හිමිකරුන් ගොනාට අන්දන වාහන ජාවාරම

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    හිමිකරුන් ගොනාට අන්දන වාහන ජාවාරම

    මෙරට මාර්ගවල වාහන තදබදය අඩුවන්නේ නැත. එය එන්න එන්නම වැඩි වෙමින් පවතී. වාහන මෙරටට ගෙන්වීම සීමා කිරීමට යැයි පවසමින් රජය බදු මුදල් කොතරම් වැඩි කළ ද වාහන ගෙන්වීමේ අඩුවක් නැත. ආර්ථිකය බිඳ වැටී ඇතැයි ද මිනිසුන්ගේ අතේ සල්ලි නැතැයි ද කොතෙක් පැවසුවත් වාහන මිලදී ගන්නා පිරිසද එන්න එන්නම වැඩි වෙයි.

    රට පුරා වාහන අළෙවි කරන ස්ථානවල ද ලක්ෂ ගණනක් වාහන ගැනුම්කරුවන් එනතුරු රඳවා තබා ඇත. එමෙන් ම දැන් දැන් අන්තර්ජාලය ඔස්සේ ද වාහන ඇණවුම් කිරීමේ පහසුකම තිබේ. මෙහි දී සිදුවන්නේ අන්තර්ජාලයේ ෆේස්බුක් ජාලයේ දැන්වීම් මගින් වාහන විකිණීමේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි. ඔවුන් ෆේස්බුක්හි අලුත්ම වාහනවල ඡායාරූප රැසක් සමග දැන්වීම් පළකරයි. ඉන් පසු යම් පුද්ගලයෙක් එයට ප්‍රතිචාර දැක්වූ විට අදාල වාහනයේ සියලු දත්ත විමසීම් කළ පුද්ගලයාට ඊමේල් මගින් හෝ ෆේස්බුක් මැසෙන්ජර් හරහා හෝ යවයි.

    එවැනි වාහන විකුණුම්කරුවකු සමග මේ ලේඛකයා වාහනයක් මිලදී ගන්නා පුද්ගලයකු ලෙස සාකච්ඡා කළ විට දී හෙතෙම මෙසේ කීවේය.

    '' අපි කෙලින්ම ජපානයෙන් වාහනය ඇණවුම් කරන්නේ. ඔයාට ඕනම පාටකින් අලුත්ම වාහනයක් ගන්න පුළුවන්. ඔයා සල්ලි ගෙවලා මාසයකින් වාහනේ ගෙදරටම ගෙනත් දෙනන්ම්. අපි ගන්නේ බ්‍රෑන්ඩ්නිව් වාහනයක්. බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ගෙන්නවිට වැඩියෙන් බදු ගෙවන්න සිදුවෙන නිසා අපි කිලෝ මීටර 25ක් 30ක් විතර ජපානයේ දුවලා තමයි වාහනේ මේ රටට ගෙන්වන්නේ. එතකොට එන්නේ රිකන්ඩිෂන් වාහනයක් විදියට. බය වෙන්න එපා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇක්සිඩන්ට් වෙච්චා, අයින් කරපුවා නෙවෙයි. අලුත්ම වාහනයක්. අපි බදුවලින් බේරෙන්න තමයි මේක රිකන්ඩිෂන් විදියට ගෙන්වන්නේ."

    ඔවුන් මේ ආකාරයට රජයේ නීතිවලින් බේරී බදු වංචාවක් සිදුකරන බව පෙනෙන්නට තිබේ. ඒ ආකාරයෙන් ම අන්තර්ජාලය ඔස්සේ වාහන විකුණන තවත් පුද්ගලයකු අප සමග කීෆව් මෙවැනි කතාවකි.

