හිම මුලින්ම වැටෙන දවස් ටිකේ තමයි ටිකක් අතල්. ඊට පස්සේ එපා වෙනවා. හිම වැටුණාම ආණ්ඩුවෙන් පාරවල් සුද්ද කරනවා. එකට වෙනම වාහන සෙට් එකක් තියෙනවා. පාරවල් priority 1,2,3 කියල වර්ගකරනවා. priority 1 තමයි highways. ඒවා ටක් ගාල සුද්ද කරනවා. priority 2 අනිත් වැදගත් පාරවල්. ඒවා ඊළගට. අනිතිමට priority 3= residential roads (ගෙවල්වලට යන අතුරු පාරවල්). ඉතින් හිම වැටුණාම ගෙවල්වලට යන පාරවල් සුද්ද වෙන්නේ අන්තිමට. සතියකට විතර පස්සේ. අපි ඉන්නවා ටිකක් ලොකු වහනයක් යනකම් (cab වගේ, large 4*4 suv ) එක ගිහිපු ටයර් පාර උඩින් යන්න. නැතිනම් වාහනේ හිර වෙන්න පුළුවන්.
එත් සමහර වෙලාවට දින ගනම් එක දිගට හිම වැටෙනවා. එතකොට විකල්පයක් නැහැ. වාහන හිම උඩින් යනවා. හිම සැහැල්ලු පවුඩර් වගේ දෙයක්. එක තැලුනම ලිස්සන සුළු ice වෙනවා. සමහර වෙලාවට winter tire, abs එක මගුලක්වත් හරියන්නේ නැහැ. color light ලග හැමෝම break කරන නිසා, එතන කන්නාඩිය වගේ මැදෙනවා. රතු වුනත් break ගැහුවහම වදින්නේ නැතිනම් දෙපැත්තේ වාහන නැතිනම් ඉදිරියට යනවා. හරි බයානකයි. අපි අමාරුවෙන් break කරත් පිටිපස්සේ එක ඇවිල්ල වදිනවා. winter එකේ වාහන පදින විදියක් තියෙනවා. බොහොම සීරුවෙන්.
වාහනේ එළියේ තිබ්බොත් හැමදාම උදේට විදුරුවල බැදුණු අයිස් සුද්ද කරන්න වෙනවා. විනාඩි 15 විතර යනවා. ඒ අස්සේ හිම වැටිලා තිබ්බොත් එකත් සුද්ද කරන්න ඕනේ. එක මල වදයක්. වාහනේ garage එකේ තිබනම් කිසි ප්රශ්නයක් නැහැ.
winter එකේ බොහෝ දවස් ප්රශනයක් නැතිව පරිස්සමෙන් එලවන්න පුළුවන්. එත් දවස් කිහිපයක් තියෙනවා බයානක. දිගින් දිගට හිම වැටෙන දවස්. වැඩට හිගිල්ල ගෙදර එන එක වාසනාව අනුව මිසක් driving දක්ෂතාව අනුව තීරණය වෙන්නේ නැහැ
ඒ වගේ දවස්වලට අනතුරු දහස් ගණනක් වෙනවා නගරය තුල. පාරේ දෙපැත්තේ හැප්පිච්ච, ලිස්සල ගිය වාහන එක දිගට.
View attachment 136898