පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශයේ පදිංචි 33,34,45 සහ 46 වියැති පුද්ගලයන් බව පොලිසිය සඳහන් කළා.
විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලක් මත සිදුකල දීර්ඝ විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.
උන්වහන්සේ පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර, කලකට පෙර උන්වහන්සේගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බවත් පොලිසිය කියා සිටියා.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, සැකකරුවන් එම බැංකවෙන්ම නාරම්මල ශාකාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම්වලට මාරුකරගෙන මුදල් ලබාගෙන ඇති බවයි.