    '' අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ නියෝජිතයන් ජපානයේ, කොරියාවේ, තායිවානයේ, චීනයේ ඉන්නවා. අපි එහේ තියෙන වාහනවල පින්තූර, වීඩියෝ සහ විස්තර ෆේස්බුක් දාලා මිලත් දානවා. කෙළින්ම කියනවා ශ්‍රී ලංකාවේ දී ගන්න බැරි තරම් අඩු මිලට ලබා දෙනවා කියලා. ඉතින් අපේ රටේ අය නිතර නිතර කතා කරනවා. සීයක් විතර කතා කළාම එක්කෙනෙක් දෙන්නෙක් සෙට් වෙනවා. අපි ඉතින් ඒ අයට පැහැදිලි කරලා කියනවා වාහනය ගෙන්වන්නේ අලුත් එකක් වුණත් කිලෝ මීටර 25ක් විතර පැදලා කියලා. ඇත්තටම කරන්නේ එහෙම තමයි. ඉතින් ඒ අයත් ලැබෙන ලාභය ගැන හිතලා වැඩේට කැමති වෙනවා. අවශ්‍ය සියලු බදු ගෙවීම් ලේඛන සකස් කිරීම් අපි කරනවා. ගනුදෙනු කරුවාට තියෙන්නේ අවශ්‍ය මුදල අපිට ගෙවීම විතරයි. අපි ගෙදරටම වාහනය ගෙනගොස් භාර දෙනවා. මේ ක්‍රමයට ගෙන්වන විට බදු මුදල අඩුයි. "

    එලෙස ගෙන්වූ වාහනයක් මිලදී ගත් කේ.එස්.නානායක්කාර මහතා මෙසේ කීවේය.

    ''මම වාහනයක් හොය හොයා හිටියා. වාහන විකුණන තැන්වලට ගිහින් විවිධ ආකාරයේ වාහන බැලුවා. නමුත් දවසක් ෆේස්බුක් එකේ තිබුණු දැන්වීමකට කතා කළාම කිව්වා ගොඩක් අඩු මුදලකට අලුත්ම වාහනයක් ගෙන්වලා දෙන්නම් කියලා. එයාලා මට ගෙන්වන වාහනයේ ඡායාරූප වීඩියෝ පවා එව්වා. මම ඉතින් මේ පුද්ගලයන් ගැන ටිකක් හොයලා බැලුවත් එක්ක. ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කෙලින්ම කිව්වානේ ඒ රටේ දී කිලෝ මීටර 30ක් විතර පැදලා එවන්නේ රීකන්ඩිෂන් විදියට කියලා. මම මුදල් ගෙව්වා. මට මාස එකහමාරකින් වාහනය ලැබුණා. දැන් ඉතින් පදිනවා. අලුත්ම වාහනයක් පොතේ තියෙන්නේ රීකන්ඩිෂන් කියලා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. කවදහරි මම පැදලා විකුණනකොට තමයි ඒක බලපාන්නේ."

    ඔහු පවසන ආකාරයට අලුත්ම වාහන ගනුදෙනු කරුවන්ට ලාභයක් ලබාදීම සඳහා මෙලෙස ගෙන්වීම ප්‍රශ්නයක් නොවේ. නමුත් ජපානයේ සිට මෙරටට වාහන එවනු ලබන පුද්ගලයකු අප සමග කියා සිටියේ අලුත්ම වාහන කිලෝ මීටර කිහිපයක් පැද ගෙන්වනවා යැයි කීව ද සිදුවන්නේ වෙනත් දෙයක් බවයි.

