිධ හැඩ ගන්නවා. සමනලයාගේ මෙන් ඒවායේ තුඩු අග මුගුරක හැඩයක් ගන්නේ නැහැ. ඒවායේ බූවක් දක්නට ලැබෙනවා. බොහෝ ශලබයන්ගේ ඇන්ටෙනා අගින් මඳක් ඇතුළට වෙන්න නැමී පිහිටනවා.

    මේ හේතූන් නිසා ඔවුන් උප ගෝත‍්‍ර දෙකකට එනම් සමනලයන් (මුගුරු ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) රොපැලසෙරා (Rhopalecera) හා ශලබයන් (විෂම ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) හෙටරොසෙරා (Heterocera) කියා වෙන් කොට දක්වනවා.

    සමනලයා ලගින විට හෝ මලකට වසන විට පියාපත් ඉහළට එකතු වන සේ තබා ගන්නා අතර ශලබයා පොළොවට සමාන්තරව පිහිටන සේ තබා ගන්නවා.

    ශ‍්‍රීමත් ඬේවිඞ් ඇටෙන්බරෝ බීබීසී වැඩසටහනක දී ඇට්ලස් ශලබයකු පියාපත් විදහා දැක් වූ හැටි.

    http://www.malkakulu.com/2012/03/blog-post_13.html
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    එල මචන් පට්ට... (You must spread some Reputation around before giving it to Alipak again.) :no:
     
    Last edited: