ප‍්‍රසිද්ද දානපති මහෝපාසිකාවගේ ගිණුමෙන් කෝටි 24ක් ඇදලා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකාරිත්වයක් දරා මේ වන විට ව්‍යාපාරික කටයුතුවලින් ඈත්ව වෙහෙර විහාර ඉදි කරමින් පොදු කටයුතුවලට සම්බන්ධව සිටින ව්‍යාපාරික කාන්තාවකගේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 24කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මේ දානපතිනියගේ දරුවන් විදෙස්ගතව සිටින බවත් ඔවුන් නීතීඥවරුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    ජීවිතයේ සැදෑ සමය ගත කරන එම දානපතිනිය විසින් වෙහෙර විහාර ඉදි කිරීමට ඇතුළු පුණ්‍ය කටයුතු සඳහා දෙන මුදල් චෙක්පත්වල වටිනාකම් සඳහා වැඩි ගණන් යොදා මේ වංචාව කර ඇත්තේ ඇය සමීපයේම සිටින්නන් පිරිසක් බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    එසේ රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් වංචා සහගතව සිය බැංකු ගිණුම්වලට බැර කර ගත් මේ ධානපතිනියගේ ගිණුම් කටයුතු සොයා බැලූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අතුරුගිරිය අභයපුර පදිංචිකාරියක් වන එම තැනැත්තිය වයස අවුරුදු 68ක් වන තැනැත්තියකි. ඇය මෙරට නමගිය සමාගමක ගිණුම් අංශයේ සේවය කර විශ්‍රාම ගොස් සිටින තැනැත්තියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම තැනැත්තිය අතුරුගිරියේ පිහිටි විහාරස්ථානයක දහම් පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන්නියකි. එම විහාරස්ථානයට උපකාර කිරීමට දානපතිනිය පැමිණි අවස්ථාවක දෙදෙනා අතර හිතවත්කමක් ගොඩ නැඟී ඇති බවද කියයි. එම හිතවත්කම මත ධානපතිනිය සිය ගිණුම් කටයුතු කිරීමට ඇයට පවරා තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වෙහෙර විහාර සඳහා ආධාර ඇය විසින් ලබා දෙන්නේ චෙක්පත් මඟිනි. එහිදී ඇය හිස් චෙක්පත්වලට අත්සන් තබා ගිණුම් කටයුතු කළ තැනැත්තියට අවශ්‍ය මුදල් සටහන් කර වෙහෙර විහාරස්ථානවලට යවන ලෙස දැනුම්දී තිබී ඇත. ඇය එසේ චෙක්පත්වලට අත්සන තබා ඇත්තේද ගිණුම් කටයුතු කළ තැනැත්තිය කෙරෙහි විශ්වාසය තබාය. එහෙත් ඇය විසින් එම විශ්වාසය බිඳ හිස් චෙක්වලට වැඩි වටිනාකම් දමාගෙන සිය බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. සෙසු මුදල් වංචා කළ පුද්ගලයන්ද හඳුනා ගනිමින් ඒ අය අත්අඩංගුවට ගැනීමට මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන පවත්වමින් ඇත.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තව ටික වෙලාවකින් ෂුගර් මමා කෙනෙක් හොයන එවුන් ටික මේ ත්‍රෙඩ් එකටත් එයි!
    පොඩ්ඩක් හිටපන් උන් ඕලෙවල් ටියුෂන් ඇරිලා හවස ගෙදර එනකම්!
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    තව ටික වෙලාවකින් ෂුගර් මමා කෙනෙක් හොයන එවුන් ටික මේ ත්‍රෙඩ් එකටත් එයි!
    පොඩ්ඩක් හිටපන් උන් ඕලෙවල් ටියුෂන් ඇරිලා හවස ගෙදර එනකම්!
    ෂුගර් මාමා කියන්නෙ අර ග්ලූකෝරස මාමා වගේ ඩයල් එකක්ද බං
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    මේව නිවුස් උනාට, රට ජාතිය බේරගන්නව කියල පෙන්නලා බිලියන ගණන් හොරට ඇදපු වේස පවුල් ගැන නිවුස් නෑ.
     

    Similar threads