    ''ශ්‍රී ලංකාවේ දී වාහන මිලදී ගන්නා අය හිතනවා අපි එවන්නේ අලුත්ම වාහන ජපානයෙන් අරගෙන කිලෝ මීටර කීපයක් පැදලායැයි කියා. නමුත් ඊට වඩා වෙනස් දෙයක් කරනවා. ඒ තමයි පැදලා ධාවනයෙන් ඉවත්කරපු අලුත් පෙනුම තියෙන වාහන හරි පොඩි පොඩි අනතුරුවලට ලක්ව ඉවතදැමූ වාහන මිලදී ගෙන අපේ අය ඒවා රීකන්ඩිෂන් කරලා ධාවන මීටරයත් අඩු කරලා එවීම. වාහනයක් ජපානයේ දී පරීක්ෂා කර සකස් කරන වාර්තාවක් තිබෙනවා. J-I ලෙස සටහන් කරන මේ වාර්තාවට අපේ අය කියන්නේ ජායි රිපෝර්ට් කියලා. නමුත් අපේ රටේ දී වාහනයක් මිලදී ගන්නා අය මේ වාර්තාව ගැන දන්නේ නැහැ. මේ වාර්තාව ඇත්තටම හොයා බැලුවොත් තමන් මිලදී ගන්නා වාහනයේ සම්පූර්ණ ඉතිහාසය දැනගන්න පුළුවන්. ඒ වාර්තාව වෙනස් කළ හැකි දෙයක් නොවෙයි. ඒත් අපේ අයට අලුත් සුවඳ තියෙන ඕනෑම වාහනයක් එව්වම හරිම ආසාවෙන් මිලදී අරගෙන පන්සලට, කෝවිලට ගිහින් පූජාවකුත් තියලා මල් මාලා, දෙහි ගෙඩි එල්ලගෙන පදිනවා. ඒ අය දන්නේ නැහැ පරණ වාහනවලට අහුවෙනවා කියා. අලුත්ම වාහනයක් වුණත් ජපානයේ ලියාපදිංචි කරපු ගමන් එ්කේ වටිනාකම ඉතා විශාල ප්‍රමාණයකින් අඩු වෙනවා. අපිට ලොකු ලාභයක් ගන්න පුළුවන්."

    යම් පුද්ගලයකු වාහනයක් මිලදී ගන්නේ තමන් ඉතා දුක් මහන්සියෙන් උපයා ඉතිරිකරගන්නා මුදලිනි. වාහනයක් යනු වැඩිහිටියාගේ සිට පාසල් යන දරුවා දක්වාම ඇති සිහිනයකි. එහෙත් වාහනයක් මිලදී ගැනීමේ දී ඔවුන් හිතන්නේ අතේ ඇති මුදලට ඉතාමත් හොඳ පෙනුමක් සහිත ඉන්ධන ද හොඳින් ක්‍රියාත්මකවන රථයක් මිලදී ගැනීම මිස රථයේ ගුණාත්මක බව හෝ එය නිෂ්පදානය කර ඇති ආකාරය නොවේ. නමුත් ඇතැම් පුද්ගලයෝ දැන දැනම වංචා කර නිපදවා ඇති වාහන මිලදී ගන්නා හේතුද නැත්තේ නොවේ.

    වාහන කැබලි එකලස් කර අලුතෙන් වාහන සාදා ඊට අවශ්‍ය පරිදි ලියාපදිංචි සහතික ද ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙයි. මෙහි දී සිදුකරන්නේ වාහන කැබලි වෙන වෙනම මෙරටට ගෙන්වා ඒවා එකලස් කිරීමයි. එවිට රජයට ගෙවීමට සිදුවන බදු මුදල ඉතා අඩු අගයක් ගන්නා බැවින් වැඩි ලාභයක් ලබා අඩු මුදලට ද වාහනය විකිණීමට හැකියාව ලැබේ. මේ ආකාරයට වැඩිපුරම විකිණෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ මිලක් සහිත අධි සුඛෝපභෝගී වාහනයි. ඇතැම් විට මේවා අමතර කොටස් ලෙස නොව වාහනය දෙකට කපා කොටස් දෙකකට හෝ කිහිපයකට වෙන වෙනම ආනයනය කර මෙරට දී යළි බද්ධ කරන්නේ කපා ගෙන්වූ වාහනයක් යැයි කිසිසේත්ම සොයාගත නොහැකි ආකාරයෙනි.

    මෙලෙස ගෙන්වා සාදන වාහනවලට පැරණි වාහනක අංකයක් පොතක් සාදා ලියාපදිංචිය ද සිදුකරයි. එලෙස වාහන ජාවාරම් කරන පුද්ගලයන් පවසන්නේ අධිකරණවල නඩුවලට හසුවී ගාල් කර ඇති වාහනවල අංක සොයා ඒවායේ චැසි අංක සහ එන්ජින් අංක ද ලබාගෙන අලුතෙන් එකලස් කරන වාහනයේ එන්ජින් හා චැසි අංක ලෙස එවැනි පැරණි වාහනවල අංක කොටා වාහනයේ ලියාපදිංචි සහතිකය ද අලුතෙන් සාදන බවයි. මෙය දැවැන්ත ජාවාරමකි.

    ''මේ විදියට වාහන කෑලි වලට ගලවලා ගෙනවිත් එකලස් කර විකුණන එක නවත්තන්න නම් ඉතින් වාහන අමතර කොටස් මේ රටට ගෙන්වන එක නවත්වන්න වෙනවා. නැතිව මේ වැඩ නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ." යැයි අප සමග කීවේ ඒ කාර්යයේ යෙදී සිටින නුගේගොඩ පදිංචි කරුවෙකි.

    පරණ වාහන චැසියකට අවශ්‍ය අමතර කොටස් සියල්ල සවිකර නවීනතම වාහනයක් සකසා විකුණන විට ඒ වාහනයෙන් නිෂ්පාදනය කරන තැනැත්තා රුපියල් ලක්ෂ 20-30ක් පමණ ලාභයක් ලබන අතර වාහනය මිලදී ගන්නා පුද්ගලයාට ද සාමාන්‍යයෙන් එම වර්ගයේ ම වාහනයක් මිලදී ගන්නවාට වඩා විශාල ලාභයක් හිමිවෙයි.

    මෙරටට වාහන ගෙන්වන තවත් ආකාරයක් තිබේ. ඒ වෙනත් කාර්යයන්ට බව පවසමින් වාහන ගෙන්වා පසුව ඒවා විකිණීමයි. වසර කිහිපයකට පෙර උතුරේ යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවලට විදුලිය සැපයීමට යැයි කියා ජාගම විදුලි උත්පාදක යන්ත්‍ර සවිකරන ලද වෑන් රථ රැසක් මෙරටට ගෙන්වා තිබේ. මෙය මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතිය යටතේ ගෙන්වූ වෑන් රථ රේගු බදුවලින් තොරව වරායෙන් පිටකර ඇති අතර පසුව ඒවායේ සවිකර තිබූ විදුලි උත්පාදක යන්ත්‍ර ගලවා වෑන් රථවලට ආසන සවිකර විකුණා තිබේ. මේ වෑන් රථ වෙළෙඳ පොළෙහි තිබූ සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට අළෙවි වී ඇත්තේ කඩිනමිනි.

    ජපානයේ නිෂ්පාදිත මෙරට ධාවනය වන ආසන විසි අටේ බස් රථ අතර පිටුපස දොර දෙකක් තිබෙන බස් රථවල ඇතැම්විට මෙය කියවන ඔබ ද ගමන්කර ඇතිවාට සැකයක් නැත. ඒවා අපට වායු සමනය කළ සුඛෝපභෝගී බස් රථ වුව ද ජපානයේ දී මියගිය මිනිසුන් හෝ සතුන් ප්‍රවාහනය කරන රථ විශේෂයකි. ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වන විට බස් රථයකට අයකරන රේගු බද්දට වඩා ඉතා අඩු බද්දක් අයකරනු ලබන නමුත් මෙරට දී ආසන සවිකර විකුණන්නේ බස් රථ බව පවසමිනි.

    '' මේ විදියට වාහන ගෙන්වන තවත් ක්‍රමයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම ඉල්ලුම තියෙන්නේ පුංචි වාහනවලට. අපේ අය කරන්නේ ඒ රටවලින් පොඩි කාර් අරගෙන රෝද හතර ගලවනවා. ඉතිරි කොටස පටවනවා. රෝද හතර වෙනම පටවනවා. ඉතින් වරායට මේ වාහනේ එන්නේ අමතර කොටස් හැටියට. එවිට රේගු බද්ධ අඩුයි. රේගුවෙන් මේවා නිදහස් කරගෙන කන්ටේනර් අංගනයේ දී ම රෝද හතර හයිකරගෙන සේල් එකට අරගෙන යනවා. මේ විදියට ලොකු ලාභයක් ලැබෙනවා."

    වාහන ගෙන්වීමේ ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් රේගු බද්ද අඩුකර ගැනීම සඳහා යොදන තවත් උපක්‍රමයක් තිබේ. යම් වාහනයක් ගෙන්වන විට ඒවායේ ඇති විවිද පහසුකම් (Option) අනුව වාහනයට අයකරනු ලබන බදු මුදල තීරණය වෙයි. එබැවින් බද්දෙන් බේරියාම සඳහා ඔවුන් කරන්නේ වාහනයේ ඇති ඇතැම් කොටස් ගලවා වාහනය ඇතුළේම සඟවා ගෙන්වීමයි. විශේෂයෙන් ම මෙහි දී වාහනයේ ඇති ඩීවීඩී යන්ත්‍රය සහිත රේඩියෝව, පසුපසට සවිකරන ලද කැමරා ආදිය ගලවා බදු මුදල අඩුකරගැනීමට ඔවුහු සමත්වෙති.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වාහන සඳහා ලියාපදිංචි අංක නිකුත් කිරිමේ දී අකවල එකතුව 13 ලැබෙන අංක නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවයි. මෙලෙස අංක 13 එකතුව ලැබෙන අංක නිකුත් කිරීම නවතා දමා තිබෙන බැවින් සෑම වාහන ලියාපදිංචි අංක 12කටම වරක් එක් අංකයක් නිකුත් කරන්නේ නැත. නමුත් මාර්ගයේ ධාවනය වන වාහනවල අංක එකතුව බැලුවහොත් ඒ වාහන අතර ඉල්ලක්කම් සියල්ලේ එකතුව අංක 13 ලැබෙන වාහන ඕනෑ තරම් දැකගත හැකිවනු ඇත. හොරෙන් ගෙන්වන වාහනවලට මේ අංක ලබාගන්නා ක්‍රමයක් ජාවාරමේ යෙදෙන පුද්ගලයන් සතුව තිබේ.

    නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ මද වේලාවක් රැඳී සිටියහොත් ඕනෑම ආකාරයේ වාහනයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බව පවසන තැරැව්කරුවෝ ඕනෑ තරම් සිටිති. පරණ චැසියට අලුත් කොටස් සවිකර සාදා ගන්නා වාහනයකට වුව ද කපා ගෙන්වා එකතු කරන ලද වාහනයකට හෝ පැරණි අංකයකට අලුත් වාහනයකට හෝ ලියාපදිංචිය රැගෙන දීමට ඔවුන් සැදී පැහැදී සිටිති.

    නමුත් ගැටලුවක් තිබේ. වාහනයක් ලියාපදිංචි කිරීමට පෙර නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ නිසි අධීක්ෂණයට ලක්කළ යුතුය. වාහනයක් අලුතින් ලියාපදිංචියක් හෝ නැවත අලුත් අංකයක් ලබාදීමේ දී එහි තාක්ෂණික අංශ නිලධාරීන් අනුමත කළ යුතුය. එසේ නිර්දේශයක් ලබාගත යුතුව තිබිය දී මෙලෙස හොරට වාහන ලියාපදිංචි කරන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු වන්නේ පාලකයන් විසිනි.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ම සේවකයකු අප සමග පැවසුවේ ''ඔය වැඩ ඉතින් ඕන තරම් මේවා ඇතුලේ වෙනවා. ඒ විතරක් නෙවෙයි ධාවනයට නුසුදුසුයි කියන වාහන වර්ගත් ඕන තරම් ඔය අංක ගහගෙන පාරේ දුවන්නේ. ඒවා ගැන අනිත් මිනිස්සු දන්නෙවත් නෑ. අංක දෙන්නේ නැත්නම් අංක කොහෙන්ද ?" යනුවෙනි.

    මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්.කේ.ජගත් චන්ද්‍රසිරි මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

    ''වාහන හොරට ලියාපදිංචි කිරීමක් සිදුවෙන්නේ නැහැ. මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තැරැව්කරුවන් ඉන්නවා කියා කියනවා. අපි පුවරු පවා ප්‍රසිද්ධ කර තිබෙනවා කිසිම තැරැව්කරුවකුට රැවටෙන්න එපා කියලා. ඕනෑම කෙනෙකුට අපේ ආයතනයට ඇවිත් සේවය කඩිනමින් ලබාගන්න පහසුකම් තිබිය දී තැරැව්කරුවන් අවශ්‍ය වන්නේ නැහැ. අපි අලුතෙන් වාහනයක් ලියාපදිංචිකරන විට රේගුවෙන් ගන්නා ලිපි ලේඛන වගේම බැංකුවේ ණයවර ලිපි පවා පරීක්ෂා කරනවා. වාහනයට අදාල අනිකුත් ලියවිලි ද පරීක්ෂා කරනවා. ඒ නිසා වංචාවක් සිදුවන්න ඉඩක් නැහැ. ඔබ මෙවැනි වංචාවක් ගැන දන්නවානම් අපිට තොරතුරු ලබාදෙන්න. එවිට අපි ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නම්."

    වාහන සඳහා තිරු බදු රහිත පහසුකම් පාර්ලිමේන්තු හා පලාත් සබා මන්ත්‍රීවරුන්ට, රජයේ නිලධාරීන්ට හා වරින්වර රජය විසින් නම්කරනු ලබන පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාදයක් ලෙස හිමිවෙයි. මෙය ඔවුන් විසින් ලබාගත යුතු පහසුකමකි. නමුත් වාහන වෙන්දේසිකරුවෝ මේ බලපත්‍ර ලැබෙන තුරු බලා සිටිති. ඔවුන් කරන්නේ බලපත්‍ර ලබාදීම සිදුකර කාලයට මේ බලපත්‍රය සඳහා ලංසුවක් නියම කිරීමයි.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකුට හිමිවන වාහන බලපත්‍රයක් සඳහා ඔවුන් ඉදිරිපත් කරනු ලබන ලංසුව රුපියල් ලක්ෂ 15-25ත් අතර වෙයි. රජයෙන් ලබාදෙන බලපත්‍ර සංඛ්‍යාව අනුව මෙය අඩු වැඩි වෙයි.

    විශ්‍රාම යන අමාත්‍යාංශ ලේකම්වරයකු වැනි පරිපාලන සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන වාහන බලපත්‍රයක් අළෙවි වන්නේ රුපියල් ලක්ෂ 150ක් වැනි අධික මුදලකටය. එවැනි බලපත්‍රයකින් මෙරටට බදු රහිතව ආනයනය කළ හැකි වාහනය කෝටි ගණක් වීම එයට හේතුවී ඇත.

    එවැනි මුදලක් බලපත්‍ර හිමියාට ලබා දී වාහන ආනයනය කරන පුද්ගලයන් බලපත්‍රය මිලදී ගෙන වටිනා වාහනයක් බදු සහන යටතේ මෙරටට ගෙන්වා වෙනත් පුද්ගලයකුට සාමාන්‍ය වෙළෙඳපොළ මිලට එය විකුණා දමා විශාල ලාභයක් ලබති. මුලින් බදු සහන වාහන බලපතයක් වෙනත් අයකුගේ නමට පැවරිය නොහැකි වීම හේතුවෙන් මෙය සීමිතව සිදුවිය. නමුත් පැවරිය නොහැකි යැයි තිබූ කොන්දේසිය ඉවත්වීම නිසාම වෛද්‍යවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකු බලපත්‍රය ලබාගන්නේ එය විකුණා දැමීමේ ම අපේක්ෂාවෙනි.

    මෙලෙස නිලධාරීන්ට බලපත්‍රය නොදී ඔවුන්ට කැමති වාහනයක් මිලදී ගැනීමට රජයෙන් මුදලක් පරිත්‍යාග කළේනම් වාහන ආනයනය කරන මුදලාලිලා ලාභ ලබා මෙරටට බදු ආදායමක් අහිමිවන්නේ නැත. නමුත් සිදුවන්නේ මුදලාලිලා ලාභ ලබමින් බදු ආදායම ද රටට අහිමිකිරීමට බලත්‍ර ලාභී රාජ්‍ය නිලධාරීන්ම වක්‍රාකාරයෙන් උදව් කිරීමයි.

    රජයේ බදු මුදල්වලට වසං වී වාහන සිදුවන වාහන ජාවාරම් පිළිබඳ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා මෙසේ පැවසීය.

    ''වාහන ගෙන්වනවා වගේම වාහන අමතර කොටස් ගෙන්වන්නත් නීතියෙන් අවසරයක් තිබෙනවා. ඒ ඒ වාහන සඳහා අදාල බදු මුදල් අයකරනවා වගේම වාහන අමතර කොටස් ගෙන්වන විටත් අපි බදු මුදල් අයකරනවා. වාහන කොටස් එකලස් කරලා වාහන සාදා විකුණනවානම් ඒවා ලියාපදිංචි කිරීමේ විෂයය අපට අදාල විෂයයක් නොවෙයි. කපා ගෙන්වන වාහන, ව්‍යාජ ලෙස ගෙන්වන වාහන අත්අඩංගුවට ගත් අවස්ථා තිබෙනවා. රේගු නිලධාරීන් ඉතා අවංකව සහ කැපවීමෙන් නිතරම සේවයේ යෙදෙනවා. අපි කොතරම් එවැනි ජාවාරම් වැළැක්වීමට උත්සාහ ගත්තත් ජවාරම් කරුවන් නිතරම උත්සාහ ගන්නේ අපේ නිලධාරීන්ගෙන් බේරිලා හොර රහසේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න. අපි වැටලීම් කර අත්අඩංගුවට ගන්නා අවස්ථා තිබෙනවා. මේ ජාවාරම් ගැන තොරතුරු දන්නා අයට රේගුවට කතා කරලා ඒ විස්තර ලබාදිය හැකි දුරකථන අංක, ෆැක්ස් හා විද්‍යුත් තැපැල් ලිපිනයන් පවා අපි ප්‍රසිද්ධ කර තිබෙනවා. පැය 24ම ඒවා ක්‍රියාත්මකයි. තොරතුරු ලැබුණු වහාම අපි ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නවා. මේ ආකාරයට අත්අඩංගුවට ගන්නා වාහන හෝ අමතර කොටස් පසුව වෙන්දේසි කර විකුණා ලැබෙන ආදායම මහා භාණ්ඩාගාරයට යොමු කරනවා."

    වාහන ජාවාරමේ යෙදෙන පුද්ගලයන් පවසන්නේ ඇතැම් අවස්ථාවල දී තමන් විසින් ගෙන්වන වාහන සැබැවින්ම රේගුවේ අත්අඩංගුවට පත්වන බවයි. එවිට ඒවා වෙන්දේසියේ දි අඩු මුදලක් වැය කර යළි ලබාගැනීමට කටයුතු කරන බව ද ඔවුහු පවසයි. කපා ගෙන්වන වාහන ද කොටස් දෙක වෙන වෙනම ගෙන්වූ විට එයින් එක් කොටසක් හෝ රේගු භාරයට පත්වුවහොත් වෙන්දේසියට ඉදිරිපත්වන්නේ ඒ කොටස පමණක් බැවින් එය වෙනත් කෙනෙකුට මිලදී ගෙන ප්‍රයෝජනයක් ගත නොහැකි බව ද ඔවුහු පවසයි. ඒ නිසා එය වෙන්දේසියේ දී ලබාගන්නේ අනෙක් කොටස ගෙන්වා තිබෙන පුද්ගලයා විසිනි. එබැවින් රේගු නිලධාරීන් කවර ආකාරයේ වැටලීම් කළ ද වාහන ගෙන්වන්නෝ ද තම ජාවාරම ජයටම කරගෙන යති.

    මේ වාහන යම් අවස්ථාව අනතුරට පත්වුවහොත් නම් ඒවා ව්‍යාජ ලෙස ගෙන්වා ඇති බව තහවුරු වන අවස්ථා තිබේ. නැතිනම් එම වාහනවල යන්නන් හෝ වාහන හිමිකරුවෝ හෝ තම වාහනය නිසි ක්‍රමවේදයකට මෙරටට ගෙන්වන ලද වාහන යැයි දන්නේ නැත.

    මේ වාහන ජාවාරම හේතුවෙන් මෙරට රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම ද සුළුපටු ප්‍රමාණයක් නොවේ.

    By Sajeewa wijeweera
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    '' අපි කෙලින්ම ජපානයෙන් වාහනය ඇණවුම් කරන්නේ. ඔයාට ඕනම පාටකින් අලුත්ම වාහනයක් ගන්න පුළුවන්. ඔයා සල්ලි ගෙවලා මාසයකින් වාහනේ ගෙදරටම ගෙනත් දෙනන්ම්. අපි ගන්නේ බ්‍රෑන්ඩ්නිව් වාහනයක්. බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ගෙන්නවිට වැඩියෙන් බදු ගෙවන්න සිදුවෙන නිසා අපි කිලෝ මීටර 25ක් 30ක් විතර ජපානයේ දුවලා තමයි වාහනේ මේ රටට ගෙන්වන්නේ. එතකොට එන්නේ රිකන්ඩිෂන් වාහනයක් විදියට. බය වෙන්න එපා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇක්සිඩන්ට් වෙච්චා, අයින් කරපුවා නෙවෙයි. අලුත්ම වාහනයක්. අපි බදුවලින් බේරෙන්න තමයි මේක රිකන්ඩිෂන් විදියට ගෙන්වන්නේ."

    දනට ජපනයෙන් වහනයක් බ්‍රෑන්ඩ් නිව් ලෙස නීතියෙන් ගෙන්වන්න බැහැ. එහෙම ගෙන්වන්න පුලුවන් යැයි කිසිවකු කියන්වානම් ඔහු වහන ආනයනය සම්බන්දව අබමල් රේනුවක වත් දැනුමක් නොමැති කෙනෙකි. සල්ලි ගෙවලා මාසයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ඉන්න සිදුවෙනවා . ඔක්ශන් එකෙන් ගන්නවනම් සති තුනක් අතුලත් ගෙන්වා ගන්න පුලුවන්. නමුත් ඔකිනාවා වගේ පැති වලින්නම් මාසයකට වඩා යනවා මොකද එහෙන් කෙලින්ම නැවු නැහැ. එවා කොන්ටේනර් පෙට්ටිවල එන්නේ කොලබට. ට්‍රන්සිට් සෙට් වෙනවා නම් තව සති දෙකක් විතර යනවා. බ්‍රන්ඩ් නිව් කියලා වහන ගෙන්වන්න බැරිනිසා එසදහා අමතර ගානක් හෝ ඩියුටියක් වත් යන්නේ නැහැ. වහනය එන්ජින් කැපෑසිටි එක මත එක නිසා මොන වාහනේ ගෙනවත් බදු අයවෙන්නේ එමකම විදියට. රිකන්ඩිශන් කියලා ගෙන්වන්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා නීතියෙන් ගෙන්වන්න බැරි නිසා. පොඩ්ඩක් දුවලා ගෙන්වන වනව කියන්නෙ බොරුවක් . වහනේ ගත්ත තැන ඉදලා පොර්ට් එකට කැරියර් එකේ ගෙනත් එතන ඉදලා යර්ඩ් එකට , වහනේ නැවට පටවන්නත් බාන්නත් නවත හම්බන්තොට හා කොලබ වරය තුල පාර්ක් කරන්න ගෙනියන දුර ප්‍රමනය තම ඔය එකතු වෙන්නෙ.
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Minissungen wahana walata mehema badu gahana ratak loke kohewath nathuwa athi.
    Lankawe danata Indian, Chinese, Malaysian wahanayak padina hama ekatama japan wahanayak ganna puluwan nattan. Ganan wadi japan wahana padina hama ekatama Europe wahanayak gannath puluwan. Roda hatharaka heene saba karaganna bari wena thanata minissunwa path karala thiyena eke badu walata wancha kalata kamak na ban eken duppath minihekta wasiyak wenawanan
     
    • Like
    Reactions: todd2231048

    bhagivithana

    Junior member
  • Apr 23, 2025
    44
    31
    18
    Alawwa
    අඩුවට මේ වගේ වාහන 3ක් තියෙනවා. පොත් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. අතරමැදියො 2යි.
    අවශ්‍ය නම් කියන්න. ඇඩ්වාන්ස් එකක් දාලා වැඩේ ලෑස්ති කරලා දෙන්නම්